ලඟදීම පොලිස් නිල ඇදුම වෙනස් වෙයි


පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය සූදානම් වෙයි. දැනට භාවිත කරන දුඹුරු පැහැති ඇඳුම වෙනුවට වෙනත් නිල ඇඳුමක් ලබාදීමට තීරණය වී තිබේ. දැනට භාවිත කරන නිල ඇඳුම මසා ගැනීම සඳහා පොලිස් නිලධාරින්ට රෙදි ලබාදී ඇතත් නිල ඇඳුම් මසා ගැනීමෙන් වලකින ලෙස පොලිස් මූලස්ථානය නිලධාරින්ට දැනුම් දී ඇත. පොලිස් සහායක නිලධාරින් දැනට භාවිත කරන ලා නිල් පැහැති ඇඳුම පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට ද ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට පොලිස්පතිවරයා දක්වා වූ විවිධ නිලතල හොබවන නිලධාරින්ගේ ඇඳුම ද වෙනස් වනු ඇත. තනතුරෙන් තනතුරට විවිධ වර්ණයෙන් වූ නිල ඇඳුම් ඔවුන්ට හඳුන්වාදීමට තීරණය වී තිබෙන අතර පොලිස් නිලධාරින්ගේ තනතුරු පිළිබඳව මහජනතාවට දැනුමක් ලබාදීම මෙහි අරමුණය. Tell a Friend