අපිව මරා දාන්න - දිනේෂ්ගේ මව ඉල්ලයි.

ජනසංසදය 
අද 02 උදේ පානදුර උතුර පොලිසියේපොලිස් කාරයන් රංචු ගැසී, දිනේෂ්ගේ පවුලේ උදවියට අමු කුනුහරපයෙන් බැණවදිමින් ඔහුව පැහැර ගන්නට දැරූ උත්සහාය ගම්මුන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගන්නා ලදි.

දිනේෂ් ප්‍රියංකර අද උදේ තම දරුවා පාසලට ගෙනයමින් සිටියදී, පානදුර උතුර පොලිසියේ පොලිස් කාරයෙක් - ඔහුගේ ත්‍රී රෝද රියට නැග ඇත.

බියට පත්වූ දිනේෂ් ප්‍රියංකර පොලිස්කාරයාද සමග, ත්‍රීරෝද රථය තම නිවසට පදවා ඇත. මේ අතර පොලිසියේ රංචුවක් දිනේෂ් පසුපස හඹා ඇවිත් - ඔහුව පොලිසියට ගෙනයන්නට උත්සහා දරා ඇත.

ත්‍රස්තවාදී - වනචරයින් පිරිසක් ලෙසට මෙහිදී පොලිසිය හැසිරී ඇති බව ගම්මු ප්‍රකාශ කර සිටී.

දිනේෂ් ප්‍රියංකරව, විශ්‍රාමගත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හදන මාලිගයක ටයිල් සොකරම් කලායැයි බොරු චෝදනා නගා, 2011 ජනවාරි 23 දින අත්ඩංගුවට ගෙන වධහිංසා පමුණූවන ලදි.මේ පිළිබදව ඔහු පොලිසියට විරුද්ධව නීතිමය පියවර ගත්තේය. පොලිසියට අවශ්‍යවී ඇත්තේ දිනේෂ් තමන්ට එරෙහිව කර ඇති පැමිණිලි ඉල්ලා අස්කරවාගන්නටය.

ඒ සදහා පොලිසිය සුපුරුදු ත්‍රස්ත ක්‍රියාවන් ආරම්භ කර ඇත.

රටපුරා සීග්‍රෙයන් පැතිරෙන පොලිස් වධහිංසා පැමිණවීම්, බොරු නඩු දැමීම්, නීති විරෝධී අත්ඩංගුවට ගැනීම්, රදවා තබාගැනීම් ඇතුලු නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උත්සහා ගන්නා වින්දිතයින්ට හා ඔවුන්ගේ පවුල්වලට එරෙහිව පොලිස් ත්‍රස්තවාදය දියත්කර ඇත.

මෙය පොලිස් ඉහළයින්ගේ අනුදැනුම හා ආශිර්වාදය ඇතිව සිදුකරන්නකි.

  Tell a Friend