සුදු කොඩි නඩුවේ සාක්‍ෂි විභාගය

සුදු කොඩි රැගෙන හමුදාවට භාර වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබන ලෙස කිසිවිටෙකත් නියෝග කළේ නැහැ

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සාක්‍ෂි දෙයි


ඒ. ඡේ. ඒ. අබේනායක


මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී සුදුකොඩි රැගෙන හමුදාවට භාරවීමට පැමිණෙන එල්ටීටීඊ නායකයන් වෙඩි තබා මරා දමන ලෙස තමා කිසිවිටෙක නියෝග කොට නැතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (25 දා) පැවැසීය.

එලෙස තමා නියෝග කොට ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවු ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්‌ බවත් එවැනිs නියෝගයක්‌ කළාද යන්න විත්තිකරු කිසිම අවස්‌ථාවකදී තමාගෙන් අසා නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන යුද හමුදාවට භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන් වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කොට ඇති බවට "සන්ඩේ ලීඩර්" පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ යෑයි කියන සිද්ධියට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දෙමින් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එලෙස පැවැසීය.

2009 මැයි මාසයෙන් අවසන්වූ යුද්ධය සාර්ථකව අවසන් කිරීමට ඔහු යම් දායකත්වයක්‌ දැක්‌ වූවාද?
සාක්‍ෂිකරු- මට ඒ ගැන ප්‍රකාශයක්‌ කරන්න බැහැ.
2009.12.08 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී "සන්ඩේ ලීඩර්" පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජාතිවාදි හැඟීම් ඇතිකරන එවැනි තොරතුරක්‌ සැපයීම මගින් රජය කෙරෙහි මහජන විරෝධතාවක්‌ ඇති කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇති එම නඩුවේ සාක්‍ෂි විභාගය මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර (සභාපති) ඩබ්ලිව්. එම්. ටී. පී. බී. වරාවැව සහ එම්. ඉසෙඩ් රාෂින් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (25 දා) කැඳවිණි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලුවිහාරේ මහතාගේ මෙහෙයවීම යටතේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සාක්‍ෂි දුන්නේය.

නි. සො. ජෙ. - ඔබ කියා සිටියා ඔබ දැන් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස රාජකාරි කරන බව

සාක්‌ෂිකරු - ඔව්

නි. සො. ජ. - කොපමණ කාලයක සිට එම තනතුරේ රාජකාරි කරනවාද?

සාක්‌කිකරු -2005.11.27 සිට එම තනතුරේ රාජකාරි කරනවා.

නි.සො.ජ. - ඔබ 2005 වර්ෂයේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත්වෙන විට එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණ කීවොත් නිවැරැදිද?

සාක්‍ෂිකරු - ඔව් නිවැරැදියි

නි. සො. ජනරාල් - එම එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර වශයෙන් සමහර රටවල් තහනම් කොට තිබෙන බව ඔබ දන්නවාද?

සාක්‍ෂිකරු - ඔව්

නි.සො.ජ - එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකාවට විරුද්ධ යුධමය ක්‍රියා කළ සංවිධානයක්‌?

සාක්‍ෂිකරු - ඔව්

නි. සො. ජ. - 2009 වර්ෂයේ මුල් භාගයේ රජය විසින් එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව මානුෂිsක මෙහෙයුමක්‌ දියත් කළා. එය 2009 වර්ෂයේ මැද භාගය වනවිට තීරණාත්මක අවස්‌ථාවකට පත්වී තිබුණා නේද?

සාක්‍ෂිකරු - ඔව්, ඒ බව පිළිගන්නවා.

නි. සො. ජ. - 2009 මැයි 18-19 වනවිට එල්.ටී.ටී.ඊ පාලනය යටතේ තිබූ සෑම භූමි භාගයක්‌ පාහේම රජයේ පාලනය යටතට ගන්න හැකිවුණා කීවොත් නිවැරැදිද?

සාක්‍ෂිකරු - ඔව්

නි. සො. ජ. - ඒ වකවානුවේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සමඟ රාජකාරි සම්බන්ධයෙන් සම්බන්ධිකරණය වෙන්න ඔබට අවස්‌ථාව ලැබුණාද?

සාක්‍ෂිකරු - ඔව්.

නි. සො. ජ. - 2009 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ කවුද?

සාක්‍ෂිකරු - සරත් ෆොන්සේකා

නි. සො. ජ. - ඔහු අද මෙම අධිකරණයේ ඉන්නවාද?

සාක්‍ෂිකරු - ඔව්, ඔහු විත්ති කූඩුqවේ ඉන්නවා.

නි. සො. ජ. - 2009 මැයි වනවිට හමුදාපති ලෙස සේවය කළ ඔහු 2009 ජුලි වනවිට ත්‍රිවිධ හමුදා මාණ්‌ඩලික ආරක්‍ෂක ප්‍රධානි ලෙස පත්වුණා නේද?

සාක්‍ෂිකරු - ඔව්.

නි. සො. ජ. - 2009 අග භාගය වනවිට ඔහු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගියා කීවොත් නිවැරැදිද?

සාක්‍ෂිකරු - නිවැරැදියි.

නි. සො. ජ. - ඔබ සම්බන්ධයෙන් පැ.1 ලෙස ලකුණු කොට ඇති සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති පත්‍රයේ මුල් පිටුවේ ලිපියක්‌ පළවී තිබුණාද?

සාක්‍ෂිකරු - ඔව්,

නි. සො. ජ. - ඔබ ඒ ලිපිය මීට කලින් දැකලා තිබෙනවාද?

සාක්‍ෂිකරු - දැකලා තිබෙනවා.

නි. සො. ජ. - පැ. 1 ඒ ලෙස ලකුණු කොට තිබෙන එම ලිපිය ඔබ කියවා තිබෙනවාද?

සාක්‍ෂිකරු - ඔව් කියවා තිබෙනවා.

නි. සො. ජ. - එහි පළමු වැනි ඡේදය පැ.1 ඒ 1 කියන ඡේදය ඔබට කියන්න පුළුවන්ද? එම ඡේදය ගැන සම්බන්ධ යම්කිසි මතයක්‌ කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකරු - එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්‌.

නි. සො. ජ. - ඒ වගේම මා ඔබගේ අවධානය යොමු කරනවා. පැ.1 ඒ 2 ලෙස ලකුණු කොට තිබෙන කොටස එම කොටස ගැන ඔබට මොකක්‌ද කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකරු - ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්‌.

නි. සො. ජ. - එහි 4 වන පිටුවේ තිබෙන සම්බන්ධිත කොටස ගැන පැ.1 ඒ 3 යන කොටස ගැන මොකක්‌ද ඔබට කියන්න තිබෙන්නේ?

සාක්‍ෂිකරු - එහි සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒවා වැරදි කරුණු.

නි. සො. ජ. - එය අවසාන පිටුවේ ලකුණු කොට තිබෙන පැ.1 ඒ 4-5 යන කොටස්‌ ගැන මොකක්‌ද ඔබට කියන්න පුළුවන්.

සාක්‍ෂිකරු - ඒක අසත්‍ය චෝදනාවක්‌.

නි. සො. ජ. - සමස්‌තයක්‌ ලෙස ගත්විට ඔබ පිළිගත්තා. එහි පැ-1 ලිපියේ පැ-1 ඒ 1- සිට 5 දක්‌වා සඳහන් වන්නේ අසත්‍ය චෝදනාවක්‌ කියලා.

සාක්‍ෂිකරු - ඔව්

නි. සො. ජ. - ඒවා ඔබට පිළිගන්න පුළුවන්ද?

සාක්‍ෂිකරු - ඒවා පිළිගන්න බැහැ.

නි. සො. ජ. - එහි සමස්‌තයක්‌ ලෙස ගත්කළ සඳහන්වී තිබෙනවා ඔබ මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ ක්‍රියාන්විතයේ සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යන නිලධාරියාට කළ නියෝගයක්‌ ගැන. සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණෙන එල්ටීටීඊ නායකයන්ට වෙඩි තියන්න කියලා නඩේසන්, රමේෂ් හා පුලිදේවන් සහ එල්ටීටීඊ නායකයන් තිදෙනා භාරවෙන්න එනවිට ඔවුන්ට වෙඩි තබා මරාදමන ලෙස ඔබ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට අණ දුන්නා කියලා.

සාක්‍ෂිකරු - ඒක අසත්‍ය ප්‍රකාශයක්‌.

නි. සො. ජ. - ඔබ රාජකාරි කරන කාලය අතරතුරදී එවැනි නියෝගයක්‌ ලබාදුන්නාද?

සාක්‍ෂිකරු - මා කිසිම අවස්‌ථාවක එවැනි නියෝගයක්‌ ලබාදී නැහැ. එලෙස භාරවීමට පැමිණෙන අයට භාරගන්න රජයක්‌ වශයෙන් අපි විශේෂ උපදෙස්‌ ලබාදී තිබුණා. එලෙස එන අයට හොඳින් සලකා ඔවුන්ට පුනරුත්ථාපනය කිරීමට උපදෙස්‌ දී තිබුණා. ඒ කාලය අතරතුරදී අපේ හමුදාවට 11,968 දෙනෙක්‌ භාරවී තිබුණා. ඔවුන් අතරින් 5600 ගාණක්‌ මේ වනවිට පුනරුත්ථාපනය කොට සමාජ ගතකොට තිබෙනවා. දයා මාස්‌ටර්, ජෝර්ඡ් මාස්‌ටර් වැනි අය එල්ටීටීඊ කාන්තා අංශයේ නායිකාවන් ලෙස අය පවා අපේ හමුදාවට භාරවුණා. මේ අවස්‌ථාවේදී අපේ රජයට එරෙහිව බොරු ප්‍රචාර ගෙන ගිය එම ප්‍රදේශයේ පිහිටි රෝහල්වල සේවය කළ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරුන් පස්‌දෙනකු පවා අපිට භාරවුණා. මේ අය අතරින් සමහරුන් අදටත් එම ප්‍රදේශවල රාජකාරි කරනවා. විවිධ අංශවල ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ එල්ටීටීඊ නායකයන් අපිට භාරවුණා.

නි. සො. ජ. - එවැනි යම් සිද්ධියක්‌ වුණා නම් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔබට ඒ ගැන දැනගන්න ලැබෙනවා නේද?

සාක්‍ෂිකරු - එවැනි දෙයක්‌ වුණානම් මට ඒ ගැන දැනගන්න ලැබෙනවා. නමුත් කිසිම අවස්‌ථාවකදී එවැනි සිද්ධියක්‌ ගැන මට දැනගන්න ලැබී නැහැ.

නි. සො. ජ. - පැ 1 දරන පුවත්පතේ ලිපිය එවැනි දෙයක්‌ වුණා කියලා යෝජනා වන්නේ 2009 මැයි මාසයේදී. ඔබගේ සාක්‍ෂිය අනුව 2009 නොවැම්බර් දක්‌වා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ විත්තිකරුයි. ඔහු කිසිම අවස්‌ථාවකදී එවැනි නියෝගයක්‌ ඔබ දුන්නාද කියා ඔබගෙන් ප්‍රශ්න කරලා තිබෙනවාද?

සාක්‍ෂිකරු - නැහැ.

නි. සො. ජ. - එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 11968 දෙනකු රජයට භාරවුණා කියලා ඔබ සාක්‍ෂි දුන්නා. ඒ අය භාරවුණේ ක්‍රියාන්විතයේ අවසාන භාගයේදී සිවිල් ජනතාවත් සමගයි.

සාක්‍ෂිකරු - ඔබ නිවැරැදියි.

නි. සො. ජ. - හමුදාවට භාරවූ එල්ටීටීඊ අයව පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙළක්‌ යොදා තිබෙනවා කියා ඔබ කීවා. හමුදාවට භාරවූ දයා මාස්‌ටර් හා ජෝර්ඡ් මාස්‌ටර් වැනි එල්ටීටීඊ සංවිධානයේ නායකයන් මේ වනවිට සුරක්‍ෂිතව ඉන්නවා නේද?

සාක්‍ෂිකරු - ඔව්.

නි. සො. ජ. - එල්ටීටීඊ නායකයකු වන තමිල් චෙල්වම්ට කිට්‌ටු සම්බන්ධයක්‌ තිබෙන අයෙක්‌ හමුදාවට භාරවුණාද?

සාක්‍ෂිකරු - සුසෙයි කියන නායකයාගේ භාර්යාව හමුදාවට භාරවුණා ඔවුන්ට අපි ආරක්‍ෂාව දුන්නා. ඔවුන් මේ වනවිටත් සුරක්‍ෂිතව ඉන්නවා.

නි. සො. ජ. - විදේශ රටවල ජීවත්වන ලංකාවේ හිටිය දෙමළ පුරවැසියන් පිටරටවලට ගිහින් ඩයස්‌ පෝරාව කියලා සංවිධානයක්‌ හදාගෙන ඇති බව ඔබ දන්නවාද?

සාක්‍ෂිකරු - ඔව්. 1983 සිට ඇමරිකාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවලට ගිය මිලියනයක්‌ පමණ වූ ඩයස්‌ පෝරාවක්‌ ඉන්න බව මම දන්නවා.

 සන්ඩේ ලීඩර් පුවත්පතේ එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව විශාල විරෝධතා රැසකට මුහුණ දෙන්න රජයටත් පෞද්ගලිකව මටත් සිදුවුණා. සුදු කොඩි රැගෙන එන එල්ටීටීඊ අයට වෙඩි තබා මරා දමන්න කියලා මම නියෝග කොට ඇති බවට එම පුවත්පතට කියලා තිබුණේ හිටපු හමුදාපතිවරයා නිසා බොහෝ දෙනෙක්‌ එය විශ්වාස කළා. ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පවා විරෝධතා එල්ල වුණා. ජාත්‍යන්තර ආයතන මේ සිද්ධිය මුල්කරගෙන අපිට විරුද්ධව ක්‍රියා කරන්න පෙළඹුනා. අපෙන් ප්‍රශ්න කරන්න වුණා. අපගේ හමුදාවට එරෙහිව පරීක්‍ෂණ පවත්වන්න කියා විවිධ බලපෑම් එල්ල වුණා. එපමණක්‌ නොවෙයි රට තුළ අසමගිය ඇති කරන විවිධ ජන කොටස්‌ අතර විරෝධතා ඇති කරන සිද්ධියක්‌ද වුණා.

නි.සො.ජ(- එම ලිපියෙන් පසු දෙමළ ජනතාවත් අනෙකුත් ජනතාවත් අතර ඇතිවූ අසමගිය සමනය කරන්න උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම් සභාව පත්කොට රජය පියවර ගත්තා නේද?

සාක්‍ෂිකරු(- ඔබ නිවැරදියි.

නි.සො.ජ(- එම ලිපිය පළවීමෙන් රජය දැරූ එම අසමගිය දුරු කිරීමේ ප්‍රයත්නයට යම්කිසි අගතිදායක බලපෑමක්‌ වුණාද?

සාක්‍ෂිකරු(- ඔව් ඒ ප්‍රකාශය කරලා තිබුණේ වෙනත් කෙනෙක්‌ නෙමෙයි හිටපු හමුදාපතිවරයා. ඔහු කියපු නිසා බොහෝ දෙනෙක්‌ එය විශ්වාස කළා. මාධ්‍ය පවා මගෙන් ඒ ගැන ප්‍රශ්න කළා.

නි.සො.ජ(- එම අධිකරණය හමුවේ සාක්‍ෂි දෙන්න පෙර 2010 ජුලි 10 වැනිදා එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්‌ ලබා දුන්නා නේද?

සාක්‍ෂිකරු(- ඔව්.

මෙම අවස්‌ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා සාක්‍ෂිකරුගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

විත්තියේ නීතිඥ නලින් ලද්දුව හෙට්‌ටි මහතා(- සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කරන ඔක්‌කොම බොරු නේද?

සාක්‍ෂිකරු(- එහෙම දෙයක්‌ මට ප්‍රකාශ කරන්න බැහැ.

විත්තිය(- ඒ ගැන ඔබතුමාගේ පුද්ගලික මතය කියන්න.

සාක්‍ෂිකරු(- එවැනි මතයක්‌ මට කියන්න බැහැ.

විත්තිය(- එහි ඔබතුමා ගැන පළවූ ඔක්‌කොම බොරුනේ?

සාක්‍ෂිකරු(- සමහර දේවල් හරි ඒවාත් තිබෙනවා. සමහර දේවල් බොරු. සන්ඩේ ලීඩර් පත්තරේ විතරක්‌ නෙවේ අනෙක්‌ පත්තරවලත් එලෙස අසත්‍ය දේවල් පළවී තිබෙනවා.

විත්තිය(- සන්ඩේ ලීඩර් පුවත්පතේ ඔබ සම්බන්ධයෙන් පළවු මිග් ගනුදෙනුව ගැන ලිපියට එරෙහිව ඔබ අධිකරණයට ගොස්‌ තිබෙනවා.

සාක්‍ෂිකරු(- ඔව්. ඒ ගැන මම උසාවියට පැමිණිලි කොට තිබෙනවා. ඒ සඳහා මම උසාවියට ගොස්‌ තිබෙනවා.

විත්තිය(- එම පුවත්පතේ ඔබට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළවීම වැළැක්‌වීම සඳහා ඔබ අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ ලබාගෙන තිබෙනවා නේද?

සාක්‍ෂිකරු(- ඔව්. මම එවැනි වාරණ නියෝගයක්‌ ලබාගෙන තිබෙනවා.

විත්තිය(- ඒ අවස්‌ථාවේදී ඔබ උසාවියට කරුණු ඉදිරිපත් කළා සන්ඩේ ලීඩර් පුවත්පත විටින් විට ඔබ ගැන අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනවා කියලා.

සාක්‍ෂිකරු(- ඔව්.

විත්තිය(- ඔබ ගැන ද්වේෂ සහගතව අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන නිසයි ඔබ එවැනි වාරණ නියෝගයක්‌ ලබා ගත්තේ.

සාක්‍ෂිකරු(- ස්‌වාමීනි එය නඩුවට අදාළ දෙයක්‌ නොවන නිසා ඒ ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම වැදගත් නැහැ කියලා මට හිතෙනවා.

විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා(- ස්‌වාමීනි ........

මේ අවස්‌ථාවේදී ප්‍රශ්න ඇසීම ගැන විරුද්ධත්වය දැක්‌වූවේ සාක්‍ෂිකරු මිස පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නෙවෙයි. එමගින්ම පෙනෙනවා එම ප්‍රශ්න ඇසීමට මට කිසිදු නෛතික බාධාවක්‌ නොමැති බව. සාක්‍ෂිකරු පැවැරූ එම නඩුව ගැන මෙම නඩුවේ කලින් සාක්‍ෂිදුන් පෙඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගෙන් ගල්කිස්‌ස උසාවියේ එම පුවත්පතට එරෙහිව පැවැරූ නඩුව මා ප්‍රශ්න කළා. මේ නඩු දෙකේම පොදු සාධකයක්‌ තිබෙනවා. මෙම නඩුවට මෙන්ම සාක්‍ෂිකරු ගල්කිස්‌ස උසාවියේ පැවැරූ නඩුවත් සන්ඩේ ලීඩර් පුවත්පත සම්බන්ධයි. දෙවන පොදු සාධකය මේ ලිපිවල පොදු චරිතය ආරක්‍ෂක ලේකම්වරයා වන සාක්‍ෂිකරුයි. දිසා අධිකරණයේ පැවැරූ නඩුව මෙන්ම මේ නඩුවටත් පාදක වන්නේ එම පුවත්පතේ සාක්‍ෂිකරුට එරෙහිව ද්වේශ සහගතව අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ උවමනාවක්‌ තිබුණාද කියන එකයි. ඒ ගැන අධිකරණයේ අවධානය යොමු විය යුතුයි. මේ ප්‍රකාශ අනෙක්‌ ප්‍රකාශවලින් වෙන්කොට ගන්නේ කොහොමද මේ නඩු දෙකම එක අයකු සම්බන්ධයි. ඒ ගැන අහන්න මට කිසිම බාධාවක්‌ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලුවිහාරේ මහතා(- සාක්‍ෂිකරු එම ප්‍රශ්න ඇසීම ගැන විරෝධතාවක්‌ දැක්‌වූවේ නැහැ. ඔහු ප්‍රශ්න කර සිටියේ විත්තියේ උගත් නීතිඥ මහතා අසන ප්‍රශ්න මෙම නඩුවට අදාළද කියලා විතරයි. එය තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ අධිකරණයටයි.

විනිසුරු වරාවැව මහතා(- ගල්කිස්‌ස උසාවියේ නඩුවක්‌ තිබෙනවා.

නලින් ලද්දුවහෙට්‌ටි මහතා(- මම අහන්නේ එම නඩුවේ අන්තර්ගතය ගැන නෙමේ එම නඩුව පැවැරීමට හේතුව වූ කරුණු ගැනයි.

විත්තිය(- ඔබ එම පුවත්පතට එරෙහිව පැවැරූ නඩු දෙකක්‌ ගල්කිස්‌ස උසාවිය හමුවේ තිබෙනවාද?

සාක්‍ෂිකරු(- ඔව්.

විත්තිය(- 2005 වසරින් පසුව ඔබ මෙලෙස එම පුවත්පතට අමතරව වෙනත් පුවත්පත්වලට එරෙහිව නඩු පවරා තිබෙනවාද?

සාක්‍ෂිකරු(- නැහැ. වෙනත් ආයතනවලට විරුද්ධව නඩු දාලා නැත්තේ මගේ කාලය විනාශ වෙන නිසයි.

විත්තිය(- අනෙකුත් කිසිම මාධ්‍ය ආයතනයකට එරෙහිව ඔබ වාරණ නියෝග අරගෙන තිබෙනවාද?

සාක්‍ෂිකරු(- නැහැ. නැහැ මේ නඩුවටත් දැන් හුඟක්‌ කල් ගියා. නඩු දානවා නම් මට පුළුවන් වෙනත් ආයතනවලට නඩු දාන්න.

විත්තිය(- ඔබ වෙනත් මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු දාලා නැහැ. නමුත් ඔබ සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව නඩු දාලා තිබෙනවා.

සාක්‍ෂිකරු(- ඔව් ඒක හරි. හැබැයි මම අනෙක්‌ ආයතනවලටත් විරුද්ධව චෝදනා නඟලා තිබෙනවා.

විත්තිය(- ඔබ සන්ඩේ ලීඩර් ආයතනයට එරෙහිව පැවැරූ නඩු දෙකම තවම ගල්කිස්‌ස අධිකරණය හමුවේ විභාග වෙනවා. ඔබ ඉන් එකක්‌වත් ඉල්ලා අස්‌කරගෙන නැහැ.

සාක්‍ෂිකරු(- නැහැ.

විත්තිය(- වාරණ නියෝගය අරගෙන තිබෙන්නේ ඔබ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ කරන්න එපා කියලයි. එහෙම වාරණ නියෝගයක්‌ තිබෙද්දියි සන්ඩේ ලීඩර් පුවත්පත ඔබ සම්බන්ධයෙන් එම ප්‍රවෘත්තිය පළ කළේ නේද?

සාක්‍ෂිකරු(- නැහැ වැරදියි. මම නඩුවක්‌ දාලා තිබෙනවා පත්තරේ පළවූ වැරදි ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන්. මම වාරණ නියෝගයක්‌ අරගෙන තිබෙන්නේ මම ගැන කිසිම දෙයක්‌ පළ කරන්න එපා කියලයි.

විත්තිය(- ඒ වාරණ නියෝගය තිබෙද්දී තමයි සන්ඩේ ලීඩර් පුවත්පත 2009.12.13 වැනිදා එම ලිපිය පළ කළේ.

සාක්‍ෂිකරු(- වාරණ නියෝගයක්‌ තිබෙනවා ඒ නඩුව සම්බන්ධයෙන්. මේ ප්‍රකාශය පළවී තිබෙන්නේ ඒ වාරණ නියෝගය ලබා ගැනීමෙන් පසුව නම් එය නිවැරදියි. 2009 තමා මම ඒ නියෝගය ලබා ගත්තේ.

විත්තිය(- විත්තිකරු හමුදාපති ලෙස පත්කළේ ඔබ ආරක්‍ෂක ලේකම් ලෙස පත්වූ පසුව නේද?

සාක්‍ෂිකරු(- ඔව්.

විත්තිය(- ඔහු යුද්ධය අවසාන වන තුරු වසර 3 මාස 6 පමණ එම ධුරයේ සිටියා.

සාක්‍ෂිකරු(- ඔව්.

විත්තිය(- 2009 මැයි මාසයෙන් අවසන්වූ යුද්ධය සාර්ථකව අවසන් කිරීමට ඔහු යම් දායකත්වයක්‌ දැක්‌ වූවාද?

සාක්‍ෂිකරු(- මට ඒ ගැන ප්‍රකාශයක්‌ කරන්න බැහැ.

විත්තිය(- ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔබ ප්‍රකාශ කරන්නේ යුද්ධය සාර්ථක ලෙස නිමා කිරීමට විත්තිකරු යම් දායකත්වයක්‌ දැක්‌ වූවාද නැතිද කියලා කියන්න බැහැ කියලද?

සාක්‍ෂිකරු(- හමුදාපති කෙනෙක්‌ පත්කරන්නේ ඒකට තමා.

විත්තිය(- යුද්ධයේ අවසානයෙන් පසුව විත්තිකරු යුද හමුදාපති ලෙස කළ මෙහෙය ගැන යම් ඇගයීමක්‌ කළාද?

සාක්‍ෂිකරු(- නැහැ.

විත්තිය(- විත්තිකරු යුද්ධය සාර්ථක ලෙස නිමා කිරීමට හේතුවක්‌ වුණා කියා ඔබ ප්‍රකාශ කර තිබෙනවාද?

Tell a Friend