ජනමාධ්‍යවේදීන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු පිරිසකට යාපනයේදී කළ පහරදීම

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසට යාපනයේදී එල්ල කළ ප්‍රහාරයේදී "ලංකා" පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රියන්ත ලියනගේ මහතාට ද මැරයන් විසින් පහර දී තිබේ.

මේ පිළිබ`ද විරෝධය පළකිරීමට "මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ" සංවිධානය අද දින (15) කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවේදී එහි කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත විසින් පළ කළ අදහස් මෙසේය.

--උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබ`දව වාර්තාකිරීමට යාපනයේ සංචාරයක නිරතව සිටි මාධ්‍යවේදී ප්‍රියන්ත ලියනගේ මහතා, යුද සමයේ අතුරුදන් වූ සහ අත්අඩංගුවට පත්ව සිටින උතුරේ තරුණ තරුණියන් පිළිබ`දව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී පද්මිණී සිදම්බරනාදන් මහත්මියගේ නිවසේදී කළ සාකච්ඡාවේ තොරතුරු විමසමින් සිටියදී මැරයන් පැමිණ එම පිරිසට පහර දී පලාගොස් තිබේ.

පසුගිය දා පැවැති වර්ෂා තත්වය නිසා වවුනියාව මැනික්ෆාම් කඳවුරේ අවතැන් ජනතාව " කදිර්ගාමාර්" කඳවුරේ ගාල්කරනු ලැබ දුෂ්කර තත්වයක සිටින බවට වාර්තා වී තිබේ. මෙම තත්වය වාර්තාකිරීමට අවසර නොලැඛෙන අතර යම් ආකාරයට තොරතුරු ලබාගන්නට යන ජනමාධ්‍යවේදින්ට විවිධ හිරිහැර සිදු වේ. යුද්ධය ජයග්‍රහණය කළ බව පවසමින් ආණ්ඩුව වසර එකහමාරකට පෙර ප්‍රකාශයට පත්කළද ලක්ෂ ගණනක් අවතැන් වූ ජනතාව ඇතුළු උතුරේ හා නැගෙනහිර ජනයා පිළිබඳව සත්‍ය වසන්කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. එදා මෙන්ම අදත් අවතැන් කඳවුරු වෙත ජනමාධ්‍යවේදීන්ට ඇතුළු විය නොහැකිය. අවතැන් කඳවුරුවල ජනතාව පිළිබ`දව හ`ඩක් නැගේයැයි බියෙන් දේශපාලන පක්ෂවලට ද එහි ඇතුළුවීමට අවසර දී නැත. මේ වනවිට උතුරේ තරුණ තරුණියන් අතුරුදන්වීම පිලිබඳ වගකිවයුතු ක්‍රියාමාර්ග ගෙන නැති ආණ්ඩුව දහස් ගණනක් සිරබාරයේ රඳවා සිටී. ඇතැම් ස්ථානවලට යන්නට ආරක්ෂක අමාත්‍යංශයෙන්ම අවසර ලබාගත යුතුය. ඇතැම්විට ආරක්ෂක අංශ විසින් සාමාන්‍ය ජනතාව හා කතාකිරීමට අවසර ලබා නොදෙයි.

මෙවැනි පසුබිමක සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් "අපි ශ්‍රී ලාංකිකයෝ" සංවිධානය වෙනුවෙන් යාපනයේ ජනතාව හමුවීමටත් අතුරුදන් වූ ජනතාවගේ නම් හෙළිකිරීමට ආන්ඩුවට බලකරණ සාමකාමී උද්ඝෝෂණික කටයුත්තකට යාපනය බලා පිටත් විය.

එහි එක් පියවරක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි පද්මිණි සිදම්බරනාදන් මහත්මිය සම`ග සාකච්ඡා කරන අවස්ථාවේ එම සාකච්ඡාවේ තොරතුරු ලබාගන්නට ගිය "ලංකා" පුවත්පතේ මාධ්‍යවේදි ප්‍රියන්ත ලියනගේ මහතා ම්ලේච්ඡ ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙය ජනමාධ්‍යවේදීන්ගේ වාත්තිය කාර්යයකදී පහරදුන් පළමු අවස්ථාව නොවේ. යාපනයේ වේවා කිලිනොච්චියේ වේවා මඩකලපුවේ වේවා ජනතාවගේ ජිවිතය පිළිබද ගවේශනාත්මකව තොරතුරු සෙසු ජනතාවට ඉදිරිපත්කරන්නට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව හා නිදහස තිබිය යුතුය. දේශපාලන නිදහස තිබිය යුතුය. පුළුල් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නොමැති නම් ජනතාවගේ ජිවිත යුද්ධයෙන් ඇතිවූ විනාශයට සමාන අනතුරකට පත් විය හැකිය.

මේ නිසා "මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ" ලෙස මෙම පහරදීම දැඩි ලෙස හෙළා දකින අප මේ පසුපස සිටින පුද්ගලයන් හෙළිකර වහාම නීතිය ඉදිරියට පමුණුවන ලෙස දේශපාලන බලධාරින් වෙත අවධාරණය කරමු.˜
Tell a Friend