සල්ලි හොයන ඒවා අපි ළඟ තිබියයුතුයි - ජනපතිගෙන් එළඹෙන කැබිනට් සංශෝධනය ගැන ඉඟියක්

චීනය සංචාරය සඳහා පිටත්ව යෑමට පෙර ජනාධිපති රාජපක්ෂ එලෙබෙන නොවැම්බර් මාසයේදී නියමිත කැබිනට් සංශෝධනය ගැන ආර්ථික සංවර්ධන ඇමති මෙන්ම ඔහුගේ සහෝදර තෙමේ වන බැසිල් රාජපක්ෂ සමඟ සාකච්චා කොට ඇති බව දැන ගන්නට තිබේ. එහිදී එස්. බි. දිසානායක, මෛත්‍රිපාල සිරිසේන, ජි. එල්. පිරිස් සහ අගමැති දී. මූ. ජයරත්න යන අය දරණ ඇමති දූර වල කිසිඳු වෙනසක් ඇති නොකිරීමට තීරණය කොට ඇති අතර විදේශ ගනුදෙනු සහ ලාබ උපයන අමාත්‍යංශ සියල්ලම තමන් යටතේ හෝ බැසිල් රාජපක්ෂ යටතට පත් විය යුතු බව අවධාරණය කොට තිබේ. එසේම විදේශ අමාත්‍යාංශය සතු බලතල අඩු කිරීමට තීරණය කොට ඇත. Tell a Friend