කතුවැකිය : යාපන පුස්තකාලයට කළ හදිය හෙළා දකිමු.

හර්ෂි සි. පෙරේරා විසිනි

යාපනය පුස්තකාලය නැරඹීමට අවසරදීම තාවකාලිකව අද (30) සිට අත්හිටුවා තිබේ. විශේෂයෙන් මෙවැනි තීරණයක් ගෙන තිඛෙන්නේ පුස්තකාලය නැරඹීමට ගිය දකුණේ සිංහල පිරිසක් පුස්තකාලයට බලහත් කාරයෙන් කඩා වැදී එහි පොත් රාක්ක පෙරලා පොත් වීසිකර, කළ කලබැගෑනියෙන් පසුවය.

මේවා වා විලිලැජ් ජා නැති වැඩය. කවිරුකළත් පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. සංවර්ධන සභා ජන්දයේදි යාපනය පුස්ථකාලයට ගිනි තැබිමෙන්ද ඉතිහාසයේ අපි නැවත හරිගැස්සිය නොහැකි වරදක් කළෙමු. මෙිවා ජාති වාදයේ ගිනිදැල් නැවත ඉස්මතු කිරිමට මෙන්ම තවත් ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරිමට අවශ්‍යය පසුබිම නිර්මාණය කරයි. නැවත වරක් ජතිවාදි ගිනැදැල් ඇතිවිම එක් ප්‍රභාකරන් කෙනෙකු නොව ප්‍රභාකරන්ලා දහදෙනෙකු බිහිවිමේ අනතුරකට හේතුවනු ඇත.

යාපන පුස්තකාලය දෙමළ ජනතාවට සිය හදවත බදුය. මේ අවස්ථාවේ හිටපු කොමියුනිස්ටි පක්ෂ නායකයකු වු පිටර් කෙනමන් මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ඥතින් ඔහු පරිහරණය කළ පුස්තකාලයේ පොත් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කළ අකාරයද සිහිපත් වේ. අපිට මෙවැනි ආදර්ශමත් ක්‍රියා වැඩි වැඩියෙන් අවශ්‍යයව ඇත. එය බිදුනු සමගිය නැවත ගොඩ නැගිමෙහිලා දැඩිව අවශ්‍යය වේ.

යුද්ධය අවසන්ය. නමුත් දෙමළ ජතින්ගේ ප්‍රශ්න සියල්ල විසදි නැත. මෙවැනි දකුණේ ඇතැමි ජනයාගේ කඩාකප්පල්කාරි ක්‍රියාවන් විශේෂයෙන් දෙමළ ජනතාවගේ සුවනොවු තුවාල නැවත නැවතත් පැරිමක් වේ. මෙය යාපන විශ්වවිද්‍යාලයිය සිසුන් තූළ වෛරයක් අති නොකළානමි පමණක් අප පුදුම විය යුතුය.

යාපනය පුස්තකාලය රටේ උරුමයකි. බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතිමය රටක් වු ශ්‍රි ලංකාවෙි යාපනය පුස්තකාලය වුකලි එක් ජනවර්ගයක ඉතිහාසය මෙන්ම සමස්ත රටේම මහාහැගි උරුමයකි’. Tell a Friend