The Most/Recent Articles

Showing posts with label worldview. Show all posts
Showing posts with label worldview. Show all posts

COVID-19 සම්භවය පිළිබඳ එක්සත් ජනපද බුද්ධි වාර්තාව: දිරාගිය ආවරණයක් ඇති කැත න්‍යාය පත්‍රය

ඇෆ්ගනිස්ථානයේදී ලැබූ විශාල පරාජයේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් බයිඩෙන් පරිපාලනය චීනයට  චෝදනා කරයි. ධවල මන්දිරය සහ එහි බුද්ධි අංශ යළි යළිත් වැරදි තක්සේරු මත වැරදි තීරණ ගනිමින් සිටින අතර ඇෆ්ගනිස්ථානය කඩිමුඩියේ අතහැර දමා එහි සියලු සගයන් පාවා දීමෙන් මුළු ලෝකයම කම්පනයට පත් කරනු ලැබීය.


තානාපති චි චෙන්හොන්ග් ( Ambassador Qi Zhenhong )

 

ජනාධිපතිවරයාගේ විධායක නියෝගයෙන් පසු දින 90 ක් ගත වීමෙන් පසු එනම් අගෝස්තු 27 දා, කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් කඩිමුඩියේ නිකුත් කළේය. සිතූ පරිදිම, මෙම වාර්තාවට කිසිඳු නිගමනයකට එළඹීමට නොහැකි වූ අතර චීනය වරදකරු කිරීමේ ධවල මන්දිරයේ නොපසුබට උත්සාහය තෘප්තිමත් කිරීමටද නොහැකි විය. මෙම ඊනියා "විද්‍යාත්මක" වාර්තාවේ එකම ප්‍රතිඵලය වූයේ වොෂිංටනයේ දේශපාලන සර්කස් සංදර්ශනය සහ එහි කැත සැඟවුනු න්‍යාය පත්‍රය සැමට හෙළිදරව් වීමය. 



එක්සත් ජනපදය, චීනයට දොස් පැවරීම සඳහා වන ඔවුන්ගේ දේශීය න්‍යාය පත්‍රය නම් COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී පෙන්නු  විශාල අසාර්ථකත්වය සහ අවුල් ජාලාව වසා දැමීමයි. ලෝක ජනගහනයෙන් 4.3% ටත් වඩා අඩුවෙන් වෙසෙන හා බලවත්ම වෛද්‍ය සම්පත් ඇති එකම සුපිරි බලවතා වශයෙන් එක්සත් ජනපදය අපව පුදුමයට පත් කළේ  මිලියන 39.2 කට අධික COVID-19 රෝගීන් ගෝලීය එකතුවෙන් 18% ක් ද මරණ 639,000 කට වැඩි සංඛ්‍යාවක් එනම් ලොව සමස්ත මරණ වලින් 14.2%  ද වාර්තා කිරීමෙනි . වසංගතය පාලනය කිරීමට අපොහොසත් වුවද, එක්සත් ජනපද දේශපාලනඥයින් තම අසාර්ථකභාවය වසා ගැනීමට සහ වගකීම පැහැර හැරීමට බොරු කියමින්, ජනතාවාදය හා වාර්ගික වෛරය අවුස්සමින් චීනය දෙසට ඇඟිල්ල දිගු කිරීමට පෙළඹී සිටිති. අපි එක්සත් ජනපදයට දැඩි ලෙස අවවාද කරන්නේ අන් අයට දොස් පැවරීමෙන් ඇමරිකානු ජනතාවගේ ජීවිත බේරා ගත නොහැකි බව සහ එමඟින් තමන්ගේ නොහැකියාව තව තවත් වැඩි වන බවයි. ඔවුන්ගේ දුර්වල පාලනය තමන්ගේම ජනතාවගේ සහ මුළු ලෝකයේම බරපතල සැකයට තුඩු දී ඇත.  එක්සත් ජනපද පරිපාලනයට ඇති එකම විසඳුම නම් වසංගතයට එරෙහිව සටන් කරන විද්‍යාවට සහ සහයෝගීතාවට සහය දැක්වීමයි. 

චීනයට දොස් පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මක එක්සත් ජනපදයේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ අරමුණ නම් COVID-19 දේශපාලනීකරණය කිරීමෙන් චීනය අපකීර්තියට පත් කිරීම සහ මර්දනය කිරීමයි. චීනයේ ශීඝ්‍ර සාමකාමී සංවර්ධනය දකින විට විශේෂයෙන් ම චීනය වසංගතය සාර්ථකව පාලනය කර ගැනීම සහ සියළුම වැඩ කටයුතු හා නිෂ්පාදන වේගවත් ලෙස ආරම්භ කිරීම දකින විට සීතල යුද්ධ මානසිකත්වයෙන් වෙසෙන සමහර එක්සත් ජනපද දේශපාලනඥයින්  මහත් කලබලයට පත් වූහ. එම නිසා, ඔවුහුගේ මෙම ස්වනිර්මාණ සැකය විසින් චීනය උපායමාර්ගික තරගකරුවාසහ එක්සත් ජනපදයට ඇති ලොකුම තර්ජනයලෙස ලේබල් කිරීමට  යොදා ගනිමින් වසංගතය උමතු ලෙස දේශපාලනීකරණය කර චීනය ප්‍රකෝප කිරීමට උත්සහ කරති. ඔවුන් "වගවීම", "වන්දි ගෙවීම", "බීජිං 2022 ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම" වැනි දේ කියමින් චීනයට එරෙහිව සැඟවුන දේශපාලන මෙවලමකට අවශ්‍යය මූලයන් ලුහුබැඳ යති. කෙසේ වෙතත්, ඇමරිකාව සිය බොරුව දහස් වාරයක් පුන පුනා කීවද එය කිසි විටෙකත් සත්‍යයක් නොවනු ඇත. වෛරසයේ  සම්භවය සොයා ගැනීම දේශපාලනීකරණය කිරීමට එරෙහිව තම විරෝධය විවෘතව දක්වමින් ලංකාව ඇතුළු රටවල් 80 කට වැඩි සංඛ්‍යාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. 

තවද, ඇෆ්ගනිස්ථානයේදී ලැබූ විශාල පරාජයේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් බයිඩෙන් පරිපාලනය චීනයට  චෝදනා කරයි. ධවල මන්දිරය සහ එහි බුද්ධි අංශ යළි යළිත් වැරදි තක්සේරු මත වැරදි තීරණ ගනිමින් සිටින අතර ඇෆ්ගනිස්ථානය කඩිමුඩියේ අතහැර දමා එහි සියලු සගයන් පාවා දීමෙන් මුළු ලෝකයම කම්පනයට පත් කරනු ලැබීය. ජනාධිපති බයිඩෙන් සහ ඔහුගේ ප්‍රධාන සහායකයින්ට ඉල්ලා අස්වන ලෙස බලකෙරන තියුණු විවේචන හමුවේ ධවල මන්දිරය සහ එහි බුද්ධි අංශ වත්මන්  මුහුණුවර වෙනස්කොට අනාගතය රැක ගැනීම සඳහා මහජන අවධානය වෙනතකට යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයකට මුහුණ පා සිටිති. වෛරසයේ සම්බවය ගැන සාමාන්‍ය බුද්ධියට එරෙහිව මෙවැනි නිෂ්ඵල වාර්තාවක් හදිසියේ ප්‍රසිද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් එක්සත් ජනපද බුද්ධි අංශවලට නොතිබීමට හේතුව ඉන් කදිමට පැහැදිලි කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය කළ ඒකාබද්ධ අධ්‍යයනය එක්සත් ජනපදය විසින් නොසලකා හැරීම සහ කොරෝනා වෛරසයේ සම්බවය සොයා ගැනීමේදී චීනය විනිවිදභාවයකින් හෝ සහයෝගයෙන් කටයුතු නොකරන බවට චෝදනා කිරීම අමූලික විකාරයක් බව පෙන්වා දීමට මම කැමැත්තෙමි. ඇත්ත වශයෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් විනිවිදභාවයෙන්, වගකීමෙන් සහ සහයෝගයෙන් කටයුතු නොකරන්නේ එක්සත් ජනපදයයි. සත්‍යය වසන් කිරීමට සහ වගවීම වළක්වා ගැනීමට උත්සාහ කරන ජෛව විද්‍යාත්මක අත්හදා බැලීම් සිදු කළේ යැයි කියන ෆෝට් ඩෙට්‍රික් ජෛව විද්‍යාගාරය සහ එක්සත් ජනපදය නඩත්තු කළ විදේශීය කඳවුරු 200 කට අධික සංඛ්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව මතුකරන සාධාරණ සැකයට ප්‍රතිචාර දැක්වීම එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරමින් සිටී. ලෝකයට පිළිතුරක් ලබා දීමේ වගකීම එක්සත් ජනපදය සතු ය. 

ගෝලීය සහයෝගීතාවයට බාධා කරමින් ජාත්‍යන්තර සහයෝගීතාව කඩාකප්පල් කිරීමට ඕනෑම දෙයක් කරමින් වසංගතයේ මූලාරම්භය සෙවීම වහාම නවත්වන ලෙසත්විද්‍යාව පදනම් කරගත් ක්‍රමවේදයක් ඔස්සේ  වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ සහ සහයෝගීතාවයේ නිවැරදි මාවතට ආපසු එන ලෙසත් අපි එක්සත් ජනපදයට දැඩි ලෙස අවවාද කරමු. ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වසංගත පාලනය සහ වසංගත විරෝධී ගෝලීය සහයෝගීතාව සඳහා යහපත් දෙයක් කිරීම වැදගත්වේ. 

ලේඛකයා ශ්‍රී ලංකාවේ චීන තානාපති ලෙස කටයුතු කරනු ලබයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන

නිල පොලිස් වාර්තාවේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ප්‍රතිරෝධය දැක්වූ බව සඳහන් වුවද, ප්‍රාදේශීය අවන්හල් හිමිකරුවෙකු විසින් බදාදා නිකුත් කරන ලද නිරීක්ෂන වීඩියෝවෙන් පැහැදිලි වන්නේ, පොලිසිය ෆ්ලොයිඩ් මෝටර් රථයෙන් එලියට ගෙන මාංචු දමන අවස්ථාවේ ඔහු කිසිම ප්‍රතිරෝධයක් නොදැක්වූ බවය. 

සමාජවාදී සමානතා පක්ෂය (සසප), අනුස්මරන දිනයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම හෙලා දකින අතර ඔහුගේ මරනයට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලෙස බල කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ මෙය සිදුවිය. අපරාධයේ වැඩි හරියක් අසල සිටි අයෙකුගේ වීඩියෝ කැමරාවට සහ නිරීක්ෂන කැමරාවලට හසු විය.


ඩෙරෙක් ෂෝවින් නමැති සුදු පොලිස් නිලධාරියා, ඔහුගේ දනහිසෙන් මිනිත්තු ගනනාවක් ෆ්ලොයිඩ්ගේ ගෙල තදකරගෙන සිටිනු එක් වීඩියෝ දසුනක දැක්වෙයි. 46 හැවිරිදි ෆ්ලොයිඩ් මෙසේ කියනු ඇසින. “මට හුස්ම ගන්ට බෑ, ඔබ මාව මරන්න යනවා! ”

ඩොලර් දහයක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කල බවට වෙලඳසැලකින් ලැබුනු දුරකථන ඇමතුමකින් පසුව ෆ්ලොයිඩ් අල්ලා ගනු ලැබීය. වෙලඳසැලේ හිමිකරු පසුව මාධ්‍යයට කියා සිටියේ එය හොර නෝට්ටුවක් බව ෆ්ලොයිඩ් දැන සිටියේ දැයි තමා නොදන්නා බවයි. පොලිසිය වහාම එම ස්ථානයට පැමින ෆ්ලොයිඩ් ඔහුගේ වාහනයෙන් එලියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපන වන තුරුම හුස්ම හිරකරගෙන සිටියේය.

ෆ්ලොයිඩ් අත්අඬංඟුවට ගැනීමට උදව් කල අනෙක් නිලධාරීන් තිදෙනා තෝමස් ලේන්, ටූ තාඕ සහ ජේ. ඇලෙක්සැන්ඩර් කුවෙන්ග් ය.

නිල පොලිස් වාර්තාවේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ප්‍රතිරෝධය දැක්වූ බව සඳහන් වුවද, ප්‍රාදේශීය අවන්හල් හිමිකරුවෙකු විසින් බදාදා නිකුත් කරන ලද නිරීක්ෂන වීඩියෝවෙන් පැහැදිලි වන්නේ, පොලිසිය ෆ්ලොයිඩ් මෝටර් රථයෙන් එලියට ගෙන මාංචු දමන අවස්ථාවේ ඔහු කිසිම ප්‍රතිරෝධයක් නොදැක්වූ බවය. 

මහ දවල් සිදුකල ඔහුගේ ඝාතනය කිසිදු ලෙසකින් හෝ සාධාරනීකරනය කල නොහැකි වුව ද බදාදා සවස වන විටත් චාවින්, ලේන්, තාඕ සහ කුවෙන්ග් නිදහසේ පසුවූහ. පොලිස් දෙපාර්තමේන්තුව විසින් වැටුප් රහිතව ඔවුන්ගේ සේවය අත්හිටුවනු ලැබුවේත් පසුව ඩිමොක්‍රටික් නගරාධිපති ජේකබ් ෆ්‍රේ විසින් සේවයෙන් පහ කරන ලද්දේත් අඟහරුවාදා වන විට ඇවිල ගිය මහජන කෝපය හමුවේ පමනි.

ෆ්ලොයිඩ්ගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම දින දෙකක් තිස්සේ පෙලපාලිවලට සහභාගී වූ සියලු ජනවර්ගවලට අයත් කම්කරුවන් අතර කෝපය ඇවිලවීය.

දහස් ගනන් සුදු හා කලු කම්කරුවන් හා තරුනයෝ, අඟහරුවාදා ෆ්ලොයිඩ් ඝාතනය  කල මංසන්ධියේ සහ අසල පිහිටි පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. පෙලපාලිය විසුරුවා හැරීම සඳහා පොලිසිය දිගින් දිගටම කඳුලු ගෑස් සහ මාරාන්තික නොවන  උන්ඩ වලින් වෙඩි තබනු ලැබීය. ඊයේ රාත්‍රියේ මිනියාපොලිස් සහ එක්සත් ජනපදය පුරා වෙනත් නගරවල තවත් උද්ඝෝෂන සංවිධානය කරන ලදී.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු  කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. Killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400 ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය.

මිසූරි ප්‍රදේශයේ ෆර්ගියුසන්හිදී මයිකල් බ්‍රවුන්ට වෙඩි තබා ඝාතනය කර වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇත. ඒ 2014 අගෝස්තු 9 දිනය. 2014 ජූලි 17 දින එරික් ගාර්නර් නිව්යෝක් නගරයේදී ගෙල සිරකර මරා දැමීමෙන් පසු පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව මහජන විරෝධතා ඇති විය. විවිධ පුද්ගලයින් 6,000 ක් පමන මේ කාලය තුල පොලීසිය විසින් ඝාතනය කර තිබේ.

පොලිස් ප්‍රචන්ඩත්වයට ජාතිවාදය දායක වන බවට සැකයක් නැත. පොලිසිය විසින් ඝාතනය කර ඇති වැඩිම පිරිස සුදු ජාතිකයින්ය.  අප්‍රිකානු ඇමරිකානුවන් සහ හිස්පැනික්වරු හිරිහැර, අපයෝජන, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සඳහා අසමාන ලෙස ඉලක්ක කරගෙන ඇත. ට්‍රම්ප් පරිපාලනය හිතා මතාම, පොලිස් නිලධාරීන් ද ඇතුලු වඩාත් පසුගාමී හා ප්‍රතිගාමී බලවේග ගොඩනගා ඇත. “ මැරයා” ට එරෙහිව “රලු” ප්‍රතිචාර දැක්වෙන වීඩියෝ පට නැරඹීමට තමා කැමති බව ට්‍රම්ප් ප්රකාශ කර ඇත. “එතරම් කරුනාවන්ත වෙන්න එපා ” යයි ඔහු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. 

කෙසේ වෙතත්, පොලිස් ප්‍රචන්ඬත්වයට වාර්ගික සතුරුකම පමනක් නොව පන්ති පරපීඩනය ද බලපා ඇත. ඇමරිකානු පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ කලු, සුදු, හිස්පැනික් හෝ ස්වදේශික ඇමරිකානුන් අතර පවතින පොදු ලක්ෂනය නම් ඔවුන් දුප්පත් සහ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වීමයි

බ්ලැක් ලයිව්ස් මැටර් (කලු ජාතිකයින්ගේ ජීවිත වටනේය) සහ වාර්ගික දේශපාලනයේ අනෙකුත් යෝජකයින්ගේ කාර්යභාරය වන්නේ, පොලිස් ප්‍රචන්ඩත්වයට හේතුව ජාතිවාදය යැයි පවසා  කලු පොලිස් නිලධාරීන් වැඩියෙන් බඳවා ගැනීම හෝ කලු ජාතික දේශපාලඥයන් පත් කර ගැනීමෙන් පමනක් ගැටලුව විසඳනු ඇතැයි යන අදහස ප්‍රවර්ධනය කිරීමයි. නිසැකයෙන්ම මෙයින් අදහස් කරන්නේ, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව නැගෙන මහජන විරෝධය, වෝල් වීදියට සහ මිලිටරිවාදයට ගැති  පක්ෂවලින් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගැටගැසීමයි. නමුත් පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ප්‍රචන්ඩත්වය නැමති ගෝලීය වසංගතය අඛන්ඩව නොනැසී පවතී.

මෙම භීෂනකාරී ප්‍රචන්ඩත්වය, ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාගේ රැකවල යටතේද පැවති අතර ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ද පවතී. පවතින ආන්ඩුව ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් වේවා, නගරාධිපති හෝ පොලිස් ප්‍රධානියා කලු ද සුදු ද ගැහැනු ද පිරිමි ද හෝ වේවා, සමලිංගික හෝ එසේ නොවන අයෙකු වේවා, පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ඝාතන අඛන්ඩව සිදු වේ.

වසර තුනකට පෙර සෝමාලියානු-ඇමරිකානු මිනියාපොලිස් පොලිස් නිලධාරියෙක්, ජස්ටින් ඩමොන්ඩ් නම් සුදු ජාතික කාන්තාවක ඇගේ පිටුපස පෙදෙසට වෙඩි තබා ඝාතනය කලේය. ඒ අසලම පිහිටි කුඩා නගරයක පැවති රථවාහන තදබදයකදී හිස්පැනික් පොලිස් නිලධාරියෙකු විසින් අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ෆිලැන්ඩෝ කැස්ටිල් ඝාතනය කිරීම සමාජ ජාල වෙබ්අඩවි වල සජීවීව විකාශනය වී වසර හතරක් ගත වී ඇත.

විශේෂයෙන් පොලීසියේ ම්ලේච්ඡ ක්‍රියාවන් හා හිංසනයන් ප්‍රසිද්ධියේ හෙලිදරව් වීමෙන් පසු, ඒවා අනිවාර්යයෙන්ම චිත්‍රපට මාතෘකා වීමට ඉඩ ඇති හෙයින්, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දේශපාලඥයෝ එම අපරාධ පිලිබද විමර්ශනය කරන බවට ව්‍යාජ පොරොන්දු දෙති. සෑම විටම පාහේ මෙම විමර්ශන, නඩු පැවරීම් සහ දඬුවම් නියම කිරීම් දක්වා හෝ ඉදිරියට යාමට අසමත් වෙයි.

ලෙනින් සිය රජය හා විප්ලවය පොතෙහි සඳහන් කර ඇත්තේ, රාජ්‍ය  බලය“තමන්ගේ අනට යටත් බන්ධනාගාර ආදිය සහිත ආයුධ සන්නද්ධ මිනිසුන්ගේ විශේෂ ආයතන" වශයෙනි. ෆ්‍රෙඩ්රික් එංගල්ස් උපුටා දක්වමින් ලෙනින් සඳහන් කලේ, රාජ්‍යය මූලික වශයෙන් “ප්‍රතිවිරුද්ධ පන්ති අතර පවතින සතුරුකම්වල නිෂ්පාදනයක් හා ප්‍රකාශනයක්” බවත්, රාජ්‍යයේ බලය හා ප්‍රචන්ඩත්වය ශක්තිමත් වීම, “රාජ්‍ය තුල පන්ති සතුරුකම් වඩාත් උග්‍ර වීමට සමානුපාතිකව සිදු වන බවත් ය. ”

ගෝලීය කොරෝනා වෛරස්  වසංගතය සමඟ මෙම පන්ති ප්‍රතිවිරෝධතා නව අවධියකට පිවිසෙමින් තිබේ. ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරය, කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කිසිවක් නොකර, ඩොලර් ට්‍රිලියන ගනන් තමාගේ පෙට්ටගම් වෙත මාරු කිරීමට වසංගතය භාවිතා කර ඇති අතර, ධනපති ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දේශපාලඥයින් ඒකමතිකව එම පියවරයන් අනුමත කර ඇත.

මෙම පියවරයන්, “ආර්ථිකය යලි විවෘත කිරීම” සහ වෝල් වීදියට බැල මෙහෙවර කිරීම සඳහා තම ජීවිත අනතුරේ හෙලීමට කම්කරුවන්ට බල කිරීම තුලින් බලාත්මක කර ඇත. ඒ අතරම පාලක ප්‍රභූව, කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑම වැඩි කිරීමටත්, සමාජ සේවා වැඩසටහන් කප්පාදු කිරීමට සහ ජනතාව දුගීභාවයට පත් කිරීම සදහාත්, මහජන විරැකියාව සහ රාජ්‍යය බංකොලොත් කිරීම ගසා කෑමට සැලසුම් කරයි.

රාජ්‍යය ම්ලේච්ඡත්වයේ සහ ප්‍රචන්ඩත්වයේ මූලික ප්‍රභවය මූල්‍ය කතිපයාධිකාරය සහ කම්කරු පන්තිය අතර ගැටුම යි. මෙම ම්ලේච්ඡත්වය අවසන් කල හැකි දේශපාලන ව්‍යාපාරයක්, එනම් දේශපාලන බලය තමන් අතට ගෙන ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කිරීමට සමස්ත කම්කරු පන්තියේම ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක් සඳහා වෛෂයික කොන්දේසි ද එම ගැටුම විසින්ම නිර්මානය කෙරෙයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප)

චීන මහජන කොංග්‍රසයේ 3වැනි සැසිය බෙයිජිංහි දී ඇරඹේ


චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීනයේ පක්ෂ සහ රජයේ නායකයෝ එම සැසිවාරයට සහභාගී වූහ. ඊට එක්වූ සමස්ත නියෝජිතයින් සංඛ්‍යාව 2897 කි. කොරෝනා වසංගතය හේතුවෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය වසර 22 කට පසු මැයි මාසයට කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.

ආරම්භක උත්සවයේදී සියලුම නියෝජිත‍යෝ ප්‍රථමයෙන්ම කොරෝනා වසංගතය පරාජයට පත් කිරීමේදී දිවි පිදූ වීරවරයින් සහ වසංගතය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් නිශ්ශබ්දතාවක් සුරැකූහ.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං සැසිවාරයට ගිය වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළ අතර මෙම වසරේ කාර්ය වැඩසටහන් පිළිබඳ යෝජනා පරීක්ෂා කර සාකච්ඡා කිරීම සඳහා සැසිවාරයට ඉදිරිපත් කෙ‍රිණ.

නීති සම්පාදනයට සම්බන්ධ න්‍යාය පත්‍රය ද මෙවර සැසිවාරයේදී පරීක්ෂා කර සාකච්ඡාවට ලක් කෙරේ. සිවිල් නීති සංග්‍රහය පිළිබඳ කෙටුම්පත සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය ජාතිකාරක්ෂාව සහතික කිරීමේ නීති ක්‍රමය හා මෙහෙයුම් පද්ධතිය බිහි කිරීම පිළිබඳ තීන්දු කෙටුම්පත ද ඊට ඇතුළත් ය.

රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ පිළිබඳ තුන්අවුරුදු ක්‍රමෙව්දය ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් වන බව අද සාකච්ඡාවට ඉදිරිපත් කෙරුණු වසර 2020 චීන රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි. 

මේ වසරේ චීනය නිෂ්පාදන කර්මාන්තයේ අධි‍ශ්‍රේණිකරණය සහ නව කර්මාන්ත සංවර්ධනය ඉදිරියට ගෙන යනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය. 

ඒ අතරම චීනය සියලුම දිළිදු ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට කටයුතු කරන අතර සෙසු දිළිදු කෝරළවල හා ගම්මානවල දුෂ්කරතා විසඳීමේ උත්සාහයන් තීව්‍ර කළ යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි. 
නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා විශේෂ රාජ්‍ය ණය බැඳුම්කර යුආන් ටි‍්‍රලියනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද  චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටී.


චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික නීතිය පදනම් වන ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරන අතර පොදු ඉරණමක් සහිත මානව  ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බවයි.

ලතින් ඇමරිකාව කෝවිඩ්-19 වසංගතයේ නව කේන්ද්‍රය බවට පෙරලයි

ව‍ෛරසය පාලනය කරගත නොහැකි ලෙස පැතිරීම සහ ඊට මිනිස් ජීවිතවලින් වන්දි ගෙවීම ගැන ධනවාදී පාලක පංතීන්හි සාපරාධී නොසලකා හැරීම සහ උදාසීනත්වය පිලිබඳ පැහැදිලි උදාහරන ලෙස ජනගහනය හා ආර්ථිකය යන අංශ දෙකින්ම කලාපයේ විශාලතම රටවල් දෙක වන මෙක්සිකෝව සහ බ්‍රසීලය හඳුනාගත හැකිය.

බිල් වැන් ඕකන්

තහවුරු කරන ලද කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව අනුව ඇමරිකානු රටවල් ප්‍රථම වරට යුරෝපය අභිබවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) බදාදා නිවේදනය කලේය. යුරෝපයේ මිලියන 1.73 ට සාපේක්ෂව බටහිර අර්ධගෝලයේ නිල වශයෙන් වාර්තා වූ ආසාදන සංඛ්‍යාව මිලියන 1.74 ක් වේ.


මෙම මාරුව නිසැකවම වැදගත්කමක් දරන අතර, එක්සත් ජනපදය තුල මෙන්ම ලතින් ඇමරිකාවේ ප්‍රදේශ හරහා දිනෙන් දින ව්‍යාප්ත වන මාරාන්තික ව‍ෛරසයේ සැබෑ ව්‍යාප්තිය පිලිබඳ මෙම සංඛ්‍යාලේඛන විශාල අවතක්සේරු කිරීමක් ලෙස පොදුවේ සලකනු ලැබේ.

ලෝක ජනගහනයෙන් සියයට පහක ජනගහනයක් සහිත එක්සත් ජනපදයේ ලොව පුරා තහවුරු වූ රෝගීන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමානයක් (මිලියන 1.4 කට වඩා වැඩි) සහ ලොව පුරා මරන වලින් තුනෙන් එකක් පමන ප්‍රමානයක් (85,000 කට ආසන්න) සඳහා වග කියයි. ට්‍රම්ප් ආන්ඩුවේ සහ සමස්ත එක්සත් ජනපද පාලක කතිපයාධිකාරයේ පැත්තෙන් මිනිස් ජීවිත කෙරෙහි සාපරාධී නොහැකියාව සහ උදාසීනත්වය පිලිබඳ ඇමරිකානු ධනවාදයේ තවත් ප්‍රතික්ෂේප කල නොහැකි චෝදනාවක් තිබිය නොහැකිය.


2020 මැයි 13 වන බදාදා බ්‍රසීලයේ මනවුස් හි නොසා සෙන්හෝරා අපරෙසීඩා සුසාන භූමියේදී පස් දෙනෙකු භූමදාන කිරීමෙන් පසු සුසාන භූමි කම්කරුවෝ පොදු මිනීවලක් මත කුරුස තබති. මරන සංඛ්‍යාව ඉහල යාමට මුහුන දීමට සුසාන භූමියේ නව කොටස පසුගිය මාසයේ විවෘත කරන ලදී. (AP ඡායාරූප/ෆෙලිපෙ ඩානා)
නමුත්, වසංගතයේ කේන්ද්‍රය පරන ලෝකයේ සිට නව ලෝකය දෙසට මාරුවීම සිදු වන්නේ ආසාදිතයින් වැඩිවීමේ වේගය පෘථිවියේ ඉහලම අගයෙන් අතර වන ලතින් ඇමරිකාවේ වැඩි වැඩියෙන් පාලනය කල නොහැකි ක්ෂනික වැඩිවීමක් සමගිනි.

මාරාන්තික ව‍ෛරසය පැතිරීම උත්සන්න වීමට හේතුව වන්නේ පෘථිවි තලයෙහි වඩාත්ම සමාජීය වශයෙන් අසමාන කලාපය බවට ලතින් ඇමරිකාව පත් කෙරුනු පෙර පැවති සමාජ හා ආර්ථික රෝගාබාධයන් ය. කලාපයේ අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තිය මත පැටවීමට අධිෂ්ඨාන කර ගත් කොල්ලකාරී ජාතික ධනේශ්වරයේ පාලනයත් සමඟ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සියවසක පීඩාව හා ආර්ථික සූරාකෑමත් මගින් ලතින් ඇමරිකාවේ වැඩකරන ජනතාව වඩාත් වසංගතයේ අවදානමට ලක් කරනු ලැබ ඇත. 

කොරෝනා ව‍ෛරසය පැතිරීම, විරැකියාව හා දරිද්‍රතාව ඉහල යාම, සිය ගනනක් ජීවිත බිලිගත් පිරී ඉතිරී ගිය සිරගෙවල්වල සිරවී සිටින මහාද්වීපයේ මිලියන 1.5 ක සිරකරුවන් අතර ලේ වැකි කැරලි, දේශපාලන සහ සමාජ ජීවිතය ට හමුදාවේ වැඩිවෙමින් පවතින මැදිහත්වීම ඇතුලුව කලාපීය වශයෙන් බලපෑම් ඇති කර තිබේ.

ඉක්වදෝරයේ වෙරලබඩ නගරයක් වන ගුවායාකිල් හි පලමු වරට දිස්වූ වීදිවල අතහැර දමන ලද සිරුරු සහිත බිහිසුනු දර්ශන, මනවුස්, බ්‍රසීලය සහ ඉක්විටෝස් වැනි පේරු හි ඇමසෝනියානු නගර වල සහ වෙනත් තැන්වල නැවත නැවත මතුවී ඇත. රටක් රටක් පාසා, අනුප්‍රාප්තික ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමේ වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කිරීමේදී අනුකම්පා විරහිතව කප්පාදුවට ලක්වූ සෞඛ්‍ය සේවා පද්ධතීන් සමග මෘත ශරීරාගාර හා සුසාන භූමිවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර, ප්‍රධාන නගර ගනනාවක සමූහ මිනී වලවල් සූදානම් කෙරෙමින් ඇත.

ව‍ෛරසය පාලනය කරගත නොහැකි ලෙස පැතිරීම සහ ඊට මිනිස් ජීවිතවලින් වන්දි ගෙවීම ගැන ධනවාදී පාලක පංතීන්හි සාපරාධී නොසලකා හැරීම සහ උදාසීනත්වය පිලිබඳ පැහැදිලි උදාහරන ලෙස ජනගහනය හා ආර්ථිකය යන අංශ දෙකින්ම කලාපයේ විශාලතම රටවල් දෙක වන මෙක්සිකෝව සහ බ්‍රසීලය හඳුනාගත හැකිය.

රටවල් දෙකෙහිම එක් දිනක තහවුරු කෙරෙනු වැඩිම කෝවිඩ්-19 මරන සංඛ්‍යාව ලෙස අඟහරුවාදා, බ්‍රසීලයේ 881 ක් සහ මෙක්සිකෝවේ 353 ක් වාර්තා විය.

රටවල් දෙකෙහිම, මරනවල මෙම නව ඉහලයාම බොහෝ දුරට සංකේතාත්මක ස්වරූපයක් ගනී. මියගිය අයගේ සැබෑ සංඛ්‍යාව බෙහෙවින් වැඩි බව කවුරුත් දනිති.

බ්‍රසීලයේ, මරන 881න් පෙන්නුම් කෙරෙන්නේ පෙර පැය 24 තුල මියගිය සංඛ්‍යාව නොව, සමහරක් පෙර දිනයන්හි සිදුවු මරන සහිත තහවුරු වූ මරන සංඛ්‍යාවයි. ඒ අතරම, තවමත් කෝවිඩ්-19 වලින් සිදුවූ බවට සැක කල හැකි මරන 2,050 ක් ඇති බව ආන්ඩුව පිලිගන්නා නමුත් තවමත් එය තහවුරු කර නොමැත. මෙයට අමතරව දුගී බ්‍රසීල ජාතිකයන් දහස් ගනනක් ජනාකීර්න කම්කරු පන්තික නිවහන් ප්‍රදේශවල නිවෙස්වලද සහ සාඕ පවුලෝ, රියෝ ද ජැනෙයිරෝ සහ වෙනත් නගරවල නිවෙස්වලද වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිය ගොස් ඇත.

සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ කරන ලද අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ ආසාදන සංඛ්‍යාව නිල සංඛ්‍යාවට වඩා 15 ගුනයකින් වැඩි බවයි; වෙනත් වචන වලින් කිවහොත්, මිලියන 3 කට ආසන්න ය. සන්සන්දනාත්මකව බ්‍රසීලයේ සිදු කරන ලද පරීක්ෂන ප්‍රමානය එක්සත් ජනපදයේ කෙරී ඇති ප්‍රමානයෙන් යන්තම් දහයෙන් එකක් පමන වන අතර එය තවමත් ප්‍රමානවත් මට්ටමක නොපවතියි.

මෙක්සිකෝවේ, තහවුරු කෙරුනු ආසාදන 38,324  සහ මරන 3,926  වසංගතයේ සැබෑ සංඛ්‍යාවෙන් සුලු කොටසකි. මෙක්සිකෝ නගරයේ පමනක්, ආන්ඩුව විසින් වාර්තා නොකරන ලද මරන දහස් ගනනක් වන බව වෛද්‍ය බලධාරීන් විසින් ගනනය කරනු ලැබ තිබේ. නව රෝගීන් ඇතුලත් කර ගැනීමට නොහැකිව කෝවිඩ්-19 වින්දිතයින්ගෙන් රෝහල් පිරී ඉතිරී යයි. නගරයේ ආදාහනාගාරවලින් පිටත මිනී පෙට්ටි ගොඩ ගැසී ඇත. ඕඊසීඩී හි (ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන සංවිධානය) සාමාජික රටවල් 36 අතර මෙක්සිකෝව අවම පරීක්ෂන කර ඇත.

සමඟ එක්වී තවදුරටත් ලාභ අවශ්‍යතා සඳහා කම්කරුවන් රෝග හා මරනයට නිරාවරනය කරමින් ඔවුන් කර්මාන්තශාලා හා සේවා ස්ථාන වෙත නැවත බලහත්කාරයෙන් පිටත් කිරීමට අත්වැල් බැඳගත්හ.

බ්‍රසීල ධනපති පන්තියේ සහ ලෝක මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ඉතා කුරිරු ලෙස ප්‍රකාශ කර ඇති බ්‍රසීලයේ ෆැසිස්ට් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සියලු කාර්මික හා ඉදිකිරීම් කටයුතු “අත්‍යවශ්‍ය සේවා” ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු ප්‍රමුඛ ධනවාදී ව්‍යාපාරිකයන් සමඟ “පාගමනකට” එක් වූයේ ප්‍රාන්ත විසින් පනවා ඇති සීමිත නිරෝධායන පියවරයන් නීති විරෝධී ලෙස නිවේදන කරන ලෙස බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ඉල්ලා සිටීම සඳහාය. 

කොරෝනා ව‍ෛරසය “කුඩා උනක්” ලෙස බැහැර කිරීම හේතුවෙන් මීට පෙර උමතුවෙන් සිටි අයෙකු ලෙස සමච්චලයට ලක් වූ බොල්සෝනාරෝ දැන් ධනවාදී අවශ්‍යතා සඳහා වඩාත්ම ස්ථාවර ප්‍රකාශකයා බවට පත්ව ඇත. බදාදා ඔහු තම අන්ත දක්ෂිනාංශික ආධාරකරුවන් අමතා කල කතාවක දී බ්‍රසීලියානු කම්කරු පන්තියට අවසාන තර්ජනය ඉදිරිපත් කලේය: “ජනතාව නැවත රැකියාවට යා යුතුය. කවුරුන් හෝ වැඩ කිරීමට අකමැති නම්, ගෙවල්වලම හිටපියව්. කතාව ඉවරයි."

මේ අතර, මෙක්සිකෝ නගරයේ උතුරට සැතපුම් 4,000 ක් දුරින් ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් බදාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කලේ “උමග අවසානයේ ආලෝකයක්” ඇති බවත් මෙක්සිකෝවේ “නව සාමාන්‍යයක්” උදාවෙමින් පවතින බවත් ය. ඔහු මින් අදහස් කලේ කෝවිඩ්-19 මගින් මෙක්සිකානු කම්කරුවන් සිය ගනනකගේ ජීවිත දැනටමත් අහිමිවීමෙන් පසු පතල් කැනීම්, ඉදිකිරීම් සහ වෙනත් කර්මාන්තවලට මෙන්ම මැක්විලඩෝරා දේශ සීමාවේ පිහිටි වහල්ශ්‍රම කම්හල් සහ මෝටර්රථ වාහන කර්මාන්තශාලාවලට නැවත ගාල් කල යුතු බවයි.

ලෝපෙස් ඔබ්‍රඩෝර් ක්‍රියා කලේ මෙක්සිකානු ධනපතියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පමනක් නොව, ට්‍රම්ප් ආන්ඩුවේ සහ එක්සත් ජනපද මෝටර් රථ නිෂ්පාදකයින්ගේ, ආයුධ නිෂ්පාදකයින්ගේ සහ වෙනත් කර්මාන්තවලත් නියෝග මත ය. මෙක්සිකෝවේ නිෂ්පාදනය මත මොවුන්ගේ සැපයුම් දාමයන් රඳා පවතී.

මෙක්සිකෝවේ සහ බ්‍රසීලයේ කම්කරුවෝ සිය සගයන් අසනීප වී රැකියාවෙන් මිය යන විට පවා වැඩ කිරීමට බල කිරීමට දැරෙන වෑයමට විරෝධය පල කරමින් දැනටමත් සියුඩාඩ් ජුවාරෙස්, ටිජුවානා, මෙක්සිකිලි සහ රෙනෝසා හි මැක්විලඩෝරා කම්කරුවන්ගේ සිට බ්‍රසීලය පුරා ඇමතුම් මධ්‍යස්ථාන සහ බෙදා හැරීම් කම්කරුවන් දක්වා වර්ජනයන්හි නිරත වී ඇත. දෙගුනයකින් වැඩට යැවීමේ උද්ඝෝෂනය දෙරටේදීම තුඩු දිය හැක්කේ පන්ති අරගලයේ පිපිරීමකට පමනි.

මාරාන්තික කොරෝනා වසංගතය හමුවේ, සමාජ-ව්‍යාධිමය හා ෆැසිස්ට් හිටපු හමුදා නායක බොල්සොනාරෝ සහ ලෝපෙස් ඔබ්‍රඩෝර් කම්කරුවන්ගේ ජීවිතවල වියදමින් ස්වදේශික කතිපයාධිකාරීන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියටම පැමින ඇත. මොවුන් ජාත්‍යන්තර ව්‍යාජ වම විසින් “ප්‍රගතිශීලී”, “වාමාංශික” සහ මෙක්සිකානු ජනතාවගේ “සමාජවාදී” නියෝජිතයන්ද ලෙස පවා ඔජවඩවන ලදී.

ධනපති පාලක පන්තිවල සහ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා නියෝජනය කරන පවත්නා සියලු දේශපාලන පක්ෂ හා ආයතනික ව්‍යුහයන්ට එරෙහිව ලතින් ඇමරිකාව පුරා කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීමේ අනිවාර්ය අවශ්‍යතාව වඩා පැහැදිලිව පෙන්වීමට කිසිවකට නොහැක. බොල්සෝනාරෝ, චිලියේ පිනෙරා සහ කොලොම්බියාවේ ඩියුක් යන අන්ත දක්ෂිනාංශිකයින්ගේ ආන්ඩු පමනක් නොව, වෙනිසියුලාවේ “බොලිවේරියානු සමාජවාදීන්” ලෙස ලෝපෙස් ඔබ්‍රඩෝර් වැනි “වාම” යැයි කියනු ලබන ධනේශ්වර ජාතිකවාදීන් සහ බ්‍රසීලයේ කම්කරු පක්ෂයේ දූෂිත ධනේශ්වර සංවිධානද මීට ඇතුලත් වෙයි.

කොරෝනා ව‍ෛරස් වසංගතය සහ එමගින් තියුනු කෙරී ඇති පන්ති අරගලය විසින් ඇති කෙරුනු තීරනාත්මක කර්තව්‍යය වන්නේ ධනවාදය අවසන් කිරීමේ පොදු අරගලයක එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් කම්කරුවන් සමඟ ලතින් ඇමරිකාව පුරා කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමේ අරගලය මත පදනම්ව කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි. මෙයින් අදහස් කරන්නේ බ්‍රසීලය, මෙක්සිකෝව සහ අර්ධගෝලය හරහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීමයි.

ඉරාන ජෙනරාල් ඝාතනය

ඉරානයට එරෙහි යුද්ධයක්, 2003 දී දියත් කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම් අබිබවා යනු ඇත. එය, සමස්ත කලාපය හා එක්සත් ජ්නපද අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බල” ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය ඇතුලු සියලු‍ ප්‍රධාන බලවතුන් පැටලු‍නු න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මානව වර්ගයා හමුවට ගෙන එනු ඇත.

බිල් වැන් ඕකන් විසිනි

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා (අයිආර්ජීසී) කුඞ්ස් බලඇනියේ අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සොලෙයිමනී සිකුරාදා අලු‍යම බැග්ඩෑඞ් හි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඉලක්ක කර ඝාතනය කිරීම, එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම් තියුනු ලෙස උග්‍ර කර ඇත. එය මැද පෙරදිග විනාශකාරී නව යුද්ධයක් පුපුරා යාම කෙස් ගහක දුරින් පිහිටුවා තිබේ.


ඉරාකයේ සහ ලෙබනනයේ මාධ්‍ය මෙන්ම ඉරාකයේ ෂියා මිලීෂියා ව්‍යාපාරයේ නිලධාරීන් ද වාර්තා කලේ, සිරියාවේ හෝ ලෙබනනයේ සිට ඉරාකයට පැමිනි ගුවන් යානයකින් ගොඩ බැසීමෙන් පසුව එක්සත් ජනපද මිසයිල ප්‍රහාරයකින් සොලෙයිමනී මිය ගිය බවයි. ඉරාක ෂියා මිලීෂියාවන්ගේ බලවත් සන්ධානය වන මහජන හමුදා බලමුලු‍ ගැන්වීමේ බලකායේ (පීඑම්එෆ්) දෙවන අනදෙන නිලධාරියා වූ අබු මහීඩි අල්-මුහන්දිස් ද ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.


පෙන්ටගනය ඝාතනයේ වගකීම භාර ගනිමින් ප්‍රකාශයක් නිකුත් කලේය. “එක්සත් ජනපදය විසින් නම් කරන ලද විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වන ඉරාන විප්ලවවාදී ආරක්ෂක කුඞ්ස් බලකායේ ප්‍රධානී කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් එක්සත් ජනපද හමුදාව විදේශයන්හි සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා තීරනාත්මක ආරක්ෂක පියවර ගෙන තිබේ.”

සිය පාර්ශවයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදා, ඝාතනය සනාථ කරමින් ඉරාන මාධ්‍යයට පැවසුවේ, “ගෞරවනීය ඉස්ලාමයේ උත්තරීතර අන දෙන නිලධාරි සොලෙයිමනී එක්සත් ජනපද හෙලිකොප්ටර් ප්‍රහාරයකින් වීරයෙකු ලෙස මරනයට පත්වූ” බවයි.

1980-88 ඉරාන-ඉරාක යුද්ධයේ සිට සොලෙයිමානි ඉරාන හමුදාව තුල ප්‍රධාන චරිතයක් විය. කුඞ්ස් බලකායේ ප්‍රධානියා ලෙස ඔහු සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව වොෂින්ටනය සහ එහි සහචරයින් විසින් මුදා හරින ලද එක්සත් ජනපදයේ පිටුබලය ලබන අල්කයිඩා සංවිධානයට සම්බන්ධ මිලීෂියාවන් පරාජය කිරීමේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල අතර පසුව, ඉරාකය සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිසිස්) පරාජය කිරීමට ඉරාක මිලීෂියා හමුදාවන්ට මඟ පෙන්වීමට සහාය විය. ඉරාන ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස සඳහන් වුව ද, ඔහු පාලනය සඳහා වූ ඕනෑම තරඟයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරමින්, සොල්දාදුවෙකු ලෙස තම රටට සේවය කරන බව අවධාරනය කලේය.

2001 එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමේදී ටෙහෙරානය, වොෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කල දා සිට ඉරාන ජෙනරාල්වරයා සමඟ නොනිල සන්නිවේදනයක නිරත වූ එක්සත් ජනපද නිලධාරීන් සහ හමුදා අන දෙන නිලධාරීන් ඔහු හොඳින් දැන සිටියේය.

පෙන්ටගනය තවත් එක්සත් ජනපද පැරෂුට් භටයන් 750 ක් මැද පෙරදිගට යවා ඇති අතර සෙබලු‍න් 4,000 ක් කලාපයට යෙදවීම සඳහා සීරුවෙන් තබා ඇත.

ඉරාක උද්ඝෝෂකයින් විසින් මේ සතියේ බැග්ඩෑඞ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහර දීමෙන් පසුව මෙම ක්‍රියාන්විතය සිදු විය. එක්සත් ජනපද මිලිටරිවාදය කෙරෙහි මහජන කෝපයේ ක්‍රියාවක් වන එහිදී වොෂින්ටනය ඉරානයට දොස් පැවරීය.

ආරක්ෂක ලේකම් මාක් එස්පර් බ්‍රහස්පතින්දා කියා සිටියේ ඉරානය එක්සත් ජනපද හමුදාවන්ට හෝ කලාපයේ අවශ්‍යතාවන්ට “අතිරේක ප්‍රහාර” එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට “ඇඟවීම්” පවතින බවත්, කිසියම් “ප්‍රහාරයක් සඳහා වචනයක් හෝ ඇඟවුමක්” ලැබුනහොත් “පූර්ව භංග පියවර ගැනීමට” වොෂින්ටනය සූදානම් බවත්ය. ”

“ක්‍රීඩාව වෙනස් වී ඇත,” එස්පර් පැවසීය. “ඔවුන් යමක් කරයි කියා මම හිතනවා ද? ඔව්, ඔවුන් ඒ ගැන පසුතැවෙනු ඇත.”

මේ අනුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඝාතන පමනක් නොව, වොෂින්ටනය ඉරාන “කුලීකාරයන්” සේ සලකන මැද පෙරදිග ඕනෑම අංශයකින් කටකතා හෝ ගොතන ලද තර්ජනයක් ඇති වුනොත් ඒවා පදනම් කරගෙන ඉරානයට එරෙහිව විනාශකාරී පූර්ව භංග මිලිටරි ප්‍රහාර එල්ල කරන බව පෙනී යයි. මෙම කාන්ඩය, ඉරාකයේ ෂියා මිලීෂියාවන්ගේ සිට ලෙබනනයේ හිස්බුල්ලා මහජන දේශපාලන හා මිලීෂියා ව්‍යාපාරය දක්වාත්, ඊස්රායල වාඩිලාගෙන සිටින ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය පක්ෂය වන හමාස් දක්වාත් විහිදේ.

ඉරාක ෂියා මිලීෂියාවක් වන කටායිබ් හිස්බුල්ලා වරුන්ගේ ඉරාකයේ සහ සිරියාවේ කඳවුරු වලට එරෙහිව දෙසැම්බර් 29 වන දින එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතාකරුවන් දහස් ගනනක් විසින් අඟහරුවාදා බැග්ඩෑඞ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය වටලනු ලැබීය. එක්සත් ජනපද එෆ් -15 ඊ ප්‍රහාරක යානා මඟින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් මිලීෂියා සාමාජිකයින් 25 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 55 දෙනෙකු තුවාල ලැබීය.

ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු ඝාතනය කරමින් කිර්කුක් නගරයෙන් පිටත ඉරාකයේ කේ -1 හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පලිගැනීමක් ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කල බව ට්‍රම්ප් පරිපාලනය කියා සිටියේය. ප්‍රහාරය සම්බන්ධයෙන් කටයිබ් හිස්බුල්ලාට වොෂින්ටනය දොස් පැවරුවද, වගකීම පැවරීම පිලිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ඉරාක අගනුවර වීදිවලට දහස් ගනනක් රැස්ව සිටි, අතර, ඝාතනය කරන ලද මිලීෂියා සටන්කාමීන්ගේ අවමංගල්‍ය කටයුතු වලින් අනතුරුව, බොහෝ මිලීෂියා සාමාජිකයින් සහ ආධාරකරුවන් ඇතුලු විරෝධතාකරුවන් බැග්ඩෑඞ්හි දැඩි ආරක්ෂිත හරිත කලාපයේ පිහිටි තානාපති කාර්යාලය වෙත පා ගමනින් ගියහ.

ඔවුහු එක්සත් ජනපද තානාපති කාර්යාල තාප්පය වටලා මොලොටොව් කොක්ටේල් ගිනි බෝම්බ සහ ගල් දමා ගැසූහ. ලොව විශාලතම එක්සත් ජනපද තානාපති මධ්‍යස්ථානය වන තානාපති කාර්යාල සංකීර්නය, ටයිග්‍රිස් ගඟේ අක්කර 104 කට වැඩි ප්‍රමානයක විහිදී ඇති අතර 2012 දී එහි උච්චතම අවස්ථාව වන විට එක්සත් ජනපද සේවකයින් 16,000 ක් නවාතැන් ගෙන සිටි අතර එය 2011 දී විධිමත් ලෙස අවසන් වූ ඇමරිකානු වාඩිලෑමෙන් පසුව ද අඛන්ඩව පැවතුනි.

සංකීර්නයේ ප්‍රධාන දොරටුව කඩාගෙන ඇතුලුවීමට සමත්වූ විරෝධතාකරුවෝ, ආරක්ෂක කුටියක් සහ පිලිගැනීමේ කාමර දෙකක් ගිනි තැබූහ. ඇසෝසියේටඞ් ප්‍රෙස් විසින් බදාදා නිකුත් කරන ලද ඡායාරූප වලින් දැක්වෙන්නේ, තානාපති කාර්යාලයේ මෙම ප්‍රදේශවල ගිනිගත් අභ්‍යන්තරය, විනාශ කල ගෘහ භාන්ඩ හා ජනෙල් සහ නටබුන් වලින් දුමාරය තවමත් නැගෙමින් තිබුන බවයි.

තානාපති කාර්යාල පරිශ්‍රයේ තාප්ප චිත්‍ර වලින් වැසී තිබුනි. “ජනතාවගේ නියෝගයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා ඇත” සහ “ඇමරිකාවට සහ ඊස්රායලයට මරනය” වැනි සටන් පාඨ ද ඊට ඇතුලත් විය.

තානාපති කාර්යාලයේ අභ්‍යන්තරය පාලනය කරන එක්සත් ජනපද මැරීන් භටයෝ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කරමින් කඳුලු ගෑස්, අත් බෝම්බ සහ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කලහ. “බලය පෙන්වීමක්” ලෙස විස්තර කරන ලද, ඉහලින් පියාසර කල අපාචේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයා දෙසට ගිනි වෙඩි තැබීය.

දෙසැම්බර් 29 ගුවන් ප්‍රහාර එක්සත් ජනපද බලය විදහා දැක්වීමක් සහ කටායිබ් හිස්බුල්ලා මිලීෂියාවට පහරක් ලෙස විස්තර කල ද තානාපති කාර්යාලය වටලෑමේ දී පලවූ මහජන ප්‍රතිචාරය ඉරාකයේ සහ කලාපය පුරා වොෂින්ටන් ප්‍රතිපත්තියේ දැවැන්ත අර්බුදය හෙලි කර තිබේ.

විරෝධතාකරුවන් සමූහයට තානාපති කාර්යාලයට පැමිනීමට හැකි වූයේ, රජයේ ගොඩනැගිලි, වෙනත් තානාපති කාර්යාල සහ ඉරාක කතිපයාධිකාරයේ මන්ඳිර ද පිහිටි හරිත කලාපය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටි, එක්සත් ජනපදයේ පුහුනුව ලත් ඉරාක ත්‍රස්ත විරෝධී භට පිරිස් විසින් කිසිදු ප්‍රතිරෝධයක් නොදැක්වූ බැවිනි.

2003 දී සාපරාධී ලෙස ඉරාකය ආක්‍රමනය කිරීමෙන් පසු ඇමරිකානු හමුදාවන්ට එරෙහි සටනේදී ආරම්භ වූ ෂියා මිලීෂියාවන් විසින් ඉරාක ආන්ඩුවේ සහ එහි ආරක්ෂක හමුදාවන් තුල ඉටුකරනු ලබන ප්‍රමුඛ භූමිකාව මෙම සිදුවීම මගින් තවදුරටත් හෙලි කරයි. ඔවුන් සංවිධානය වී සිටින්නේ, මහජන බලමුලු‍ ගැන්වීමේ හමුදාවන්ගේ (ඡඵත්‍) සෙවනෙහිය. එක්සත් ජනපදයේ පුහුනුව ලත් ආරක්ෂක හමුදා 2014දී බිඳවැටීමෙන් පසු ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයට (අයිසිස්) ඉරාකයෙන් තුනෙන් එකක් පමන යටත් කර ගැනීමට හැකි වූ විට, ප්‍රධාන විපක්ෂය සංවිධානය කරනු ලැබුවේ පීඑම්එෆ් බලවේග විසිනි.

්‍රම්ප් පරිපාලනය කෝපයට පත් කරමින් තානාපති කාර්යාලයේ උද්ඝෝෂනයට සහභාගී වූවන් අතර, පීඑම්එෆ්හි නාමික ප්‍රධානී ෆලේහ් අල්-ෆයියාද් ද -ඔහු ආන්ඩුවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් සේවය කරයි- හිටපු ප්‍රවාහන අමාත්‍ය හා පීඑම්එෆ් හි විශාලතම මිලීෂියාවන්ගෙන් එකක් වන බද්ර් බලඇනියේ නායක හදී අල් අමිරි සහ ෂියා මිලීෂියාවන්ට සම්බන්ධ පාර්ලිමේන්තු කන්ඬායම් වල අනෙකුත් ප්‍රමුඛ සාමාජිකයන් ද වූහ.

මෑත මාසවලදී එක්සත් ජනපද තානාපතිවරයා මෙම පුද්ගලයින් සමඟ සාකච්ඡා කරමින් සිටිය ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔවුන් සිව් දෙනෙකුගේ ඡායාරූප ඇතුලු කෝපාවිෂ්ඨ ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔවුන් “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීය.

ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තු ප්‍රධානියා ඇතුලු ඉරාක ආන්ඩුවේ ප්‍රධාන නායකයින් සියල්ලම එක්සත් ජනපද ගුවන් ප්‍රහාර, ඉරාක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දැක තිබේ. පසු ගිය ඔක්තෝබර් මාසයේ සිට රට සිසාරා පැනනැඟි විරැකියාව, සමාජ අසමානතාවය සහ ආන්ඩුවේ දූෂනයට එරෙහි මහජන විරෝධතා හමුවේ ඉල්ලා අස්වීමෙන් පසු භාරකාර ආන්ඩුවක නායකත්වය දරන ඉරාක අගමැති අබ්දුල් මහඩි, වැඩ වර්ජන විස්තර කලේ ඉරාක ත්‍රිවිධ හමුදාවේ කොටසක් ලෙස සලකනු ලබන මිලීෂියාවට එරෙහි “පිලිගත නොහැකි දරුනු ප්‍රහාරයක්” ලෙස ය. එහි “භයානක ප්‍රතිවිපාක” ගැන ඔහු අනතුරු ඇඟවීය. බෝම්බ හෙලීමට ටික වේලාවකට පෙර එක්සත් ජනපද ආරක්ෂක ලේකම් එස්පර් විසින් ඒ ගැන ඔහුට දැනුම් දෙන ලද අතර, ප්‍රහාර නතර කරන ලෙස හෙතෙම නිරර්ථක ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද ප්‍රහාරය හෙලා දුටු එරට ජනාධිපති බර්හැම් සාලිහ්, එක්සත් ජනපද තානාපති නිලධාරියෙකු සමඟ පැවැත්වූ සමාන සංවාදයක් විස්තර කලේය.

තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන ලෙස කරන ලද වොෂින්ටනයේ ඉල්ලීමට “වේගයෙන් ප්‍රතිචාර දැක්වීම” ගැන ට්‍රම්ප් බදාදා ට්විටර් පනිවිඩයක් නිකුත් කල අතර, හරිත කලාපය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එක්සත් ජනපද පුහුනුව ලත් ඉරාක ත්‍රස්ත විරෝධී බලකාය මාධ්‍ය වෙත පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කලේය. ඒ, “ඕනෑම ආයතනයක්” ආරක්ෂා කිරීමට නියෝග ලැබී ඇති බව ප්‍රතික්ෂේප කරමිනි.

විරෝධතාකරුවන් හරිත කලාපයෙන් ඉවත්ව “ඔව්, අපි ඔවුන්ව පුලුස්සා දැමුවෙමු!” යනුවෙන් සටන්කාමීන්ගේ නායකයින්ට පැවසීමෙන් පසු, ඔවුන් තම අරමුන සාක්ෂාත් කර ගත් බවත්, එක්සත් ජනපද හමුදා සියල්ලම රටින් නෙරපා හැරීමට ඉරාක පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කල යුතු බවත් පැවසීය.

අතීතයේ දී ඒවන් යෝජනා හඳුන්වා දී ඇති නමුත් සාර්ථක නොවීය. වර්තමාන අර්බුදය එවැනි පියවරක් අනුමත කිරීම සඳහා කොන්දේසි නිර්මානය කර තිබේ. ඉරාක ව්‍යවස්ථාදායකයේ කන්ඩායම් ගනනාවක නායකයින් එක්සත් ජනපද මිලිටරියේ සහභාගිත්වය අවසන් කිරීම සඳහා සිය සහයෝගය සංඥා කර තිබේ.

පෙන්ටගනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, නිල ඇඳුමින් සැරසුනු එක්සත් ජනපද භටයන් 5,000 ක් පමන ඉරාකයේ සේවයේ යොදවා ඇති අතර, නිසැකවම එම ප්‍රමානයට වඩා වැඩි නොදන්නා සංඛ්‍යාවක්, සිවිල් හමුදා කොන්ත්‍රාත්කරුවන් ද ඇතුලු‍, එහි රඳවා ඇත. ඔවුන් රට තුල සිටීම යුක්ති සහගත කලේ, මීට පෙර ඉරාකයේ දෙවන නගරය වූ මොසුල් සහ අන්බාර් පලාතේ තවත් නාගරික මධ්‍යස්ථාන ගනනාවක් සුන්බුන් බවට පත් කරමින් එක්සත් ජනපදය දැවැන්ත විනාශකාරී කාර්යභාරයක් ඉටු කල “ අයිසිස්ට එරෙහි යුද්ධය ” යන නාමයෙනි. එහිදී දස දහස් ගනනක් ඝාතනය කරන ලදී.

අයිඑස්අයිඑස් බිඳ දැමීමත් සමඟ ට්‍රම්ප් පසුගිය වසර මුලදී, වොෂින්ටනය විසින් “දැවැන්ත ධන සම්භාරයක් වියදම් කර මෙම ඇදහිය නොහැකි පදනම ගොඩනැගූ”‍ අතර, ඉරානය “මේච්චල්” කිරීම පිනිස එය තබා ගත යුතු යයි පැවසීය. ඉරාක ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව “අපේ භූමිය ... අපේ අසල්වැසියන්ට එරෙහිව භාවිතා කිරීමට ඉඩ නොදේ” සහ බැග්ඩෑඞ් “කිසිදු අක්ෂයක කොටසක්” වීමට කැමති නැති බව ප්‍රකාශ කල ඉරාක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයට ඉක්මනන්ම හරස් කැපීය.

ඉරාකයේ එක්සත් ජනපද මිලිටරි පැවැත්ම නැවැත්විය යුතු නීති සම්පාදනය සඳහා ඉරාක පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කල ද වොෂින්ටනය සිය හමුදා ඉවත් කර ගන්නා බව කිසිසේත් පැහැදිලි නැත. ප්‍රකෝප නොකල හා සාපරාධී ආක්‍රමනයකින් ආරම්භ කරන ලද ඇමරිකානු වාඩිලෑම අඛන්ඩව පවත්වාගෙන යාම, ඉරාක සමාජය විනාශ කල දිග්ගැස්සුනු යුද්ධයේ නව අවධියකට මුල පුරනු ඇත.

තමා මිසයිල ප්‍රහාරවල සහ තානාපති කාර්යාල ආක්‍රමනයක ගොදුරක් ලෙස පවතින බවට වොෂින්ටනය මවාපාමින් සිටියද, මැද පෙරදිග දිගින් දිගටම පවතින ගැටුම් හා ආතතීන් දශක ගනනාවක එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයේ සහ ඉරාකය, ඉරානය සහ සිරියාවට එරෙහි ආර්ථික සම්බාධකවල ප්‍රතිපලයකි. ඒ වෙනුවෙන් මිලියන ගනනක් ජීවිත විනාශ කර ඇත.

ටෙහෙරානය සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම පසුගිය වසරේදී ට්‍රම්ප් පරිපාලනය විසින් අවලංගු කිරීමත්, ඉරාන තෙල් අපනයනය බිංදුව දක්වා අඩු කිරීම සහ තන්ත්‍ර වෙනසක් හා එක්සත් ජනපද රූකඩ රජයක් ස්ථාපනය කිරීම පිලිගැන්නවීම සඳහා ඉරාන ජනතාව කුසගින්නේ තැබීම අරමුනු කරගත් “උපරිම පීඩනය” යෙදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමඟ මෙය කුලු‍ගැන්වුනි.

ඉරානයට එරෙහි වොෂින්ටනයේ ක්‍රියාවන් සංලක්ෂනය කෙරෙන නොසැලකිලිමත්කම සහ සාපරාධීත්වය, ශක්තියේ සලකුනක් නොව, පාලක මූල්‍ය කතිපයාධිකාරය පිපිරුම් සහගත මිලිටරි ප්‍රචන්ඩත්වය තුලින් පිටතට හැරවීමට උත්සාහ කරන, ඇමරිකානු ධනවාදය ග්‍රහනය කර ගත් ගැඹුරු සමාජ ආතතීන්, ආර්ථික අස්ථාවරත්වය සහ දේශපාලන අර්බුදයේ ප්‍රකාශනයකි.

ඉරානයට එරෙහි යුද්ධයක්, 2003 දී දියත් කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම් අබිබවා යනු ඇත. එය, සමස්ත කලාපය හා එක්සත් ජ්නපද අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බල” ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය ඇතුලු සියලු‍ ප්‍රධාන බලවතුන් පැටලු‍නු න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මානව වර්ගයා හමුවට ගෙන එනු ඇත.

හින්දු අධිපතිවාදී නීතිවලට එරෙහිව නැගී සිටින ඉන්දියානුවන්

භාරතීය ජනතා පක්ෂය අතින් මැතිවරන පරාජයන් රැසකට මුහුන දී ඇති කොන්ග්‍රස් පක්ෂය, දැන් හින්දු අධිපතිවාදීන්ගේ “අනාගමික” විපාර්ශවය ලෙස පෙනී සිටිමින් තම අනාගත මැතිවරන වාසනාව නංවා ගැනීමට උත්සාහ කරයි.

දීපාල් ජයසේකර විසිනි

ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආන්ඩුව සිය වර්ගවාදී පුරවැසි සංශෝධන පනතට (සීඒඒ) විරුද්ධ වන කම්කරුවන්ට හා තරුනයින්ට එරෙහි රාජ්‍ය මර්දනය වේගවත් කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආන්ඩුව විසින් ජාතික පාර්ලිමේන්තුව තුලින් පනවන ලද ප්‍රතිගාමී ව්‍යවස්ථාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන මුස්ලිම් නොවන සංක්‍රමනිකයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දෙන නමුත් දකුනු ආසියාවේ ඕනෑම රටක මුස්ලිම්වරුන්ට එම අයිතිය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සහ මියන්මාරයේ රෝහින්ග්‍යා ඇතුලු කලාපයේ වෙනත් රටවල සංක්‍රමනිකයන්ට ද එම අයිතිය නැති කර තිබේ.



ඒ අතරම ආන්ඩුව, දැනටමත් ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ පනවා ඇති ජාතික පුරවැසි ලේඛනය (එන්ආර්සී) අනෙකුත් සියලු‍ම ඉන්දියානු ප්‍රාන්ත වෙත දීර්ඝ කර තිබේ. එන්ආර්සී යටතේ ඔවුන්, තමන් ඉන්දියාවේ පුරවැසියන් බව ඔප්පු කිරීමට බලධාරීන් වෙත ලේඛනගත සාක්ෂි සැපයිය යුතුය.

සීඒඒ හා එන්ආර්සී නීති මගින් මිලියන 200 ක් වන ඉන්දියාවේ මුස්ලිම් පදිංචිකරුවන් “පුරවැසියන් නොවන” අය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ නෙරපා හැරීමේ තර්ජනයට මුහුනදෙයි.

සියලු‍ ජනවාර්ගික හා ආගමික කන්ඩායම්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ මහජන විරෝධතාවන්ට මෝඩි රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ, පොලිස් ප්‍රචන්ඩත්වය සහ රාජ්‍ය මර්දනය දැඩි කිරීමෙනි. මෙම තර්ජන නොතකා දැවැන්ත පෙලපාලි හා විරෝධතා බටහිර බෙංගාලයේ අගනුවර වන කොල්කටා හි තෙවැනි දිනටත් අඛන්ඩව පැවැත්විනි.

භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත ආන්ඩු විසින් ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ 144 වන වගන්තිය උත්තර් ප්‍රදේශ්, බෙංගාලු‍රු සහ කර්නාටක ප්‍රාන්තයේ මංගලූර් හි ද පැනවීය. පුද්ගලයන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කරන මෙම මර්දනකාරී බ්‍රිතාන්‍ය යටත් විජිත නීතිය පැනවීම, සීඒඒ හා එන්ආර්සීයට එරෙහි සියලු‍ විරුද්ධත්වය සාපරාධී කිරීමට දරන උත්සාහයකි.

බදාදා සන්නද්ධ දිල්ලි පොලිසිය සහ පැරාමිලිටරි භටයන් නගරයේ සීලම්පූර් සහ ජෆ්රාබාද් ප්‍රදේශවල විරෝධතාකරුවන් බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට “ධජ පාගමනක්” හෝ බලහත්කාරී උද්ඝෝෂනයක් පැවැත්වූහ. පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 144 වන වගන්තිය, නගරයේ ඊසාන දෙස “‍රෙඞ් ෆෝට්” හි ද පනවන ලදී.

ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය-මාක්ස්වාදී (සීපීඑම්) සහ එහි ඊනියා වාම පෙරමුන විසින් සංවිධානය කිරීමට නියමිතව තිබුන පෙලපාලියකට පෙර ඊයේ පොලීසිය, විරෝධතාකරුවන් කිහිප දෙනෙකු “රෙඞ් ෆෝට්” අසල රඳවාගෙන සිටියේය. මීට පෙර පොලිසිය සැලසුම් කල පාගමන සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කර තිබුනි.

බෙංගාලූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පාගමනක් ද පොලීසිය විසින් තහනම් කරන ලදී. භාරතීය ජනතා පක්ෂයේ හින්දු අධිපතිවාදී නීතිවලට සහ රාජ්‍ය මර්දනයට විරුද්ධ වූයේ මන්දැයි මාධ්‍යයට පැහැදිලි කරමින් සිටි ප්‍රවීන ඉතිහාසඥ රාම්චන්ද්‍ර ගුහා, නගර ශාලාවෙන් පිටතට පොලිසිය විසින් ඇදගෙන යනු ලැබීය.

“පොලීසිය මධ්‍යම ආන්ඩුවේ උපදෙස් පරිදි කටයුතු කරයි. මර්දනකාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් අපි අවිහිංසාවාදී හා විනයගරුක ලෙස විරෝධය දක්වන්නෙමු. ඔබ කිසියම් ප්‍රචන්ඩ ක්‍රියාවක් දුටුවාද?” ගුහා පැවසුවේ තමා සහ තවත් බොහෝ දෙනෙකු බස් රථයකට නංවාගෙන පොලිසියට ගෙන යන අතරතුරය.

රජයේ බලධාරීන් කර්නාටක ප්‍රාන්තයේ මංගලූර් හි පොලිස් ස්ථාන පහක ඇඳිරි නීතිය පැනවූ අතර නගරයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවන ලදී. පොලිස් ස්ථානයකට ගිනි තැබීමට තැත් කලැයි කියන උද්ඝෝෂකයින්ට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා මිය ගියහ. උද්ඝෝෂකයින් සහ පොලීසිය අතර ඇතිවුන දරුනු ගැටුම්වලදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර වන ලක්නව්හිදී තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් පොලීසිය විසින් රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

උත්තර් ප්‍රදේශ්හි බ්‍රජ් කලාපයේ ද විශාල සීඒඒ විරෝධී උද්ඝෝෂනයක් පැවැත්විනි. එයට පහර දුන් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පසුව පුද්ගලික ඇප මත නිදහස් කරන ලදී. උද්ඝෝෂනය සංවිධානය කල උත්තර් ප්‍රදේශ්හි අග්‍රාහි සර්වඩලී මුස්ලිම් ක්‍රියාකාරී කමිටුවේ සභාපති සහ ලේකම් අත්අඩංගුවේ පසුවේ. බී.ආර්. අම්බෙඞ්කර් විශ්ව විද්‍යාලය තුල උද්ඝෝෂනයක් පැවැත්වීමට උත්සාහ කල සිසුන් පස් දෙනෙකු අග්‍රාහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්දියාව පුරා ප්‍රධාන විශ්ව විද්‍යාල වල සිසුන් විරෝධතාවලට පුලුල් ලෙස සම්බන්ධ වී සිටිති. දිල්ලියේ ජමියා මිලියා ඉස්ලාමියා (ජේඑම්අයි) විශ්ව විද්‍යාලය සහ උත්තර් ප්‍රදේශ්හි අලිගර් මුස්ලිම් විශ්ව විද්‍යාලය (ඒඑම්යූ) වෙත ඉරිදා ම්ලේච්ඡ පොලිස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම උද්ඝෝෂන තීව්‍ර වී තිබේ.

පොලිසිය නීතිවිරෝධී ලෙස විශ්වවිද්‍යාල දෙකටම ඇතුලු වී සිසුන් අත්අඩංගුවට ගෙන පහර දී ඇත. එහිදී සමහරු බරපතල තුවාල ලබා ඇත. ජේඑම්අයි සහ ඒඑම්යූ සිසුන්ට එල්ල වූ ප්‍රචන්ඩ ප්‍රහාර හෙලා දකිමින් ක්ෂනිකවම ඉන්දියානු විශ්ව විද්‍යාල කිහිපයක විරෝධතා පැනනැඟු‍නි.

සීඒඒ හා එන්ආර්සී වෙත දැඩි විරෝධය පලකිරීමටත්, ජේඑම්අයි සිසුන්ට සහයෝගය දැක්වීම පිනිස රට පුරා විශ්ව විද්‍යාල සිසුන්ට ස්තූති කිරීම සඳහාත් ජාමියා ගුරු සංගමයේ (ජේටීඒ) සාමාජිකයින් පාගමනක් පැවැත්වූහ.

“අපට තවත් වෙන්වීමක් අවශ්‍ය නැත” යනුවෙන් ජේටීඒ ප්‍රකාශ කලේය. “පොලිස් ප්‍රචන්ඬ ක්‍රියා” පිලිබඳව විමර්ශනය කිරීම සඳහා සංවිධානය විසින් කමිටුවක් පිහිටුවා ඇත. ජේඑම්අයි සිසුන්ට එරෙහි සියලු‍ පොලිස් චෝදනා ඉවත් කර ගන්නා ලෙසත්, පොලිස් ප්‍රහාරයෙන් හානියට පත් සියලු‍ දේපල සඳහා ප්‍රමානවත් වන්දි ඉල්ලා සිටීමටත් පියවර ගන්නා බව ඔවුන් පවසයි.

උත්තර් ප්‍රදේශ්හි උසස් පොලිසිය කියා සිටින්නේ ඒඑම්යූ නේවාසිකාගාරවලට නිලධාරීන් ඇතුලු නොවූ බවයි. එහෙත්, පොලිසිය නේවාසිකාගාර වටලා සිසුන්ට පහර දෙනු සහ දේපලවලට හානි කිරීම සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලිව පෙනී යයි.

පොලිසිය සහ ශීව් සේනා ක්‍රියාකාරීන් කඳුලු ගෑස්, රබර් උන්ඩ සහ අත් තුවක්කු වලින් සිසුන්ට පහර දුන් බවත්, නේවාසිකාගාර සහ පල්ලිවලට ඇතුලු වී සිසුන්ගේ වාහන විනාශ කල බවත් පිලිබඳව කරුනු සෙවීමේ නියුතු නීතිඥයින් කන්ඩායමක් අනාවරනය කර තිබේ. සිසුන් 60 ක් පමන තුවාල ලබා ඇති අතර තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත. බොහෝ සිසුන් අතුරුදහන් වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ සිටින බවට විශ්වාස කෙරේ.

ඉන්දියාවේ වෙනස්කම් හා කෙනහිලිකම් කෙරෙන සීඒඒ, එන්ආර්සී පියවර, කම්කරු පන්තිය දුර්වල කිරීම සහ වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා වන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිගාමී න්‍යාය පත්‍රයේ කොටසකි. කප්පාදු ප්‍රතිපත්ති සහ ආයෝජකයින්ට ගැලපෙන “ප්‍රතිසංස්කරන” වලට ඉන්දියානු කම්කරු පන්තියේ සහ ග්‍රාමීය පීඩිතයින්ගේ වැඩෙන විරෝධයට බියෙන් සිටින භාරතීය ජනතා පක්ෂය, අන්ත දක්ෂිනාංශික හින්දු කොටස් බලමුලු‍ ගැන්වීමට හා කම්කරු පන්තියට එරෙහිව කම්පන හමුදා ලෙස යොදා ගැනීමට උත්සාහ කරයි.

ඒ අතරම, කොන්ග්‍රසය සහ ඉන්දියානු ස්ටැලින්වාදී පක්ෂ, සීඒඒ නීතිවලට එරෙහි මහජන විරෝධය ආන්ඩුවට සහ ඉන්දීය පාලක ප්‍රභූවට හානිකර නොවන ඔවුන්ට ආයාචනා කරන තත්වයට හැරවීම සඳහා උත්සාහ කරති.

භාරතීය ජනතා පක්ෂය අතින් මැතිවරන පරාජයන් රැසකට මුහුන දී ඇති කොන්ග්‍රස් පක්ෂය, දැන් හින්දු අධිපතිවාදීන්ගේ “අනාගමික” විපාර්ශවය ලෙස පෙනී සිටිමින් තම අනාගත මැතිවරන වාසනාව නංවා ගැනීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, සීඒඒ හා එන්ආර්සී ට දක්වන කොන්ග්‍රසයේ විරුද්ධත්වය වංචාවකි. මිලියන දෙකක පමන ජනතාවක් “රටක් නැති” තත්වයට පත් කල ඇසෑම් එන්ආර්සී, 1985 අගෝස්තු මාසයේදී එවකට අගමැති රජීව් ගාන්ධිගේ කොන්ග්‍රස් ආන්ඩුව, ඇසෑම් ව්‍යාපාරය සමඟ අත්සන් කරන ලද ඇසෑම් ගිවිසුමට අනුව කටයුතු කරයි.

1947 සිට එවකට බි්‍රතාන්‍ය ඉන්දියාව මුස්ලිම් පාකිස්තානයක් හා හින්දු ආධිපත්‍යයක් සහිත ඉන්දියාවක් ලෙස බෙදීමට එකඟ වූ හින්දු වර්ගවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිලිබඳව කොන්ග්‍රසයට දීර්ඝ වාර්තාවක් තිබේ. බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුල ෆැසිට්වාදී ෂිව් සේනා සමඟ එක්ව ඔවුන් මෑතකදී ආන්ඩුවත් ද පිහිටුවා ගත්තේය.

සීඒඒ සහ එන්ආර්සීයට එරෙහි මහජන උද්ඝෝෂන පීලි පැන්වීමේ වඩාත්ම ද්‍රෝහී දේශපාලන භූමිකාව ඉටු කරනු ලබන්නේ ස්ටැලින්වාදී සංවිධාන වන සීපීඑම් ද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ඔවුන්ගේ වාම පෙරමුන ය.

තමන් භාරතීය ජනතා පක්ෂයට එරෙහි “අනාගමික” ප්‍රකාරයක් නියෝජනය කරන බව පවසමින් ස්ටැලින්වාදීයෝ, කොන්ග්‍රසයට සහ විවිධ ප්‍රතිගාමී කුල පදනම් කරගත් ප්‍රාදේශීය ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය දේශපාලනිකව යටත් කිරීමේ උත්සාහයන් වේගවත් කිරීම සඳහා මෝඩිගේ හින්දු අධිපතිවාදී පියවර ගසාකමින් සිටිති. ස්ටැලින්වාදීන් මේ වන විට දිල්ලි, කේරල සහ බටහිර බෙංගාලයේ කොන්ග්‍රසය සමඟ ඒකාබද්ධ සීඒඒ විරෝධී උද්ඝෝෂන පවත්වයි.

වෙනත් පක්ෂ හා සංවිධාන ප්‍රතිගාමී සංක්‍රමන-විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කරමින් සීඒඒ කෙරෙහි වන විරුද්ධත්වය වෙනතකට හැරවීමට උත්සාහ කරති. උදාහරනයක් ලෙස ආම් අද්මි පක්ෂයේ දිල්ලි මහඇමති අරවින්ද් කෙජ්රිවාල්, අසල්වැසි රටවලින් සංක්‍රමනය වීම නිසා ඉන්දියානුවන්ට රැකියා අවස්ථා අහිමි වනු ඇති බවට, සීඒඒ සංවිධානය දකුනෙන් හෙලා දුටුවේය. එලෙසම ඇසෑම් හි සීඒඒ විරෝධී උද්ඝෝෂන සංවිධානය කරන සමස්ත අසාම් ශිෂ්‍ය සංගමය, ඉන්දීය උප මහාද්වීපයෙන් පැමිනෙන සියලු‍ම සංක්‍රමනිකයින්ට පුරවැසිභාවය ලබා දීමට විරුද්ධ වේ.

කතුවරයා පහත සඳහන් ලිපි ද නිර්දේශ කරයි:


අසාන්ජ්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රනය

මෙම විමර්ශනය කුරිරු ලෙස යොදා ගැනුනේ අසාන්ජ්ට අපහාස කිරීමට සහ ඔහුට ඇති අතිමහත් මහජන සහයෝගය අඩපන කිරීම මෙන් ම යටපත් කිරීමේ උත්සාහයකට ය.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

ආසන්න වශයෙන් වසර 10ට පසු, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහි “ලිංගික විෂමාචාරය” පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් “මූලික පරීක්ෂනයක්” අත්හරින බව ස්වීඩන් නීතිඥයෝ ඊයේ නිවේදනය කලහ. ස්වීඩනයේ නියෝජ්‍ය ප්‍රධාන අභිචෝදක ඊවා-මාරි පර්සන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉදිරියට යාමට “ප්‍රමානවත් සාක්ෂි නොමැති” බව යි.


දශකයක් තුල තුන් වතාවක් අතහැර දැමූ අතර කිසි විටෙකත් “මූලික” අවධියෙන් ඔබ්බට නොගිය, විමර්ශනයේ නින්දිත බිඳවැටීම, මගින් හංවඩු ගසන්නේ එය රාජ්‍ය බොරු නඩුවක් හා අධම ප්‍රයෝගකාරී මෙහෙයුමක් ලෙස ය. එය ප්‍රදර්ශනය කරන්නේ එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන්නා වූ ද ස්වීඩනය, බි්‍රතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ඇතුලු එහි සහචරයින්ගේ ආධාර හා අනුබල ලබන්නා වූ ද, පෙර නොවූ විරූ ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රනයක අසාන්ජ් ගොදුරක් වී ඇති බව යි.

විමර්ශනය අවසන් කිරීම, ස්වීඩන් චෝදනාවල එකම අරමුන තම නම කැත කර ඇමරිකානු බන්ධනාගාරයකට යැවීම සඳහා විකල්ප මාර්ගයක් සැපයීම බවට 2010 සිට අසාන්ජ් විසින් කරන ලද අනතුරු ඇඟවීම්වල නිරපේක්ෂ සනාථ කිරීමකි.

වසර 10 ක නින්දිත කූටෝපායන් සහ ජාත්‍යන්තර මෙන් ම දේශීය නීතිය උල්ලංඝනය කිරීම් වලින් පසුව, ස්වීඩන් විමර්ශනය කුඩුපට්ටම් වී ඇති අතර, යුද අපරාධ හා ගෝලීය රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කිරීම වෙනුවෙන්, වසර 175 ක සිර දඬුවමකට මුහන දීමට සිදුවනු ඇති, එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් ඔහුව උපරිම ආරක්ෂා සහිත බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රඳවා සිටී.

අසාන්ජ් “ලිංගික අපරාධකරුවෙකු” හෝ “ස්ත්‍රී දූෂකයෙකු” බවට ඔප්පු කිරීම් ලෙස සංගත මාධ්‍ය විසින් නිමක් නැතිව දෙසා බෑ සියලු ම කටකතා හෙලිදරව් ව තිබෙන්නේ, ධෛර්යසම්පන්න මාධ්‍යවේදියෙකු මෙන් ම ප්‍රකාශකයෙකු බිල්ලට ගැනීමට, චරිතය කෙලසීමට හා නඩු පැවරීමට ප්‍රබන්ධ කෙරුනු, බොරු හා මවාපෑම් ලෙස යි.

එක්සත් ජනපදය නායකත්වය දුන් බද්ධ වෛරය පෙරදැරි කර ගත් වැඩ පිලිවෙල තුල, එවැනි කඩඇනයක කාර්යභාරයක් ඉටු කල ස්වීඩන් විමර්ශනය සම්පූර්නයෙන් අපකීර්තියට පත් වීම හෙලිදරව් කරන්නේ අසාන්ජ්ට එරෙහි සමස්ත මෙහෙයුමේ මුලුමනින් ම නීති විරෝධී ස්වභාවය යි.

වධහිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්සර් පසුගිය සතියේ ප්‍රසිද්ධ කල ස්වීඩන් රජයට නිකුත් කල නිල ලිපියක සඳහන් කර ඇති පරිදි, විමර්ශනය “පසුකාලීන ව බොහෝ රටවල අසාන්ජ් මහතාට එරෙහි තිරසාර හා එක්ව සැලැසුම් කෙරුනු ප්‍රසිද්ධ රංචුගැසීම් මෙන් ම අධිකරන පීඩා පිලිබඳ උද්ඝෝෂනයට මුල පිරූ, සක්‍රීය කල හා ධෛර්යමත් කල මූලික සාධකය යි. එහි සමුච්චිත බලපෑම් විස්තර කල හැක්කේ මානසික වධහිංසා ලෙස පමනි. ”

සාපරාධී චෝදනා නිකුත් කිරීම කිසි විටෙකත් අසලකටවත් නොපැමිනියත්, ස්වීඩන් විමර්ශනය අසාන්ජ්ව නීති පද්ධතිය තුල ආරවුලකට පැටලීමට යොදා ගත් අතර ඔහුගේ අත්තනෝමතික රඳවා ගැනීම බලාත්මක කිරීමේ ප්‍රධාන යාන්ත්‍රනය එය විය.

2012 දී ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරන පැතීමට ඔහුට බල කරන ලද්දේ හුදෙක් “ප්‍රශ්නවලට පිලිතුරු සැපයීම” සඳහා අසාන්ජ් පිටුවහල් කරන ලෙස ස්වීඩනය විසින් කරන ලද පෙර නොවූ විරූ ඉල්ලීමට බි්‍රතාන්‍ය දුන් පිටුබලය යි. බ්‍රිතාන්‍ය විසින් තානාපති කාර්යාලය වටලෑම හා ඔහු ගොඩනැගිල්ලෙන් පිටතට අඩිය තැබුවහොත් තමන් අසාන්ජ් අත්අඩංගුවට ගන්නා බවට එය කල තර්ජනයන්ට ස්වීඩන් නඩුව ව්‍යාජ තර්කයක් සැපයුවේ ය.

මෙම විමර්ශනය කුරිරු ලෙස යොදා ගැනුනේ අසාන්ජ්ට අපහාස කිරීමට සහ ඔහුට ඇති අතිමහත් මහජන සහයෝගය අඩපන කිරීම මෙන් ම යටපත් කිරීමේ උත්සාහයකට ය. මේ වසරේ අප්‍රේල් මාසයේ දී, බ්‍රිතාන්‍ය පොලිසිය විසින් විකිලීක්ස් නිර්මාතෘවරයා ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයෙන් ඇදගෙන යා හැකි වීමට මෙන් ම නීත්‍යානුකූල ව ආරක්‍ෂා කෙරුනු ඔහුගේ ප්‍රකාශන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ඔහුට එරෙහිව නඩු පැවරීමට විවෘතව උත්සාහ කල හැකි දේශපාලන වාතාවරනයක් එය නිර්මානය කලේ ය.

එපමනක් නොව, ස්වීඩන් චෝදනා, ලේ තැවරුනු ඇමරිකානු බුද්ධි අංශවල සිට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාවේ නිල දේශපාලන පක්ෂ, සංගත මාධ්‍ය, ව්‍යාජ වම්මුන් හා අනන්‍යතා දේශපාලනයේ ගනන් කල නොහැකි වෘත්තිකයන් දක්වා විහිදෙන්නා වූ, අසාන්ජ්ට එරෙහිව එක්රැස් වූ අශුද්ධ සන්ධානය සඳහා දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන සිමෙන්ති සපයන ලදී.

ඔවුන් ආරක්ෂා කරන සමාජ හා දේශපාලන පර්යාය හෙලි කල හෙයින්, අසාන්ජ්ට එරෙහි වන මෙම සංවිධාන සියල්ල ම, ස්වීඩන් චෝදනා යොදා ගත්තේ, මෙල්සර් නිවැරදිව විස්තර කල පරිදි, අසාන්ජ්ට එරෙහි කුරිරු “ප්‍රසිද්ධ රංචු ගැසීමක්” හැසිරවීමට හා ඔහුගේ නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පගා දැමීම සඳහා වන තම අනුබල දීම යුක්තිසහගත කිරීමටය.

දහස් ගනනක් උදාහරනවලින් අතලොස්සක් පමනක් උපුටා දැක්වූ:

■ 2017 දී අවසන් වරට විමර්ශනය අතහැර දැමූ විට, ගාඩියන් පුවත්පත “අසාන්ජ් කතාවේ සදාචාරය? බොහෝ කාලයක් ඇති තරම් බලා සිටියා, නරක ලටපට ඉවතට යයි” නම් අශිෂ්ට අදහස් දැක්වීමක් ප්‍රසිද්ධ කලේ ය. තවත් ගාඩියන් අදහස් දැක්වීමක් අසාන්ජ් විස්තර කලේ “ශිෂ්ටසම්පන්න සමාජයට අනතුරක් වන ආත්මරාගී පුදග්ලයෙකු” ලෙස යි. මැයි මාසයේ දී විමර්ශනය නැවත විවෘත කල විට, ගාඩියන් කතුවැකිය ඔහු ව ස්වීඩනයට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේය.

■ නිව් යෝක් ටයිම්ස් පුවත්පත අසාන්ජ්ව “ව්‍යාකූල පුද්ගලයෙකු” ලෙස පුන පුනා විස්තර කලේ ය.

■ වාම-ලිබරල් නේෂන් පත්‍රයේ කතා පොලිට් නම් තැනත්තිය විසින් පල කරන ලද 2010 ලිපියක් මෙසේ ප්‍රකාශ කලේ ය: “ජූලියන් අසාන්ජ්ට එරෙහි ස්ත්‍රී දූෂන චෝදනා සම්බන්ධයෙන් ඇති වූ කෝපයෙන් මා මෙතෙක් ඉගෙන ගත් දේ මෙන්න: ස්ත්‍රී දූෂනය සම්බන්ධයෙන් ගත් විට, වම තවමත් එය බාර ගන්නේ නැත.” ස්වීඩනය අසාන්ජ් පසුපස ලු‍හුබඳින්නේ, “ලෝක මට්ටමේ කීර්තිමත් පුද්ගලයින් රටින් පලා ගොස් තමන් දෙස අවමානයෙන් බලන විට නඩු පවරන්නන්ට පිස්සු වැටෙන” නිසා බව පොලිට් ප්‍රකාශ කලා ය.

■ අසාන්ජ් හට චෝදනා ගොනුකර නොතිබුනද බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂයේ 2012 ප්‍රකාශයක මාතෘකාව වූයේ “ජූලියන් අසාන්ජ් මුහුන දිය යුත්තේ ස්ත්‍රී දූෂන චෝදනාවලට මිස, එක්සත් ජනපදයේ පලිගැනීමට නො වේ” යනුවෙනි. ලොව පුරා ව්‍යාජ වාම සංවිධාන විසින් ද එම මාවත ම ගනු ලැබින.

■ අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර ඇති, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්, මැයි මාසයේදී චෝදනාවලට “පිලිතුරු” දීමට අසාන්ජ්ව ස්වීඩනයට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එවැනි ප්‍රකාශ කල සියලු‍ම සංවිධාන හා පුද්ගලයෝ තමන් බොරු පවසන බව දැන සිටියහ. චෝදනාවල ව්‍යාජ ස්වභාවය ප්‍රසිද්ධියේ සටහන් විය.

මෙයට 2010 අගෝස්තු මාසයේදී ආරම්භක අභිචෝදිකා ඊවා ෆින්ගේ නිගමන ඇතුලත් විය. “ඔහු දූෂනය කර ඇති බව සැක කිරීමට හේතුවක් ඇතැ යි මම නොසිතමි.” “චෝදනාවට ලක්වූ හැසිරීම කිසිදු අපරාධයක් හෙලි නො කල බව” ඇය සඳහන් කලා ය. එක් පැමිනිලිකරුවෙකුගේ කෙටි පනිවුඩවල සඳහන් වූයේ “චෝදනා ඉදිරිපත් කලේ පොලිසිය විසින්” බව ය.

මෙම නඩුවේ “අක්‍රමිකතා” පිලිබඳ අවස්ථාවල දීර්ග ලැයිස්තුවට, පොලිස් නිලධාරීන් පැමිනිලි කරුවන්ගෙන් එක් අයෙකුගේ ප්‍රකාශය දැනුම්දීමකින් තොර ව නැවත ලිවීම, එක්සත් ජනපද ආන්ඩුව සමග සමීප සබඳතා ඇති නීතිඥයෙකු හා දේශපාලනඥයෙකු වන ක්ලේස් බොර්ග්ස්ට්‍රෝම්ගේ සමීප සම්බන්ධය හා ඔවුන් අනෙකුත් නඩු සිය ගනනක දී කර තිබූ ආකාරයට අසාන්ජ්ව වීඩියෝ සබැඳියකින් හෝ ලන්ඩනයේ දී හමුවීමක් මගින් සම්මුඛ සාකච්ඡා කිරීමට ස්වීඩන් නඩු පවරන්නන් විසින් ප්‍රතික්ෂේප කිරීම ඇතුලත් වුනි.

වඩාත් නරුම ලෙස, ස්වීඩන් බොරු නඩුව ප්‍රචාරය කල අය ඇමරිකාව විසින් අසාන්ජ් ලු‍හුබැඳීම සමග එයට යම් සම්බන්ධයක් ඇති බවට වූ යෝජනාව ඉවත හෙලු‍වේ, අසාන්ජ් තම අත්අඩංගුවට පැමිනියහොත් තමන් ඔහුව එක්සත් ජනපදයට උදර්පනය නො කරන බව සහතික කිරීමට ස්වීඩන බලධාරීන් ඉදිරිපත් නොවූයේ ඇයිද යන්න පැහැදිලි කිරීමට අන් මගක් නොතිබි බව නොතකමිනි.

එපමනක් නොව, එක්සත් ජනපද ජ්‍යෙෂ්ට දේශපාලනඥයන් ඔවුන්ගේ යුද අපරාධ හෙලිදරව් කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියේ අසාන්ජ්ගේ ඝාතනය ඉල්ලා සිටි තතු යටතේ, 2010 අගෝස්තු මාසයේ දී පොලීසිය විසින් මෙම චෝදනා ප්‍රථම වරට ගොතන ලදී. එක්සත් ජනපද ආන්ඩුව “පෙර නොවූ විරූ පරිමානයෙන් හා ස්වභාවයෙන්” පරීක්ෂනයක් දියත් කර තිබූ අතර, එයට පැහදිලිව ම විකී ලීක්ස් විනාස කිරීමේ කර්තව්‍යය පැවරුනු, එෆ්බීඅයි සහ සීඅයිඒ නියෝජිතයින් විසින් දවසේ පැය 24 පුරාම කාර්යයේ නියුතු “යුද කුටියක්” පිහිටුවීම ද ඇතුලත් විය.

“සීඅයිඒ සෙවනැල්ල” ලෙස විස්තර කෙරුනු, පෞද්ගලික සමාගමක් වන ස්ට්‍රැට්ෆෝර් හි හිටපු එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරියෙකු සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු වන ෆ්‍රෙඞ් බර්ටන් විසින් නිකුත් කරන ලද ඊමේල් පනිවුඩයකින් පසු ව මෙම රාමුව සකස් කිරීම පිලිබඳ සැලැස්ම අනාවරනය විය. 2010 දෙසැම්බර් මාසයේ දී ඔහු තම සගයෙකුට යැවූ ලිපියක අසාන්ජ්ට එරෙහි එක්සත් ජනපද මූලෝපාය වූයේ: “අයුක්ති සහගත ලෙස බුරුතු පිටින් ඔහුව නින්දාවට පත් කිරීම හා ඉදිරි වසර 25 සඳහා විවිධ චෝදනාවලට මුහුන දීමට ඔහු ව රටින් රටට ගෙන යාමයි” යන්නයි.

ස්වීඩන් විමර්ශනය නීත්‍යානුකූල කල සියලු‍ දෙනා මෙම සීඅයිඒ උද්ඝෝෂනයේ පාබල සෙබලුන් ලෙස ක්‍රියා කලහ.

කෙසේවෙතත්, අසාන්ජ්ගේ බොරු නඩුව, සුප්‍රසිද්ධ ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු වන ජෝන් පිල්ගර්ගේ සිට රොජර් වෝටර්ස්, පමෙලා ඇන්ඩර්සන් සහ එම්.අයි.ඒ. වැනි සංගීතඥයන් හා විනෝදාස්වාදය සපයනන් දක්වා වන, වඩාත් ප්‍රතිපත්ති ගරුක කලාකරුවන් හා ප්‍රසිද්ධ බුද්ධිමතුන්ගේ විරුද්ධත්වයට මුහන දී ඇත.

අසාන්ජ්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රනය හෙලිදරව් කිරීම ඔහු එක්සත් ජනපදයට උදර්පනය කිරීම වැලැක්වීමට මෙන් ම ඔහුගේ පූර්න හා කොන්දේසි විරහිත නිදහස සුරක්ෂිත කිරීම සඳහා ගෙන යා යුතු සටනට කේන්ද්‍රීය වේ.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පුලුල් ව්‍යාපාරයක පෙරමුනේ තිබිය යුතු මෙම අරගලයේ දැවෙන හදිසි අවශ්‍යතාව පෙන්නුම් කෙරෙන්නේ අසාන්ජ්ගේ පියා හා එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු වන නිල්ස් මෙල්සර් බ්‍රිතාන්‍ය අධිකරනයේ නීති විරෝධී හැසිරීම හේතුවෙන්, ඔහු බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ දී මිය යා හැකි බවට කල අනතුරු ඇඟවීම්වලිනි.