කවුද හෙණහුරා: දිනමිණ කතුවැකියට පසු වදනක්!

අද දිනමිණ පුවත් පතේ කතු වැකිය කතා කරන විෂය ගැන අමුතුවෙන් පැහිදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැත. කතව ඇත්තය. නමුත් රෙද්ද උස්සගෙන වගක් නැතුව ජවිපෙට බැණ වැදීමෙන් පෙනෙන්නේ තමන්ගේ කුණු ගඳ ගහන හෙළුව බව ඉඳ හිට හෝ කොටුවේ ප්‍රෙස් ක්ලබ් එකට රිංගන අදාල කතුවරයා නොදන්නා පාටය. කෙසේ වෙතත් අදාල කතු වැකියට ලිවීමට බැරි දේ නමුත් ලිව්වොත් ඊට පහුවද ගෙදර යන්න වෙන කතාවක්ද තිබේ. එනම් අදාල කතුවරයා විලි ලැජ්ජාවක් නැතුව කැලණිය සරසවිය අසල පැවැත් වූ උද්ගෝෂණය ගැන මහත් උජාරුවෙන් කතා කරන හෙතම, ඊට පැය කිහිපයකට පෙර මර්වින් සිල්වා නමැති සත්වයා නිතිය අතට ගෙන කළ දඟලන දැගලිල්ල ගැන වචනයකිඳු කතා නොකරයි. අදාල සිල්වා පැවැත් වූ උද්ගෝෂණය තමන්ගේ සංවිධානයක් බවත් මීළඟ වතාවේදී හෙතමම එහි යන බවද ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. ජවිපෙට රෙද්ද උස්සගෙන බේබද්දෙකු සේ කෑ ගසන මෙකි කතුවරයාට මන්ගේ රෙද්ද ඇතුලේ ඉන්න සර්පයා නොපෙනීම කදිම විහිළුවකි.

චන්ඩින් මෙන් උදුල් අත්අඩංගුවට ගත් පොලිස් තෙමේ කැලණිය සිසුන්ට පහදුන් මැරයින් ගැන වලිගය අදෝ මුඛයේ සඟවා ගත් කුෂ්ට දැමු බැල්ලියන් සේ හැසිරෙන්නේ මන්ද? ඔබට එය පෙනෙන්නේද ගරු කතු තුමා? ඔබ වැනි මෙරට දේශපාලුවන්ගේ අසුචි ගිලදමන තවත් බොහෝ අය සිටිති. ඔවුන් ව්නාශ කරන්නේ රටේ සිදුවන ඇත්ත සහ ළමුන්ගේ අනාගතයයි, නිදහස් අධ්‍යාපනයට ඇති අවකාශයයි. ළමුන් දේශපාලනය කිරීම යනු ඔවුන්ගේ මානසික අතතියේ ප්‍රකාශනයක් මිස කිසිවෙකු අභිමුකයේ රැවටීමක් නොවන බව තේරුම් ගැනීමට ඔබට සැබෑ වුවමනාවක් තිබේනම් ඔහුගේ වත්මන් බොරු රඟ පෑම නොව ඇත්ත කතා කරන විටදී උසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායකගේ සිසු ජීවිතය ගැන ඔහුගෙන්ම අසන මෙන් අපි ඉල්ලමු. තවද කොතලාවල විද්‍යා පිඨයේ උපාධි ප්‍රධානෝත්සවයේ ජනාධිපති කියූ පරිදි නිතිය හැමටම එකයි යන්න, ඇත්තේ කොහේදැයි ඔහුගේම අසන්නේ නම් මැනවි. අද ඇත්තේ එහෙයි රාජපක්ෂ නීතයක් මිස වෙන සර්ව සාධාරණ විනිශ්චයක් ලබා දෙන එකක් නොවේ. සර්ව සාධාරණ නීතියක් තිබේනම් තමන්ගේම ස්ව කැමැත්තෙන් ( නිතිය ක්‍රියාත්මක කිරීමට පෙර ) ජම්පරය ඇඳ ගත යුත්තේ ජනාධිපති රාජපක්ෂය.

දිනමිණ කතුවරයා ලියු කතුවැකිය අපි මෙසේ පල කිරීමට කැමැත්තෙමු;

ශිෂ්‍ය ව්‍යාපාරය කියූ සැණෙන් අපගේ සිහියට නැඟෙනුයේ කොමියුනිස්ට්වාදය, පන්ති සටන, විප්ලවය වැනි බරපතළ මාතෘකා ය. ඒ හැරෙන්නට චේ ගොවෙරා, පිදෙල් කැස්ත්‍රෝ වැනි මානව හිතවාදීන් ය. මැක්සිම් ගෝර්කි, නිකොලායි ගොගොල් වැනි ප්‍රබන්ධ කථා රචකයන් ය. චාර්ල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන් ය. එහෙත් දැන් සියල්ල වෙනස් වී තිබේ. ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් බුද්ධිමය සංවාදයට එකඟ නැත. කාල් මාක්ස්, එංගල්ස්, ට්‍රොස්කි සරසවියෙන් බැහැර ගොස් ය. ඒ වෙනුවට පොලු, මුගුරු, ගඩොළු භාග අමෝරාගත් පිරිසක් පොලිසියට හා පාලකයනට පහරදීමට බලා සිටිති.

වනාතේ, සුදුවැල්ලේ, මෝදර ආදී ප්‍රදේශවල මුඩුක්කු සමාජයෙන් බිහි වූ පාතාල කල්ලිවලට හා මැරයනට සමාන වූ පිරිසක විසින් උසස් අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යනු ලැබේ. ඊට පිටුපසින් සිට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් ප්‍රචණ්ඩත්වය කරා මෙහෙයැ වනු ලැබේ. අධ්‍යාපනය අතින් අනාථ වී දැනුම අතින් නන්නත්තාර වී සිටින මේ සුළු පිරිස මුළු විශ්වවිද්‍යාල පද්ධතිය ම ගඳ ගස්සවමින් සිටිති. ඔව්හු ගුරුවරුන්ගේ හිසට පොලු පහර දෙති. විශ්වවිද්‍යාල දේපොළ බිමට සමතලා කරති. විභාග පැවැත්වීමට ඉඩ නො දෙති. යහපත් කල් ක්‍රියා සහිත සිසුනට පහර දෙති. මේ විනාශය නවත්වන තුරු විශ්වවිද්‍යාල පද්ධතිය යාවත්කාලීන කළ නො හැකි ය.

ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන අධිකාරියට යටත් වූ ශිෂ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා කිසිදු යහපතක් ඉටු කැර නැත. 1971 දී උගත් වැඩදායක තරුණ ශිෂ්‍ය ක්‍රියාධරයන් එක්දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුණ විසින් බිල්ලට දෙන ලදී. නැවත 1988 – 1991 කාලයේ තවත් එබඳු ම වටිනා තරුණ ජීවිත දහස් ගණනක් බිල්ලට දෙන ලදී. එදා වළ පල්ලට ගොස් පස් යට සැඟවූණේ මේ රටේ සාරය යි. ජනතා විමුක්ති පෙරමුණ තව ම ඉහත කී භයානක ක්‍රීඩාවේ නිරත ව සිටී. ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනුයේ විශ්වවිද්‍යාල පද්ධතිය අක්‍රීය කොට උසස් අධ්‍යාපනය අහෝසි කිරීම සඳහා ය.

ප්‍රංශයේ, රුසියාවේ, චීනයේ, දකුණු කොරියාවේ ශිෂ්‍ය ව්‍යාපාර පාලකයන් හා ගැටුණු අන්දම ඉතිහාසයේ සටහන් වී ඇත. ඒ සටන්වලට පදනමක් තිබිණි. ඉලක්කයක් තිබිණි. ජනතාවගෙන් එම සටන්වලට සහයෝගයක් ද ලැබිණි. ශ්‍රී ලංකාවේ අද සිදුවන ශිෂ්‍ය සටන්වලට ජනතා සහයෝගයක් නැත. ජනතාව ශිෂ්‍ය සටන්වලට එරෙහි ව පාරට බැස උද්ඝෝෂණය කරති. මාතර එබඳු උද්ඝෝෂණයක් පැවැත්විණි. කැලණියේ ද (දළුගම) එබඳු උද්ඝෝෂණයක් පැවැත්විණි. ශිෂ්‍ය සටනකට එරෙහි ව වැඩිහිටියන් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය විය යුතු ය. මාපියන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් අනුමත නො කිරීම තුළ පවතින්නේ බලවත් උභතෝකෝටිකයෙකි.

නවක වදය නම්; අමානුෂික ක්‍රියාවලිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතු යැයි නීතියක් පවතී. එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනතකට අනුව නීති පොතට එක්ව තිබේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණෙහි සගයන් විසින් නවක වදය පවත්වාගෙන යනු ලැබේ. එහි යටි අරුත වනුයේ තමනට හීලෑ කරගත හැකි නවක සිසු පිරිසක ඇති කර ගැනීම ය. සමහර නවක ශිෂ්‍යයෝ නවක වදය නිසා ම උසස් අධ්‍යාපනය අත්හරිති. තවත් සමහරු අත පය කඩා ගනිති. තවත් අය මානසික රෝගීහු බවට පත් වෙති. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහි ව ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ පාරට බසිති. මෙහි තේරුම කුමක් ද ?

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ විසිවන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි. බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. ආරාධිත දේශනය පැවැත් වූ එතුමා වත්මන් සිසු පරපුරට වැදගත් වන අදහස් රැසක් ප්‍රකාශ කළේ ය. පළමුවැන්න රටේ නීතිය සම්බන්ධයෙනි. දෙවැන්න උගත් පරපුරේ විනය හා ශික්ෂණය සම්බන්ධයෙනි. තෙවැන්න සාමය හා සංවර්ධනය සම්බන්ධයෙනි. එම අදහස් මේ රටේ සෑම පුරවැසියකු ම දැනගත යුතු වැදගත් කරුණු ලෙස සැලකිය හැකි ය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හෝ ආරක්ෂක නිලධාරීනට හෝ නීතියට පිටුපා කටයුතු කළ නො හැකි ය. රටේ පොදු නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වේ. ආරක්ෂක හමුදාවන් සඳහා යුද අධිකරණයක් ක්‍රියාත්මක වුව රටේ පොදු නීතියට සියලු දෙනා ම යටත් වේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද එම නීතියට අනුව කටයුතු කිරීමට බැඳී සිටී. වරදක් කළොත් ඊට නීතිප්‍රකාර දඬුවම් විඳීමට සිදු වේ. උද්ඝෝෂණවලින්, පෙළපාළිවලින් හෝ පහරදීමෙන් හෝ නීතිය වෙනස් කළ නො හැකි ය. සරසවි සිසුන් ගණනාවක් මේ වන විට ද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සියලු දෙනා ම සැකකරුවෝ වෙති. සැකකරුවන් නිදහස් කිරීමට නම්; තමන් වරදක් නො කළ බව සනාථ කළ යුතු ය. අත් අඩංගුවට ගත් සියලු දෙනාට අදාළ සාක්ෂ්‍ය ඉදිරිපත් ව තිබේ.

1980 ගණන්වල දී ධවල පත්‍රිකාවට එරෙහි ව විශාල ශිෂ්‍ය උද්ඝෝෂණයක් පැවැත්විණි. එය සංවිධානය කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යි. ‘ගෝල් ෆේස්’ පිට්ටනියේ දී විරෝධතාව පැවැත්විණි. කැලණි සරසවියේ එවකට පළමු වසර ශිෂ්‍යාවකගේ පාදයක් අශ්වයකුගේ පහරකින් කැඩී ගියේ ය. එම ශිෂ්‍යාව ගැන බලන්නට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැමිණියේ නැත. සමාජවාදී ශිෂ්‍ය සංගමය පැමිණියේ ද නැත. අවසානයේ ශිෂ්‍යාවගේ ජීවිතය රැකුණේ තවත් ශිෂ්‍යාවන් කිහිප දෙනකු නිසා ය. විශ්වවිද්‍යාල මණ්ඩප කිහිපයක ස්වාධීන මත දැරූ ශිෂ්‍ය ක්‍රියාධරයන් කිහිප දෙනකු අමානුෂික ලෙස මරා දැමිණි. ඒ පිටුපස සිටියේ කුමන ශිෂ්‍ය සංවිධානය දැ’යි රහසක් ඉතිරි වී නැත.

ශිෂ්‍ය ව්‍යාපාරය ඔස්සේ ආණ්ඩුවට බලවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නට පුළුවන. එහෙත් පවතින යථාර්ථයන්ට අනුව එය කිසි දිනෙක කළ නො හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ දැන් සිදු කරනුයේ ශිෂ්‍යයන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් ඔවුන්ගේ අනාගතය උදුරා ගැනීමෙකි !
Tell a Friend