රුසියාවේ විපක්ෂ නායකයා හිරභාරයට

රුසියාවේ ප්‍රථම නියෝජ්‍ය අගමැතිවරයා සේම එරට විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රධානියා වන බොරිස් නෙම්න්ස්වෝ දින පහළොවකට සිර ගත කිරීමට ක්‍රෙම්ලින් අධිකරණය ඊයේ තීරණය කළ බව එරට ජනමාධ්‍ය අද වාර්තා කළේය. බොරිස් ඇතුළු විපක්ෂ සාමජිකයින් දෙදෙනෙකු මෙන්ම සියගණනක් වූ රුසියානුවන් මොසකව් සහ සෙන් පිටස්බර්ග් නුවර පසුගියදා අලුත් අවුරුදු උත්සවය පැවති අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් අණ නොතකා කටයුතු කළේ යයි චෝදනා කරමිනි. කෙසේ වෙතත් අධිකරණය අදාළ දඬුවම දීමෙන් පසු මාධ්‍යට අදහස් දැක් වූ හෙතම කියා සිටියේ එය මහා අවනම්බුවක් ලෙසය.

Tell a Friend