COVID-19 සම්භවය පිළිබඳ එක්සත් ජනපද බුද්ධි වාර්තාව: දිරාගිය ආවරණයක් ඇති කැත න්‍යාය පත්‍රය

ඇෆ්ගනිස්ථානයේදී ලැබූ විශාල පරාජයේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් බයිඩෙන් පරිපාලනය චීනයට  චෝදනා කරයි. ධවල මන්දිරය සහ එහි බුද්ධි අංශ යළි යළිත් වැරදි තක්සේරු මත වැරදි තීරණ ගනිමින් සිටින අතර ඇෆ්ගනිස්ථානය කඩිමුඩියේ අතහැර දමා එහි සියලු සගයන් පාවා දීමෙන් මුළු ලෝකයම කම්පනයට පත් කරනු ලැබීය.


තානාපති චි චෙන්හොන්ග් ( Ambassador Qi Zhenhong )

 

ජනාධිපතිවරයාගේ විධායක නියෝගයෙන් පසු දින 90 ක් ගත වීමෙන් පසු එනම් අගෝස්තු 27 දා, කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් කඩිමුඩියේ නිකුත් කළේය. සිතූ පරිදිම, මෙම වාර්තාවට කිසිඳු නිගමනයකට එළඹීමට නොහැකි වූ අතර චීනය වරදකරු කිරීමේ ධවල මන්දිරයේ නොපසුබට උත්සාහය තෘප්තිමත් කිරීමටද නොහැකි විය. මෙම ඊනියා "විද්‍යාත්මක" වාර්තාවේ එකම ප්‍රතිඵලය වූයේ වොෂිංටනයේ දේශපාලන සර්කස් සංදර්ශනය සහ එහි කැත සැඟවුනු න්‍යාය පත්‍රය සැමට හෙළිදරව් වීමය. 



එක්සත් ජනපදය, චීනයට දොස් පැවරීම සඳහා වන ඔවුන්ගේ දේශීය න්‍යාය පත්‍රය නම් COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී පෙන්නු  විශාල අසාර්ථකත්වය සහ අවුල් ජාලාව වසා දැමීමයි. ලෝක ජනගහනයෙන් 4.3% ටත් වඩා අඩුවෙන් වෙසෙන හා බලවත්ම වෛද්‍ය සම්පත් ඇති එකම සුපිරි බලවතා වශයෙන් එක්සත් ජනපදය අපව පුදුමයට පත් කළේ  මිලියන 39.2 කට අධික COVID-19 රෝගීන් ගෝලීය එකතුවෙන් 18% ක් ද මරණ 639,000 කට වැඩි සංඛ්‍යාවක් එනම් ලොව සමස්ත මරණ වලින් 14.2%  ද වාර්තා කිරීමෙනි . වසංගතය පාලනය කිරීමට අපොහොසත් වුවද, එක්සත් ජනපද දේශපාලනඥයින් තම අසාර්ථකභාවය වසා ගැනීමට සහ වගකීම පැහැර හැරීමට බොරු කියමින්, ජනතාවාදය හා වාර්ගික වෛරය අවුස්සමින් චීනය දෙසට ඇඟිල්ල දිගු කිරීමට පෙළඹී සිටිති. අපි එක්සත් ජනපදයට දැඩි ලෙස අවවාද කරන්නේ අන් අයට දොස් පැවරීමෙන් ඇමරිකානු ජනතාවගේ ජීවිත බේරා ගත නොහැකි බව සහ එමඟින් තමන්ගේ නොහැකියාව තව තවත් වැඩි වන බවයි. ඔවුන්ගේ දුර්වල පාලනය තමන්ගේම ජනතාවගේ සහ මුළු ලෝකයේම බරපතල සැකයට තුඩු දී ඇත.  එක්සත් ජනපද පරිපාලනයට ඇති එකම විසඳුම නම් වසංගතයට එරෙහිව සටන් කරන විද්‍යාවට සහ සහයෝගීතාවට සහය දැක්වීමයි. 

චීනයට දොස් පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මක එක්සත් ජනපදයේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ අරමුණ නම් COVID-19 දේශපාලනීකරණය කිරීමෙන් චීනය අපකීර්තියට පත් කිරීම සහ මර්දනය කිරීමයි. චීනයේ ශීඝ්‍ර සාමකාමී සංවර්ධනය දකින විට විශේෂයෙන් ම චීනය වසංගතය සාර්ථකව පාලනය කර ගැනීම සහ සියළුම වැඩ කටයුතු හා නිෂ්පාදන වේගවත් ලෙස ආරම්භ කිරීම දකින විට සීතල යුද්ධ මානසිකත්වයෙන් වෙසෙන සමහර එක්සත් ජනපද දේශපාලනඥයින්  මහත් කලබලයට පත් වූහ. එම නිසා, ඔවුහුගේ මෙම ස්වනිර්මාණ සැකය විසින් චීනය උපායමාර්ගික තරගකරුවාසහ එක්සත් ජනපදයට ඇති ලොකුම තර්ජනයලෙස ලේබල් කිරීමට  යොදා ගනිමින් වසංගතය උමතු ලෙස දේශපාලනීකරණය කර චීනය ප්‍රකෝප කිරීමට උත්සහ කරති. ඔවුන් "වගවීම", "වන්දි ගෙවීම", "බීජිං 2022 ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම" වැනි දේ කියමින් චීනයට එරෙහිව සැඟවුන දේශපාලන මෙවලමකට අවශ්‍යය මූලයන් ලුහුබැඳ යති. කෙසේ වෙතත්, ඇමරිකාව සිය බොරුව දහස් වාරයක් පුන පුනා කීවද එය කිසි විටෙකත් සත්‍යයක් නොවනු ඇත. වෛරසයේ  සම්භවය සොයා ගැනීම දේශපාලනීකරණය කිරීමට එරෙහිව තම විරෝධය විවෘතව දක්වමින් ලංකාව ඇතුළු රටවල් 80 කට වැඩි සංඛ්‍යාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. 

තවද, ඇෆ්ගනිස්ථානයේදී ලැබූ විශාල පරාජයේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් බයිඩෙන් පරිපාලනය චීනයට  චෝදනා කරයි. ධවල මන්දිරය සහ එහි බුද්ධි අංශ යළි යළිත් වැරදි තක්සේරු මත වැරදි තීරණ ගනිමින් සිටින අතර ඇෆ්ගනිස්ථානය කඩිමුඩියේ අතහැර දමා එහි සියලු සගයන් පාවා දීමෙන් මුළු ලෝකයම කම්පනයට පත් කරනු ලැබීය. ජනාධිපති බයිඩෙන් සහ ඔහුගේ ප්‍රධාන සහායකයින්ට ඉල්ලා අස්වන ලෙස බලකෙරන තියුණු විවේචන හමුවේ ධවල මන්දිරය සහ එහි බුද්ධි අංශ වත්මන්  මුහුණුවර වෙනස්කොට අනාගතය රැක ගැනීම සඳහා මහජන අවධානය වෙනතකට යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයකට මුහුණ පා සිටිති. වෛරසයේ සම්බවය ගැන සාමාන්‍ය බුද්ධියට එරෙහිව මෙවැනි නිෂ්ඵල වාර්තාවක් හදිසියේ ප්‍රසිද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් එක්සත් ජනපද බුද්ධි අංශවලට නොතිබීමට හේතුව ඉන් කදිමට පැහැදිලි කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය කළ ඒකාබද්ධ අධ්‍යයනය එක්සත් ජනපදය විසින් නොසලකා හැරීම සහ කොරෝනා වෛරසයේ සම්බවය සොයා ගැනීමේදී චීනය විනිවිදභාවයකින් හෝ සහයෝගයෙන් කටයුතු නොකරන බවට චෝදනා කිරීම අමූලික විකාරයක් බව පෙන්වා දීමට මම කැමැත්තෙමි. ඇත්ත වශයෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් විනිවිදභාවයෙන්, වගකීමෙන් සහ සහයෝගයෙන් කටයුතු නොකරන්නේ එක්සත් ජනපදයයි. සත්‍යය වසන් කිරීමට සහ වගවීම වළක්වා ගැනීමට උත්සාහ කරන ජෛව විද්‍යාත්මක අත්හදා බැලීම් සිදු කළේ යැයි කියන ෆෝට් ඩෙට්‍රික් ජෛව විද්‍යාගාරය සහ එක්සත් ජනපදය නඩත්තු කළ විදේශීය කඳවුරු 200 කට අධික සංඛ්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව මතුකරන සාධාරණ සැකයට ප්‍රතිචාර දැක්වීම එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරමින් සිටී. ලෝකයට පිළිතුරක් ලබා දීමේ වගකීම එක්සත් ජනපදය සතු ය. 

ගෝලීය සහයෝගීතාවයට බාධා කරමින් ජාත්‍යන්තර සහයෝගීතාව කඩාකප්පල් කිරීමට ඕනෑම දෙයක් කරමින් වසංගතයේ මූලාරම්භය සෙවීම වහාම නවත්වන ලෙසත්විද්‍යාව පදනම් කරගත් ක්‍රමවේදයක් ඔස්සේ  වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ සහ සහයෝගීතාවයේ නිවැරදි මාවතට ආපසු එන ලෙසත් අපි එක්සත් ජනපදයට දැඩි ලෙස අවවාද කරමු. ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වසංගත පාලනය සහ වසංගත විරෝධී ගෝලීය සහයෝගීතාව සඳහා යහපත් දෙයක් කිරීම වැදගත්වේ. 

ලේඛකයා ශ්‍රී ලංකාවේ චීන තානාපති ලෙස කටයුතු කරනු ලබයි.