අල්ලසට තිත. ලාංකීය මොඩලයක අවශ්‍යතාවය.

හර්ෂි සි. පෙරේරා

කොස් ගසක් කැපීමට බලපත‍්‍රයක් නිර්දේශ කිරීම සඳහා ග‍්‍රාමසේවා නිලධරයකුගෙන් රුපියල් 1000ක අල්ලසක් ගත් හිටපු ග‍්‍රාමසේවා නිලධරියකුට තුන් වසරක සිර දඬුවමක් හා රුපියල් දසදහසක දඩයක් ද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් නියම කැරිණි. මාවනැල්ල අත්නගොඩ හිටපු ග‍්‍රාමසේවක ජයකොඩි රාළලාගේ සෝමරතනට මේ දඬුවම නියම විය.

ඔප්පු නොමැති ගොඩ හා මඩ ඉඩමකට බලපත‍්‍ර දීමට ඉඩම් හිමියකුගෙන් රුපියල් 10000 ක අල්ලසක් ගත්තැයි සැකපිට මහවැලි අධිකාරියේ දෙහිඅත්තකණ්ඩිය ඒකක කළමණාකරු ඩබ්ලිව්.එම්. විජේකෝන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. අල්ලස් කොමිසම මේ වැටලීම කෙළේය.

රටේ ප්‍රථම පුරවැසියාගේ සිට පහලම පුරවැසියා දක්වා ලංකාවේ අල්ලස සහ දුෂණය වියාප්තව ඇත. අල්ලස් කොමිසමේ දැලෙන් සමාජයේ ඉහල පුද්ගලයින්ට රිංගා යාමට ඉඩ නොදියයුතුයි. ඉහත පුවත් දෙකේම වරදකරුවන් සහ සැකකරුවන් බවට පත්වන්නේ පොඩි මිනිසුන් දෙදෙනෙකි.

ඉන්දීය සමාජයේ එරට සමාජ ක්‍රියාකාරීන් මෙම අල්ලසට සහ දුෂණය අවම කරන්නයි ජනතාව ඒකරාශී කරගනිමින් සත්‍යග්‍රහ පවත්වයි. ඔවුන් අල්ලසට සහ දුෂණය පිටු දැකීමට කටයුතු කරන්නයි එරට ආණ්ඩුවට සාමකාමිව බලපෑම් කරති. මේ ඉන්දීය ප්‍රවණතා විශේෂයෙන්ම අන්න හසිරි සහ බබා රම්දෙව්ගේ විරෝදය ඇතැමෙක්ට විහුලුවක් වුවද හොද අරම්බයකි. ඉන්දීය සමාජය දුෂණය අවම කිරීමට නම් මේ නායකයින් දේශපාලන ගැත්තන් නොවිය යුතුය.

ලාංකීය සමාජයේ අල්ලස සහ දුෂණය පිටුදැකීමේ කතිකාවක් වහ වහා ඇති විය යුතුය. එය ඉන්දීය මොඩලය නොවී කාලයට සහ දේශයට සුදුසු වීම අනිවාර්ය වේ.


Tell a Friend