සොහොනක් නැති මළවුන් සැමරීම

ඔක්තෝම්බර් 27 වැනි දිනට යෙදෙන අතුරුදහන් වූවන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අපේ සුබ පැතුම්

බැසිල් ප්‍රනාන්දු
ආසියානු මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකාවේ දකුණු , උතුරු සහ නැගෙනහිර ඇතුළු අනෙකුත් සෑම පළාතකම බලයෙන් මිනිසුන් අතුරුදහන් කිරීම් විශාල ප්‍රමාණයෙන් සිදු වී ඇත. එම අතුරුදහන් කිරීම් ගණන් කළ හැක්කේ දස දහස් ගණන් වල පරිමාණනි. එහෙත් එම කිසිඳු අතුරුදහන් වීමක් ගැන යුක්තිය ඉටු වී නොමැත. ලංකාවේ පැවති කිසිම ආණ්ඩුවක් විසින් මෙම මහා පරිමාණ අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම පැහැරහැර ඇත. දැන් පවතින රාජපක්ෂ ආණ්ඩුවද එම ප්‍රපත්තියම අනුගමනය කරයි. ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෙකු ලෙස සිටින තාක් කල් මෙම මහා අපරාධය සම්බන්ධයෙන් ජනතාව සංවිධානය කිරීමටත්, ජාත්‍යන්තර සම්මේලන වලට සහබාගි වීමටත් නොපැකිලුනේය. ඒ පිළිබඳව සාදාරණය ඉල්ලා සිටියේය. එහෙත් අද එම සාදාරණය ඉටු කිරීමේ වගකීම එතුමා වෙත පැවරී ඇති මුත් එතුමා ඒ පිළිබඳව අනුගමනය කරන්නේ අතිශයින්ම වෙනස් ප්‍රපත්තියකි. එතුමා මේ ප්‍රශ්නය පිළිබඳව යුක්තිය පසින්දලීමට කටයුතු කිරීමට එකඟ නැත. එමෙන්ම ලංකාවේ කිසිඳු විරුද්ධ පක්ෂයක්ද මේ ප්‍රශ්නය විසඳීම පිළිබඳව බැරෑරුම් ප්‍රයත්නයක නොයෙදෙයි. එසේ නිහඩව සිටින්නේ කාගේ අතෙත් දැලි ඇති නිසා විය හැකිය.

කෙසේ උවත් රටේ සෑම දෙසකින්ම මව්වරුන්, පියවරුන්, සහෝදර සොහොදරියන්ගෙන් නැගෙන්නේ යුක්තිය ඉල්ලා කෙරෙන මහා අඬහැරයකි. මෙම අන්දෝනාව යටපත් කළ නොහැකිය. එය යටපත් කළ නොයුතුය.

බලහත් කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳව මහා පරිමාණ අපරාධ යටපත් කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් ලංකාවේ සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය යටපත්ව ගොස් ඇත. සාදාරණව නඩු ඇසීමේ සම්ප්‍රදාය ශිෂ්ඨ සමාජයක් රකින ප්‍රදානතම සාධකය වේ. එහෙත් අද අලංකාවේ මෙම ප්‍රදාන සාධකය යටපත් කොට ඇත. අපරාද පිළිබඳව පැමිණිලි බාර ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම, සහ සාධාරණ වින්ශ්චයක් ලබා දීම යන සෑම කරුණක්ම අද විශාල ලෙස අහෝසි වෙමින් පවතී. පොලිසියේ දුෂණය, දේශපාලනීකරණය, අකාර්යක්ෂමතාවය ආදී සියල්ල ජනයා ඉතා හොඳින් දනියි. එම සංස්ථාව පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් රට තුළ පවතින්නේ නැත.

කාලයක් යම් කීර්තියක් ඉසිලු නීතිපති දෙපාර්තමෙන්තුවටද සිදු වී ඇත්තේ මේ ටිකමය. අද එම දෙපාර්තමේන්තුව දේශපාලන වුවමනාකම් පිට බොරු නඩු දමා ඒවා පවත්වාගෙන යාමට නොපැකිලෙන ආයතනයක් සේ පවතී. සබැ අපරාධකාරයෝ ආරක්ෂාව ලබති. අපරාධ වලට සම්බන්ධ නොවූවෝ නඩු වලට පමුණුවා රිමාන්ඩ් භාරයටත් පසුව හිර ගෙවලටත් යවනු ලැබේ. එම කතාව දීර්ඝ එකකි. කෙටියෙන් කිව හැක්කේ යුක්තිය පිළිබඳව බලාපොරොත්තුවක් පොලිසියෙන් මෙන්ම නීති පති සංස්ථාවෙන්ද ඉටු නොවන බවය.

බලහත් කාරයෙන් අතුදන් කිරීම් අතීත සිදුවීම් නොවේ. ප්‍රගීත් එකනලිගොඩ මහතාගේ අතුරුදන් කරවීම සිදු වූයේ මේ වසරේ දීය. ඒ පිළිබඳව කිසිම සාදාරන පර්යේෂණයක් නොපැවැත්වේ. අතුරුදන් කරවීම දේශපාලන හේතුන් මත රජයට සම්බන්ධ පුද්ගලයින් විසින් කළේය, යන්න එම පවුලෙන් නැගෙන චෝදනාවය. මධ්‍යයේ හඬ නැගීම තිබුනත් එකසත් ජාතීන්ගේ සංගමය පවා මෙම සිදුවීම ගැන පර්යේෂණ ඉල්ලා සිටියත් ඒ ගැන ප්‍රතිචාරයක් පවා කිරීමට රජයේ උනන්දුවක් නැත. විපක්ෂයද දැන් මෙම ප්‍රශ්නය ගැන කතා කිරීම අතහැරදමා ඇත.

මේ අතර හුදෙක්ම දේපල ප්‍රශ්න උදෙසා කෙරෙන බලයෙන් අතුරුදැන් කරවීම්ද සිදු වේ. ගාල්ලේ ව්‍යාපාරිකයෙකු වූ තිරිමාදුර උපාලි මෙන්ඩිස් යන අයගේ ඉඩමක් බලයෙන් අත්පත් කර ගැනීම සඳහා ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඉන් පසු අද දක්වාත් ඔහු ගැන තොරතුරක් නැත. පරීක්ෂණයක්ද නැත. නඩුවක්ද නැත.

සත්‍ය යටපත් කිරීමේ භයානයක ප්‍රතිපලයනම් යුක්තිය පසිඳලීමට ඇති හැකියාව මුළුමනින්ම අතුරුදහන් වී යාමය. බලයෙන් අතුරුදහන් කර වීම යටපත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස දැන් සිදු වී ඇත්තේ ලංකාවේ සියලුම දෙනාට බලපාන සේ යුක්තිය පසිඳලීමේ සංස්ථා කඩා වැටීම සහ සාදාරන විනිශ්චයක් සඳහා තිබු අයිතිය නැති වී යාමය. මේ වන විට අධිකරණයේ පණ නැති කොට ඇත. යුක්තියේ ඇති අයිතිය නැති කිරීම මඟින් අධි කරණයද නාමිකව පමණක් පවතින සංස්ථාවක් බවට පත්වෙමින් පවතී.

අතුරුදහන් කර වූවන් සමරන මෙම දිනය මේ සියල්ල ගැන කල්පනා කිරීමටත් යුක්තිය ඉල්ලා මහා පරිමාණ ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමටත් අවස්ථාවක් විය යුතුය. යුක්තියක් නැති කලෙක ජනතාවකට සාමුහිකව පැවතිය නොහැකිය. මෙම තර්ජනයට සියලුම ජාතින් එක්ව පෙළ ගැසී සටන් කළ යුතු කාලය එළඹ තිබේ.


###
AHRC ගැන: ආසියානු මානව හිමිකම් කොමිසම යනු ආසියාවේ මානව හිමිකම් ගැන නිරීක්ෂණය කරන සහ වාර්තා තබන කලාපිය රාජ්‍ය නොවන සංවිධානයකි. හොං කොං හි මුලස්ථානය කරගනිමන් ක්‍රියාත්මක වන එය පිහිටවනු ලැබුවේ 1984 දිය. Tell a Friend