කතු වැකිය : අධික විධායක බලයෙන් රටවැසියා ආරක්ෂාව වීම සැබෑ නිදහසයි



බැසිල් ප්‍රනාන්දු විසිනි


නිදහස යන්නට අර්ථ දෙකක් ඇත. යටත් විජිතයක්ව පැවති යම් භූමියක් යටත් විජිත වාදියාගේ අතින් රට වැසියන් අතට පත් වීම ඉන් එක් අර්ථයකි; රටේ ජීවත් වන මිනිසුන් රජයේ වෙනත් බලවතුන්ගේ සංස්ථා වලින් මෙන්ම වෙනත් බලවතුන්ගෙන් පැමිණෙන හිරි හැර වලින් මිදී සිටීමේ හැකියාව ඉන් දෙවැනි අරුතයි. මින් පළමු අරුතට අනුව ලංකවේ නිදහස 1948 දී අත් පත් විය. එහෙත් මින් දෙවැනි අරුතට අනුව ලංකාවේ පුරවැසියන්ගේ නිදහස 1948 ට පෙර තිබුණු පමණටවත් අද නොපවතී. එම දෙවැනි අරුතට අනුව යම් නිදහසක් ලක් වැසියනට ලැබුණා නම් එය 1978 ව්‍යවස්ථාවෙන් නැති කර දමන ලදී. රට වැසියන්ගේ නිදහස මර්දනය කිරීමට යටත් විජිත වාදය යටතේ බ්‍රිතානයේ රජතුමාට පැවතුනාට වඩා වැඩි බලයක් 1978 ව්‍යවස්ථාව මඟින් ලංකාවේ විධායක ජනාධිපති වරයා අත්පත් කර ගත්තේය. මේ අනුව රජයේ බලධාරීන්ගේ මර්ධනයෙන් මිදී සිටීමට ඇති අයිතිය සහ ජනතාවගේ ආරක්ෂාව අනුව බලන කල දැන් ඇත්තේ 1948 පැවති තත්වයට වඩා දරුණු මර්ධන රටාවකි.

මෙය ඉතා ලෙහෙසියෙන් විස්තර කළ හැකිය. 1937 දී බ්‍රෙස් ගර්ඩල් නැමති ඔස්ට්‍රලියානු ජාතික තරුණ වැවිලිකරුවෙක් ලංකවේ බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලයට සහ කම්කරු අයිතිවාසිකම් වලට සහය දැක්වීමට පටන් ගත්තේය. ඔහු ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන වැඩකටයුතු වලට සහයෝගය දැක්වීමට පටන් ගත්තේය. මෙයින් ලංකාවේ යටත් විජිත වාදී ආණ්ඩුව උරණ විය. ලංකාවේ ආණ්ඩුකාර වරයා, බ්‍රිතාන්‍ය රජතුමාගේ බලතල යොදා ගනිමින් ඔහු රටින් පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කෙරිණි. ලංකා සම සමාජ පක්ෂය විසින් එම නියෝගයට විරුද්ධව හබයාස් කොපුස් ආඥාව යන නිතිය යටතේ නඩුවක් ගොනු කරමින් ආණ්ඩු කාර වරයාගේ නියෝගය බලරහිත කොට නිශ්ප්‍රබහ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම පිලිබඳ තර්ක විතර්ක වලට ඇහුනකන් දුන් එකල ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුකාර තුමාගේ මෙම නියෝගය ලංකා වැසියන්ගේ නිදහසට තර්ජනයක් හෙයින් එය නිස්ප්‍රභාහ කිරීමේ නියෝගයක් නිකුත් කළේය. එම නඩුවේ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉංග්‍රීසි අග විනිසුරු ප්‍රකාශයට පත් කළේ යුද්ධ කලයකදී වුවත් පුරවැසියෙකුගේ නිදහස පිලිබඳ ප්‍රශනයක් ඇති වූ විට ඒ පිළිබඳව මැදිහත් වීම අධිකරණයේ පැහැර හැරිය නොහැකි වගකීමක් බවය.

බ්‍රිතානයේ අධිරාජයාගේ නමින් ආණ්ඩුකාර වරයා කරන ලද නියෝගය නිශ්ප්‍රබහ කිරීමේ බලයක් එදා අධිකරණය පැවති නමුත් අද ලංකාවේ විධායක ජනධිපතිවරයාගේ අණක් නිශ්ප්‍රබහ කිරීමේ බලය ලංකාවේ අධිකරණ වලට නැත. 1978 ව්‍යවස්ථාවට අනුව ලංකාවේ ජනාධිපතිවරයාට විරුද්ධව කිසිම විදිහේ නඩු නිමිත්තක් සලකා බැලීමේ අධිකරණ බලයක් ලංකාවේ කිසිඳු අධිකරණයකට නැති බවට ව්‍යවස්ථා ගත කරන ලදී. අද තමන්ගේ නිදහසට තර්ජනයක් රජය මඟින් එල්ලවන අවස්ථාවේදී මේ පිළිබඳව අධිකරණයේ මැදිහත් වීමක් ලබා ගැනීමේ අයිතිය රටේ ව්‍යවස්ථාව මඟින්ම රට වැසියාට අහිමි කොට ඇත.

අද රට වැසියෝ යටත් විජිත යුගයේ සිටියාටත් වඩා අසරණ තත්වයකට පත් වී සිටිති. මහා පරිමණයෙක් අතුරුදහන් කරවීම් නීතිමය නියෝගයකින් තොරව ජිවිතකයට පත් කිර්රේම්, මහා පරිමාණයේ වැඩ හිංසා වලට යටත් වීම්, හේතු රහිතව ඇත අඩංගුවට ගැනීම් සහ නීති විරෝධිව රඳවා ගැනීම්, තමන් පදිංචිව සිටි නිවාස වලින් අධිකරණ නියෝග වලින් තොරව නෙරපා දැමීම් ආදී වශයෙන් තමන්ගේ නිදහස උදුරා ගැනීම් වලට මුහුණ දෙති. මේ අතර විධායක ජනාධිපතිතුමාගේ අනුමැතිය යටතේ ඕනෑම වර්ගයක යුද්ධාධිකරණය සතු ඕනෑම අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමකට රට වැසියන් මුහුණ දෙන අතර එවැනි විධායක තීන්දු ඉදිරියේ රට වැසියාට කළ හැකි දෙයක් නැත. නීතිපතිවරයාගේ ස්වාධීනත්වයද නැති වී ඇති අතර දේශපාලන මෙහෙයුම් යටතේ නඩු පැවරීම් සහ නඩු ඉවත් කිරීම් ආදිය කෙරේ. මේ හැර ස්වාධීන චන්ද පැවැත්වීමේ ක්‍රමය දේශපාලන වශයෙන් අස්ථාන ගත කර ඇති අතර මැතිවරණ පිලිබඳ කෙරෙන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්ද නීතිමය වශයෙන් ගත හැකි පියවරක් නැත.

ලංකාවේ වුර්තීය සමිති ව්‍යාපාරය ඇති වී වර්ධනය වූයේ යටත් විජිත සමයේය. එහෙත් අද එම වුර්තිය සමිති ව්‍යාපාරය මරා දමා ඇත. 1980 මහා වැඩ වර්ජනය මර්ධනය කරමින් 40,000 පමණ සේවකයින්ගේ රැකියා අහිමි කිරීම මඟින් පරල කර දමන ලද මෙම ව්‍යාපාරයට නැවත නැගී සිටීමට ඉඩ නොදී 10,000 ක් කරදර වලට පත් කරමින්, සේවක අයිතීන් සඳහා සටන් කිරීමේ අයිතිය රට වැසියාට අහිමි කොට ඇත. ශිෂ්‍යන්ගේ ව්‍යාපාරයද අසීමිතව මර්ධනය කෙරේ. පුවත් පත් සහ මාධ්‍ය නිදහසට සිදු වී ඇති මහා විපත අද ජාත්‍යන්තරව පවා හොඳින් පතල පුවතක් බවට පත් වී ඇත. ඉහත සඳහන් වූයේ මර්ධනයේ ස්වභාවය පිළිබඳව ඉතා කෙටි විස්තරයකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිදහස යන්නෙන් සඳහන් කරන්නේ, රාජ්‍ය මර්ධනයෙන් මිදී සිටීමට ජනතාව සතු වන්නා වූ නීතිමය ආරක්ෂාවයි. එම ආරක්ෂාව අවසාන වශයෙන් ආරක්ෂා වන්නේ සැබවින්ම ස්වාධීන වූ අධිකරණ පද්ධතියක් 1948 ට පෙර පැවති අකාරයේ පද්ධතියක් තුළින්ය. එහෙත් දැන් අධිකරණ ක්‍රමය නාමිකව පවතින නමුත්, සැබෑ බල පුළුවන්කාර කමකින් තොරව නොපවතී. එකම බල පුළුවන් කාරයා විධායක ජනාධිපතිය. රට වැසියෝ නිකම්ම නිකමෝය. අද පවතින නිදහස එයයි.

නිදහස පිළිබඳ සැබෑ අරගලය වනාහි 1978 ව්‍යවස්ථාව බල රහිත කොට විධායක ජනාධිපතිවරයාගේ අසීමිත බලය අහිමි කොට සැබවින්ම, ස්වාධීන වූ අධිකරණ ක්‍රමයක් ඇති කිරීම ඔස්සේ ජනතාවගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා අරගලයකින් පමණකි. අන් සියල්ල මහා බොරුවකි.

Tell a Friend