අන්තරේ ජෙප්පන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ට

 " යහපත් කාලගුණයක් පවතින අවස්ථාවකදී අයහපත් කාලගුණික තත්වයට මුහුණදීමට අවස්ථාවද සකසා ගත යුත්තේ යැයි දේශපාලන විද්‍යාවේ ඉගැන්වෙන මුලික සිද්ධාන්ත වල කියැවෙන මුලිකාංගයකි. නමුත් ලංකාවේ සමාජ ක්‍රමය විසින් දායාද කරනු ලැබූ මානසිකත්වයේ ගොදුරු බවට මෙරටේ තරුණ පරම්පරාව පත් වීමේ ඉඩකඩ නිර්මාණය කළා මිස සැබෑ නිදහස වෙනුවෙන් නිර්මාණය වූ සටන් හෝ සටන් ව්‍යාපාර අපට අහිමිය."

නිලන්ත ඉලංගමුව

අවස්ථාව උදා වී ඇත්තේ පොදු විෂයෙන් බාහිර කාරණයක් ගැන කතා කිරීමටය. එය වෙනදාට වඩා වෙනස් රිද්මයකින් ලිවීමට සිදු වී තිබේ. මෙම සටහන වසර ගණනාවක ප්‍රතිපලයක් ලෙස සේම, ධනාත්මක වූ අරමුණු සිතේ හටගෙන එහිම මිය ඇදෙන සිතුවිලි බවට පමණක් හේතු වී ඇති බැවින් , එකී පවිත්‍ර සිතුවිලි භුමියේ පවතින සැබෑ යථාර්ථය විසින් අනුකම්පා රහිතව ගොදුරු කර ගනිමින් සිටින වටපිටාවක; ලිවීමට සිදු වීම ඛේදජනකය. මෙරට විශ්විද්‍යාල භුමිය තුළ සිදුවන කලබගෑනිය ගැන සුලුවෙන් තැකිය නොහැකිය. අතොරක් නැතුව ජනතා විමුක්ති පෙරමුණට සිදු කරන බැණ වැදීමත්, තමන්ගේ ජුන්ඩක් හෝ ප්‍රමාදයක් සඳහා තියෙන ( ආතල් එකක් සඳහා තියෙන ) ශිෂ්‍ය දේශපාලනයට විරුද්ධව නැගෙන රාජපක්ෂගේ සිංහල බමුණු ( මෙය බෞද්ධ නොවේ, එසේම රාජපක්ෂ අන්තවාදී බමුණෙක් මිස බෞද්ධයෙක්ද නොවේ. ) මනසිකතවයේ පෙළ ගැසීමකුත් හැරෙන්නට ඊට විරුද්ධව නැගෙන තුලනාත්මක වූ හඬට ඇති ශක්තිය තුළින් කියාපාන්නේ වැරහැලි වී ගිය මහල්ලකුගේ ස්වාභාවයය. එය අඬහැරයක් පමණක් වන්නේද නැතහොත් සැමදාම සිහින දුටු "පරමාදර්ශී" විප්ලවයේ පූර්ව රබන් පදයද යන්න සිතා ගැනීමට අද්දැකීම් ඇතිවුන්ට අසීරු නැත. තමන් ප්‍රභාකරන්ගේ මිනියට මඩ නහවා අඹුඩයක් ගැහුවා සේ රාජපක්ෂට විරුද්ධව නැගී සිටින ඕනෑම අයෙකුට අඹුඩ ගැසීමට සහ ජම්පර ඇන්දවීමට බලා සිටින, ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයෙත් ඉගැන්වෙන, මානව නිදහසේ "අ" යන්න ගැනවත් ඇති අවබෝධය සිහිනෙන්වත් මතක් නොකරන ගෝඨාබය සහ ඔහුගේ මිලිටරිය දැන් විශ්ව විද්‍යාල භුමිය කරාද මිනී මස් කන දඩයම් බල්ලන් සේ ගමන අරඹා තිබේ. 


වසර හතරකින් පසු ඔවුන් එලියට එන්නේ විශ්ව විද්‍යාලයේ අගු පිලි අතර සිරවුණු කොන්ඩම් වලින් දුටු ලෝකයට හෝ යුටෝපියාවේ සිහින මන්දිරවලට නොවේ. ඔවුන් එලියට එන්නේ එස්. බී., මහින්ද වැනි අය සිටින ලංකාවේ සිංහල බමුණු කුල ගෝත්‍රයේ බලපෑමට ලක් වූ දුෂිත සමාජයකටය. එය දුෂිත නොවේ නම් මහින්ද රාජපක්ෂ මේ රටේ හීනෙකින්වත් ජනාධිපති වන්නේ නැත. සරලව කිවහොත් විශ්ව විද්‍යාලයෙන් එලියට ආ විට ඔබට හමුවන්නේ බොරුව වඩාත් ක්‍රමෝපායිකව හැසිර වීමට හැකි උන්මන්තකයාගේ ජයග්‍රහණය මිස වෙන කිසිවක් නොවේ.

එකට සිටිමින් තම සගයා දේශපාලන ප්‍රමෝදය තකා හෝ වෙනත් පෞද්ගලික වාසියක් සඳහා පවා දුන් පව්කාරයින්ගේ වැසිකිලි කටවල් වලට එබී බලා ඉන් පිටවන ඇමෝනියා වලින් සිහි මුරුජ්ජා වීමට වඩා ප්‍රයෝජනවත් වන්නේ ලංකාවේ සිදුවන ඇත්ත තේරුම් ගැනීමට හැකි සහ ඉන් පාඩමක් ඉගෙන ගෙන අදාල තත්වයට මුහුණ දීමට සිදු වීමය. ඔවුහු අදත් කියන්නේ මෙම දුප්පතුන් දන ගැස්සවීම සිදු කළ යුතුමය; යැයි කියාය. යහපත් කාලගුණයක් පවතින අවස්ථාවකදී අයහපත් කාලගුණික තත්වයට මුහුණදීමට අවස්ථාවද සකසා ගත යුත්තේ යැයි දේශපාලන විද්‍යාවේ ඉගැන්වෙන මුලික සිද්ධාන්ත වල කියැවෙන මුලිකාංගයකි. නමුත් ලංකාවේ සමාජ ක්‍රමය විසින් දායාද කරනු ලැබූ මානසිකත්වයේ ගොදුරු බවට මෙරටේ තරුණ පරම්පරාව පත් වීමේ ඉඩකඩ නිර්මාණය කළා මිස සැබෑ නිදහස වෙනුවෙන් නිර්මාණය වූ සටන් හෝ සටන් ව්‍යාපාර අපට අහිමිය.

ලංකාවේ අද ආණ්ඩුව විසින් පාලනය කරනවා යැයි කියන විශ්විද්‍යාල භුමිය තුළ සිටින සියල්ලෝම අසරණයෝය. වසර හතරකින් පසු ඔවුන් එලියට එන්නේ විශ්ව විද්‍යාලයේ අගු පිලි අතර සිරවුණු කොන්ඩම් වලින් දුටු ලෝකයට හෝ යුටෝපියාවේ සිහින මන්දිරවලට නොවේ. ඔවුන් එලියට එන්නේ එස්. බී., මහින්ද වැනි අය සිටින ලංකාවේ සිංහල බමුණු කුල ගෝත්‍රයේ බලපෑමට ලක් වූ දුෂිත සමාජයකටය. එය දුෂිත නොවේ නම් මහින්ද රාජපක්ෂ මේ රටේ හීනෙකින්වත් ජනාධිපති වන්නේ නැත. සරලව කිවහොත් විශ්ව විද්‍යාලයෙන් එලියට ආ විට ඔබට හමුවන්නේ බොරුව වඩාත් ක්‍රමෝපායිකව හැසිර වීමට හැකි උන්මන්තකයාගේ ජයග්‍රහණය මිස වෙන කිසිවක් නොවේ. එයට මුහුණ දිය හැකි ආකාර දෙකකි; එකක් නම් ඊටත් වඩා බොරු කාරයෙක් වීම හෝ බලය ඇත්තාගේ පිළිකන්නට වී තමාගේ වාරය එනතෙක් බලා ඉන්න ගණිකාවක් මෙන් බලා සිටීමය. බලා සිට තමන්ට වුමනා දේට වඩා ඔහුට ඕන දේ කර ගන්නකම් තමන්ගේ ශරීරය " රාජපක්ෂකරණය " කිරීමය. දෙවැන්න අඩු තරමින් මිනිස් විෂයට ගරුත්වයක් ඇති ප්‍රදේශයකට පලා යෑමය. පළමු තේරීමේ සගයින්ට සිදුවන්නේ තමන්ගේ බුදලයක් ලෙස මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් සූරා කෑ මෙන්ම සුනාමි සහනාධාර වලින් තමන්ගේ මඩිය තරකරගත් සැබෑ වසලයින් ඉදිරියේ; " උඹේ කුලය කුමක්දැයි අසන විට හීන් සීරුවේ උපාධි සහතිකය අදෝ ප්‍රදේශයේ සඟවා ගැනීමටය." මෙය මේවන විට විශ්ව විද්‍යාල භුමියේ ක්‍රියාත්මක වන සිසුන්ගේ අරගලයේ තිර පිටු පස දිවෙන ඇත්ත කතාවයි. සැබවින්ම දැනට සිදු වන නාඩකම අරගලයක් ලෙස තැකිය නොහැක්කේ ඉන් පසු එන සැබෑ අරගලයට ඔවුන් මුහුණ දිය යුත්තේ කල්ලි ගසා ගෙන නොවන හෙයිනි. එනම් තනි තනිවමය. ඔවුන්ගේ කඳුල වෙනුවෙන් සිටින්නේ ඔවුන් වැදූ සහ හැදු දෙමාපියන් පමණි. මේ නිසා මෙම ඇත්ත තේරුම් ගැනීම සහ ඉන් පසු සිදුවන තත්වයට ක්‍රමෝපායික වැඩ පිළිවෙලක් සකස් කිරීම අතිශය වැදගත් වේ. එසේම එය පවතින කෲර මර්ධිත වැඩපිළිවෙලට එක්තරා විකල්පයක්ද වේ. ශිෂ්‍ය දේශපාලනයට අකුල් හෙලීමට හෝ එය නතර කර දැමිය යුතු යැයි මෙම ලියුම් කරු කියන්නෙවත් සිහිනයකින්දුවත් සිතන්නේවත් නැත. මන්ද එය කිසි කලෙක නොසිදුවන හෙයින් සේම ශිෂ්‍ය දේශපාලනය සිදු විය යුතු යැයි අපේක්ෂා කරන හෙයිනි. ශිෂ්‍ය දේශපාලනය යනු උන්මන්තක පාලකයින් වූ පහසුවෙන් හඳුනා ගන්නා පළමු සමාජ තලය වේ.


"අපේ සිසුන්ට අමතක වී ඇත්තේ සරල විද්‍යාවකි. එනම් ජලභීතිකා රෝගය වැළදුණු බල්ලෙකු එක්කෝ මරා දැමිය යුතු බවය නැතහොත් අපට උන් පාලන කළ නොහැකිනම් ඌ මිය ඇදෙන තෙක් අඩු තරමින් තමන් වෙතට ඒමට ඇති මාර්ග අවහිර කිරීම කළ යුතු බවය."
ලංකාවේ මහා මාර්ගයක පැයක් ගමන් කිරීමෙන් මග දෙපස දිස් වෙන දත් විලිස්සාගත් " ජනතාවගේ නායකයින්" යැයි දුප්පතුන්ගේ මුදල් වියදම් කොට දැන්වීම් ගසාගෙන ගසා ගෙන සිටින අයවලුන් දැකීමෙන්ම ශිෂ්‍ය මනස කැරලි ගැසීම ස්වභාවිකය. පිස්සුබල්ලෙක්, තමන්ගේ රෝගය අනෙක් අයටත් වැළඳී ඇතැයි සිතාගෙන අනෙක් අයට වෙදකම් කිරීමට යන්ත දැරීම හා සමාන දෙයක් ලංකාවේ දේශපාලනය තුළ සිදු වේ. මෙරට ගම් දනවු වලින් පැමිණි සිසුන් ශෂ්‍ය අරගල නාමයෙන් තමන්ගේම ආත්මයන් විකුණා තබන්නේ මෙවැනි වටපිටාවක් තුළය. අපේ සිසුන්ට අමතක වී ඇත්තේ සරල විද්‍යාවකි. එනම් ජලභීතිකා රෝගය වැළදුණු බල්ලෙකු එක්කෝ මරා දැමිය යුතු බවය නැතහොත් අපට උන් පාලන කළ නොහැකිනම් ඌ මිය ඇදෙන තෙක් අඩු තරමින් තමන් වෙතට ඒමට ඇති මාර්ග අවහිර කිරීම කළ යුතු බවය. මේ ලෝකයේ පවතින නීරස බව අවබෝධ වූ ඇතැම් පිරිස් වන වදිමින් සතා සිව්පාවා සමඟ ජීවත් වන්නේ මේ නිසාය. මේ සඳහා උදාහරණ සොයා ගැනීම එතරම් අපහසු නැත.

ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල ඇති අවුල දැකීම සඳහා බොහෝ දුර යා යුත්තේ නැත. පසුගිය දශක කිහිපය තුළ කැරලි ගැසීම් නිසා මෙරටට අහිමි වූ ශිෂ්‍ය ජීවිත සංඛ්‍යාව ගැන සිතීම ප්‍රමාණවත් වේ. එය දකුණේ 60,000 කි. එසේම උතුරේ දහස් සංඛ්‍යාවකි. එහි අරමුණු වෙනුවට වෙනස් කළ යුතුම තැන තවත් ශක්තිමත්වීම පමණක් සිදු විය. රාජපක්ෂ, තමන්ගේ ( හෝ අනුන්ගෙන් හොරා කෑ) මුදල් වල රංගනය පෙනවමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් කළේ දශක ගණනාවක් තිස්සේ අරගල යැයි කියා කළ ඔල මොට්ටල ඇන ගැනීම නිසාය. එසේම යන්තමින් නීතයක් ඇති, රටක වසර පහළවක් තිස්සේ යටහත් පත්ව දිවි ගෙවූ ගෝඨාබය වැනි අයවලුන් මෙරට ගමන් කළ යුතු මාර්ගයේ තීරකයින් බවට නිතරගයෙන් පත්වන්නේ සහ ඔහුට මුට්ටිය ඇල්ලීම විමුක්තිය සඳහා වූ එකම විකල්පය බවට පත් වන්නේ කාලයක් තිස්සේ තිබු අවුලේ ප්‍රතිපල ලෙසය. මේවා ඛේදවාචක මිස වෙන කිසිවක් නොවේ. මෙය මර්ධනය සඳහා වූ හැඩගැසීම් වල මුලික අඩි තාලමයි. මේ වන විට ආණ්ඩුවේ කටයුතු වලින් පෙනී යන්නේ රටක මිලිටරිය ශක්තිමත් කිරීමෙන් සියල්ල කළ හැකි යැයි ඔවුන් සිහින දකිමින් සිටින ආකාරයයි. මේ තුළ සිදුවන මානසික ආතතිය. පුද්ගල නිදහසට සිදුවන අනවරත බාධාව ගැන මෙකි ආණ්ඩුකරණයේ අය වලුන්ට කිසිම වගක් නැත.



"  අවසථා දෙකකදී දකුණේ විප්ලවයක සිහින දැක ජීවිතයෙන් ඇන ගත් දස දහස් ගණන් පිරිස ගැන අපි දන්නෙමු. නමුත් අපි අපි ගැනම ලජ්ජා විය යුතු කරණයක් තිබේ. මෙතරම් ශිෂ්‍ය ව්‍යාපාර තිබෙන රටේ ශිෂ්‍ය අරගල වලදී මියගිය දහස් ගණන් සිසුන් වෙනුවෙන් මෙකි නායකයින් අඩු තරමින් එක ඉස්මාරකයක් හෝ ඉදි කොට තිබේද? එසේ නොමැතිව විශ්ව විද්‍යාලයට පිවිසෙන නවකයින් එක එකාගේ දේශපාලන ලණු කෑම නැවත්වීමට සිදු වූ ඉතිහාසය පහසුවෙන් පරිශීලනය කළ හැකි මට්ටමින් කොතැනක හෝ ලේඛන ගත කොට තිබේද?"
ශිෂ්‍ය ව්‍යාපාරයන් සමබන්ධයෙන්ද එය ඉතා පැහැදිලිය. එක අවාසනාවන්ත දෙයක් නම් කෙතරම් ආචාර උපාධි ලැබුණත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට හැකි මනසිකත්වක් ඇති අයෙක් රටේ බලය හසුරුවන සුක්කානම අවට නොසිටිමය. අනෙක ආණ්ඩුව කරමින් සිටින්නේ ජවිපෙ සිසුන්ගේ නිදහස මර්ධනය කරනවා යැයි කියන ගමන් අධ්‍යාපනයේ ඉතුරු ටිකේ අයිතිය තම තමාගේ පවුල් අතර බෙදා ගැනීමට සැලසුම් සකස් කිරීමය. එය කළ හැක්කේ පවතින තත්වය වෙනත් දිශානතියක් වෙත තල්ලු කිරීමෙන්ය. රාජපක්ෂ පාවිච්චි කරන එකම ක්‍රමෝපාය වන පවතින සමාජ සාකච්චාව වෙනත් අවදානයකට යොමු කොට, තමන්ට හැකි උපරිමයෙන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමය. බෙදා ගැනීම පුරුද්දක් ලෙස ප්‍රගුණ කොට නැති හෙතම තුළ ඇත්තේ බදා ගැනීම සහ ඉහගෙන කෑම මිස වෙනත් ශීලාචාර හැසිරීමක් නොවේ. මෙවැනි තතවයකට නතු වූ රටක උසස් අධ්‍යාපනය හදාරන සිසුන් කටයුතු කළ යුත්තේ ඉතා ප්‍රවේශම් සහගත ආකාරයෙනි. මන්ද මිනිස් ජීවිත නොවටින තැනක මුදල සහ අවිය පුජ්‍යතවයට පත් වූ විට අපි සියල්ලම විෂයන් බවට පත්වීම අනිවාර්ය වන හෙයිනි. අන්තරේ නියෝජනය කරන ජෙප්පන් හෝ වෙන මොන මල දානයක් නියෝජනය කරණ කණයන් හෝ මේ කිසිවකට නොගොස් කෑල්ල සමඟ කරක් ගසන අලයන් සිහි තබා ගත යුත්තේ එයයි.

අවසථා දෙකකදී දකුණේ විප්ලවයක සිහින දැක ජීවිතයෙන් ඇන ගත් දස දහස් ගණන් පිරිස ගැන අපි දන්නෙමු. නමුත් අපි අපි ගැනම ලජ්ජා විය යුතු කරණයක් තිබේ. මෙතරම් ශිෂ්‍ය ව්‍යාපාර තිබෙන රටේ ශිෂ්‍ය අරගල වලදී මියගිය දහස් ගණන් සිසුන් වෙනුවෙන් මෙකි නායකයින් අඩු තරමින් එක ඉස්මාරකයක් හෝ ඉදි කොට තිබේද? එසේ නොමැතිව විශ්ව විද්‍යාලයට පිවිසෙන නවකයින් එක එකාගේ දේශපාලන ලණු කෑම නැවත්වීමට සිදු වූ ඉතිහාසය පහසුවෙන් පරිශීලනය කළ හැකි මට්ටමින් කොතැනක හෝ ලේඛන ගත කොට තිබේද? අපි යලි යලිත් රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ අපට අපේ ඉතිහාසය අමතක වී ඇති හෙයිනි. ශිෂ්‍ය ව්‍යාපාර දුර්වල වීම සහ ඊට බලපෑම් කිරීමට ඇති අයිතිය ඇහිරීමට හේතුව මෙයයි. 


කාම්බෝජයේ එස් 21 වධකාගාරයේ සිදු වූ දෑ දකින ඕනෑම අයෙක් එවැන්නක් යලි නොවීමට වග බලා ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවිකය. නමුත් මෙරට සිදු වන්නේ කළ හැකි දුෂ්ට වැඩ සියල්ල කොට සාක්ෂි මකා දැමීමට යැයි කියමින් සියල්ල විනාශ කිරීමයි. අප ඉතිහාසයෙන් ඉගෙන ගත්ත පාඩම එනම් තමන්ගේම සහෝදර සිසුන් ටයර් මත පිළිස්සෙන දුර්ගන්ධයේ මතක සදාකාලික මතකයන් ලෙස තබා ගත හැකිනම් මෙරට ශිෂ්‍ය දේශපාලනය වඩාත් ප්‍රබුද්ධ වනු ඇත.
කාම්බෝජය, වියට්නාමය, ජපානය වැනි රටවල් සේම මනුෂ්‍යත්වය අතින් අන්ත පිරිහි ගිය රටවල් මුහුණ දුන් ඛේදවාචක තවමත් සංරක්ෂිතව පවත්වා ගන්නේ මේ නිසාය. කාම්බෝජයේ එස් 21 වධකාගාරයේ සිදු වූ දෑ දකින ඕනෑම අයෙක් එවැන්නක් යලි නොවීමට වග බලා ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවිකය. නමුත් මෙරට සිදු වන්නේ කළ හැකි දුෂ්ට වැඩ සියල්ල කොට සාක්ෂි මකා දැමීමට යැයි කියමින් සියල්ල විනාශ කිරීමයි. අප ඉතිහාසයෙන් ඉගෙන ගත්ත පාඩම එනම් තමන්ගේම සහෝදර සිසුන් ටයර් මත පිළිස්සෙන දුර්ගන්ධයේ මතක සදාකාලික මතකයන් ලෙස තබා ගත හැකිනම් මෙරට ශිෂ්‍ය දේශපාලනය වඩාත් ප්‍රබුද්ධ වනු ඇත. සිහි තබා ගත යුත්තේ දකුණු කොරියාවේ මිලිටරි ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වූ මැයි 18 ව්‍යාපාරයේදී ශිෂ්‍ය නායකයින් දිවි පිදු ආකාරය එරට වැසියන් තවමත් සමරන ආකාරයයි. අපටද එවැනිම ඉතිහාසයක් තිබේ. පමණ ඉක්මවා අපේ සහෝදරයින් ලංකාවේ මිලිටරි ආණ්ඩු විසින් දන් ගෙට දක්කා ගෙන ගොස් ඇත. ඔවුන් විලාප හඬ දෙමින් කෑ ගැසුවේ අපට වුන දේ අපෙන් පස්සේ එන වුන්ට ආදර්ශයක් වේවා කියමින් සහ සටනේ අඩුපාඩු දැනගෙන අරගලය ගෙන යාවි සිතාය. නමුත් ඉතිහාසය මකා දමා ඇත. මිනි මරුවන් සහ මිනී මැරීමට උලපන්දම් දුන් උන් සාන්තු වරුන් සේ යලිත් කරලියට පැමිණ ඇත්තේ ඒ ඉතිහාසයම යලිත් මර්ධනයේ කෙවිට ලෙස උරඟා බැලීමටය. මෙය ජෙප්පකු වීම නිසා ඇති වෙන ප්‍රශ්නයක් නොවේ. මෙය මෙරට පාලකයින් යැයි සිටින හොර තක්කඩි උන්මන්තකයින් කරනදේ තේරුම් ගැනීමට යන්තමින් හෝ මොළය පැදීම නිසා මුහුණ දීමට සිදුවන ඛේදවාචකයයි. ඇත්ත සහ බොරුව අතර තම තුළම සිදුවන ප්‍රතික්‍රියාවේ උත්තේජනයකි. පිටත බොරුව කෙරෙහි ඇතිවන පිළිකුලෙහි ප්‍රකාශනයයි.

කාලය එළඹ තිබෙන්නේ නව කියවීම් තුළින් රටේ ගැටලු තේරුම් ගැනීමට යන්ත දැරීමය. ඇමෙරිකානු සුදු ජාතිකයින්ගේ වහල් වෙළදාමට විරුද්ධව සටන් කළ වහලෙකු වූ ෆෙඩ්රික් ඩග්ලස් ප්‍රකාශ කළා සේ මේ සියලු ගැටලු තුළ ඇති එකම විසඳුම ක්‍රමවත් අධ්‍යාපනය මිස වෙන කිසිවක් නොවේ. එසේම රටේ අඩු අදායම් ලාබි අසරණයින්, සිංහල අන්තවාදී බමුණන්ගේ රූකඩ/වහලුන් බවට පත්වීමට ඉඩ නොදීමේ මහා වගකීමද විශ්ව විද්‍යාල සිසුවා සතු ප්‍රධාන පෙලේ අභියෝගයකි. ඔබ වෙනුවෙන් දස දහස් ගණන් අතීතයේදී මරා දමා ඇත. එසේ මරා දැමූ ඔබේ සැබෑ වීරයින් ඉතිහාසයේ සැබෑ කතු වරුන් වෙති. ඔවුන් කළ දේ යළි නොකිරීම වැදගත් වන්නේ එය අසාර්ථක බව ඔවුහු විසින්ම ඔවුන්ගේ ලේ වලින් පෙන්වා දී ඇති බැවිනි. එසේනම් වැදගත් වන්නේ පැවති මෙහෙයුමේ ඇති අවුල විසඳා හෙම්බත් නොවී ගමන යෑමය. එය අඩු තරමින් ඔබට නොව ඔබ වෙනුවෙන් ටයරක් තුළට රිංගුවා ගිනිතබා විනාශ කළ ඔබේ බුද්ධිය නමැති " නිදහස" වෙනුවෙන් කරන අතිශය වැදගත් සහ අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සියලු කටයුතු සනහා ඇත්තේ උපරිමය සිව් වසරකි එසේම ඉන් පසු එන සගයින්ටද හුරු කළ යුත්තේ එකී ප්‍රබුද්ධ වැඩි පිළිවෙල සඳහා වූ අත් වැට මිස ඛේදජනක විහිලු නොවේ. බල්ලන් මිනිසුන් සපා කෑම සමනය දෙයකි, නමුත් මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප්‍රවුර්තියකි.


Tell a Friend