කළ යුත්තේ කුමක්ද

කිෂානි

වැරදි සිදුවීම මනුස්ස ගතියකි. සමාව දීම දේව ගතියකි. මිනිසුන් අතින් තවත් මිනිසුන්ට වැරදි සිදු වූ විට ඒ සඳහා නීති සකසන්නේද මිනිසුන් විසිනි. එම නීති ක්‍රියාත්මක කරන්නේද මිනිසුන් විසිනි. එසේ ක්‍රියාත්මක කල යුතු නීති කඩ කරන්නේද මිනිසුන් විසිනි. වැරදි කරුවන්, නීතිය ක්‍රියාත්මක කරන විනිසුරුවන් සහ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් මේ සියලුම අය මිනිසුන්ය. වැරදි සිදු කිරීමට සිදු වූ මිනිසුන්ට සමාජයේ පහත් තත්වයකට ඇද දැමීමට වැලැක්විමට කදිම නිදසුනක් වන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටින් ගමන් ගන්නා මගීන්ට දර්ශනය වන බන්ධනාගාරයේ තාප්පයේ සටහන් කොට ඇත්තේ "සිරකරුවන් මනුශ්ෂයෝ වෙති" යනුවෙනි.

වර්තමාන සමාජය ගත කල නිතර අහන්නට දකින්නට ලැබෙන්නේ පිළිකුල් සහගත දේවල්ය. ඒ තරමටම සමාජය පිරිහීමට ලක්ව ඇත. මිනිසුන් විසින් මිනිසුන් හට වධ හිංසා පැමිණ වීමට තරම් ඔවුන්ගේ මනස පිරිහී ඇත. එය ඉතාම ඛේදනීය තත්වයකි.

රටට පොත්වලට ලියවී තිබෙන නීතිය  ක්‍රියාත්මක කරවීමේ සැබෑ වැඩපිළිවෙලක් අවශ්‍ය වේ.

Tell a Friend