කඩුවෙල මල්ලිකා නීතිපතිට ලියයි.

නීතිපති වෙත,

ඔබ විද්‍යුත් මාධ්‍යයවල පල වු මගේ කතාව මේවනවිටත් කියවන්නට ඇතැයි විශ්වාස කරමි. එය තලංගම පොලීසියට ලක්ෂ තුනක් නොදුන් නිසා හදවත් රෝගි කත වසර දෙකකට වැඩිකාලයක් බන්ධනාගාරයේ යන හිසින් යුතුව පලවිය.

මම වසර 02 මාස 06කට වැඩිකාලයක් තිස්සේ වැලිකඩ බන්ධානාගාරයේ රිමාන්ඩි සැකකාරියක් ලෙස සිටිමි. ඒ 2008.06.05 වන දින සිටය. මගේ සැක අංකය 1110 වේ. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවෙි අංකය බි 2303 වේ.

මාව හෙරොයිින් මිලි ග්‍රැමි 80ක් අඩංගු පැකටි එකක් රුපියල් 200ක මුදලකට ජාවරමි කිරිම සහ හෙරොයින් මිලිග්රැමි 80ක් අඩංගු පැකටි දෙකක් ලග තබා ගැනිමක් සමිබන්ධයෙන් අත්අඩංගුවට ගෙන චොදනා නගා අධිකරණයට ඉදිරිපත්කරන ලදි.

වයස අවුරුදු 54ක් වන මම බරපතල හදවත් රෝගයකින් පෙලේමි. 2008.06.19 වන දින මා පරීක්ෂාකල බන්ධනාගාර වෛද්‍යය නිළධාරි මගේ හදවතේ සිදුරක් ඇති බව සොයා ගන්නා ලදි. අදාල ප්‍රතිකාර සදහා අවශ්‍යය පහසුකමි කොළඔ ජාතික රෝහලේ නොමැති අතර එය පිටතින් ලබා ගැනිමට යන සමිපුර්ණ මුදල රුපියල් 1,75 000කි. මෙම මුදල ජනාධිපති අරමුදලෙන් ඉල්ලා ඇතත් මෙවන විටත් සහනයක් ලැබි නැත.

දැනට නඩුව නීතිපති උපදෙස් සදහා තබා ඇත. මාව තවදුරටත් රදවා ගැනිම මගින් පෙන්නුමි කරන්නේ මෙරට පවතින බරපතල නඩු පමාව සහ එයට රජයේ රස පරීක්ෂකවරයා සහ නීතිපති වන ඔබ බරපතල ලෙස වගකිවයුතු බවයි. බන්ධනාගාර තදබදයටද ඔබ දෙපලම දායක වන බවද සදහන් කරමි.

මෙි සියලු කරුණු සැලකිල්ලට ගෙන මාහට පමණක් නොව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාන්ඩි සැකකාරියන්ට ඔබගේ ප්‍රමාදය හා වගකිමක් නැති තත්වයෙන් සිදුවන පිඩාව අවම කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

මිට
කඩුවෙල මල්ලිකා සැක අංක 1110.

Tell a Friend