EXCLUSIVE: ජනරාල් වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න මම ලෑස්තියි - අනෝමා

දැනට අත්තනෝමතික ලෙස සිර ගත කොට සිටින ජනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් සහ හෙතමගේ දේශපාලන දැක්ම සාර්ථක කර ගැනීම සඳහා තමන් පාර්ලිමේන්තුවට යාමට පවා සුදානම් බව අනෝමා ෆොන්සේකා මහත්මිය ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය සමග විශේෂ සම්මුක සාකච්චාවකට සහභාගී වෙමින් සඳහන් කළාය. ඇය එහිදී වැඩිදුරත් සඳහන් කළේ ජනධිපතිවරයා ගත් තීන්දුව ගැන තමන් පුදුම නොවන බවත් එය එවැනි වෛරී මානසිකත්වයකින් බලාපොරොත්තු වූ දෙයක් බවය.


" මම සතුටු වෙනවා මේ වෙලාවේ අපේ ජනතාව මෙන්ම සියලු විපක්ෂයේ නියෝජිතයින්, ජනරාල් තුමාගේ අයිතීන් වෙනුවෙන් ඍජුව පෙනී සිටීම ගැන. ඒවගේම අපේ සහෝදර දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේවනවිට ජාත්‍යන්තරය දැනුවත් කරමින් සිටිනවා,' යැයි අනෝමා බලාපොරොත්තු සහගතව ප්‍රකාශ කළාය.


ජනාධිපතිවරයා විසින් නීතියට පට හැනිව පත් කළ යුධ අධිකරණය විසින් ගත් තීන්දුව හේතුවෙන් 30 මසක බරපතල වැඩ සහිතව හිර ගත කොට සිටින ජනරාල් වරයා බැලීම සඳහා අවසර ලැබෙන්නේ මාසයකට එක් වරක් පමණි. නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ, ජනරාල් ෆොන්සේකාට අවශ්‍යනම් සමව ගැනීමේ ඉඩකඩක් ඇති බවයි. එහිදී මහත් උඬගු කමින් කතාකළ මහින්ද රාජපක්ෂ එක්තරා ස්වාමින් වහන්සේ නමකට පිළිතුරු දෙමින්, " ව්‍යවස්ථාවේ අන්න අර කොහෙද තියනවා යැයි කියමින් එහි වගන්තියක අංකයක් උපුටා දැක්වීමට උත්සහ කළේය." එහිදී අදාල හිමිනම, " නහි වෙරෙන වේරානි යැයි කියූ විට, රාජපක්ෂ කියා සිටියේ, " අපෝ මම කාටවත් වෛර කරන්නේ නෑ කියාය." එහිදී රැස්ව සිටි සියල්ලම බිම බලාගෙන රාජපක්ෂගේ අපුරූ කෙබර කෙලිම ගැන අනුකම්පා කළ බව අපට වාර්තා වේ.

සමාව ගන්න ලෙස රාජපක්ෂ කළ ඉල්ලීමට පිළිතුරු දුන් අනෝමා කියාසිටියේ, " මොන වරදක් කලාටද සමව ගන්න කියන්නේ. සමහරවිට ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම නිසා එසේ කියනවා විය හැකියි." කියාය.

"ජනරාල් ෆොන්සේකා සිරගත කිරීම එක තනි සිද්දියක් නොවේ. මේක සමස්ත සමාජයම අවදි විය යුතු තත්ත්වක් මතු කළ සමාජ සංසිද්ධියක්. හෙට මේ දේ අපේ සහෝදර දේශපාලකයෙකුට වෙන්න පුළුවන්. නැත්තන් මේ රටේ ජිවත් වෙන් අහිංසක ජනතාවට වෙන්න පුළුවන්. අපි සියල්ලෝම දැන් සටන් කළ යුතුයි යුක්තිය දිනා ගැනීම වෙනුවෙන්. මෙහෙම නීතිය සතපහකට මායිම් කරන්නේ නැති රටවල් මේ ලෝකේ නැහැ. එහෙම අත්තනෝමතික පාලකයින්ට විරුද්ධව ජනතාව විරුද්ධ වෙලා පරාජය කළා," තිස් වසරක යුද්ධයෙන් රට බෙර ගැනීම සඳහා 
මහඟු කාරයක් කළ ජනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා වඩාත් උද්වේගකර ස්වරූපයකින් ප්‍රකාශ කළාය .



Tell a Friend