මෙවන් පොලිසියක් සමග මොන හවුලේ කෑමද?


පහත දැක්වෙන්නේ මොහොමඩ් රිෆයිගේ දිවුරුම් ප්‍රකාශයයි. එය ශ්‍රී ලංකා පොලිසියේ බලු වැඩ වලට තවත් නිදසුනකි. අපි එම දිවුරුම් ප්‍රකාශය එලෙසින්ම පල කරමු.

දිවුරුම් ප‍්‍රකාශය

කළුතර දිස්ත‍්‍රික්කයේ, පානදුර, බණ්ඩාරගම, අටළුගම, මාරාව, අංක 366 හි පදිංචි, අබ්දුල් සරීෆ් මොහොමඞ් රිෆායි වන මා ඉස්ලාම් භක්තිකයෙකු වශයෙන් අවංක ලෙසද සත්‍ය ලෙසද, ගරු ගාමිභීරතා පූර්වකව ද පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රතිඥාදී ප‍්‍රකාශ කර සිටිමි.

1. 1. ඉහත නම් සඳහන් දිවුරුම් ප‍්‍රකාශක මම වෙමි.
11. මාගේ වයස අවු: 41යි, විවාහක, දරුවන් 04 යි, රැුකියාව : ව්‍යාපාරික
111. මා ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් වෙමි.

2. 2011. 04. 16 වන දින උදේ 9.30 ට පමණ බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් කීප දෙනෙකු නිල ඇඳුමින් ජීප් රථයෙන් පැමිණි අතර, අප නිවස ඇතුළට පැමිණියේ ස්ථානාධිපතිවරයා පමණි. එම නිලධාරියා නසීර් කෝ කියා, මගේ බිරිඳගේ සහෝදරයාව විමසා සිටියා. මා කිව්වා අපි දන්නෙ නෑ කියා. එවිට ස්ථානාධිපතිවරයා මට අතින් පහරවල් දෙක තුනක් ගසා ගේ ඇතුළටම ගිය බව ප‍්‍රකාශකර සිටිමි.

3. කුස්සියට යනතුරුම ගොස් නිවසේ පිටුපස තිබුණු මගේ යතුරුපැදිය දැක, එය නසීර්ගේද කියා ඇසුවා. මා කිව්වා මගේ කියා. එවිට ලයිසන් එක ඉල්ලූවා. මා අල්මාරියේ ලාච්චුව ඇර ලයිසන් එක ගන්න විට, ස්ථානාධිපතිවරයා අතදමා එය ඇදලා ගත් බවත්, පසුව ලාච්චුවේ තිබුණු පවුම් 10 පමණ රන් බඩුද මගේ හැඳුනුම්පතද ඔහු අරගත් බවත් ප‍්‍රකාශකර සිටිමි.

4. එවිට මගේ බිරිඳ කිව්වා ඇයි මේවා ගෙනියන්නේ, මගේ අයියා වරදක් කරලා තියෙනවා නම් එයාව අල්ලාගන්න කියා. එවිට ස්ථානාධිපතිවරයා මගේ බිරිඳව තල්ලූකර දැමුවා. එම පහරට බිරිඳගේ අත කණ්ණාඩියේ වැදී එය බිඳී අත තුවාල වුණා. අප නිවසට පැමිණ සිටි ගැබිණියක් වන ඥාති දුවක් ද සිටියා. ඇයටද ස්ථානාධිපතිවරයා පහරදුන් බවත්, ඒ පහරට ඇයද වැටුණු බවත්, ස්ථානාධිපතිවරයා, එම බඩු පොලිසියට ඇවිත් ගන්නා ලෙස කියා සිටි බවත්, පසුව එම නිලධාරීන් යන්න ගිය බවත් ප‍්‍රකාශකර සිටිමි.
5. විනාඩි 10 කින් පමණ පසු තවත් නිලධාරින් තිදෙනෙකු සිවිල් ඇඳුමින් අප නිවස අසලට පැමිණ, ”නසීර්ව ඉදිරිපත් කරේ නැත්තම් ජාතිභේද කෝලහාල ඇතිවෙයි, මීට පස්සේ මේ වත්තට පොලිසියෙන් එන්නෙනෑ” කියා අප අසල්වාසී ඉමිතියාස් යන අයට කියා සිටි බවත් ප‍්‍රකාශකර සිටිමි.

6. මගේ බිරිඳටත් ඥාති දුවටත් අමාරුවූ නිසා මා බිරිඳව පානදුර රෝහලටත්, ඥාති දියණියව කේතුමතී රෝහලටත් ඇතුළත් කළා. ඔවුන්ට පොලිසියෙන් පහරදුන් බව රෝහලටද කිව්වා. පසුව මා මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට ගිය බවත්, එහි සිටි නිලධාරියෙකු මගේ පැමිණිල්ල ලියාගෙන, නැවත 2011. 04. 18 වන දින පැමිණෙන ලෙස කියූ බවත් ප‍්‍රකාශකර සිටිමි.

7. ඒ අනුව මා 2011. 04. 18 වන දින ඉමිතියාස් හා අමීන් යන අය සමග සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට ගියා. එදින එහි සිටියේ හොරණ පොලිස් අධිකාරිවරයායි. ඔහු මගෙන් හා අනෙක් දෙදෙනාගෙනුත් විස්තර විමසා, ඒ වෙලාවේම පොලිස් අධිකාරිවරයා අප නිවසට පැමිණි බවත්, නිවස පරික්ෂා කර බලා සටහන් කරගෙන, පරික්ෂණ පවත්වා අපට දැනුම්දෙන බව පවසා යන්න ගිය බවත්, නමුත් කිසිදු දැනුම්දීමක් අප වෙත කළේ නැති බවත් ප‍්‍රකාශකර සිටිමි.

8. පසුව අප කීප දිනක්ම මේ සම්බන්ධයෙන් විමසා දුරකථන ඇමතුම් දුන් බවත්, එවිට, තවම විභාග කරන බව පොලිස් අධිකාරි කාර්යාලයෙන් අපට පවසා සිටි බවත් ප‍්‍රකාශකර සිටිමි.

9. 2011. 05. 10 වන දින මගේ බිරිඳගේ සහෝදරයා වන නසීර් නීතිඥවරයෙකු මගින් අධිකරණයට ඉදිරිපත් වුණා. එසේ කළේ, ඔහු ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඔහුව පොලිසියෙන් සොයමින් සිටි බැවිනි. එදින මාත් බිරිඳත් ඥාතීනුත් ඔහු සමග අධිකරණයට ගිය බව ප‍්‍රකාශකර සිටිමි.

10. අධිකරණයෙන් පිටවී තේ බීමට ඒ අසල කඩයකට ගියා. එහි අපේ ගමේ ඉක්රාම් හජ්ජියාර් නමැති අය සිටියා. ඔහු මගෙන් මොකද වුණේ කියා විස්තර ඇසුවා. මා ඔහු සමග කතා කරමින් සිටින විට, බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු ඇවිත් මගේ හැඳුනුම්පත ඉල්ලා සිටියා. හැඳුනුම්පත ඕ.අයි.සී. මහත්තයා ළඟ කියලා මා කිව්ව බව ප‍්‍රකාශකර සිටිමි.

11. එවිට එක් නිලධාරියෙකු පාරේ තිබුණු ත‍්‍රීවිල් රථයක් ගෙන්වා මට වරෙන් වරෙන් යන්න කිව්වා. මම ඇහුවා ඇයි මාව පොලිසියට ගෙනියන්නේ කියලා. එවිට ”ඔයා මේකට නෑ කියලා අපි දන්නවා, ඕ.අයි.සී. මහත්තයාට විරුද්ධව ඒ.එස්.පී. මහත්තයාට පැමිණිලි කරලා තියෙන නිසයි ඔයාව ගෙනියන්නේ” කියා එක් නිලධාරියෙකු කියා සිටි බවත් ප‍්‍රකාශකර සිටිමි.

12. පසුව මාව ත‍්‍රිවිල් එකේ මැදින් තබාගෙන එම නිලධාරින් දෙදෙනා මාව බණ්ඩාරගම පොලිසියට ගෙන ගිය බවත්, එසේ යන ගමන්ද මාව ගෙනයන්නේ ඕ.අයි.සී. මහත්තයාට විරුද්ධව ඒ.එස්.පී. මහත්තයාට පැමිණිලි කරලා තියෙන නිසා බව පවසා සිටි බවත් ප‍්‍රකාශකර සිටිමි.

13. මාව පොලිසියට ගෙනගොස් කූඩුවට දමා එම නිලධාරින් යන්න ගියා. ටික වෙලාවක් සිටින විට දුරකථනය නාදවුණා. එහි සිටි පොලිස් කාන්තාවක් එයට උත්තර දුන්නා. පසුව ඇය කූඩුව ළඟට ඇවිත් කවුද රිෆායි කියන්නේ කියලා ඇහුවා. මා මම කියා කිව්ව බවත් පසුව ඇය කලින් සිටි තැනටම ගොස් වාඩිවී සිටි බවත්, පසුව මගේ බිරිඳත් ඥාති සොයුරෙකුත් පොලිසියට පැමිණි බවත් ප‍්‍රකාශකර සිටිමි.

13.බිරිඳ පවසා සිටියා ඇය ඒ. එස්. පී. මහත්තයා හමුවී මා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පැමිණිලි කළ බවත්, පොලිස් නිලධාරින් විසින් බැණවැදීමක් හෝ නීති විරෝධි දෙයක් සිදුවන්නේ නම් පෙන්වන ලෙසට එම නිලධාරියා විසින් ලිපියක් ලබාදුන් බවත් පවසා සිටි බව ප‍්‍රකාශකර සිටිමි.

14. පසුව නිලධාරියෙකු මාව කූඩුවෙන් එළියට ගෙන මගෙන් නම, ලිපිනය හා පවුලේ විස්තර ඇසුවා. මා කිව්වා. වෙන කිසිවක් මගෙන් ඇසුවේ නැහැ. නමුත් එම නිලධාරියා විස්තර ගොඩක් ලියනවා මා දුටු බවත්, මට එය කියවීමට හෝ කියවා තේරුම්කර නොදී මගෙන් අත්සන් ගත් බවත් හෙට උසාවි දමන බව පවසා මාව නැවත කූඩුවට දැමූ බවත්, පසුව බිරිඳ හා ඥාති සොයුරා යන්න ගිය බවත් ප‍්‍රකාශකර සිටිමි.

15. 2011. 05. 11 වන දින මාව හොරණ අධිකරණයට ගෙන ගියා. මා සමග ගියේ එක් පොලිස් නිලධාරියෙකු හා රියැදුරු පමණි. ජීප් රථයෙන් බැසීමෙන් පසු මාව අධිකරණයට ගෙන ගියේ රෙද්දකින් මුහුණ වසාගෙන බව ප‍්‍රකාශකර සිටිමි.

16. අධිකරණයේදී මට විරුද්ධව දමා තිබුණේ, බිරිඳගේ සහෝදරයා වන නසීර් පිහියකින් තුවාල සිදුකළ අවස්ථාවේ මා එයට සහාය වූවා යන චෝදනාවයි. පසුව පෙරට්ටුවක්ද තැබුවා. නමුත් ඒ වෙලාවේ කිසිවෙකු පැමිණ සිටියේ නැති බවත්, පසුව මාව දින 14 කට බන්ධනාගාර ගතකරනු ලැබූ බවත් ප‍්‍රකාශකර සිටිමි.

17. නැවත 2011. 05. 24 වන දින නැවත අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එදිනද පෙරට්ටුවක් පැවැත්වූ අතර එහිදී මාව හඳුනා ගත්තා. පසුව ශරීර ඇප දෙකක් හා රුපියල් 5000/-ක මුදල් ඇපයක් මත මා නිදහස් කළ බවත්, නැවත නඩු දිනය 2011. 08. 02 දින බවත් ප‍්‍රකාශකර සිටිමි.

18.2011. 05. 24 වන දින පෙරට්ටුවටද අනෙක් පාර්ශවය නොපැමිණ සිටීමට උත්සාහ කර ඇති බවත්, පසුව මගේ බිරිඳට එය ආරංචිවී නැවත ඒ. එස්. පී. වරයා වෙත පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් පෙරට්ටුවට පැමිණ ඇති බවත් මා හට පසුව දැනගන්නට ලැබුණු බව ප‍්‍රකාශකර සිටිමි.

19. ඇප ලැබී දින දෙකකට පමණ පසුව නසීර් අතින් තුවාල ලැබූ අය මට මුණගැසුණු බවත්, මා මෙම සිද්ධියට සම්බන්ධ කළේ ඇයි කියා මා ඔහුගෙන් අසා සිටි බවත්, එවිට ඔහු, බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් විසින් මාව මෙයට සම්බන්ධ කරන ලෙස ඔහුට කරදර කළ බවත් ඒ නිසා මාව මෙයට පටලැවූ බවත්, ඔහු සමග තරහා නොවන ලෙසත් ඔහු මට පවසා සිටි බවත් ප‍්‍රකාශකර සිටිමි.

20. අප නිවසට පැමිණ බණ්ඩාරගම පොලිිසියේ ස්ථානාධිපතිවරයා විසින් රැුගෙන ගිය මාගේ පවුම් 10 පමණ වටිනා රන්බඩු, වාහන බලපත‍්‍රය හා හැඳුනුම්පත මේ වන තුරුත් මා වෙත ලැබී නොමැති බවත් ප‍්‍රකාශකර සිටිමි.

21. මා හට හිමි රන් භාණ්ඩ, හැඳුනුම්පත හා වාහන බලපත‍්‍රය නොලැබීම සම්බන්ධව නැවතත් දින 03 ක් මා හා බිරිඳ විසින් පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කළ බවත්, ඒ සෑම අවස්ථාවකදීම පොලිස් අධිකාරිවරයා විසින් එය තවමත් විභාග කරන බව පවසා සිටි බවත් ප‍්‍රකාශකර සිටිමි.

22. 2011. 05. 27 දාතමින් මා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කළුතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පානදුර වෙත ලිඛිතව පැමිණිලි කළ බවත් ප‍්‍රකාශකර සිටිමි.

23.තවද, මා කිසිදු අවස්ථාවක කිසිවෙකුටත් හිරිහැර කිරීමට, මාගේ බිරිඳගේ සහෝදරයා වන නසීර් යන අයට උදව් කර නොමැති බවත්, මට විරුද්ධව බණ්ඩාරගම පොලිසිය විසින් නගා ඇත්තේ ව්‍යාජ චෝදනාවක් බවත් තවදුරටත් ප‍්‍රකාශකර සිටිමි.



ඉහත සඳහන් දිවුරුම් ප‍්‍රකාශය ප‍්‍රතිඥාකරු
ප‍්‍රතිඥාකරුට කියවා තේරුම්කර
දීමෙන් පසුව තේරුම්ගෙන මා ඉදිරිපිටදී
දිනදී හිදී
මා ඉදිරිපිටදී අත්සන් තබන ලදි.
සමාදාන විනිශ්චයකාර

- ජනසංසදය -


Tell a Friend