By
Anonymous
•
May 25, 2011
•
Breakingnews
•
සරසවි ශිෂ්‍ය නායකත්ව පුහුණුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි එම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පී.ඒ. රත්නායක, සුරේෂ් චන්ද්‍ර යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එසේ කරුණු දැක්වූයේ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාය.
නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ මෙම පෙත්සම සලකා බැලීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බැවින් එය නිෂ්ප‍්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය. පෙත්සම විභාගයට ගන්නේ දැයි සලකා බැලීම ලබන 30 වැනි දාට කල් තැබිණි.
පූරණ විනිසුරු මණ්ඩලයකට අඩු ගණනේ විනිසුරුවරුන් පස් දෙනකු සිටිය යුතුය.
Post a Comment