කිෂානි වැලිවිටිගොඩ
එල්. ටි. ටි. සංවිධානයේ නායකයා වන කුමාරන් පද්මනාදන් නොහොත් කේ. පි, ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීම සමබන්ධයෙන් එය ප්‍රභාකරන් විසින් සිදු කළ අත්වැරැද්දක් බව කියමින් ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටියේය.
රජීව් ගාන්ධි මහතා ඝාතනය කරනු ලැබුවේ ප්‍රභාකරන්ගේ සහ එහි බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අමම්න්ගේ ඍජු මැදිහත්වීමෙන් බව අවධාරණය කර ඇති හෙතම එය කොටි සංවිධානයේ ඉහල පෙලේ නිලධාරීන් හොඳින් දන්නා කාරණයක් බව කියා ඇත.
"ඉන්දියවේ රුපවාහිනී නාලිකාවක් වන CNN - IBN හී ෆස්ට් පොස්ට් වැඩසටහනට සහභාගී වෙමින් මෙලෙස සමාව අයැදී ඇති හෙතම වැඩි දුරටත් මෙසේ කියා ඇත, "මම ඉන්දියානු ජනතාවගෙන් සේම විශේෂයෙන් ගාන්ධි පවුලෙන් ප්‍රභාකරන් කළ වැරදි වලට සමාව අයැදීම කැමැත්තෙමි. කරුණාකරලා අපට සමාව දෙන්න. සිදු වූ සියලු වැරදි වලට ඔබේ දෙපා මුල වැඳ වැටී සමාව අයැදීමට කැමැත්තෙමි. අපි දන්නවා රජිව් ගාන්ධිගේ පුතාගේ වගේ දුව ප්‍රියංකාගේ හැඟීම්. අනේ අපට සමා වෙන්න," යැයි කේ. පි . ප්‍රකාශ කළේය."
නැති වෙන්නට දෙයක් නැති තමන්ට ලංකාවේ දෙමළ ජනතාව මනුෂ්‍යත්වයේ නාමයෙන් උදව් කළ යුතු බව ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.
මේ අතර රජීව් ඝාතනය සඳහා තමිල් නාඩුවේ දෙමල පක්ෂ වල තිබු බ්‍රහාමි විරෝධය බලපෑ බවත් එහි DMK පක්ෂය ඒ සඳහා මුල්‍ය අහා නෙකුත් මඟපෙන්වීම කළ බවත් හෙතම කියා ඇත.

Post a Comment