ඉන්දීය නියෝජිත පිරිසේ නිල සංචාරය තීරණාත්මකයි.

හර්ෂි සි. පෙරේරා
ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ, ජාතික ආරක්ෂක උපදේශක සිවශංකර් මෙනන්, ආරක්ෂක ලේකම් ප්‍රදීප් කුමාර් යන නියෝජිත පිරිස ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ නිල සංචාරය සිදුවන්නේ තීරණාත්මක මොහොතකය. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා දෙකක් සම්මත කර ඇත. එකක් ලංකාවට එරෙහිව ආර්ථික සම්බාදක පැමිණවීම පිලිබදවයි. අනෙක කච්චතිවු දුපත නැවත ඉන්දියාවට පවරා ගැනීමයි. කච්චතිවු දුපත පිළිබද යෝජනාවේදී මහා ඇමතිනි ජයලලිතා නාවික හමුදාව අතින් ඉන්දීය දිවරයින් මරණයට පත්වීම ගැන අවදාරණය කර ඇත.

තමිල්නාඩු යෝජනා සම්බන්දයෙන් ලංකාවේ විදේශ ඇමතිවරයා මුනිවත රකියි. නමුත් කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය තමන් ප්‍රාන්ත ආණ්ඩු සමග ගනුදෙනු නොකරන බව කියයි. කෙසේනමුත් තමිල්නාඩු ප්‍රාන්තය ලංකාවට වඩා විශාලය. තමිල්නාඩු ප්‍රාන්තයට ඉන්දීය මද්‍ය ආණ්ඩුවට විශාල බලපෑමක් කල හැක.

ජි එල් ගේ ඉන්දීය සංචාරයේදී ඒකාබද්ද ප්‍රකාශයකට අත්සන් කෙරිණි. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නිතිය ඉවත් කිරීමට වැඩි අවදානයක් දී තිබුණි. නීතිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන සලකා බලන බව කීවද ආණ්ඩුව හදිසිය නැවත වරක් දීර්ග කර ඇත. "අද (ජූනි 05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි."

රාජපක්ස ආණ්ඩුවට ඉරානයේ, චීනයේ, ලිබියාවේ සහ රුසියාවේ සහය ඇත. නමුත් ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් යුද අපරාද චෝදනා සම්බන්දයෙන් ගැලවීමක් ලැබෙතියි සිතිය නොහැක. ඉන්දියාව සමග අත්සන් කල ඒකාබද්ද ප්‍රකාශයේදී සියලු මානව හිමිකම් සම්බන්දයෙන් කඩිනම් විමර්ශන පවත්වන ලෙස ලංකාවට කියා තිබිණි. ඉන්දියාව නොකියා කිවේ දරුස්මන් වාර්තාව ගැනයි.

කෙසේවෙතත් ඉන්දිය සහය ලංකාව සම්බන්දයෙන් තීරණාත්මකයි. එනිසා රාජපක්ස ආණ්ඩුව තමන් ජේ. ආර් සහ ඉන්දිරා අතර පැවතී විරසක ආකාරයේ සබදතාවක් පවත්වනවාද නැතිනම් බණ්ඩාරනායක වරුන් මෙන් යහපත් සංහිදියාවක් ඉන්දියාව සමග පවත්වනවාදැයි තීරණය කලයුතුයි. එය පදනම් වියයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහ පාලනය මත මිස අන්තවාදී වූ සුවයිරිබාවය පිළිබද සාදකය මත නොවේ.


Tell a Friend