කතුවැකිය : 2011 දි නීතිය රජ කරවමු

2010 දෙසැමිබර් මස ඊශ්‍රායල් අධිිකරණය ලෝකයාට විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි නීතියේ ආධිිපත්‍යය බිද වැටුනු රටවලට ඉතා උතුමි ආදර්ශයක් ලබා දුන්නේය. එනමි එරට හිටපු ජනාධිපතිවරයකු වු මෝෂි කටිසාවි ස්ත්‍රී දුෂණයට සහ වෙනත් වැරදි ගණනාවකට වැරදිකරු කිරිම මගිනි. කුමන පසුබිමක් යටතේදිත් අප හොද දේ ආදර්ශයට ගනිමු.

ඊශ්‍රායල් අධිකරණ තින්දුව අපට දේශියව සිදුවන බොහෝ දේ නැවතවරක් සිිිහිපත් කරයි. අපේ දේශය ගැන විශේෂයෙන්ම අපේ නීතිය ගැන එහි මුරදේවතාවුන් ගැන ජුගුප්සාජනක හැගිමි ඇති කරයි. අපේ ඉහළ අධිකරණ විනිසුරුවරයකුට විරුද්ධව කාන්තාවකට ලිංගිික අතවර කිරිිම පිළිබද බරපතල චෝදනා එල්ල විය. නමුත් ඒ ගැන දැන් හාවක් හුවක් නැත. සියල්ල කාලයා විසින් අමතක වන්නට අපේ ඇත්තන්ගේ අලසකමද ඔනැනැතිකමද එයට කාලය ගෙන අපරාධයට දඩුවමි නොලැබ සිටිමට අදාළ විනිසුරුවරයාද ඉතා බුද්ධිමත් විය. සුක්ෂම විය.

මෙි දින වල නීති ක්ෂේත්‍රයේ කතා බහවන මාතෘකාව නීති විිද්‍යාලයේ අවසන් වසර විභාග ප්‍රශ්ණ පත්තරයක් විභාගයට පෙර සිසුන් අතට පත්විමයි. එය හෙළිදරවි කළ ශිෂ්‍යයාගේ ජිවිතයද මෙවන විට බරපතල අනතුරකට ලක්ව ඇත. මෙවැන්නක් පෙන්නුමි කරන්නේ මෙරට නීතියේ බරපතල ලෙස සෝදාපාලුවට ලක්වෙමින් පවතින බවය නොවේද?.

අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත. නමුත් උතුරු නැගෙනහිර දෙමළ පාසල් සිසුන්ට ජාතික ගීය සිංහලෙන් ගැයිමට අගමැතිවරයා සහභාගි වු උත්සවයකදි බලකල බවට මාධ්‍යය වාර්තා කළේය.

නීතියේ මුරබල්ලන් ලෙස කයයුතු කරන පොලිසිය අපරාධ විමර්ශනයට යොදාගනු ලබන්නේ මෙරට නීතිය විසින් තහනමි කර ඇති වධහිංසාවයි. මේවනවිට සෑම දෙමවිපියෙකුටම පාහේ ළමයකු පාසලකට ඇතුලත් කර ගැනිමට අධ්‍යාපන බලධාරින්ට අල්ලසක් දිමෙි අපරාධය සිදු කිරිමට සිදුව තිබේ.

මෙි මෙරට නීතිය නොමැතිකමට ඇති උදාහරන වලින් අතලොස්සක් පමණි. සියල්ල සිදුවිමට ඉඩහැර ඇත්තේ නීතියට හමිතැන විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ බලය සහ ධනය විිසින් අත්පත් කර ගැනිමයි. මෙිසේ නීතිය වල්වැදිමට ඉඩහල රටක පාලකයාට නැති බැරි පාලිතයා සතුටෙන් තැබිය හැකිද? අවනීතිය නිසා පිඩාවට පත් නීති ශිෂ්‍යයා නීතිඥයකු වුවිට සේවාදායකයාට යුක්තිිය ඉටු කරයිද? අධිකරණයට ගරු කරයිද? වෘත්්තිය ආචාර ධර්ම පිළිපදියිද? අපරාධ චෝදනා ලැබ නිදැල්ලේ සිටින විනිසුරුවරුන් සිටින අධිකරණයකින් සාමාන්‍යය ජනයාට යුක්තිධර්මය ඉටුවේද?

සුලු ජනයාගේ අයිතින් කඩන ඒවාට ගරහන රටක ශිෂ්ටාචාරය ගැන ලෝකයා කුමක්කියයිද? අපරාධ සිදුකරන ඇතැමි පොලිසි සහ පාසල් මෙරට අනාගත පරපුරට කුමක් කරයිද? මේගැනත් සිතන්න. එවගේම 2011 වසර නීතිය රජ කරවන්නට අධිටන් කරගන්න.


හර්ෂි සි. පෙරේරා විසිනි

Tell a Friend