The Most/Recent Articles

Showing posts with label history. Show all posts
Showing posts with label history. Show all posts

මාක්‌ස්‌ගේ දරුවෝ

 කැරොලයින් වැදූ දරුවන්ගෙන් මිය ගියේ 1873 හා 1878 උපන් දරුවන් දෙදෙනා පමණි. ඉතිරි සිව්දෙනා සාර්ථක වෘත්තීය ජීවිත ගත කරමින් ද, සමාජවාදී ව්‍යාපාරයේ නියැළෙමින් ද දිවි ගෙවූහ. එක් අයෙකු සමාජවාදී සෝවියට් දේශයෙන් සම්මානද ලබා 1952 දක්වා ජීවත් විය.

චන්ද්‍රසේන බදුගම

"ආදරය - ඉකුත්වූ දීර්ඝ ශෝකී වසරවල මා යළි යළිත් පැවසූ ඒ වචනය, ම වෙතින් ඔබට පැවසෙන අවසන් වචනය ද වේ."

ඒ එලනෝර් මාක්ස් සිය දිවි නසා ගැනීමට පෙර ඈ සමඟ වසර 14 ක් සැමියා ලෙසින් වාසය කළ එඞ්වර්ඞ් අවෙලිං අමතා ලියන ලද කෙටි ලිපියයි. එලනෝර් කාල්මාක්ස්ගේ බාලම දියණියයි. ජෙනී වොන් වෙස්ට්පාලන් නම් වූ කාල් මාක්ස්ගේ බිරිය ඔහුට දාව දරුවන් සත් දෙනකු බිහි කළාය.



ජෙනී කැරොලයින්- 1844, ජෙනී ලෝරා -1845 , හෙන්රි එඞ්වර්ඞ් ගයි -1849, ජෙනී එව්ලින් ප‍්‍රැන්සිස් 1851, ජෙනී එලියා එලනෝර්- 1855 ඉන් සය දෙනෙකි.

පිටුවහල් කිරීම හා පලා යාම් හේතුවෙන් මාක්ස් පවුලට වරින් වර රටවල් 3 ක වාසස්ථාන සලසා ගැනීමට සිදුවිය. එම වාසස්ථාන උපත් වලින් පමණක් නොව මරණ වලින් ද අඩුවක් නොවීය. ඒ අනුව ඉහත දරුවන් අතරින් එඞ්ගාර් 8 හැවිරිදි වියේදී මිය ගිය අතර හෙන්රි ගයි දිවි ගෙවූයේ වසරක් පමණි. ජෙනී එව්ලින්ගේ ආයු කාලය ද වසරකට සීමා විය. 1857 වසරේදී උපත ලද දරුවාට නමක් තබන තුරුවත් දිවි ගෙවීමට නොහැකි විය. ඒ අනුව මාක්ස්ගේ දරුවන්ගෙන් වැඩිවියට පත්වන තුරු ජීවත්වීමට භාග්‍ය ලද්දේ ජෙනී කැරොලයින් හා ජෙනී ලෝරා යන වැඩිමල් හා දෙවන දියණියන් ද, 1855දී උපත ලද ජෙනී එලනෝර් නම් වූ ඉහත අවසන් ලිපිය ලියන ලද දියණියද පමණි.

කාල් මාක්ස් විධිමත් උසස් අධ්‍යාපනයක් ලද බර්ලින් විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර හැදෑරූවකු වූ නමුත් ඔහුගේ දරුවන් කිසිවෙකුටවත් විධිමත් උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණි. වැඩිමහල් දියණිය 24 වන වියේදී ප‍්‍රංශ භාෂාව උගන්වන ගුරුවරියක වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹුවාය. 1872 දී චාර්ල්ස් ලෝන්ග්අට් නම් වූ සමාජවාදී ක‍්‍රියාකාරිකයෙකු හා විවාහ වූ ඇය ප‍්‍රංශ හා ජර්මන් භාෂා උගන්වන ගුරුවරුන් වශයෙන් සිය සැමියා සමග ඔක්ස්පර්ඞ්හි දිවි ගෙවූහ. දශකයක් පමණ වූ විවාහ ජීවිතයෙහිදී ඇය දරුවන් සය දෙනකු බිහි කළාය. ඒ දරුවන්ගේ විශේෂත්වය වන්නේ කාල් මාක්ස්ගේ ඊළඟ පරපුරක් පැවතියේ ඒ දරුවන්ගෙන් පමණක් වීම නිසාය.

කැරොලයින් වැදූ දරුවන්ගෙන් මිය ගියේ 1873 හා 1878 උපන් දරුවන් දෙදෙනා පමණි. ඉතිරි සිව්දෙනා සාර්ථක වෘත්තීය ජීවිත ගත කරමින් ද, සමාජවාදී ව්‍යාපාරයේ නියැළෙමින් ද දිවි ගෙවූහ. එක් අයෙකු සමාජවාදී සෝවියට් දේශයෙන් සම්මානද ලබා 1952 දක්වා ජීවත් විය.

විවාහයෙන් වසර 8 කින් පසු 1880 සිට ඕ පිළිකාවකින් පෙළෙන්නට වූවාය. 1881 දී ඇය පස්වන දරුවා බිහි කරන ලද්දේ එසේ රෝගීව සිටිමිනි. කාල් මාක්ස් හා බිරිඳ ද ඒ වන විට රෝගීව සිටියහ. මාක්ස්ගේ බාල දියණිය වූ එලනෝර් එතෙක් කරමින් සිටි ගුරු වෘත්තිය අතහැර මාපියන්ට උවටැන් පිණිස ගෙදර නැවතී සිටියාය. තවද පිළිකාවකින් පෙළෙමින් සිටියදී බිහිකරන ලද වැඩිමහල් සහෝදරියගේ දැරිය රැුකබලා ගැනීමේ ද ඇය නියැලූනාය.

මේ අතර කැරොලයන්ගේ පිළිකාව උග‍්‍ර වෙමින් පැවතියේය. ඇය එසේ සිටිමින්ම 1882දී සිය සයවන දරුවා වූ ජෙනී ලෝන්ගඅට් (1882- 1952) දියණියට ද උපත ලබා දුන්නාය. ඉනික්බිති මසකින් පසු 1883 ජනවාරි මාසයේදී ඇය මිය ගියාය.

මාක්ස්ගේ දරුවන් අතරින් මාක්ස් සතු වූ නිපුනතා බොහොමයක් උරුම කරගත් දියණිය වූයේ මෙහි මුලින් සඳහන් කළ බාල දියණිය වූ එලනෝර් ය. ඇය තුන් හැවිරිදි වියේදී ශේක්ෂ්පියර්ගේ කාව්‍යමය නාට්‍ය කණ්ඩ මතකයෙන් කීමට සමත්කම් දැක්වූවාය. නිලාරා කොලම්ස් නම් වූ මාක්ස්ගේ හිතවත් පවුලක අය සමඟ එලනෝර් ශේක්ෂ්පියර්ගේ කාව්‍යමය වාග් පාඨයන් උසුරුවමින් වාචික රංගනයේ නියැලූන අතර මාක්ස් පේ‍්‍රක්ෂකයා වී ඒවා ආශ්වාදනය කරන ලද්දේ යැයි සඳහන් ය. තවද ඇය තුන් හැවිරිදි වයස වන විට ප‍්‍රංශ සහ ඉංග‍්‍රීසි භාෂා දෙකම දැන සිටියාය. මාක්ස් ”ප‍්‍රාග්ධනය” ලියමින් සිටි ඒ අවධියෙහි ඔහු අසල ගැවසෙමින් සිටි ළදරු දියණිය වෙනුවෙන් මාක්ස් ළමා කථාවක් ප‍්‍රබන්ධ කරන ලද්දේය.

”ප‍්‍රාග්ධනයෙහි” වූ අර්ථ ශාස්ත‍්‍ර න්‍යායන් ඇසුරින් නිර්මාණය කළ ඒ ප‍්‍රබන්ධය ඇගේ ප‍්‍රියතම ළමා කථාව වූ බව ඇය පසු කලෙක පවසා තිබුණි. එලනෝර් එම අවධියෙහි මාක්ස් හා පැවත්වූ ළඟ ඇසුර ඇයට බි‍්‍රතාන්‍ය ආර්ථික, දේශපාලන හා සමාජ ඉතිහාසය පිළිබඳ අවබෝධයේ පදනම ලූ බව ඇය පවසා සිටියාය. ”ප‍්‍රාග්ධනයද”, ටුසී ද (ඇය ගෙදරදී අමතනු ලැබූ සුරතල් නාමය එය විය." එකට හැදුනාහ, වැඩුනාහ’යි ඇගේ චරිතාපදානය ලියූ රැුචල් හෝම්ස් සඳහන් කරයි.

1873 දී එලනෝර්ට ප්‍රොස්පර් ඔලිවියර් නම් වූ ප‍්‍රංශ ජාතික තරුණයෙකු මුණ ගැසිණි. ඔහු පැරිස් කොමියුනයේ පරාජයෙන් පසු දිවි ගලවාගෙන බි‍්‍රතාන්‍යයට පලා ආවෙක් විය. එවකට 18 හැවිරිදි එලනෝර් ද 34 හැවිරිදි ඔලිවියර් ද අතර දලූ ලෑ ආදරයට කාල් මාක්ස්ගේ කැමැත්තක් නොවීය. හේතුව වූයේ වයස් පරතරයයි. කෙසේ වෙතත් 1876 දී තරුණ යුවළ එක් වී පැරිස් කොමියුනයේ ඉතිහාසය ග‍්‍රන්ථරූඨ කිරීමේ නියැලූනහ. කාලයාගේ ඇවෑමෙන් 1880 වනවිට ඔවුන්ගේ සබැඳියාව කෙරෙහි වූ මාක්ස්ගේ අකැමැත්ත පහවී ගියද, ඒ වනවිට ඔලිවියර් කෙරෙහි වූ කැමැත්ත එලනෝර් කෙරෙන් වියැකී යමින් තිබුණේය. ඒ අවධියේදී අවුරුදු 25 ක තරුණියක් වූ ඇය මාක්ස්ගේ දේශන සංස්කරණය කර පළකරමින් ද, පියාගේ ලේකම් වරිය ලෙස කටයුතු කරමින් ද සිටියාය. ටික කලක් ආදායම් මාර්ගයක් වශයෙන් ප‍්‍රංශ භාෂා ගුරුවරියක් ලෙසින් සේවය කළ ඇය 1880 වන විට එය අත් හැර දමා නිවසට පැමිණ රෝගාතුර මව්පියන්ට උවටැන් කිරීමේ යෙදී සිටියාය.

ඊළඟ වසරවල එනම් 1881 දෙසැම්බර් මස ඇගේ මෑණියෝද, 1883 ජනවාරි මස වැඩුමහල් සොහොයුරියද, ඉන් මාස දෙකකට පසුව කාල් මාක්ස් ද මිය ගියහ.

මා පිය ඇසුරින් මිදුණු ඉන් ටික කලකට පසු 1884 දී එලනෝර්ට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙඩරේෂනයේ ක‍්‍රියාකාරිකයෙකු වූ එඞ්වර්ඞ් අවෙලිං මුණ ගැසුණ අතර ඔහු හා ඈ අතර හටගත් පේ‍්‍රමය විවාහය තෙක්ම විහිදියේය. එහෙත් ඔහු ඒ වන විටත් විවාහකයකුව සිටි බැවින් එලනෝර් හා විවාහය නීත්‍යනුකූල එකක් නොවීය. පරිනාම වාදය පිළිබඳ ප‍්‍රකට දේශකයෙකු වූ ඔහු ප‍්‍රසිද්ධව සිටියේ ”දොස්තර එඞ්වර්ඞ් අවෙලිං” නමිනි.

එලනෝර් පෙම් කල අවධීන් කවදත් ගෙවී ගියේ පේ‍්‍රම සල්ලාප දෙඞීම් හෝ උද්‍යානවල ගැවසීම් ආදියෙන් නොවේ. එලනෝර්- ඔලිවියර් ආලය ප‍්‍රකාශ වූයේ පැරිස් කොමියුනයේ ඉතිහාසය ලියවීමෙනි. එලනෝර් - අවෙයිලං පේ‍්‍රමය ප‍්‍රකාශ කෙරුණේ ”ප‍්‍රාග්ධනයේ” ඉංග‍්‍රීසි පරිවර්තනය ලියවීමෙනි. තවද විවාහයෙන් පසු තම ජීවනෝපාය ලෙස ග‍්‍රන්ථ පරිවර්තනයේ යෙදුණු ඇය ”මැඩම් බොවාරි” ග‍්‍රන්ථයේ ප‍්‍රථම ඉංග‍්‍රීසි පරිවර්තනය ප‍්‍රකාශයට පත් කළාය. පසු කලෙක කීර්තිධර නාට්‍යධරයෙකු බවට පත්වුණු එවකට සම වයසේ සිටි ජෝර්ජ් බර්නාඞ් ෂෝ සමඟ එක්වී හෙන්රික් ඉබ්සන් ගේ A doll’s house නාට්‍යයේ රංගනයේ යෙදුණාය. ඒ අතරම අති දක්ෂ දෙශිකාවක් වූ ඇය උද්ඝෝෂණ, වැඩ වර්ජන, සහ ස්ත‍්‍රීවාදී ව්‍යාපාරවල ක‍්‍රියාකාරිනියකද, සංවිධායකවරියක ද වී සිය පියා ඇරඹූ සමාජවාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමේ නියුක්ත වූවාය.

අවෙලිං හා ඇය අතර වූ විවාහය ඇයට ආදරය පදනම් කරගත් එකක් විය. ඇයට එය දේපළ පදනම් කරගත් එකක් නොවීය. එහෙත් අවෙලිංට එය එසේ නොවීය. ඔහු ඇගේ ස්වල්ප ආදායම සූරා ගත්තේ යැයි රිචල් හෝර්ම්ස් සඳහන් කරයි. ඔහු නීචයෙකු බව කවුරුත් පිළිගත්තේයැයි ද ඔහු ඇගේ කීර්තිය මකා දැම්මේයයි ද ඇගේ චරිතාපදානය ලියූ රිචල් හෝර්ම්ස් තවදුරටත් පවසයි.

අවෙයිලිං එලනෝර් අඹු සැමියන් ලෙස ජීවත් වන අතර අවෙයිලිංගේ නීත්‍යනුකූල බිරිඳ මිය ගොස් තිබිණි. එවිට අවෙයිලිං කර තිබුණේ තමන් පත්වූ නීත්‍යනුකූල අවිවාහක බව ප‍්‍රයෝජනයට ගනිමින් එලනෝර්ට රහසේ තවත් නීත්‍යනුකූල විවාහයක් කර ගැනීමය. එහෙත් අවසානයේදී එලනෝර්ට ඒ බව දැන ගැනීමට ලැබී තිබිණි. ඒ 1898 වසරේදීය.

අවෙයිලිං හා වාසය කළ ගෙවී ගිය වසර 14 තුළදී ඇය සටන් වැදුනේ රාජ්‍ය පාලනය පවා හිමි ප‍්‍රබල සමාජ බලවේග සමඟය. සමාජවාදය වෙනුවෙනි. ජයග‍්‍රහණය පෙනෙන තෙක් මානයකවත් නොතිබියදීය. ඒ සා ධෛර්යවත් බවක්, පරාජය කරනු ලැබිය නොහැකි බවක් ඈ තුළ විය. එහෙත් තමන් ආදරය යැයි සිතාගෙන සිට ඇත්තේ වසර 14 ක් තිස්සේ රැවටීමට ලක්වීමය යන වැටහීම ඈ ලැබූ විට එය සියලූ පසමිතුරු ප‍්‍රහාරයන්ට වඩා බලවත් විය. මුළු මහත් නිර්ධන පංතියට විලංගු ලා සිරකරගෙන සිටියේ යැයි ඇගේ පියා සඳහන් කර තිබූ, ප‍්‍රබල ධනේෂ්වර පංතිය ඉදිරියේ පරාජය නොවූ ඇය ආදරය නමින් වෙස්වලාගෙන පෙනී සිටි අවෙලිං ඉදිරියේ පරාජය වූවාය.

1898 මාර්තු 31 ද එලනෝර් තම නිවාස සහායිකාවට තුණ්ඩුවක් දී රසායනික ද්‍රව්‍ය වෙළෙඳ සල වෙත පිටත්කර හැරියාය. තුණ්ඩුවේ වූයේ ක්ලෝරෆෝම් හා හයිඩ‍්‍රජන් සයනයිඞ් ඇනවුමකි. තුණ්ඩුව යටින් අත්සන වශයෙන් යොදන ලද්දේ ”දොස්තර ඊ. ඒ.” යන තම සැමියාගේ මුලකුරුය. රසායනික ද්‍රවය බල්ලාට යැයි පැවසිණි.

රැුගෙන ආ රසායනික ද්‍රව්‍ය පරිභෝග කිරීමට පෙර අවෙලිං අමතා: ”ආදරය - ඉකුත්වූ දීර්ඝ ශෝකී වසරවල මා යළි යළිත් පැවසූ ඒ වචනය, ම වෙතින් ඔබට පැවසෙන අවසන් වචනය ද වේ.” යනුවෙන් ඈ ලියා තැබුවාය. ඉනික්බිති සයනයෙහි ඇලවුනාය.

සුවිශාල ජනකායක් ගමන් කළ අවමංගල පෙරහැරකින් එලනෝර් අවසන් ගමන් ගියාය.

එතැන් සිට ඉතිරිව සිටියේ කාල් මාක්ස්ගේ දියණියන් අතරින් දෙවන දියණිය වූ ලෝරා මාක්ස් පමණි. ඇය ප‍්‍රංශ ජාතික පෝල් ලපාර්ග්ගේ බිරිඳ වූවාය. ප‍්‍රංශ විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදී 1865 පැවති ජාත්‍යන්තර ශිෂ්‍ය සම්මේලනයට සහභාගි වීමේ වරදට ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපන ලද අතර එතැන් සිට ප‍්‍රංශයේ සියලූම විශ්වවිද්‍යාල ඔහුට තහනම් වී තිබුණි. ඉනික්බිති පළමුවන ජාත්‍යන්තරයේ වැඩ කටයුතු පිණිස එංගලන්තයට ගිය ඔහු මාක්ස්ගේ ගෙදරට නිතර ආ ගිය අයෙක් විය. එහිදී ලෝරා සමඟ වැඩුණු පෙම් සබඳතාවක් මත 1868 දී විවාහ විය. ලෝරා ද, මා පිය රටාව අනුව යමින් විවාහයේ පළමු තෙවසර තුළදී දරුවන් තිදෙනකුටම උපත දෙන ලද්දීය.

එකල බොහෝ ළදරුවන්ගේ ඉරණම අනුව යමින් ඒ තිදෙනාම ළදරු අවධියේදීම මිය ගියහ. එතැනින් පසු ඒ යුවළ වෙතින් දරුවන් බිහි නොවිණි.

ලෝරා ලර්පාග් යුවළද පවුලේ සෙස්සන් මෙන් මාක්ස් පෙන්වා දුන් න්‍යායන්හි පිහිටා සමාජවාදී ව්‍යාපාරයේ ක‍්‍රියාකාරින්ව සිටියද මාක්ස් හා මේ යුවළ අතර මත ගැටුම් ද පැවතියේය. මාක්ස් විසින් ලෝරාගේ සැමියා වූ ලර්පාග් හා ප‍්‍රංශ සමාජවාදී පක්ෂ සංවිධායක ජූල්ස් වෙත ලියන ලද ලියුමක ඔවුන් විප්ලවවාදී සටන්පාඨ වෙළෙන්දන් ලෙසින් හඳුන්වා තිබිණ. (ඔවුන් ප‍්‍රතිසංස්කරණවාදී සටන් ප‍්‍රතික්ෂේප කිරීම මේ විරසකයට හේතුවිය. එනම් ඔවුහු අවසන් සටනේ එල්බ සිටියෝය. මාක්ස්ට අනුව ඔවුන් ජීවත්වූ අවදිය ධනවාදයේ ළදරු අවධිය බැවින් ද ඔවුන්ගේ සටන් ඉලක්කය වූයේ සමාජවාදය බැවින් ද ජයග‍්‍රහණය මෑතක නොව ඈතක වූවක් විය. එබැවින් ප‍්‍රතිසංස්කරණවාදී සටන් ප‍්‍රතික්ෂේප කළ ඔවුන්ට ඇත්ත වශයෙන්ම එල්බ සිටීමට සිදුවූයේ අවසන් සටනේ නොව අවසන් සටන් පාඨයෙහිය." තමන්ට ඔවුන් සම්බන්ධව සැකයකින් තොරව පැවසිය හැකි කාරණය වන්නේ ඔවුන් මාක්ස්වාදින් නම් තමන් මාක්ස්වාදියකු නොවන බව යැයි කාල් මාක්ස් තවදුරටත් එම ලිපියෙහි ලියා තිබුණේය.

කෙසේ වෙතත් ලෝරා - ලපාර්ග් යුවලෙහිද වූයේ මාක්ස් පවුල හා සබැඳි සෙසු කාගේ පවුල් වලත් වූ පොදු ජීවන රටාවය. එනම් ඔවුහු සමාජවාදී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරින්ව සිටීමය. ඒ පවුල් අතරින් ලපාර්ග් ලෝරා යුවළ සෙසු අය අතරින් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ ජීවිතය නිසා නොව මරණය නිසාය. ”වියපත්ව අබල දුබල වන කල්හි කෙනෙකුගේ ශාරීරික හා මානසික හැකියාවන් අඩපණ වේය” යන කාරණය මේයුවලෙහි දැඩි අවධානයට ලක්වූවක්ව තිබිණි. එබැවින් ඒ අවස්ථාව එළඹෙන මොහොතේ ජීවිතය අවසන් කළ යුතුය යන ගිවිසුමකට ඔවුහු එළඹ සිටියහ. තමන් දැන් ඒ වයසට එළඹ ඇතැයි ක‍්‍රි; ව: 1911 දී ඔවුහු නිගමනය කළහ. එවිට ලපාර්ග් 68 වන වියේද, ලෝරා 66 වන වියේද පසුවූහ. එම 1911 වසරේ මාර්තු මස 31 වන දින ඔවුහු තම නික්මයාම මෙසේ සටහන් කළහ:

"මාගේ සතුට හා ප‍්‍රමෝදය එකින් එක අහිමි කරනු ලබන, මා තුළින් ශාරීරික හා මානසික ශක්තීන් ඉවත් කරන, මගේ ජවය හා අධිෂ්ඨානය අඩපණ කරන, මා මටත් අනෙකුන්ටත් හිරිහැරයක් බවට පත්කරන, අනුකම්පා විරහිත මහලූ වයසට පෙර මා මගේ ජීවිතය අවසන් කරමි.

මා ජීවිතයෙන් ඉකුත්විය යුතු වයස කලකට පෙර නිගමනය කළ අතර එය අවුරුදු 70 කට ඔබ්බෙහි නොවිය යුතු යැයි මවිසින්, මා වෙත සපථ කර තිබුණි. අපගේ ප‍්‍රයත්නය ක‍්‍රියාවට නැගීමේ විධි ක‍්‍රමය ද අප තෝරා ගෙන සිටියෙමු. ඒ ක‍්‍රමය වූයේ සයනයිඞ් ඇසිඞ් ශරීරය තුළට විද ගැනීමය.

වසර 45 ක් තිස්සේ මා කැපවූ අභිප‍්‍රාය මතු දිනෙක විජයග‍්‍රහණය ලබනු ඇත. මා මිය යන්නේ ඒ විජයග‍්‍රහණය පිළිබඳ පරම සතුටින් යුතුවය.

කොමියුනිස්ට්වාදය දිගුකල් දිනේවා!

ජාත්‍යන්තර සමාජවාදය දිගුකල් දිනේවා!!”

පෝල් ලපාර්ග්

එලනෝර් මාක්ස්

දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට වසර හැත්තෑ පහක්

බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය ඔවුන් කියා සිටි පරිදි ෆැසිස්ට්වාදයට එරෙහිව යුද්ධයක් කලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නො වේ, ඒ වෙනුවට ලෝකයේ අධිරාජ්‍යවාදී යලි බෙදීම සඳහා ය.

පීටර් ෂ්වාස්

අදට වසර හැත්තෑපහකට පෙර, දෙවන ලෝක යුද්ධය යුරෝපයේ දී අවසන් විය. මැයි 7 වනදා සන්ද්‍යාවේ, කර්නල් ජෙනරාල් ඇල්බට් ජොඩ්ල් ප්‍රංශයේ රයිම්ස් හි දී ව’මාක් (නාසි) හමුදාවේ කොන්දේසි විරහිත යටත් වීමට අත්සන් තැබී ය. ඉදිරියට යන රතු හමුදාව හමුවේ, ඇඩොල්ෆ් හිට්ලර් සතියකට පෙර බර්ලිනයේ [ඔහු අවසානයට සැඟවී සිටි] ෆියුර’ බංකරයේ දී සියදිවි නසාගෙන තිබුනි. සියලු සටන් 1945 මැයි 8 වන දින මධ්‍යම රාත්‍රියේ දී අවසන් විය.

දෙවන ලෝක යුද්ධය මානව ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ හා ලේවැකි ගැටුම විය. සිදු වූ අපරාධ හා කුරිරුකම් එහි දරුනුතම බියකරු සිහින තුල මනුෂ්‍ය වර්ගයාට සිතාගත හැකි ඕනෑ ම දෙයක් අභිබවා ගියේ ය.

මිලියන 70 ක් පමන ජනයා මිය ගිය අතර, ඉන් තුනෙන් දෙකක් සිවිල් වැසියෝ: නිරායුධ පිරිමි, කාන්තාවෝ හා ලමයි වූහ. මේවා යුද්ධයේ අතුරුඵලයක් ලෙස වූ ව්‍යසනයන්ද නොවේ. ජනගහනයෙන් විශාල කොටසක් සමූලඝාතනය කිරීම නාසීන්ගේ මූලෝත්පාඨන යුද්ධය විසින් ප්‍රකාශයට පත් කරන ලද පැහැදිලි පරමාර්ථය වූ අතර එය යුදෙව්වන් මිලියන 6 ක් ඝාතනය කිරීමත් සමඟ එහි ලේවැකි කූටප්‍රාප්තියට පැමිනියේ ය.

(කොන්දේසි විරහිතව යටත් වීම 1945 මාර්තු 7 වන දින රීම්ස් හි දී අත්සන් කිරීම; ජෙනරාල් ජොඩ්ල් ඉදිරි වම්පස (රූපය: Musée de la reddition de Reims)
සෝවියට් සංගමයට පමනක් පුරවැසියන් මිලියන 27 ක් අහිමි වූ අතර ඔවුන්ගෙන් අඩක් සිවිල් වැසියෝ වූහ. නිල ඇඳුමින් සිටි මිලියන 13 න් මිලියන 3.3 ක් ජර්මානු යුද කඳවුරුවල සිර වී හෝ කුසගින්නෙන් මිය ගියහ. එය පමනක් දරුනු යුද අපරාධයක් ලෙස ගනන් ගැනේ. ජර්මානුවන් විසින් අල්ලා ගන්නා ලද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ, යුදෙව්වේ හෝ ආධාරකරුවෝ වහාම වෙඩි තබා මරන ලදී. මුළු දිස්ත්‍රික්කය ම කුසගින්නේ තබා,  බිමට සමතලා කර විනාශ කරන ලදි.

මෙම මිනීමරු භීෂනය ඉදිරි පෙලට පමනක් සීමා නො වී ය. යුරෝපය පුරා අවුෂ්විට්ස් වෙත ගෙන යන ලද යුදෙව්වන්ට අමතරව, සින්ටි හා රෝමා ජනයා දහස් ගනනක්, අනෙකුත් සුළු ජාතීන්ගේ සාමාජිකයෝ, බලහත්කාරයෙන් වැඩ ගත් කම්කරුවෝ හා දේශපාලන සිරකරුවෝ නාසීන් අතින් තම ජීවිත අහිමි කර ගත්හ. දුක් නො විඳ මරා දැමීමේ  වැඩසටහනේ කොටසක් ලෙස ආබාධිත පුද්ගලයෝ 200,000ක් පමන ඝාතනය කරන ලදහ. ජර්මානු හමුදා අධිකරනය විසින් ව’මාක් සොල්දාදුවෝ මිලියන 1.5 ක් යුද ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුනි. සිවිල් අධිකරන පද්ධතියේ වින්දිතයෝ කිසි විටෙකත් සම්පූර්නයෙන් වාර්තා නො කෙරුනි. මහජන අධිකරනය විසින් පමනක් මරනීය දන්ඩන 5,200ක් නිකුත් කෙරුනි.

මිත්‍ර පාක්ෂිකයෝ වැඩි වැඩියෙන් තම ක්‍රමවේදයන් ඔවුන්ගේ සතුරාගේ ක්‍රමවේදයන්ට අනුවර්තනය කලහ. නූතන යුද්ධයේ පලමු වතාවට දෙපාර්ශ්වයම විශාල නගරවල සිවිල් ජනගහනය හිතාමතාම මූලෝත්පාටනය කලහ. ව’මාක් හමුදා විසින් වසර දෙකක දීර්ඝ කාලයක් ලෙනින්ග්‍රෑඩ් නගරය වටලා සිටීම ජීවිත මිලියනයකට වඩා බිල ගත්තේ ය. මිත්‍ර පාක්ෂිකයෝ පෙරමුනෙන් ඈත ඩ්‍රෙස්ඩන්, හැම්බර්ග් හා වෙනත් නගරවලට ගිනි බෝම්බ දමා දස දහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කලෝ ය. 1945 අප්‍රේල් මාසයේ දී, එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘමන් හිට්ලර්ගේ ෆියුර’ බංකරයේ සිට කිලෝමීටර 30 ක් දුරින් පිහිටි පොට්ස්ඩෑම් හි දී, ජපානයට පරමානු බෝම්බය හෙලීමේ නියෝගයට අත්සන් තැබී ය.

දෙවන ලෝක සංග්‍රාමයේ සිදු කෙරුනු විස්තර කල නො හැකි අපරාධ හා කුරිරුකම් නිසා ඇති වූ කම්පනය, කෝපය හා පිලිකුල ජර්මානු හා ලෝක ජනගහනයේ පුළුල් කොටස්වල සන්තානයේ ගැඹුරින් නැංගුරම් ලා ඇත, “තවත් ෆැසිස්ට්වාදයක් එපා! තවත් යුද්ධයක් එපා! ” එහෙත් යුද්ධය අවසන් වී සියවස් හතරෙන් තුනකට පසු ෆැසිස්ට්වාදය හා යුද්ධය යලිත් වරක් ඉතා ආසන්න ගෝලීය අන්තරායන් බවට පත් වී ඇත.

මෙම අනතුරු ගෝලීය කොවිඩ්-19 වසංගතයට බොහෝ කලකට පෙර පැවතිය ද, වෛරසය ඒවා වේගයෙන් තීව්‍ර කර ඇත.

“පොකුරු ප්‍රතිශක්තිය” හා “ප්‍රතිකාර ලැබිය යුත්තන් ප්‍රමුඛතාගත කිරීම” වැනි සංකල්ප දෛනික භාෂාවට රිංගා ඇත. ඒවා “ආර්ථිකය”, එනම් කොටස් වෙලඳපොල සමපේක්ෂකයන් හා සුපිරි පොහොසතුන් වෙනුවෙන් මිනිස් ජීවිත කීයක් කැප කල යුතු ද යන්න පිලිබඳ සාකච්ඡාවේ කොටසකි. වෛද්‍ය විශේෂඥයින්ගේ හදිසි අනතුරු ඇඟවීම් නො තකා, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට නැවත සේවයට යාමට බල කෙරෙමින් තිබේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන් විස්තර කලේ වඩාත් ශ්‍රේෂ්ට යහපත සඳහා තම ජීවිතය පිදීමට සූදානම් “රනශූරයන්” ලෙස ය

ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සභාපති වුල්ෆ්ගැන්ග් ෂෝබල් ප්‍රකාශ කලේ, “ජීවිතය හා සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අන් සියල්ලට ම වඩා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ඇති බව පැවසීම නිවැරදි නො වේ” යැයි කියා ය. 

මානව ශිෂ්ඨාචාරයේ අවසානය අදහස් කරන තුන්වන ලෝක යුද්ධයක තර්ජනය අද තරම් කිසි දිනක එතරම් විශාල වී නො තිබුනි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ ෆැසිස්ට් මිලීෂියාවන්ට හා ලොව පුරා දක්ෂිනාංශික ඒකාධිපතියන්ට විවෘතව සහය දක්වනකරන අතර වෙනිසුවෙලාව, ඉරානය සහ න්‍යෂ්ටික ව සන්නද්ධ චීනයට පවා යුද තර්ජනය එල්ල කරයි. ඔහුට මේ සඳහා විපක්ෂ ඩිමොක්‍රටිකයෝ සහාය දක්වති. මේ වසරේ ඩොලර් බිලියන 738ක් වන, එක්සත් ජනපද ආරක්ෂක අයවැය හා සසඳන විට, තුන්වැනි රයිකයේ මිලිටරි වියදම් නොසකා හැරිය හැකි තරම් කුඩාය. යුද්ධයට පෙර අවසන් වසර වූ, 1938 දී හිට්ලර් හමුදාව සඳහා ජර්මානු මාක් බිලියන 17.5 ක් ආයෝජනය කලේ ය. අද මුදල් වලින් මෙය ඩොලර් බිලියන 78 කට සමාන වේ.

ජර්මනිය සෑම තැනක ම යුද්ධය හා ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. වෙනත් කිසිදු යුරෝපීය රටක් සිය ආරක්ෂක අයවැය මෙතරම් වේගයෙන් වැඩි කර නැත. 2019 දී පමනක්, එය සියයට 10 කින් වැඩි වී ආසන්න වශයෙන් ඩොලර් බිලියන 50දක්වා ඉහල ගියේ ය. මෙම ක්‍රියාවලියේ දී ජර්මනිය බ්‍රිතාන්‍යය අභිබවා ගිය අතර දැන් එයට ප්‍රංශයට පිටුපසින් ලෝකයේ හත්වන විශාලතම ආරක්ෂක අයවැය ඇත.

පාලක ප්‍රභූවේ ඉදිරිදර්ශනය හරිත පක්ෂයේ ජොෂ්කා ෆිෂර් විසින් සාරාංශ කරන ලද අතර, “ඔවුන්ගේ සාමවාදය පරාජය කිරීම සඳහා” මැයි 8වැනිදා යොදා ගන්නා ලෙස ජර්මානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. රටට “එහි සාමවාදී උනන්දුවෙන් මිදීමට” අවශ්‍ය බව ඔහු ටැගස්පීගල් පුවත්පතේ සඳහන් කර තිබේ. එක්සත් ජනපද ආරක්ෂක බලයේ “මෘදු අනුග්‍රහයේ” අවසානය ලඟා වෙමින් තිබෙන්නේ “යුරෝපයට තමන්ගේ ම ආරක්ෂාව වැඩි වැඩියෙන් ආරක්ෂා කර ගැනීමට” බල කිරීමෙනි. එයට “ජර්මනිය නොමැති ව වැඩ කල නො හැක.” ඇමරිකානු ආරක්ෂාව දුර්වල හේතුවෙන් 1945 වසන්තයේ සිට අන් අය අප වෙනුවෙන් පිලිතුරු දී ඇති ප්‍රශ්න ජර්මනිය ඉදිරියේ මතු කරමින් තිබේ. වෙනත් වචන වලින් කිවහොත්: ආපසු 1945 ට පෙර යුගයට!

ජර්මනියේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පයේ (ඒඑෆ්ඩී) ගරු සභාපති ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ්, ජර්මනියට “න්‍යායපත්‍ර සැකසීමේ හැකියාව” අහිමි වූ, මැයි 8වැනි දින විස්තර කලේ “පරම පරාජයේ දිනයක්” ලෙස ය. මැයි 8 වන දින ජාතික නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස ඉල්ලා අවුෂ්විට්වලින් දිවි ගලවා ගත් එස්තර් බෙජරානෝ විසින් ආරම්භකත්වය ගන්නා ලද පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙම ප්‍රකාශය කලේ ය. එය සිදු වන්නේ 1945 වර්ෂය “ව්‍යසනයක්” ලෙස ෂෝබල් විසින් විස්තර කිරීම  ආසන්නයේ දී ය.

දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්ය ජෝර්ජ් බාබෙරොව්ස්කි මීට වසර හයකට පෙර නාසීන්  පුනස්ථාපනය කිරීම ආරම්භ කලේ හිට්ලර් “කුරිරු නො වී ය” යන ප්‍රකාශය සමගිනි. විශ්ව විද්‍යාල කලමනාකරනය, මාධ්‍ය හා දේශපාලනඥයින් විසින් ඔහු ආරක්ෂා කරන ලද අතර, ඔහු ව විවේචනය කල සොසාලිස්ටිස් ග්ලීචයිට්පාර්ටෙයි (එස්ජීපී - සමාජවාදී සමානතා පක්ෂය) ඔත්තු සේවයේ ව්‍යවස්ථා විරෝධී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කරන ලදී. දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන සැමරුමේ දී සැක්සනියේ ටෝර්ගෝ හි අනුස්මරන ශලාවේ දී දෙවැනි ලෝක යුද්ධයේ අවසානය පිලිබඳ ප්‍රධාන අනුස්මරන උත්වයේ දී බාබෙරොව්ස්කි ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුනි. ඔහුගේ සහභාගිත්වය වලක්වනු ලැබුවේ, ඉසව්ව අවලංගු කිරීමට හේතුවූ කොරෝනා වෛරසය වසින් පමනී.

ජර්මනියේ හා ජාත්‍යන්තර ව ජනගහනයෙන් අති බහුතරය මිලිටරිවාදය හා ෆැසිස්ට්වාදය නැවත පැමිනීමට විරුද්ධ ය. නමුත් විරුද්ධත්වය තවත් ව්‍යසනයක් වැලැක්වීමට ප්‍රමානවත් නො වේ. ඒවායේ හේතු පිලිබඳ ව පැහැදිලි අවබෝධයක් මෙන් ම ඒවාට එරෙහි ව සටන් කිරීමට දේශපාලන ඉදිරිදර්ශනයක් තිබිය යුතු ය. දෙවන ලෝක යුද්ධයෙන් උගත හැකි පාඩම් වලින් පෙනී යන්නේ ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නො හැකි බව යි. සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

නාසීන් හා දෙවන ලෝක යුද්ධය පිලිබඳ ඓතිහාසික, සමාජ විද්‍යාත්මක හා සාහිත්‍ය කෘති ගනනාවක් තිබේ. එහෙත් මානව ශිෂ්ඨාචාරය ම්ලේච්ඡත්වයට ඇද වැටීමෙන් පාඩම් උකහා ගැනීම බලවත් දේශපාලන හා සමාජ අවශ්‍යතා සමඟ වහාම ගැටුනි.

1945 න් පසු ජර්මානු ප්‍රභූහු මහා ව්‍යාපාර, ආන්ඩුව, ඔත්තු සේවා, අධිකරනය, පොලීසිය, විශ්ව විද්‍යාල හා හමුදාව යන අංශවල තම වෘත්තිය කරගෙන ගිය අතර, ආපසු හැරී බැලීමට කිසිදු උනන්දුවක් නො දැක්වූහ. ඔවුන් සේවය කර තිබූ හා වැලඳගත් හිට්ලර් හදිසියේ ම තමන් ව පොලඹවා අපයෝජනය කල බව ප්‍රකාශ කෙරුනි. නායකයා සෑම දෙයකට ම වග කිව යුතු වූ අතර, ඔවුන් සියල්ලෝම හුදෙක් නියෝග පිලිපදිමින් සිටියා පමනක් නො ව, රහස් ප්‍රතිරෝධයේ සටන්කරුවෝ වූහ. 1940 සිට 1945 දක්වා කාලය තුල මිලියනයකට අධික ජනතාවක් සමූල ඝාතනය කරන ලද අවුෂ්විට්ස් හි [හිට්ලර් යටතේ සිටි පැරා මිලිටරි බලකා සෙබලුන් වූ] එස්එස් ආරක්ෂකයින්ගේ පලමු නඩු විභාගයට පෙර වසර 18 ක් ගතවිය.

නියුරම්බර්ග් නඩු විභාගයේ දී නාසීන්ගේ අපරාධ ලොවට හෙලි කල එක්සත් ජනපද ආන්ඩුව, සීතල යුද්ධයේ දී නාසි විශේෂඥයින් අවශ්‍ය වූ විට, වේගයෙන් ගමන් මග වෙනස් කලේ ය. දරුනුතම අපරාධකරුවන් දුසිම් දෙකකට මරන දඬුවම නියම කිරීමෙන් හා පස් දෙනෙකුට පමන සිර දඬුවම් නියම කිරීමෙන් පසුව නඩු විභාග අත්හිටුවන ලදී.

සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලකයන් තරමක් ක්‍රියාශීලී ව යුද අපරාධකරුවන් ලුහුබැඳ ගිය ද, ඓතිහාසික ප්‍රශ්න පැහැදිලි කිරීමට ඔවුන්ට කිසිදු උනන්දුවක් නො තිබුනි. දෙවන ලෝක සංග්‍රාමය ආසන්නයේ දී ස්ටැලින්වාදී නිලධරය ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහිව විශාල කොමියුනිස්ට් පක්ෂ අරගල අඩපන කොට මර්දනය කල විට, මෙය ඔවුන්ගේ ම අපරාධ භූමිකාව නො වැලැක්විය හැකි ලෙස හෙලිදරව් කර තිබෙන්නට ඇත.

ජර්මනිය තුල, 1932 වන තෙක් මෙම කම්කරු පක්ෂ දෙකම නාසීන්ට වඩා බොහෝ ශක්තිමත් වුවත් නාසීන්ට එරෙහිව එස්පීඩීය(ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) සමග එක්සත් පෙරමුනක් කැඳවීම කේපීඩීය (ජර්මානු කොමියුනිස්ට් පක්ෂ්‍ය)ප්‍රතික්ෂේප කලේ ය. ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ, ස්ටැලින්වාදීහු ලිබරල් ධනේශ්වරය සමඟ මහජන පෙරමුනට කම්කරු පන්තිය යටත් කොට, විප්ලවවාදී කම්කරුවන් හිංසාවට ලක් කර ඝාතනය කර, ඒ මගින් ප්‍රතිගාමිත්වයේ ජයග්‍රහනයට පාර කැපූහ.

යමෙකුට දෙවන ලෝක යුද්ධය හා නාසි ආඥාදායකත්වය තේරුම් ගැනීමට අවශ්‍ය නම්, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව මාක්ස්වාදයේ උරුමය හා රුසියානු විප්ලවය ආරක්ෂා කල ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන, අදටත් වඩාත්ම වැදගත් මූලාශ්‍රය ලෙස සේවය සපයනු ඇත.

ට්‍රොට්ස්කි අවධාරනය කලේ පලමුවැන්න මෙන් ම දෙවන ලෝක සංග්‍රාමය ද එක ම හේතු වලින් ප්‍රේරනය කරන ලද බව යි: එනම් වඩ වඩාත් ඒකාබද්ධ වූ ලෝකයක ගෝලීය ආධිපත්‍යය සඳහා ප්‍රධාන ධනවාදී ජාතික රාජ්‍යයන් අතර අරගලය; ජාතික රාජ්‍ය පද්ධතිය හා ධනවාදය පදනම් වූ ලෝක ආර්ථිකය අතර ප්‍රතිඝතිතාව;  හා නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය සමඟ සමාජගත නිෂ්පාදන බලවේගයන්ගේ මූලික නොගැලපුම යි.

ඒ වන විටත් 1934 ගිම්හානයේ දී, දෙවන ලෝක යුද්ධයට වසර පහකට පෙර,ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවා තිබුනි:

අවසාන අධිරාජ්‍යවාදී යුද්ධය ඇති කල එකම හේතු නූතන ධනවාදයෙන් වෙන් කල නො හැකි සේ 1914 මැද භාගයට වඩා දැන් අසීමිත ලෙස වඩා විශාල ආතතියකට පැමින ඇත. නව යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ භීතිය අධිරාජ්‍යවාදයේ අභිමතාර්ථයට බාධා කරන එකම සාධකය යි. නමුත් මෙම තිරිංගයේ සඵලත්වය සීමිත ය. අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ගේ ආතතිය එකකට පසු තව රටක් ෆැසිස්ට්වාදයේ මාවතකට තල්ලු කරයි. මෙයට අනෙක් අතට ජාත්‍යන්තර පිපිරීම් සූදානම් කිරීම හැර බලය පවත්වා ගත නො හැක. සෑම රජයක් ම යුද්ධයට බිය වන නමුත් කිසිම රජයකට තේරීමේ නිදහසක් නැත. කම්කරු පංතික විප්ලවයක් නොමැති ව, නව ලෝක යුද්ධයක් නො වැලැක්විය හැකි ය.

හිට්ලර්ගේ පුද්ගලත්වය සිදුවීම්වල ගමන් මගට බලපෑම් කල නමුත්, එය යුද්ධයට හේතුව නො වීය. ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ, වියානාවේ ඈත අප්‍රසිද්ධ වීදිවල මුඩුක්කු පරිසරයක යුදෙව්-විරෝධී මනෝ ව්‍යාධියෙකු ජර්මනියේ නායකයා බවට පත්වූයේ කෙසේ ද යන්න යි. පිලිතුර පැහැදිලිය: කම්කරු පන්තියේ සමාජවාදී උත්සාහයන්ට පහරදීමට යුදෝපකරනයක් ලෙස හා දෙවන අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කිරීමට පාලක ප්‍රභූවට හිට්ලර් හා ඔහුගේ ෆැසිස්ට් ව්‍යාපාරය අවශ්‍ය විය.

“ඔහුගේ හිස් කබලේ ගනක යන්ත්‍රයක් හා අතේ අසීමිත බලයක් සහිත, මෙම ජර්මානු අපස්මාර රෝගියා අහසින් වැටුනේ වත් නිරයෙන් පිටතට පැමිනියේ වත් නැත:  ඔහු අධිරාජ්‍යවාදයේ සියලු විනාශකාරී බලවේගයන්ගේ පුද්ගලාරෝපනය මිස වෙන කිසිවක් නො වේ,” යැයි ට්‍රොට්ස්කි හිට්ලර් පිලිබඳ ව 1940 දී සඳහන් කලේ ය.

බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය ඔවුන් කියා සිටි පරිදි ෆැසිස්ට්වාදයට එරෙහිව යුද්ධයක් කලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නො වේ, ඒ වෙනුවට ලෝකයේ අධිරාජ්‍යවාදී යලි බෙදීම සඳහා ය.

යුද්ධය එය විසින් අවුස්සා තිබූ කිසිදු ගැටළුවක් විසඳුවේ නැත. එක්සත් ජනපදයේ ආර්ථික බලය හා කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය මැඩපවත් වූ සහ ප්‍රංශය හා ඉතාලියේ ප්‍රබල විරෝධතා ව්‍යාපාර නිරායුධ කල ස්ටැලින්වාදයේ දේශපාලනය මත පදනම් ව අධිරාජ්‍යවාදී බලවතුන් අතර බිඳෙනසුලු ගිවිසුමක් ඇති විය. නැගෙනහිර යුරෝපයේ කිසිදු සමාජවාදී විප්ලවයක් සිදු නො වී ය. ඊනියා බෆර් රාජ්‍යයන්හි ස්ටැලින්වාදීන් පුළුල් ලෙස ජනසතුකිරීම් ආරෝපනය කිරීමට පියවර ගත්තේ, ධනේශ්වර කන්ඩායම් කවරදාකටත් වඩා බටහිර දෙසට ශක්තිමත් නැඹුරුවක් වර්ධනය කල අවස්ථාවේ දී ය. ඒ අතර ම, ඔවුහු 1953 දී නැගෙනහිර ජර්මනියේ ද 1956 දී හංගේරියාවේ ද ඇතුළුව කම්කරු නැගිටීම් මර්දනය කලහ.

1968 සිට 1975 දක්වා කාලය තුල ප්‍රංශය, යුරෝපයේ විශාල ප්‍රදේශ හා එක්සත් ජනපදය සොලවා දැමූ මහා වැඩවර්ජන හා ශිෂ්‍ය කැරලි, ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට හා මූල්‍ය වෙලඳපොල නියාමනහරනයක් දියත් කිරීමට පාලක ප්‍රභූව පෙලඹ වීය. ප්‍රතිඵල වූයේ පෙර නො වූ විරූ ලෙස ගෝලීය නිෂ්පාදනය  ඒකාබද්ධ කිරීම හා ලෝක ආධිපත්‍යය සඳහා අරගලය තීව්‍ර කිරීම යි.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම නියෝජනය කලේ, සමාජවාදයේ අවසානය නො ව, ඊට වෙනස් ව ස්ටැලින්වාදී නිලධරයේ ජාතිකවාදී පිලිවෙතේ බිඳ වැටීම යි. එය කල් තියා දැනුම් දුන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ,එකම දේශපාලන පක්ෂය ලෙස එම අවස්ථාවේ සඳහන් කල, අධිරාජ්‍යවාදී ගැටුම්වල නව අවධියක් මෙන් ම යුද්ධ හා විප්ලවයන්ගේ නව යුගයකි. 

අවුරුදු තිහකට පසු, මෙම විශ්ලේෂනයේ නිරවද්‍යතාවය සැකයෙන් තොර ය. ගෝලීය ධනවාදය තවත් ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින අතර, වෙන කවරදාකටත් වඩා බොහෝ විශාල හා ජාත්‍යන්තර ව ඒකාබද්ධ ව සිටින කම්කරු පන්තිය වේගයෙන් පෙරලිකාරී වෙමින් සිටී. දැන් මතු කෙරෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ අරගලයන්ට සමාජවාදී දේශපාලන දිශානතියක් ලබා දීම සඳහා හතරවැනි  ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානාතා පක්ෂ ගොඩනැගීම යි. දෙවන ලෝක සංග්‍රාමයේ පරිමානයේ තවත් ව්‍යසනයක් වලක්වා ගත හැක්කේ ධනවාදය පෙරලා දැමීමෙන් පමනි.

ට්‍රොට්ස්කි ඝාතනයේ 79 වන සංවත්සරය

රටක් රටක් පාසා කම්කරු ව්‍යාපාරය මත ආධිපත්‍යය දරමින් එය පාවාදුන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ ගතහොත් එවා බිඳී විසිරී ගියේ 1938 දී ට්‍රොට්ස්කි පෙරදුටු පරිදි, “මානව වර්ගයා මත ට පාත්වෙමින් පවත්නා යෝධ සිද්ධීහු යල්පැනගිය මේ සංවිධානයන් ගේ ගඩොලක් මත ගඩොලක් ඉතුරු කරනු නැත,” යන ඔහුගේ අනාවැකිය සනාථ කරමිනි.

බිල් වෑන් ඕකන්

අවුරුදු 79කට පෙර මෙම දිනයේ දී, ව්ල්ඩිමිර් ඉලියිච් ලෙනින් සමග රුසියානු විප්ලවයේ සම නායකයා වූද රතු හමුදාවේ ආඥාපති වූ ද, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයා වූද ලියොන් ට්‍රොට්ස්කි, ස්ටැලින් වාදී ඝාතකයෙකු විසින් පෙර දින සිදු කරන ලද බරපතල තුවාල වලින් මරනයට පත් විය.

මෙම සියවසේ මහා අපරාධය, සෝවියට් ස්ටලින්වාදී නිලධරයේ රහස් පොලිසිය වන ජීපීයූව ජාත්‍යන්තර මෙහෙයුමක් මගින් සිදු කරන ලද්දකි. එය වනාහී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලට සහ මෙක්සිකෝවේ පිහිටි ට්‍රොට්ස්කිගේ නිවාසය ඇතුලට ඒජන්තයන් රිංගවා, ජීපීයූවේ ඝාතක රෙමන්ඞ් මර්කාඩර් ගේ ලේවැකි අපරාධය පහසු කිරීමට කරන ලද කුමන්ත්‍රනයක් විය.


ජර්මනියේ නාසි පාලනතන්ත්‍රයට දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට අත නිදහස් කරදුන් අන්‍යොන්‍ය අනාක්‍රමන ගිවිසුමක් ස්ටැලින්, හිට්ලර් සමග අත්සන් කිරීමෙන් හරියටම අවුරුද්දක් පිරෙන දිනයේ සිදුකරන ලද ට්‍රොට්ස්කි ඝාතනය ස්ටැලින්වාදී සහ ෆැසිස්ට්වාදී ප්‍රතිගාමිත්වයේ කූටප්‍රාප්තිය නියෝජනය කලේය.

1929 දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කරන ලද ට්‍රොට්ස්කි, මුහුන දී සිටියේ “වීසාවක් නොමැති ග්‍රහලෝකය” යයි ඔහු විසින් නම් කරන ලද ත්ත්වයකට ය. අන්තිමේදී ඔහුට සරනාගත වරම් දුන් එක ම රට මෙක්සිකෝව යි.

ඒ වන විටත් ජීපීයූ මිනීමරුවන් විසින් ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් ද, ඔහුගේ දේශපාලන ලේකම් අර්වින් වුල්ෆ් ද හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් ද අතුලු ට්‍රොට්ස්කි ගේ සමීපතම සහකරුවන් බොහෝ දෙනෙකු මරා දමා තිබුනි.

සෝවියට් සංගමය තුලම ස්ටැලින්වාදි නිලධරය 1938-39 මොස්කව් හොරනඩු අටවා, සකල දේශපාලන විපක්ෂය ම සමූලඝාතනය කොට තිබුනි. ප්‍රධාන ඉලක්ක ය ට්‍රොට්ස්කිගේ ආධරකරුවන් වූ අතර, රුසියාවේ ද ජාත්‍යන්තරව ද ලක්ෂ ගනනක් සමාජවාදීහු මරාදමනු ලැබූහ. රුසියාවේ ද ජාත්‍යන්තරව ද විප්ලවවාදී සංස්කෘතියේ අත්‍යන්ත වර්ධනයක නිර්මානය වූ මොවුන් මරාදැමීම දේශපාලන ජන සංහාරයක් වි ය. 1937 දී ට්‍රොට්ස්කි ලියා තැබූ පරිදි එතැන් පටන් ස්ටැලින්වාදය සැබෑ මාක්ස්වාදයෙන් වෙන් කරන “මුලු මහත් ලේ ගංගාවක්” පැන නැගුනි.

එහෙත්, ස්ටැලින් යුක්ති සහගතවම බියව සිටියේ යුද්ධය පුපුරායාමත්, එහි ප්‍රතිවිපාකලෙස සෝවියට් සංගමය තුල සහ ජාත්‍යන්තරව පැනගින අර්බුදයත් සමග කම්කරු පන්තියේ නව නැගිටීමක් ට්‍රොට්ස්කි ඉස්මතු කොට නිලධරයට විප්ලවවාදී අභියෝගයක් බවට පත් කරනු ඇතිය යන්නටයි.

1937 දී වික්ටර් සර්ජ් ලියාතැබූ ප්රිදි: “පාලන තන්ත්‍රයේ ව්‍යූහය විනාශකර දමන්නා වූ උමතු වාරන වලට වෛරය හා බිය හැර වෙන අන්කිසි අර්ථයක් නැත. .... විකල්ප බලගනය, පුර්ව ආරක්ෂක පියවරක් හැටියට වෙඩිතබා දමා ඇත. වයස්ගත පුද්ගලයා ජීවත්ව සිටින තුරු ජයග්‍රාහී නිලධරයට ආරක්ෂාවක් නැත.”

ස්ටැලින්වාදී ඝාතකයා අයිස් කඩන පොරොවක් ඔහුගේ හිස්කබල තුලට කාවද්දමින් මහා විප්ලවවාදියාගේ දිවි තොර කිරීමට සමත් වූ නමුත් එනයින් ස්ටැලින්ගේ අරමුන වූ, ට්‍රොට්ස්කිගේ අදහස් ද එම අදහස් වටා නිර්මානය කරනලද ව්‍යාපාරයද විනාශ කිරීම ඉෂ්ට කරගතහැකි වූයේ නැත. ඔහුගේ මෙහෙයුම තුච්ඡ අසාර්ථකත්වයක් විය.

1938දී ට්‍රොට්ස්කි විසින් ආරම්භකරන ලද හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්ද ඔහු යොදාගත් ඝාතකයාද පමනක් නොව, ඉන් අඩ සියවසකට පසුව තමන්ව ම ද සෝවියට් සංගමය ම ද අහෝසි කරගත් සම්පූර්න ස්ටලින්වාදී නිලධරය ම ද ඉක්මවා ජීවමානව පවතියි.

ස්ටැලින්වාදී තන්ත්‍රය පෙරලා දමීමට කම්කරු පන්තිය විසින් දේශපාලන විප්ලවයක් නොකලහොත්, සෝවියට් නිලධරය සෝවියට් සංගමය විනාශ කොට ධනේශ්වර පර්යාය යලිත් පිහිටුවනු ඇතැයි ට්‍රොට්ස්කි අනතුරු හැඟවීය. ධනේශ්වර විශ්ලේෂකයින් ස්ටැලින්වාදී නිලධරය ලෝක දේශපාලනයේ ස්ථිර ප්‍රපංචයක් යයි නිගමනය කරගත් අතර ව්‍යාජ වාමාංශිකයන් සහ සංශෝධනවාදීහු ගොර්බචෙව් සහ යෙල්ට්සින් “දේශපාලන විප්ලවයක” ආරම්භකයන් යයි උත්කර්ෂයට නැංවූහ. ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය නිවැරදි බව තහවුරු වූ අතර මෙම තත්වය පෙරදැක එයට දේශපාලනිකව සූදානම් වු එකම ව්‍යාපාරය නම් හතරවන ජාත්‍යන්තරයයි.

රටක් රටක් පාසා කම්කරු ව්‍යාපාරය මත ආධිපත්‍යය දරමින් එය පාවාදුන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ ගතහොත් එවා බිඳී විසිරී ගියේ 1938 දී ට්‍රොට්ස්කි පෙරදුටු පරිදි, “මානව වර්ගයා මත ට පාත්වෙමින් පවත්නා යෝධ සිද්ධීහු යල්පැනගිය මේ සංවිධානයන් ගේ ගඩොලක් මත ගඩොලක් ඉතුරු කරනු නැත,” යන ඔහුගේ අනාවැකිය සනාථ කරමිනි.

ස්ටැලින්වාදයට එරෙහි නිර්දය අරගලය තුල දී, ට්‍රොට්ස්කි 21 වන සියවසේ විප්ලවවාදී මූලෝපායේ වර්ධනය සඳහා සංස්ථානයන් සමාජවාදය උදෙසා අරගලයේ ක්‍රියාමාර්ගික හා දේශපාලන පදනම් ද සහිතව තහවුරු කලේ ය. වර්තමාන ලෝක තත්වයට ද කම්කරු පන්තිය හා එහි විප්ලවවාදී පෙරටු බලඇනිය මුහුන දී සිටුනා කර්තව්‍යයන්ට මෙතරම් අදාල වන වෙන අන් කිසිවෙක් මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල ඇත්තේ නැත.

සෝවියට් සංගමයේ සහ තුන්වන ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානිය ට එරෙහිව ට්‍රොට්ස්කි විසින් කරන ලද අරගලය පදනම් කරන ලද්දේ විශ්වව්‍යාප්ත ගෝලීය අවලෝකනයකින්ද සමාජවාදී විප්ලවය ජාත්‍යන්තර සන්තතියක් ලෙස වටහා ගැනීම ද මත ය.

අනාගත පරම්පරාවන් විසින්, ස්ටැලින් සිදු කල ඝෝර අපරාධ දැකගනු ඇත්තේද පිලිකුල් කෙරෙනූ ඇත්තේ ද සෝවියට් නිලධරය ජාත්‍යන්තර සමාජවාදී පර්යාලෝකය හැරපියා “තනි රටක සමාජවාදය“ වැලඳගැනීම ආරක්ෂනය උදෙසා කරන ලද ඒවා හැටියට ය. සෝවියට් සංගමය ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වීම පිලිබඳ මෙම ස්වරාජ්‍යවාදි සංකල්පය පිලිබිඹූ කලේ සෝවියට් නිලධරය සිය වරප්‍රසාද, රාජ්‍ය බලය සිය අතේ තියා ගැනීමත් සමග අනන්‍ය කර ගැනීමත් සමග ය.

මෙම පරාගාමි න්‍යාය ලෝක විප්ලවය තත්වාරක්ෂක නිලධාරි තන්ත්‍රයක අවශ්‍යතාවලට විප්ලවය යටත් කිරීම සඳහා යුක්ති සම්පාදනයක් විය.

ට්‍රොට්ස්කි ජාත්‍යන්තර කම්කරු පන්තිය ට මෙම පිලිවෙතින් අත්කර දෙනු ලබන ප්‍රතිවිපාක පෙර දුටුවේ ය; කම්කරු පන්තිය විනශකාරී පරාජයන් මාලාවක ට භාජනය විය; එය මුදුන්පත් වූයේ ජර්මනියේ හිට්ලර් බලයට පත්වීමත් සමග ය.

1923 දී වාම විපාර්ශවය ගොඩනැගූ තැන් පටන්, ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙනු ලැබූ ව්‍යාපාරය 1917 ඔක්තොබර් විප්ලවය මෙහෙයවුනු නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වී පවතී.

සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස රුසියාව තුල පැවැති පසුගාමී ආර්ථික තත්වයන් හෝ පන්ති බලවේගයන් ගේ සම්බන්ධතාව නොගත් මෙම න්‍යාය, ඒ වෙනුවට පදනම් වී ගත්තේ රුසියානු විප්ලවය එහි ලෝක ඓතිහාසික සන්දර්භය තුල ග්‍රහනය කර ගැනීම මත ය. ඔහු තහවුරු කලේ ලෝක අර්ථිකයක් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියක් වර්ධනයවී ඇති තතු තුල රුසියාව වැනි ආර්ථික වර්ධනය කෙරේ කල්ගත ව එලඹූනු රටවල් වලදී, සාමාන්‍යයෙන් නම් ධනේශ්වර විප්ලවයට පැවරී පවත්නා ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන්, ඉෂ්ට කල හැක්කේ කම්කරු පන්තිය විසින්ම පමනක් ය යන්නයි.

රුසියානු කම්කරු පන්තියට බලය අතට ගැනීමට පමනක් නොව සමාජවාදී ස්වභාවයක පියවර ගැනීමටද සිද්ධවනු ඇත. එහෙත් මේ විප්ලවයට රුසියාවේ පසුගාමිත්වය විසින් පටවා තිබෙන සීමාවන්ගෙන් එලියට මාවතක් පාදාගත හැකිවන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ රාමුව තුල ම පමනි.

ට්‍රොට්ස්කි ස්ටැලින්වාදයට එරෙහිව කල අරගලය ලෝක සමාජවාදි විප්ලවයේ මූලෝපාය මත වර්ධනය කරන ලද ආතර, එය 1938 දී හහතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීම තුලින් දේශපාලන ප්‍රකාශනයක් අත්පත් කර ගන්නා ලදි. ඔහු දශකයකට පෙර කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් ක්‍රියාමාර්ගය පිලිබඳ විවේචනයේ දී මෙම මූලෝපායාත්මක සංකල්පය පැහැදිලි කරමින් මෙසේ ලියා තැබුවේ ය.

”අධිරාජ්‍යවාදී යුගය වන අපගේ යුගයේදී, එනම්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයටත් පවතින ලෝක ආර්ථිකයක හා ලෝක දේශපාලනයක යුගයේදී, එකදු කොමියුනිස්ට් පක්ෂයකටවත් තමන්ගේ රටෙහි වර්ධනයෙහි කොන්දේසි හා ප්‍රවනතාවලින් පටන්ගෙන තමන්ගේ ක්‍රියාමාර්ගය ස්ථාපිත කරගත නොහැකිය. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ දේශසීමා තුල රාජ්‍ය බලය දරා සිටින (ස්ටැලින්වාදී) පක්ෂය සම්බන්ධයෙන්ද මෙය පූර්න වශයෙන් වලංගු ය. 1914 අගෝස්තු 4දා ජාතික ක්‍රියාමාර්ගයන්ට සර්වකාලීන ලෙසම මල බෙරය හැඬවුනේ ය.....අතීතයේදීට වඩා, බෙහෙවින් විශාල පරිමානයෙන් වර්තමාන යුගයේදී කම්කරු පන්තියෙහි ජාතික දිශාවනතිය ගලා ආ යුත්තේ හා ගලා ආ හැක්කේ ලෝක දිශාවනතියකින් පමන.ි ඊට ප්‍රතිවිරුද්ධ ලෙස නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය හා විවිධාකාරයේ ජාතික සමාජවාදීන් අතර පවතින පාදක හා ප්‍රමුඛ වෙනස්කම රැඳී පවතින්නේ මෙම කාරනාවෙහි ය.” [The 3rd International after Lenin, ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය, පි. 3 ]

විප්ලවවාදී මූලෝපායක් වර්ධනය කරගත හැක්කේ ලෝක ආර්ථිකය සහ ලෝක දේශපාලනය පිලිබඳ විශ්ලේෂනයක් මගින්ම පමනක්ය යන ට්‍රොට්ස්කිගේ අධාරනය, පෙර නුවූවිරූ නිෂ්පාදනයේ ගෝලීය ඒකාග්‍රකරනය ධනේශ්වර ජාතික රාජ්‍ය පර්යාය සමග එන්න එන්නම උග්‍රවන ඝට්ටනයක නිරතවූ තතු තුල, හා කම්කරු පන්තියේ අරගලයන් ජාත්‍යන්තර මූලෝපායක් සහ සංවිධානයක් මගින්ම පමනක්ම සාර්ථක කරගත හැකිවන තත්වයන් තුල ඔහුව මුලුමනින්ම නූතන දේශපාලන පුද්ගලයෙකු බවට පත් කරයි.

ට්‍රොට්ස්කිට ඔහුගේ ජීවිත කාලය තුල පැවති ආර්ථික, සමාජික සහ දේශපාලන ප්‍රතිඝතිතාවන්ගෙන් පිරී පවතින්නාවූ ද. පන්ති අර්ගලයේ ගෝලීය පුනර්ජීවනයකට මුහුනදී සිටින්නාවූද අප ජීවත්වන වර්තමන ලෝකය වටහා ගැනීමට කිසිදු දුෂ්කර තාවයක් පවතිනු නැත. ලෝකයේ වැඩ කරන මහා ජනකාය වමට හැරෙමින් පවත්නා තතු තුල පාලක ප්‍රභූවෝ දකුනට හැරෙමින් ෆැසිස්ට් හා අන්ත-දක්ෂිනාංශික බලවේග වල නැගීමට ආධාරකරමින් සිටිති. ට්‍රොට්ස්කි ඝාතනයට පෙරාතු වර්ෂ වලදී මෙන් ම දැනුදු එක්සත් ජනපදය මූලික, ලෝකයේ ප්‍රමුඛ බලවත්තු ගෝලීය යුද්ධයකට අර අඳිමින් සිය මිලිටරි බලය ගොඩ නගා ගනිමින් සිටිති.

හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීමේදී ලියොන් ට්‍රොට්ස්කිගේ සාරභුත ඉදිරි දර්ශනය වූ, වර්තමානය වනාහි ධනවාදයේ මර ලතෝනියේ යුගය බවත් එහි දී කම්කරු පන්තියට මුහුන දීමට සිදුවන්නාවු උච්චතම ප්‍රශ්නය වන්නේ විප්ලවවාද නායකත්වය ගොඩනගා ගැනීමය යන්න දැනුදු බලධාරිය; හදිසිය.

මෙම ඉදිරි දර්ශනය සහ 20වන ශතවර්ෂයේ ප්‍රථම භාගය තුල උග්‍ර කලහ සහගත සිද්ධීන් මැද්දැවේ දී ට්‍රොට්ස්කි විසින් දියත් කරන ලද අරගලයේ අඛන්ඩතාවය අද දින හතරවන ජත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදි වෙබ් අඩවිය සහ භූගෝලය හරහා සමාජවාදී සමානතා පක්ෂ විසින් කරගෙන යනු ලබන අරගලයන් තුල දේහගතව පවතී.

ෆැසිස්ට්වාදය ඇතුලු අන්ත දකුනේ පටන් ලිබරලුන් සහ ව්‍යාජ වමේ ධනේශ්වර දේශපාලනයේ සකල වර්නාවලිය ම දුවවන ජාතිකවාදය සහ වර්ගික හා ජනවාර්ගික භේද වලට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර සිටන්නේ පන්ති පදනමකින් යුක්ත වූ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායය යි.

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කොට අවුරුදු සැත්තෑ නවයකට පසුව, ඔහු සිය ජීවිතය කැප කල ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමර්ගය අරක්ෂා කොට වර්ධනය කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයමින් සිටින අරගලය ජාත්‍යන්තරව පන්ති අරගලයේ වර්ධනය සමග අන්තර් ඡෙදනය වෙමින් පවතී.

අප මෙම සංවත්සරයේ දී, ඉතා දුෂ්කර තත්වයන් තුල ට්‍රොට්ස්කි ගෙනගිය බලගතු අරගලයට ගෞරවය පුදනවා පමනක් නොවේ. අප ඔහු පිලිබඳ ස්මරනයට ගෞරව කරන්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැගීම උදෙසා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගලයන්ට අපගේ පක්ෂයේ මැදිහත් වීම මගින්, ට්‍රොට්ස්කි සැලසුම් කල සමාජවාදි විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැගීමට අප ගෙනයන අරගලය මගිනි.

අවුරුදු 48,000කට පෙර වී වගා කළ අපේ මිනිස්සු

සඳරැසී සුදුසිංහ

ලෝකයේ මුලින්ම වී වගා කළ රට ලෙස ලංකාව ඉතිහාසයට එක් වන බව දන්නේ ස්වල්ප පිරිසකි. ඒ වී වගාකරුවෝ පාහියන් ලෙනේ විසූ නූතන මානවයාගේ මුතුන් මිත්තෝය.


එක් දවසක ලංකාවේ හෝර්ටන් තැන්නට අපූරු වැස්සක් වැටිණි. එය පුරාවිද්‍යා පර්යේෂණ වැස්සකි. එය මුළු ලොවින්ම සැඟ වී තිබුණු අපේ ආදරණීය මුතුන්මිත්තන්ගේ කියුම් කෙරුම් ලෝකයට හෙළිදරව් කළ ආලෝක කදම්භයක් වුණු පර්යේෂණයකි. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එහි පෙරගමන්කරුවා වූයේය. ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලක නම් වූ පර්යේෂකයා එහි නියමුවා විය. එම පර්යේෂණයට ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලය, උප්සලා විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ ෆොන්ඩිචෙරි විශ්වවිද්‍යාලය එක් වී සිටියේය.

අතිපුරාන පරිසරය මෙන්ම මිනිසාගේ වෙනස් වීමට අතීත දේශගුණය කෙසේ බලපෑවේද යන්න සෙවීම එම පර්යේෂණයේ මූලික අරමුණ විය. එහිදී මෝසම් කලාපයේ දේශගුණික ඉතිහාසය සෙවිය යුතු විය. අප සියලු දෙනාගේම ජීවන රටාව මේ වන තුරුද මෝසම් මත පෙළගැසී ඇත.

අපේ අතීත ශිෂ්ටාචාරය තුළ කෘෂිකාර්මික සභ්‍යත්වය ආරම්භ වීමේ දින වකවානු සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.

බොහෝ දෙනා මෑතක් වන තුරුම සිතා උන්නේ අපට ඇත්තේ අවුරුදු 2500ක ඉතිහාසයක් බවය. එයද ඉන්දියාවෙන් තෑගි ලැබුණක් ලෙසය. නමුත් මීට දශක තුනකට පෙර ආචාර්ය සිරාන් දැරණියගල වැනි පුරාවිද්‍යාඥයන් ඒ කතාවල තවරා තිබූ සාහිත්‍යමය අයිසින් තට්ටුව ඉවත් කොට අපේ සභ්‍යත්වය කොපමණ අතීතයක් කරා ගමන් කරන්නේද යන්න ඕනෑවටත් වඩා විශ්වාස කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක මඟින් ලෝකයටම කියා දුන්නේය.

ඒ අතීතය හාරා අවුස්සන්නට ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන් තම දැනුම යොදාගනිමින් 1995 වසරේදී තම පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නට හෝර්ටන් තැන්න තෝරාගනු ලැබිණි. මුහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් උසින් යුත් ඉතා සංවේදී පරිසර පද්ධතියක් වූ හෝර්ටන් තැන්න වෘක්ෂලතා, සතුන් මෙන්ම භූගර්භයද සහිතව ස්වකීය විශේෂත්වය පෙනුන්ම් කරන්නට විය.

ආචාර්ය ටී. අ‍ාර්. ප්‍රේමතිලකයන් ඇතුළු පර්යේෂකයෝ එතෙක් මෙරට භාවිතා කර නොතිබූ දියුණු පර්යේෂණ ක්‍රම දහයක් යොදා ගනිමින් තම කටයුත්තට අවතීර්ණ වූහ.

මෙහිදී පාරිසරික භූ චුම්භකත්වය මැනීමේ නවීන උපකරණ භාවිතා කරමින් මෙන්ම, කාබනික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය යොදාගනිමින්, ක්ෂුද්‍ර ශාකමය, ෆොසිල අධ්‍යයනය කිරීමේ තාක්ෂණය හා රේඩියෝ කාබන් කාල නිර්ණය ආදී පර්යේෂණ ක්‍රම භාවිතයෙන් පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කෙරිණි.

හෝර්ටන් තැන්න හි පුරාතන දේශගුණය පිළිබඳ කළ පර්යේෂණ අනුව එහි ඇති මෝසම් දේශගුණය වසර සියයෙන් සියයට පමණ වෙනස් වන තත්ත්වයක් පෙනුම් කරන වග තහවුරු කරන්නට පර්යේෂකයන්ට හැකි විය.

අතිශය සංවේදී භූගර්භ ලේඛනාගාරයක් ලෙස හෝර්ටන් තැන්න හඳුන්වාදෙන ආචාර්ය ටී.ආර්.ප්‍රේමතිලකයන් තම පර්යේෂණය පිළිබඳ අදහස් දක්වාලූයේ මෙසේය.

“මීට අවුරුදු 17,000කට කලින් ඉඳල හෝර්ටන් තැන්නෙ හේන්වගාවක් (Chena Cltivation) තිබිලා තියනවා කියලා අපි සොය‍ාගත්තා. මේක පැරණිම ප්‍රාථමික කෘෂිකාර්මික තත්ත්වයක්. මෑත කාලයේදී ඉන්දියාවේ ගංගා නම් තැනිතලාවේ මීට සමාන තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ වගේම පිලිපීන, ඉන්දුනීසියාව, බෝර්නියෝ වගේ රටවලින්ද එවැනි තත්ත්වයන් වාර්තා වෙනවා.

ලංකාවේ මූලික කෘෂිකාර්මික වටපිටාව දක්වන මේ හෝර්ටන් තැන්නේ අවුරුදු 16,000කට කලින් යව පවුලට අයත් ධාන්‍ය වර්ග, බාර්ලි, ඕට්ස්, වනගත වී හෙවත් ඌරු වී වැනි ධාන්‍යවල ෆොසිලමය සාක්ෂි අපි හඳුනාගත්තා.

අවුරුදු 25,000 – 18,000 අතර කාලයේදී හෝර්ටන් තැන්න මුළුමනින්ම වියළි කාන්තාරමය පරිසරයක් විදියටයි පැවතිලා තියෙන්නෙ. .........පිරුණු ශුෂ්ක කටුපඳුරු තමයි තිබිලා තියෙන්නෙ. වැස්ස ලැබිල තියෙන්නෙ අවුරුද්දකට මිලි මීටර් 500ක් වගේ සුළු ප්‍රමාණයක්.

ඊට පස්සේ අවුරුදු 18,000 – 17,000 වගේ කාලයේදී මේ පරිසරයට මෝසම් වර්ෂාව ලැබෙන්න ගන්නවා. මේ කාලේ මිනිස්සු පියවර ගානක් ඉදිරියට ඇවිත්, අවුරුදු 17,000 – 13,000 වෙන කොට කෘෂිකාර්මික සභ්‍යත්වය කරා ගමන් කළ හැකි මූලික තත්ත්වයක් පෙනුම් කරනවා. කලින් කී ධාන්‍ය වර්ග වගා කරල තියෙනවා මේ කාලයේදී.

ඊට පස්සේ අවුරුදු 13,000 – 8000 වගේ කාලයේදී ධාරානිපාත වර්ෂාව ඇද වැටිලා තියනවා. අදට වඩා දෙගුණයක් මේ ප්‍රදේශයට වැහැලා. ඒ නිසා කෘෂිකර්මය හා සම්බන්ධ පාරිසරික වටපිටාව මේ බිමෙන් අතුරුදහන් වෙලා තියනවා.

අවුරුදු 8,000 සිට අවුරුදු 3000ක් වෙනකොට මෝසම් දේශගුණය පිරිහෙනවා. මීට අවුරුදු 4000ක් වෙද්දි මේ මුළු කලාපයම දරුණු නියඟයකට ලක් වෙනවා. ඒ දේශගුණික පරිවර්තනය එදා වගේම ඉදිරියටත් එනවා. හෝර්ටන් තැන්න කියන්නේ මහා තොරතුරු ගබඩාවක්.

මේ වෙනකොට අපි දන්නවා සත්ව හා ශාක ගෘහශ්‍රිතකරණය ගැන. ඒ කියන්නේ හීලෑ කරන ලද සතුන්, ශාක භාවිතය. මේ ගැන මුළු ලෝකයට ප්‍රශ්නයක් තියනවා. කොයි කාලෙකද මේ තත්වයන් ඇති වෙන්නේ කියලා.

ඒ අනුව අපි දකුණු ආසියාවේ පැරණිම ගල් ගුහාව වන, ෆාහියන් ලෙනේ පර්යේෂණ කටයුතු ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතු අතර ක්ෂුද්‍ර පාරිසාරික පු‍රාවිද්‍යා පර්යේෂණ ආරම්භ කළා.

මේ ලෙනෙන් සොයාගත් අස්ථි, බෙලිකටු, ශාක අඟුරු, සත්ව අවශේෂ මේ පරිසරයේ සිදු වුණ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි සපයනවා. මේ ගුහාවාසීන් විවිධ ශාක වර්ග භාවිතා කරලා ති‍බෙනවා. වල් කෙසෙල්, වී, වල්දෙල්, කැකුණ, බටලී වගේම තාල වර්ගයට අයත් ශාක වර්ග ගණනාවක්ම මේ මිනිස්සු ප්‍රයෝජනයට අරන් තියනවා.

අපිට හමු වුණ ෆොසිල සාක්ෂි අතර “වනගත වී” වර්ග භාවිතා කිරීමක් පිළිබඳ තොරතුරු හඳුනාගන්න පුළුවන් වුණා. ක්ෂුද්‍ර මට්ටමේ ෆොසිල හමුවුණේ මීටර් එකක් එකහමාරක් විතර යට පස් තට්ටුවලින්. අවුරුදු 48,000 – 6000 අතර කාලයෙන් හම්බවෙන සාධක වලින් Oryza Nivara (ඔරයිසා නිවාරා) නම් වී වර්ගවලට සමාන වන වී හෙවත් ඌරු වී වර්ගය හම්බ වෙනවා. මේ තමයි ලෝකයේ පැරැණිම වී වගා කිරීමේ තත්ත්වය. ඒක සුවිශේෂි සොයා ගැනීමක් ලංකාවට වගේම ලෝකයටත්.

මීට අවුරුදු 6000ක් වන තුරුම වන ගත වී භාවිතා කරපු අතීත මුතුන් මින්තෝ, ඒ කියන්නේ නූතන මානවයාගේ පරපුරේ මුතුන් මිත්තෝ, ටිකෙන් ටික වනගත වීවලින් දුරස් වෙන්න පටන් ගන්නවා. ඔවුන් හීලෑ කරන ලද එහෙම නැත්නම් ගෘහාශ්‍රිතකරණය කරන ලද වී වර්ග වගාවට භාවිතයට හුරු වෙනවා. මේ හීලෑ කරන ලද වී වර්ග Oryza Sativa(ඔරයිසා සටිවා) වර්ගයට අයිති‍ වී කියල හඳුන්වනවා. නියම හීලෑ කරන ලද වී බිහි වෙන්න බොහෝ කාලයක් ගත වුණා. අද දක්වාම පවතින්නේ එදා සිට මෙරට උන් ජනයාගේ පරිසරයෙන් සම්භවය වූ වී වර්ග. අද වගේම ඒ කාලෙත් ප්‍රධානම ආහාරය බත් කියලා අනුමාන කරන්න පුළුවන්. ලංකාවේ වනගත වී වර්ග පහක් විතර තියනවා. අපි අද ආහාරයට ගන්නා වන වී වර්ගවලින් බිහි වුණා කියලා හිතන්න පුළුවන්.

කොහොම වුණත් අද වන තුරු ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කර ඇති පර්යේෂණ සියල්ලටම අනුව අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකයේ පැරැණිම වී වගා කරල තියෙන්නෙ අපි කියලා.

චීනය ඉන්දියාව වගේ රටවල් අවුරුදු 6000 – 5500 අතර කාලයේදීය ගෘහාශ්‍රිතකරණය වූ කෘෂිකාර්මයට අවතීර්ණ වෙන්නෙ. ඒ වගේම ඔවුන්ගේ ගෘහාශ්‍රිත නොවූ කෘෂිකාර්මික අතීතය චීනයේ හා ඉන්දියා අවුරුදු 12,000 වගේ කාලයකයි ආරම්භ වෙලා තියෙන්නෙ අපි එතැනදි හුඟක් ඉදිරියෙන් ඉන්නේ.

අවුරුදු 48,000ක් දක්වා ඈත යුගයේදී අපේ රටේ ලෝකයේ මුල්ම කෘෂිකාර්මික ජයග්‍රහණයන් සටහන් කරමින් වන වී භාවිතා කරලා තියනවා. එදා සිට වැවූ වීවල ජාන උරුමය තවමත් මේ රටේ තිබෙනවා. ඒ උරුමය ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් වගේම, මේ වී භාවිතා කරමින් තවත් වී විශේෂ නිපදවන්නන් සැලකිලිමත් වෙන්න ඕන.

අපි මේ පර්යේෂණ හෝර්ටන් තැන්නෙන්වත්, ෆාහියන් ලෙනින් වත් නතර කරන්නෙ නෑ. මේ වෙද්දී විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පර්යේෂණ සිදු කරනවා. එහි මූලික කෘෂිකර්මය අවුරුදු 3000 – 3500 කාලය ඉක්මවනවා.

වෙන්නප්පුව ආශ්‍රිත සිරිගම්පොළ ගමේ කළ පර්යේෂණ අවුරුදු 5000 – 6000 අතර කාලයේදී කෘෂිකර්මය ආරම්භ වූ බවට සාක්ෂි ලබා දෙනවා.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ඇති තෙත්බිමක් වැනි මායක්කායි ස්ථානය පරික්ෂා කිරීමෙන් එහි ඇති ක්ෂුද්‍ර ෆොසිල අවුරුදු 2000කට වැඩි කෘෂිකාර්මික වටපිටාවක් වූ බවට සාක්ෂි සපයනවා. (දැනට මේ පර්යේෂණ සිදු කරමින් පවතී) මේ කරුණු කාරණා සියල්ලම අපිට මෙරට තිබූ කෘෂිකාර්මික සභ්‍යත්වයේ සාඩම්බර අතීතය සනාථ කරනවා.

ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක නම් වූ මේ විශිෂ්ට පර්යේෂකයා අප නොදැන හුන් අපේ අතීත අභිමානය ලෝකයටම කියා අවසානය.

මේ වන විට පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලකයන්, දිවුලපිටියේ ඉපිද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව සම්බන්ධ ප්‍රථම උපාධියද, ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයෙන් තම දර්ශනපති, හා දර්ශන ශූරි උපාධියද ලබාගෙන ඇත. ඊට අමතරව එංගලන්තයේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන්, ස්ටෙක්හෝම් විශ්වවිද්‍යාලයෙන්, ඉන්දියාවේ පොන්ඩිචෙරි පර්යේෂණ ආයතනයෙන්, ආචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත.

මොණරවිල කැප්පෙටිපොලත් ඩීල් කාරයෙක්

තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා.
ක්‍රිසන්ති විතාරණ

මාධ්‍යවේදී මලික් චමින්ද විසින් රචිත ,‘18 පරපුර 1818 වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන’, ඌවේ ඉතිහාසය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් රචනා වූ ගමන් විත්ති කෘතියකි. මේ එම කෘතිය පිළිබඳ ලේඛකයා සමඟ කළ කතාබහකි.



 ‘18 පරපුර, ඉතිහාසය පිළිබඳ වෙනස් ලියැවීමක්. මොකක්ද මේ වෙනස?

ඔබ කියන විදියට මෙය ඉතිහාස පොතක්. ඒත් වෙනස්. ඉතිහාසය ගැන මට උනන්දුවක් තියෙනවා. පොත් පත් කියවලා මූලාශ්‍රවලින් ලබා ගත් දැනුමක් තිබෙන බවත් ඇත්ත. ඒත් එය ඉතිහාස සම්ප්‍රදාය ගැන ගැඹුරට හදාරලා ලබාගත් දැනුමක් නෙමෙයි. ඒ නිසා, ඉතිහාසඥයකුට තරම් ඉතිහාසය ගැන ලියන්න මට සාධාරණ අයිතියක් නැහැ කියලයි මම හිතන්නේ. උඩරට අරගලය පිළිබඳ පසුගිය කාලයේ ලියැවුණු පොත් පත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතරින්, ආචාර්ය පෝල් ඊ. පීරිස්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වැනි විද්වතුන් ලියූ පොත් ඉතාමත්ම වැදගත්. ඔවුන් විධිමත්ව ඉතිහාසය පිළිබඳ හදාරලා, ඉතිහාසය ගැන මනා දැනුමක් ලැබූ පුද්ගලයෝ. මම මාධ්‍යවේදියෙක්. මම කරන්නේ සංචාරයක්. ඒ තුළ මට යම් යම් ස්ථාන මුණ ගැහෙනවා. ඒ ස්ථානවල තිබූ ඉතිහාස කතන්දර එකතු කිරීමක් තමයි මම කරන්නේ. මෙහිදී පොත් පත්වල ලිඛිත සාධකවලට අමතරව, ගම්වල ජනතාවගේ ජනශ්‍රැති හා ජනවහර මම ප්‍රයෝජනයට ගන්නවා. සංචාරකයෙක් විදියට දැක්ක දේ, එදා තිබුණු දේ අද කොහොමද තියෙන්නේ? කියන එක සංසන්දනය කිරීම තමයි මම කරන්නේ.

සංචාරකයෙක් ලෙස ඔබ ලබා ගන්නා මූලාශ්‍ර, පොතක අන්තර්ගතය වන තරමට විශ්වාසය තහවුරු කර ගත්තේ කොහොමද?

1818 අරගලයට පසුගිය වසර වෙද්දි වසර 200 ක් පිරුණා. ඒ වන විට මේ රටේ නිර්මාණකරුවන් සහ විවිධ පුද්ගලයන් ගේ පවා මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වුණා. ඌව වෙල්ලස්ස කියන්නේ ලංකාවේ දරිද්‍රතාවෙන් වැඩි වශයෙන් ම පීඩාවට පත් වුණු කලාපයක්. ‍මුලින් කියපු උනන්දුවත් සමඟ සිදු වන අනෙක් දේ, රටේ මිනිස්සු ඔවුන් සොයාගෙන එනවා කියලා මේ ප්‍රදේශයේ මිනිස්සුන්ටත් දැනෙනවා. මේ නිසා මම ඔවුන් සොයාගෙන යනකොට, අරගලකරුවන්ට නැති නෑදෑයෝ පිරිසක් ඇති වෙලා. සමහර වීරයන්ගේ පරම්පරාවලට නෑදෑකම් හදා ගත් පිරිසක් ඉන්නවා. ඔවුන් ගේ අයිතිය කියන්න තවත් පිරිසක් ඉන්නවා. මම ඔවුන් හමුවෙලා මෙහෙම වැඩක් කරනවා කිව්වහම, මුලදී ඒ ස්ථාන බලා ගන්න ඉන්න අය කියලා කියන අය, ටික වෙලාවකින් නෑදෑකමක් හඟවනවා. ඒත්, අතරමඟදී , මම වගේ අය එන බව දැන ගත්තහම, ඒ මිනිස්සු මේ විදියට සූදානම් වෙලා ඉන්න බව දැන ගන්න ලැබෙනවා.

ඔබ අහනවා කොහොමද එහෙනම් විශ්වාසය තහවුරු කර ගන්නේ කියලා. අපි දන්නවා 18 අරගලය අවස්ථාවේ ඉංග්‍රීසින් මේ පළාත සම්පූර්ණයෙන් විනාශ කළා. මිනිසුන් ගම් පිටින් ගිනි තියලා, කුඩා දරුවෝ පවා මරා දැම්මා. එතැනින් බේරිලා පානම වැනි ප්‍රදේශවලට ගිහින් ආපසු ආව පිරිස් ඉන්නවා කියලා පිළි ගැනීමක් තියෙනවා. මෙතැන පරම්පරා හයක විතර කාලයකුත් තියෙනවානේ. මේ සියල්ල සත්‍යම සොයා ගැනීමේදී ගැටලු ඇති කරනවා.

අනෙක් කරුණ, මේ සටන රහසිගතව සංවිධානය වුණ එකක්. වෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙත් කිහිපදෙනෙක් විතරයි. ඒ පිරිස් මිය ගියාට පස්සේ, ඒ රහස් සියල්ල විනාශ වෙනවා. ඒ නිසා, මෙතැනදි හරියටම වුණේ ‍මේකයි කියන්න අමාරුයි. මේ වගේ දේ නිවැරැදි කර ගන්න වෙන්නේ, මීට පෙර මේ සම්බන්ධයෙන් ගවේෂණය කළ පිරිස් මඟිනුයි. ඒ සමඟ ම, අපේ රටේ පැරැණි ගම්වල ජනමත නායකත්වය දැරූ පිරිස් ඉන්නවා. පන්සලට, පාසලට සම්බන්ධ පිරිස් ඔස්සේ, තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා.

මෙහිදී, අමාරුවෙන් කැළෑ වැදිලා බේරුණු පරම්පරාවක් දෙකක් ඉන්න බව නම් තහවුරු වෙනවා. හිටිහාමිගේ පරම්පරාව ඉන් එකක්. එක් දහස් නවසිය හැට ගණන්වල "රසවාහිනී" සඟරාවක, මේ පරම්පරාව සොයා ගත් විස්තර වගයක් තිබෙනවා . මේ වගේ සාක්ෂිවලින් තමයි මම විශ්වාසය තහවුරු කරන්නේ. අනෙක ජනශ්‍රැති. ඒවා බොරු කියලා බැහැර කරන්න බැහැනේ. රහසිගතව සිදුවුණු දේ, ජනශ්‍රැති මඟින් තමයි ගොඩ නගාගන්න වෙන්නේ. හැබැයි 18 අරගලයේදී "ඩීල්" දාපු රදල පරම්පරා ටික නම් ඉතිරි වුණා.

ඉතිහාසය ගැන කතා කරද්දි නිතර ඇහෙන චරිතවලින් ඔබ්බට ගිහින්, මේ පොත තවත් චරිත ගැන කතා කරන්න උත්සාහ කරනවා නේද?

අපි හැමදාමත් ඉතිහාසය අහන්නෙ දකින්නේ ප්‍රභූ දෘෂ්ටියකින්.18 අරගලයේ විතරක් නෙමෙයි. දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා වැනි මහා චරිත කළ දේ කතා කළාට, සැබෑ වීරයෝ මේ අතර හැංගිලා. බලය තිබුණු තැන, රදළයෝ ගැන තමයි හැමදාමත් කතා කළේ. සමහර විට අද තියෙන තත්ත්වයමත් එයම වෙන්න ඇති. බලපුළුවන් කාරයන් සතුටු කරන්න, ඉතිහාසය ලියූ ලේඛකයෝ උත්සාහ කරන්න ඇති. වෙල්ලස්ස අරගලය ගත්තහම, කැප්පෙටිපොළගේ නායකත්වය ගැන කතා කෙරෙනවා. ඒත්, සටන් ආරම්භ වෙනකොට කැප්පෙටිපොළ හිටියේ ඉංග්‍රීසීන් එක්කයි. සමහරු කියනවා අරගලකරුවන් සමඟ හොර රහසේ ගනුදෙනු කරමින් හිටියා කියලා. බොහෝ වෙලාවට එය ඔප්පු වන තැනුත් හමු වෙනවා. හැබැයි අරගලය ඉස්සෙල්ලම ආරම්භ වන්නේ, කිවුලේගෙදර මොහොට්ටාල, බුටාවේ රටේරාල වැනි අය මල්වතු විහාරයේ සිටි හාමුදුරු කෙනෙක් සිවුරු ඇරවලා, රාජධුර අපේක්ෂකයා ලෙස පත් කරලා, නායකත්වය දීම මඟිනුයි. මේ අතර හිටියේ සාමාන්‍ය ජනතාව. ඊ ළඟට බින්තැන්නේ වැදි ජනතාව. පසු කාලීනව මෙය ජයග්‍රහණයක් විදියට යද්දී තමයි, අර පිරිස් මතුවෙන්නේ.

මේ ප්‍රභූ පිරිස් මෙතන්ට රිංගලා, ජන සටන අවුල් කළා. මිනිස්සුන්ගේ අවංක කැප කිරීම ඔවුන් විනාශ කළා. ප්‍රභූවරු තමයි ඉතිහාසය පුරාම අපට වැඩි වශයෙන් විනාශ කිරීම් කරලා තිබෙන්නේ. හැබැයි ඔවුන් ගැන වැඩියෙන් කතා කරනවා. ජනතාවගේ කැප කිරීම් ගැන කතා කරන්නේ නැහැ. මහා වෙහෙර විහාර හැදුවා වුණත්, ඒ පිටුපස සාමාන්‍ය මිනිසුන් ගේ කැප කිරීම් කතා කළේ නැහැ. තවමත් අනුරාධපුරයට ගියාම, ප්‍රභූන් ගොඩනැගූ මාලිගාවල නටබුන් පවා දකින්න ලැබෙනවා. ඒත්, ජන ජීවිත අදටත් පැල්පතේ. එතැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මට, හැමදාම ප්‍රභූන් ගැනම කතා කරන ඉතිහාසය වෙනුවට, ජනතාව කළ දේ කතා කරන්න අවශ්‍ය වුණා. ඒකට හේතුව, සැබෑ වීරයෝ හැමදාම මැරෙන්න දෙන්න බැරි නිසයි.

ඔබ කියන්නේ, ජාතික වීරයෝ ලෙස නම් කළ ඔවුන් "ඩීල් කාරයෝ" කියල ද?

අරගලයට පස්සේ එක්වුණු ප්‍රභූවරු ගැන ගැටලු රැසක් තිබෙනවා. බලන්න කැප්පෙටිපොළ. තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා. එකක් තමයි දොරේසාමිගේ පළමු අදිකාරම් ධුරය ගැනීම. දෙවැන්න ආයුධ භාරදී යටත් වන්නැයි කී අවස්ථාවේ, ආයුධ භාර නොදීම. මේ සියල්ල පෙර කර්මයට සිදු වන බවත් කියනවා. මේ සියල්ලටම වඩා වැදගත් දේ තමයි, මාර්ෂල් හරහා ඔහු ඩොයිලි හා බ්‍රවුන්රිග්ට ලිපි යැවීම. ඔහු, තමන් නොමරා රටින් පිටුවහල් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. කැප්පෙටිපොළ ගැනත්, අනෙක් රදළයෝ ගැනත්, මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා.

මඩුගල්ලේ, පිළිමතලව්වේ දෙන්නත් එහෙමයි. මේ දෙන්නා එකතුවෙලා තමයි ජයග්‍රාහීව ගිය සටන ඉදිරියට යද්දි , දොරේසාමි සුර්ය වංශයේ නෙමෙයි කියලා සටන අවුල් කරන්නේ. ඇහැලේපොළට, කපුවත්තේට සහ ඔහුට බේරෙන්න දෙනවා නම් කැප්පෙටිපොළ හා දොරේසාමි පාවා දෙන්න පුළුවන් කියලා මෙතැනදි පිළිමතලව්වේ බ්‍රවුන්රිග්ට ලිපි ලියනවා.

මේ වගේ ඩීල් හැම තැනම තිබිලා තියෙනවා. ඒක තමයි අදටත් පවතින්නේ. අදත් උඩින් තියෙන්නේ වෙනම කතාවක්. ඒත්, ඇත්ත සම්පූර්ණයෙන් වෙනස්. 18 අරගලයේ විතරක් නෙමෙයි, අපේ ඉතිහාසය පුරාවටම ඩීල් තියෙනවා. මේ ප්‍රභූවරුන් හැමදාම කළේ ඩීල් මත යැපීමයි. අහිංසක ජනතාව ඒවාට බිලි වුණා. 18 අරගලයේදී විතරක් නෙමෙයි, අදටත් ඩීල් නිසා තමයි රට අවුල් වෙලා තියෙන්නේ.

ඔබ මේ පොතෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ, ඉතිහාසය ගවේෂණය කිරීමද? එහෙමත් නැත්නම් මේ පොත හරහා ඉතිහාසය සමාජයට සමීප කරවීමට ද?

මුල්ම කාරණය තමයි, නිදහස ලබා වසර හැත්තෑ ගණනකට පස්සෙ තමයි, අපට මොවුන් වීරයෝ විදිහට පිළිගන්න පුළුවන් වුණේ. එතකම් , ද්‍රෝහියෝ කියලා නම් කරලා තිබුණු මේ පිරිස, ඉන් ගලවා ගන්න කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ.මගේ අරමුණ වුණේ, මුලින් කියූ හැංගුණු පරම්පරා ටික ඉස්සරහට ගන්නයි.

මෑතක තිබූ 1818 අරගලය සම්බන්ධ උත්සවවල පවා අපි දැක්කේ, අර ප්‍රභූ පුද්ගලයන් ගැන කතා කරනවා විතරයි. ඔවුන්ට උපහාර උත්සව පැවැත්වෙනවා. මාධ්‍යවලින් කතා කරනවා. කොටින්ම කියනවා නම්, ඩොයිලි, බ්‍රවුන්රිග් ගැනත් කතා කරනවා. ඒත්, අර මිනිස්සු ගැන කතා කරන්න කෙනෙක් නැහැ.

මේ වසර 200 ක් වෙද්දි ඒ කතා නොවුණු පිරිස ගැන කතා කරන්නයි මට අවශ්‍ය වුණේ. දැනට මම ඒක කළත්, ඉදිරියට මීට වැඩිය ලොකු දෙයක් කළ යුතුයි කියන වුවමනාව මට තියෙනවා.

ඒ කියන්නෙ මීට වඩා විස්තරාත්මක පොතක්. මෙහි තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක්. මේ කාර්ය කරගෙන යන්න, බොහෝ කැප කිරීම් කළ යුතුයි. දැනට තියෙන දැනුමෙ හැටියට, තොරතුරු ගවේෂණය සඳහා රටවල් තුන හතරකටවත් යන්න වෙනවා . ඒකට හේතුව, සමහරු මැරුණේ වෙන රටවල. සංචාරකයෙක් විදියට ලිව්වත් ඉන්දියාව, මුරුසිය වගේ රටවලට යන්න වෙනවා.

මේ සොයා යන ඉතිහාසය, අනාගතයට අවශ්‍යද?

අපේ ඉතිහාසයේ මුල් කොහෙද කියන දේ දැන ගැනීම තරුණ හෝ ළමා පරම්පරාවේ පෞර්ෂය ගොඩ නැගීමට ඉවහල් වෙනවා. අවාසනාවකට 1972දී ඉතිහාසය සහ සාහිත්‍ය විෂයන් පාසලෙන් කප්පාදුවකට ලක් වුණා. දැන් යම් පමණක උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ප්‍රශ්නය වෙන්නේ, අපි ඉතිහාසය කියා බොහෝ විට අහන්නේ යුද්ධ, ජාති බේද, ගැටුම් වැනි සෘණාත්මක සිදුවීම්. ඒ මානසිකත්වයෙන් බලලා, ඉතිහාසයට ජාතිවාදී ලේබලයක් අලවනවා. ඉතිහාසයෙන් ගත යුතු දේ ගත්තේ නැහැ. වටිනා මානව ධර්මතා ගත්තේ නැහැ. මේ දේ තමයි අපි ඉතිහාසය කියා වරද්දා ගත් දේ. ඉතිහාසය මඟිනුයි, අපේ අනන්‍යතාව හැදෙන්නේ.

උපුටා ගැනීම: දිනමිණ 

ඝාතනයෙන් සියවසකට පසු

48 හැවිරිදි වියේ පසුවූ රෝසා ලක්සම්බර්ග් ඇයගේ යුගයේ සිටි වඩාත්ම කැපී පෙනෙන මාක්ස්වාදී විප්ලවවාදීන් ගෙන් අයෙකු විය. 

පීටර් ෂ්වාට්ස්

ලෝක ඉතිහාසයේ සිදුවූ වඩාත්ම බිහිසුනු සහ ආනුෂාංගික අපරාධයක් අද දින ශත සංවත්සරය සනිටුහන් කරයි. 1919 ජනවාරි 15 වනදා බර්ලීනයේ දී ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාශයේ ෆ්‍රයිකොර් සෙබලුන් විසින් ඊට සති දෙකකට පෙර පිහිටවනු ලැබූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩි) නායකයන් දෙදෙනා වන රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් අත්අඩංගුවට ගන්නා ලදී. සොල්දාදුවන් ඔවුන්ව ඊඩන් හෝටලය වෙත ගෙන යන ලදී. එහිදී වද බන්ධනයන්ට ඔවුන් ව ලක් කොට පසුව එයින් බැහැරට ගෙන ගොස් මරා දමන ලදී.

48 හැවිරිදි වියේ පසුවූ රෝසා ලක්සම්බර්ග් ඇයගේ යුගයේ සිටි වඩාත්ම කැපී පෙනෙන මාක්ස්වාදී විප්ලවවාදීන් ගෙන් අයෙකු විය. එඩුවාඞ් බර්න්ස්ටයින්ගේ ප්‍රතිසංස්කරනවාදයට සහ පලමු ලෝක යුද්ධය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුද්ධයට පක්ෂ පිලිවෙත් වලට එරහි ඇයගේ තියුනු තර්ක සම්බන්ධයෙන් ඇය කුප්‍රකටව සිටි අතර එස්පීඩී හී විප්ලවවාදී අංශයේ සහ පසුව ස්පාටකස් ලීගයේ අවිවාදිත න්‍යායික නායිකාව වී සිටියාය.

රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට්
එස්පීඩී හි ආදී කතෘ වූ විල්හෙම් ලිබ්නෙක්ට් ගේ පුත්‍රයා වූ සහ ලක්සම්බර්ග්ගේ සම වයසේ සිටි කාර්ල් ලිබ්නෙක්ට්, යුදවාදයට සහ යුද්ධයට, සමහන් කල නොහැකි ප්‍රතිවිරෝධයක් මූර්තිමත් කලේය. එස්පීඩී පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස, තමන්ගේම පක්ෂයට එරහිව, යුද නය ප්‍රතික්ෂේප කරමින් කල කැරලි ගැසීමේදී දැක්වූ නිර්භීතභාවය සහ ධෛර්යයසම්පන්නභාවය හා වධහිංසා පැමිනවීම් සහ මර්දනය හමුවේ පවා යුද්ධයට එරහිව සටන් සහ උද්ඝෝෂනය කිරීම නිසා දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ගෞරවය ඔහු දිනා ගත්තේය. 1918 නොවැම්බර් විප්ලවයේදී ඔහු ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා සටන් කලේය. නොවැම්බර් 9 වෙනිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ඔහු නිදහස් සමාජවාදී ජර්මානු ජනරජයක් ප්‍රකාශයට පත් කලේය.

දුබල රෝසා ලක්සම්බර්ග් හට ඊඩන් හෝටලයේ ප්‍රවේශ ශාලාව තුලදී රයිෆල් මිටකින් ඇද වැටෙන්නට පහර දුන් අතර පසුව කාරයක් වෙත ගෙන ගොස් වෙඩි තැබීය. ඇගේ සිරුර ලෑන්ඩ්වර් ඇල මාර්ගයට විසි කර දැමුනු අතර මාස ගනනාවකට පසුව එය එහි තිබී සොයා ගන්නා ලදී. කාල් ලිබ්නෙක්ට් හට ටියගාටන් හීදී ඉතා සමීපව සිට වෙඩි තුනක් තබා ඝාතනය කෙරුනි. මාධ්‍ය පසුව වාර්තා කලේ පැන යාමට තැත් කිරීමේදී ලිබ්නෙක්ට්ට වෙඩි තැබූ අතර ලක්සම්බර්ග් කෝපාන්විත කැරලිකරුවන් විසින් ඝාතනය කල බවය.

ලක්සම්බර්ග් ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතනයන් ප්‍රති විප්ලවවාදී ප්‍රචන්ඩත්වයේ නව අවධියක් සනිටුහන් කලේය. මීට ප්‍රථමයෙන් ධනපති රාජ්‍යය කෲර ලෙස සමාජවාදී විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ක්‍රියා කොට තිබුනු අතර 1871 පැරිස් කොමියුනය මර්දනය කිරීමෙන් පසුව සිදු කල ආකාරයට සමූහ ඝාතනයන් සිදු කරමින් විප්ලවවාදී කම්කරුවන්ගෙන් ලේවැකි ලෙස පලිගන්නා ලදී. නමුත් විප්ලවවාදී පක්ෂයේ නායකයන්ව, රාජ්‍යයේ කොටස් විසින් නඩු විභාගයක් හෝ නඩු තීන්දුවක් රහිතව මරා දැමීම, නව ප්‍රපංචයක් වූ අතර එය අනෙකුත් අය විසින් අනුගමනය කල පූර්වාදර්ශයක් ඇති කලේය. ආධිපත්‍යධාරී සාර් රෙජීමය පවා සාමාන්‍යයෙන් සිදුකලේ සමාජවාදී විරුද්ධවාදීන්ව සයිබීරියාවට පිටුවහල් කිරීමය.

ආත්මීය සාධකය, එනම් ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ සහ බෝල්ශෙවික් පක්ෂයේ භූමිකාව, කම්කරු පන්ති විප්ලවය ජයග්‍රහනය කරා මෙහෙයවීමේදී තීරනාත්මක වූ බව රුසියානු විප්ලවයෙන්, ජර්මානු පාලක පන්තිය තේරුම් ගෙන තිබිනි.

ඝාතනයන්ට දින කිහිපයකට පෙර “ඔවුන්ගේ නායකයන් මරා දමනු!” යන සටන් පාඨය සහිත අත් පත්‍රිකා බර්ලීන නගරය පුරා බෙදා හැරුනි. මිනීමරුවන් සිය කටයුතු ඉදිරියට කරගෙන ගියේ රාජ්‍යයේ ඉහලම මට්ටම් වල අනුමැතිය ඇතිවය.

රෙයික්වර් සඳහා වග කිවයුතු අමාත්‍යවරයා සහ ප්‍රමුඛ එස්පීඩී සාමාජිකයෙකු වූ ගුස්ටාව් නොස්ක්, සිය කෲර ප්‍රචන්ඩකාරීත්වය සම්බන්ධයෙන් කුප්‍රකට ගාර්ඞ්-කවලහී-ශුට්සන් හමුදා කොට්ඨාශය, විප්ලවවාදී කම්කරුවන්ට එරහිව ක්‍රියාත්මක කරවීමට බර්ලීනයට මෙහෙයවීය. 1918 ලේවැකි නත්තල අතරතුර ඔවුන්, බර්ලින් මාලිගය අත්කරගෙන සිටි කැරලිකාර නාවුකයන් වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලද අතර ම්ලේච්ඡ ලෙස ස්පාටකස් නැගී සිටීම මර්දනය කරන ලදී.

1919 මැයි මසදී යුද්ධාධිකරනය විසින් ලක්සම්බර්ග්ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතනයන්ට සෘජුවම වගකිව යුතු නිලධාරීන් චෝදනා වලින් නිදහස් කල විට නොස්ක් එම චෝදනාවලින් නිදහස් කිරීමට පුද්ගලිකවම අත්සන් කලේය. ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාශයේ නායකයා ලෙස ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් ඝාතනය කිරීමට නියෝගය නිකුත් කල වැල්ඞ්මා පැබ්ස්ට් හට කිසිදු දිනක චෝදනා ගොනු නොකෙරුනි. ඔහුට සිය වෘත්තීය නාසීන් යටතේ සහ පශ්චාත් යුද ෆෙඩරල් ජනරජය තුල සිදු කරගෙන යාමට හැකිවූ අතර 1970 දී ධනවත් ආයුධ වෙලෙන්දෙකු ලෙස මිය ගියේය.

අද දක්වාම එස්පීඩී ය, ලක්සම්බර්ග්ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතන වලට තමන්ගේ ඇති වගකීම මතභේදයට ලක්කරයි. නමුත් ඝාතන වලට ආසන්නයේදී පැබ්ස් නොස්ක් හට ටෙලිෆෝනයෙන් කතා කල බව නිශ්චිතය. තමන්ට නොස්ක්ගෙන් කටයුත්ත සිදුකිරීමට අවසර ලැබුන බව පැබ්ස් පසුව අවස්ථා කිහිපයකදීම තහවුරු කලේය. ඔහුගේ මරනයෙන් පසු හමුවූ 1969 දී ඔහු විසින් ලියන ලද ලිපියකට අනුව “නොස්ක්ගේ සහයෝගය (ඊබට් පසුබිමෙන් සිටියදී) රහිතව මට එම කටයුත්ත සිදුකිරීමට කිසිදු මාර්ගයක් නොතිබූ බව සහ මට මගේ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට සිදුවූ බව ඉතා පැහැදිලියි. සාක්ෂි දීම සඳහා මාව කැඳවුයේ නැත්තේ හෝ වරදක් සම්බන්ධයෙන් මට චෝදනා එල්ල නොකෙරුනේ කුමක් නිසාද යන්න තේරුම් ගෙන ඇත්තේ අල්ප දෙනෙක් පමනි. ඒ අවස්ථාවේ අපගේ එකමුතුව පිලිබඳ වසර පනහක් පුරාවට කට වසාගෙන සිටීම මගින්, ප්‍රභූ පරිවාරකයෙකු ලෙස මම එස්පීඩී යේ හැසිරීම පිලිගත්තා.”

නොවැම්බර් මාසයේදී ජර්මනිය පුරා ලැව් ගින්නක සේ පැතිර ගිය විප්ලවය, රුසියාවේදී සිදු කලාක් මෙන් ධනවාදය පෙරලා දැමීම වැලැක්වීම සඳහා, පාලක පන්තියට ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් මරා දැමීමට සිදු විය. විප්ලවයේ මුල් දින කිහිපය තුල යටත් වූ හොහෙන්සොලර්න් රෙජීමය, ආරක්ෂා කරගැනීමට නොහැකි විය. නමුත් මෙමගින් සිදු කලේ එහි සහයෝගයේ පදනම වන කාර්මික සහ මූල්‍ය ප්‍රාග්ධනය, විශාල ඉඩම් හිමියන්, මිලිටරි කුලය, සහ ප්‍රතිගාමී අධිකරනය, පොලීසිය, සහ පරිපාලන සංවිධාන මගින් තමන්ගේ සමාජ තත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තව තවත් අධිෂ්ඨාන සහගත කිරීම පමනි.

මේ සඳහා ඔවුන්, 1918 නොවැම්බර් 9 වනදා නව ආන්ඩුවක් පිහිටුවීමට එස්පීඩී යේ නායක ෆෙඩ්රික් ඊබට් හට ආරාධනා කරන ලදී. ඒ මොහොතවන විට පූර්වගාමී අවුරුදු හතර පුරාවට එස්පීඩී ය, පලමු ලෝක යුද්ධයට සහය දීම හරහා ධනේශ්වර පාලනයට තමන්ගේ ඇති කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කර තිබුනි. ඊබර්ට් වහාම හමුදාවේ සාමාන්‍ය කාර්යය මන්ඩලය සමග විප්ලවය මර්දනය කිරීමට පෙල ගැසුනි.

මෙසේ පලමු විප්ලවවාදී රල ලේවැකි ආකාරයෙන් මර්දනය කල නමුත්, මෙය කොහෙත්ම කුමන පන්තිය පාලනය කරනු ඇත්ද යන ප්‍රශ්නය විසඳුවේ නැත. කේපීඩී ය ඉමහත් ලෙස වාසිදායක විප්ලවවාදී අවස්ථාවක් මගහැර ගත් සහ සූදානමින් සිටි නැගීසිටීමක් අවසාන මිනිත්තුවේ නතර කල 1923 ඔක්තෝබර් දක්වා නිරන්තරයෙන් වර්ධනය වන පන්ති අරගල සහ විප්ලවවාදී අවස්ථාවන් පුපුරා ගියේය.

මීට අමතරව 1918-19 අතර කාලයේ, කේපීඩී ය පිහිටුවීමත් සමග, එස්පීඩී යේ පාවාදීම් සහ ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ (යූඑස්පීඩී) මධ්‍යස්ථ පිලිවෙත් පැරදවීමෙහිලා ඉතා වැදගත් ඉදිරිපියවරක් ගැනුනි. 1917 දී යූඑස්පීඩී ය පිහිටවූයේ යුද නය සඳහා පිටුබලය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එස්පීඩී ය විසින් පිටුවහල් කරන ලද නියෝජිතයන් විසිනි. කෙසේ වෙතත් යූඑස්පීඩී ය 1918 දී ඊබර්ට් ගේ ආන්ඩුවට ඇතුලු වී එහි නිරුවත වසා ගැනීමට සහය වන වාමාංශික කඩතුරාවක් ලෙස කටයුතු කරන ලදී.

කේපීඩීයේ පරිශ්‍රමය වන්නේ හොහෙන්සොලර්න් රෙජීමය වෙනුවට ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ආදේශ කිරීමට නොව ඒ වෙනුවට ධනේශ්වර පාලනය පෙරලා දැමීම බව රෝසා ලක්සම්බර්ග් විසින් සම්පාදනය කරන ලද කේපීඩී හී ආරම්භක ලියවිල්ල ඉතා පැහැදිලි ලෙස අවධාරනය කලේය.

නොවැම්බර් 9 වනදා හොහෙන්සොලර්න් රෙජීමය බලයෙන් පහ කෙරී කම්කරුවන්ගේ සොල්දාදුවන්ගේ කවුන්සිලයන් තෝරා පත් කර ගැනුනු අතර වැඩපිලිවෙල මෙසේ සඳහන් කලේය. “නමුත් හොහෙන්සොලර්න්වරුන් යනු අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ සහ ජර්මානු වංශාධිපතින්ගේ ඉදිරි කන්ඩායම හැර ඊට වඩා වැඩියමක් නොවේ. ප්‍රන්සයේ, රුසියාවේ, එංගලන්තයේ, යුරෝපයේ සහ ඇමරිකාවේ මෙන් ජර්මනියේද ලෝක යුද්ධයට වගකිව යුතු සැබෑ අපරාධකරුවන් වන්නේ ධනේශ්වරයේ පන්ති පාලනයයි. සමූල ඝාතනයේ සැබෑ පොලඹවන්නා වන්නේ සියලුම රාජ්‍යයන් හී ධනපතියන්ය. මිලියන ගනනක් දුම් දමන මිනිස් බිලි ගිල දමන ලේ වැකි බොක්ක සහිත කෑදර බාල් දෙවියා වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයයි.”

විකල්පයන් වූයේ, ප්‍රතිසංස්කරනය හෝ විප්ලවය නොව සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය බව වැඩපිලිවෙල අවධාරනය කලේය. “ලෝක යුද්ධය විසින් සමාජයන් මෙම තෝරාගැනීම සමග අභිමුඛ කරවයි: එක්කෝ ධනවාදය, නව යුද්ධයන් දිගටම පවත්වාගෙන යාම සහ ව්‍යාකූලත්වයට සහ අරාජිකත්වයට ඉතා ඉක්මනින් පිරිහීම, හෝ ධනපති සූරාකෑම විනාශකර දැමීම... ධනපති සමාජයේ ගරා වැටුනු බල කඳවුරු වලට ඉහලින් බිත්තියේ කොටා ඇති ගිනියම් අකුරු වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඇති වචනයි: සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය”

ලක්සම්බර්ග් ගේ අනතුරු ඇඟවීම් වසර දාහතරකට පසුව තහවුරු වීමට නියමිතව තිබුනි. වයිමාර් ජනරජය ජයග්‍රාහී ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක නිෂ්පාදනයක් නොව, ප්‍රති විප්ලවවාදී ප්‍රචන්ඩත්වයක නිෂ්පාදනයකි. ලක්සම්බර්ග් ගේ සහ ලිබ්නෙක්ට් ගේ ඝාතනයන් අවසාන වශයෙන් නාසීන් බලයට ඒමට තුඩු දුන් වර්ධනයක් ආරම්භ වීමට හේතු විය. ඔවුන් පදනම් වුයේද ඊබට් රෙජීමය විසින් මුදාගෙන තිබූ සහ ශක්තිමත් කොට තිබූ සමාජ බලවේගයන් මතමය. හිට්ලර්ගේ පැරා-මිලිටරිය වූ “එස්ඒ” මතුවී පැමිනියේ ෆ්රෙයිකෝප්ස් වරුන්ගෙනි.

ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට්ගේ ඛේදවාචකයේ එක් කොටසක් වූයේ ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී අධිෂ්ඨානය ඔවුන් විසින් අවතක්සේරු කිරීමයි. එසේ නොවුනානම්, ඔවුන්ව අත්අඩංගුවට ගත් අයට අසු නොවී සීටීමට, වඩා හොඳ ක්‍රියාමාර්ගයන් සහ ආරක්ෂක පියවරයන් ඔවුන්ට තෝරා ගන්නට තිබුනි.

තමන්ගේ වඩාත් වැදගත් නායකයන් දෙදෙනාගේ මරනය කේපීඩී යට විනාශකාරී පහරක් විය. අවුරුදු දෙකක් තුල මිලියන කාලක පමන සංවිධානයක් බවට සීග්‍රයෙන් වර්ධනය වූ තරුන පක්ෂය තුල පැහැදිලිකමේ සහ තහවුරු වීමේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියට එමගින් බාධා පැමින වුනි. එමෙන්ම එය තීරනාත්මක විප්ලවීය අවස්ථාවන් තුල පක්ෂය දුර්වලද කලේය. උදාහරනයක් ලෙස, තීරන ගැනීමට නොහැකි හෙන්රික් බ්‍රැන්ඞ්ලර් වෙනුවට එහි නායකත්වයේ රෝසා ලක්සම්බර්ග් හෝ කාල් ලිබ්ක්නෙක්ට් සිටියේ නම් 1923 ඔක්තෝබර් මාසයේ කේපීඩී ය බලය ගන්නට තිබූ බවට ඕනෑ තරම් සාධක ඇත.

ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් 1919 දී දිවිගලවා ගත්තේනම්, ජර්මානු ඉතිහාසය පමනක් නොව ලෝක ඉතිහාසයද වෙනස්වන්නට තිබුනි. ජර්මනිය තුල ජයග්‍රාහී සමාජවාදී විප්ලවයක් සෝවියට් සංගමය එහි හුදකලා වීමෙන් නිදහස් කිරීමට ඉඩ තිබුන අතර එමගින් නිලධාරී තන්ත්‍රයේ වර්ධනය සහ ස්ටාලින්ගේ නැගී සිටීමට හේතු වූ වඩාත්ම වැදගත් සාධකය ඉවත්වන්නට තිබුනි.

කේපීඩී ය, සම්මුති විරහිත ජාත්‍යන්තරවාදී රෝසා ලක්සම්බර්ගේ නායකත්වය යටතේ, ස්ටාලින් ගේ ජාතිකවාදී ක්‍රියාමාර්ගයට හිස නැමීම හෝ 1933 හිට්ලර් හට බලයට ඒමට මග විවර කල ස්ටාලින්ගේ සමාජ ෆැසිස්ට්වාදය පිලිබඳ පිලිවෙතට සහය දීම සිදුවිය නොහැක්කකි. නාසීන්ට එරහිව “සමාජ ෆැසිස්ට්වාදී” එස්පීඩී ය සමග එක්සත් පෙරමුනක් වෙනුවෙන් සටන් කිරීමට ස්ටාලින් සහ ඔහුගේ ජර්මානු ආදේශකයා වන තල්මාන් ප්‍රතික්ෂේප කිරීම කම්කරු පන්තිය බෙදා වෙන් කොට අඩපන කලේය. සියදහස් ගනනක් සාමාජිකයන් සහ මිලියන ගනනක් ඡන්ද දායකයන් සිටි කේපීඩීයේ නිවැරදි පිලිවෙත මත පදනම්ව කම්කරු පන්තියට හිට්ලර් බලයට එම වලක්වාගැනීම හැකිවන්නට තිබුනි.

රෝසා ලක්සම්බර්ග් ගේ මරනයෙන් වසර සීයකට පසුව, දේශපාලන ප්‍රවනතාවයන් ගනනාවක්, ඇය වාමාංශික ප්‍රතිසංස්කරනවාදියෙකු හෝ ස්ත්‍රීවාදිනියක ලෙස මූර්තිමත් කිරීම හරහා, ඇය සමඟ පෑහීමට උත්සාහ ගනිමින් සිටියි.

ලක්සම්බර්ගේ දේශපාලනයට වඩා නොස්ක් සහ ඊබට් ගේ දේශපාලනයට වඩා සමීප වාමාංශික පක්ෂයේ නායකයන් මෙම වසරේ නැවත වරක් සම්මුති විරහිත විප්ලවවාදිනියගේ සොහොන වෙත රතු කානේෂන් තැබීම සඳහා යන වන්දනා ගමන ගියේය. සංස්කෘතිය පිලිබඳ බර්ලීන රාජ්‍ය සෙනෙට් සභික වාමාංශික පක්ෂයේ ක්ලවුස් ලෙඩර්ර විසින් Zitty (සිටී) සඟරාවට පැවසුවේ ලක්සම්බර්ග් “සමාජ වෙනස පූර්න ප්‍රජාතන්ත්‍රීයකරනයේ සහ පරිවර්තනයේ ක්‍රියාවලියක් ලෙස හඳුනාගත් බවත් ව්‍යාපාරද ඇතුලුව සමාජයේ සියලුම විෂය ක්ෂේත්‍ර ප්‍රජාතන්ත්‍රීයකරනය කිරීමට උත්සාහ ගත්” බවත්ය. කේපීඩී ය පිහිටුවීමේ ශතවර්ෂ පූර්න සංවත්සරය පිලිබඳ ප්‍රකාශනයක වාමාංශික පක්ෂයේ ඓතිහාසික කොමිසම අවධාරනය කලේ ලක්සම්බර්ගේ මරනයත් සමග “කේපීඩීය බෝල්ශෙවික් මොඩලය අනුගමනය නොකල වාමාංශික-සමාජවාදී පක්ෂයක් බවට” වර්ධනය කිරීමේ හැකියාව විනාශ වූ බවයි.

යථාර්තයේදී ලක්සම්බර්ග් යනු “වාමාංශික-සමාජවාදී” ලෙස වාමාංශික පක්ෂය විසින් හඳුන්වන පිලිවෙත් වල නිර්දය විරුද්ධවාදිනියෙකි. ඇගේ ලේඛන වලින් වැඩි කොටසක් සමන්විත වූයේ එඩුවාඞ් බර්න්ස්ටයින්ට, කාල් කවුට්ස්කිට සහ පන්ති අරගලය තීව්‍ර වෙත්දී නියත ලෙස මාර්ග බාධක වල ධනේශ්වර පැත්තේ සිට ගත් එම පිලිවෙත් වල අනෙකුත් නියෝජිතයන්ට එරහි තර්ක විතර්ක වලිනි.

මේ යූඑස්පීඩී ය ඊබට් ආන්ඩුවට ඇතුලු වී සති තුනකට පසු Die Rote Fahne(රතු කොඩිය ) පුවත් පතේ පලකෙරුනු ලිපියක් පිලිබඳ උදාහරනයකි.

“ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නිසඟවම දුර්වල දරුවෙකු වන අතර සම්මුතියකට එලඹීම එහි පැවැත්මේ සාරයයි... එය හැමවිටම සිදුවීම් සහ වර්ධනයන්ගේ පිටුපසින් ගාටයි; එය කිසි දිනක නායකත්වය ගත්තේ නැත... ජනතාව අතර ව්‍යාකූලත්වයට හේතුවන කුමන හෝ අපැහැදිලි මුලාවක... රැවටිල්ල පතුරවන, යුද්ධය අතරතුර විප්ලවවාදී විකල්පයේ නිරුවත් සාධක වහංගු කල, සියලුම ධනේශ්වරය ඔජ වඩවන වාක්‍ය ඛන්ඩ, ඔවුන්ගේ උනන්දු සහගත සහය දිනා ගනී...

“මේ තත්වයේ පවතින පක්ෂයක් හදිසියේම විප්ලවය සඳහා වන ඓතිහාසික තීරන වලට මුහුනදුන් අතර දුර්මුඛ ලෙස අසමත් වීමට සිදු විය...දිනයේ ප්‍රයෝගික කර්තව්‍ය බවට අවසාන වශයෙන් සමාජවාදී ඉලක්කයන් පත් කල, විප්ලවවාදී කම්කරුවන්ගේ කඳවුර සහ විවෘත මෙන්ම වෙස්වලා ගත් සමාජවාදයේ සහ විප්ලවයේ හතුරන් අතර තියුනුම, වඩාත්ම නිර්දය වෙන්වීම, ඉහලම රාජකාරිය බවට පත් කල පැයේදී, ජනතාව ව්‍යාකූලකිරීමට සහ ද්‍රෝහීත්වයට පහසුකම් සැලසීමට, ස්වාධීන පක්ෂය වඩාත්ම භයානක ප්‍රතිවිප්ලවවාදයේ මධ්‍යස්ථානය සමග දේශපාලන හවුලකට ඇතුලු වීමට කඩිනම් විය.”

මෙම වචන යූඑස්පීඩී යටත් වඩා දකුනට ගොස් තිබෙන වාමාංශික පක්ෂය විස්තර කිරීමටද යොදා ගත හැක.

ස්ත්‍රීවාදය සහ සුලු ධනේශ්වර කවයන් තුල මේ වන විට ප්‍රචලිත අනන්‍යතා දේශපාලනයේ අනෙකුත් ස්වරූපයන් සම්බන්ධයෙන් ලක්සම්බර්ග් අවඥාසහගත වන්නට තිබුන බව පිලිගැනීමට විස්තර ප්‍රචාරකයන් ගනනාවකට බල කෙරී ඇත. එල්ක් ශුමිටර් විසින් ඩර් ස්පිගල් හී ලියූ ආකාරයට, උපත හෝ ලිංගිකත්වය, තරාතිරම හෝ ආගම හේතුකොට ගත් වරප්‍රසාද නොලත් තත්වය පිලිබඳ වර්තමාන ඉල්ලා සිටීම ඇයව අප්‍රසන්න කරවන්න ඉඩ තිබුනි. ලක්සම්බර්ග් ට අනුව පීඩාවට පත් කිරීමේ සියලුම ස්වරූපයන් යටපත් කිරීම වෙන්කල නොහැකි ලෙස ධනපති ක්‍රමය පෙරලාදැමීම සමග බැඳී තිබුනි.

ලක්සම්බර්ගේ මරනයෙන් වසර සියයකට පසු, 1914-45 කාලය මානව ඉතිහාසයේ වඩාත්ම ප්‍රචන්ඩ කාලවකවානුව බවට පත් කල ධනපති ක්‍රමයේ සියලුම ප්‍රතිඝතිතාවයන් නැවත වතාවක් විදාරනය වෙමින් පවතී. ජාතිකවාදය, වෙලඳ යුද්ධය සහ යුද්ධ, ජාත්‍යන්තර සබඳතාවයන් මත ආධිපත්‍ය දරයි. අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් බලවේග, රාජ්‍යයේ පැහැදිලිව පෙනන හෝ සැඟවුනු සහයෝගය සහිතව ප්‍රචන්ඩකාරී ලෙස රටවල් ගනනාවක ක්‍රියා කරයි. ජර්මනිය තුල, සරනාගතයන් පිලිබඳ පිලිවෙත මෙහෙයවමින් සිටින්නේ අන්ත දක්ෂිනාංශික ඒඑෆ්ඩී ය විසින් වන අතර වැල්ඞ්මා පැබ්ස්ට් හට එය තම සාමාජික නිවස්නය ලෙස දැනෙන්නට වුවද ඉඩ තිබුනි. හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒජන්සි තුල දක්ෂිනාංශික අන්තවාදී ජාලයන් ක්‍රියාත්මක අතර රාජ්‍යයේ ඉහලම තරාතිරම් වලින් එයට සහයෝගය දක්වමින් සහ ඒවා හෑල්ලු කොට දක්වමින් සිටී.

මෙය ලිබ්නෙක්ට් ගේ සහ ලක්සම්බර්ගේ උරුමයට දැවෙන යථා බවක් ලබා දෙයි. ලක්සම්බර්ග් 1918 දී සූත්‍රගත කරන ලද ආකාරයට සමාජය නැවත වරක් “එක්කෝ නව යුද්ධයන් හා ධනවාදය දිගටම පවත්වාගෙන යාම සහ ව්‍යාකූලත්වය හරහා අරාජිකත්වයට ඉතා ඉක්මනින් පිරිහීමට, හෝ ධනපති සූරාකෑම විනාශකර දැමීමට” අභිමුඛවී සිටී. අන් කවරදාටත් වඩා වැඩියෙන් මානව වර්ගයාගේ අනාගතය, මාක්ස්වාදයේ උරුමය මත පදනම්ව සමාජවාදී ජාත්‍යන්තරවාදී පක්ෂයක් ගොඩනැගීම මත රඳා පවතී. ජාත්‍යන්තර කමිටුව විසින් අද දින නායකත්වය සපයන හතරවන ජාත්‍යන්තරය සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂයන් පමනක් මෙම සම්ප්‍රදායන් අන්තර්ගතකර ගන්නා එකම දේශපාලන ප්‍රවනතාවය වෙයි.

71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා - නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන්

 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරළිකරුවන් පිළිබඳ පරීක්ෂණ වලදී  ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. මට ඔහුව මුණ ගැසුනේ ඔහුගේ කාර්යාලයේදී ය. හිටපු විමර්ශණ නිලධාරියා අතීත විස්තර පැවසූවේ මේ ආකාරයටය.

 ...චේගුවේරා බියුරෝව මගින් 1968 පමණ කාලයේ පටන් අපි තරුණ කැරළිකාර දේශපාලන ප්‍රවාහය ගැන සෝදිසියෙන් සිටියේ. අප මෙම ව්‍යාපාරය ගැන තොරතුරු එකතු කලා. විෙජ්වීර ප්‍රථම වතාවට හම්බන්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අප සෝවියට් තානාපති කාර්යාලයේ තිබූ ඔහුගේ විසා අයැදුම්පතේ පිටපතක් හා ඒ සඳහා ඔහු විසින් ලබා දී තිබු ඡායාරූපය අප ගෙන්වා ගත්තා.

ජ.වි.පෙ. විසින් ප්‍රසිද්ධ රැස්වීම් ආරම්භ කිරීමෙන් පසු රහස් පොලිස් නිලධාරින්ද එම රැස්වීම් වල සැරිසැරුවා. වරක් එවැනි අවස්ථාවක රහස් පොලිස් නිලධාරියකු වූ කේ.එස්.ද. සිල්වා මහතාගේ කොළර් එකේ අපහාස වැකියක් එල්ලා තිබ්බා. කේ.එස්.ද සිල්වා මහතා හිසේ කෙස් නැති තට්ට පුද්ගලයෙකු වූ නිසා ඔහුව හඳුනා ගන්න ඇති.

 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා. මේ නිසා පොලිස් නිලධාරින් කැරලිකරුවන් සමග යම් තරහකින් හිටියේ. ඒ නිසා යම් යම් අවස්ථාවල කර්කශ අන්දමට ක්‍රියා කරන්න ඇති.

 කැරලිකරුවන් පිළිබඳ විමර්ශනයට විශ්‍රාමික පොලිස්පති වරයකු වූ ඇලරික් අබේගුණවර්ධන මහතා ගෙන්නුවා. ඔහු නිලධාරීන් පනහක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන තම විමර්ශන කටයුතු ආරම්භ කලා. මමද අයත් වූයේ මෙම පරීක්ෂණ කණ්ඩායමටයි. කැරලිකරුවන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව ට දුන්නා. මෙම ප්‍රකාශ ලබා ගැනීමට බලය තිබ්බේ ඉයන් වික්‍රමනායක, කෙනත් සෙනෙවිරත්න, ෂන්මුගනාදන් වැනි රාජ්‍ය නීතිඥවරුන්ට. නමුත් කැරලිකරුවන්ගේ ප්‍රකාශ වලින් 99% ම සටහන් කර ගත්තේ ඉයන් වික්‍රමනායකයි.

 ඉයන් වික්‍රමනායක ඒ කාලයේ තනතුරුගණනාවක් දැරුවා. ඔහු ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ නියමය පරිදි විමර්ශන නිලධාරීන් සැකකරුවන් ගෙන් ප්‍රකාශ ලබා ගත් පසු ඉයන් ඒවා කියවා බලා අත්සන් කළා. ඔහුගේ හෝ කෙනත් සෙනෙවිරත්න ගේ හෝ ෂන්මුගනාදන් ගේ අත්සනින් යුතු සාක්ෂි සටහන් පමණයි අ.යු.වි. හෙවත් සී.ෙජ්.සී. කොමිසම භාර ගත්තේ. කැරැල්ලෙන් පසුව රෝහණ විෙජ්වීර රඳවා සිටි යාපනය බන්ධනාගාරයට ඉයන් වික්‍රමනායක සර්නි් විෙජ්සූරිය, උපාලි සෙනෙවිරත්න හා මම ගියා. අපි ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් තමයි උතුරට ගියේ.

 අපි යාපනය කොටුවේ කිංස් පැවිලියන් කියන ගොඩනැගිල්ලේ නැවතුනා. මෙය බංගලාවක්. උසස් රජයේ නිලධාරින් යාපනයට පැමිණි විට නවතින්නේ මෙම ස්ථානයේ. රෝහණ විෙජ්වීර ගෙන් කට උත්තර ලබා ගැනීමට අපට විශේෂ අවසරයක් ලැබුනා. අපි ප්‍රශ්න කරන්නට ගිය විගසම විෙජ්වීර පෙන්නුවේ කෝපවූ ස්වභාවයක්. zzමගෙන් අහන්න එපා ඒකිගෙන් (අගමැතිනිය සිරිමාවෝගෙන්) අහන්නZZ යැයි කියමින් කැරැල්ල මර්ධනය කිරීම පිළිබඳව මැතිනියට දොස් කිව්වා. ඉන් පසුව කැරැල්ල ලොකු අතුලගේ වැඩක් බවටත් ප්‍රකාශ කලා.

 දිගින් දිගටම විෙජ්වීර කථා කලේ කෝපයෙන්. මෙහිදි මම මගේ රිවෝල්වරය හා හදිසි නීතිය ගැසට් පත්‍රය ඔහුට පෙන්නුවා. මම ඔහුව ඇමතුවේ විෙජ්වීර සහෝදරයා කියලා. මම කිව්වා විෙජ්වීර සහෝදරයා දන්නවා නේ මේ මොකක්ද කියලා. මේක තුවක්කුව. මේක මොකක්ද දන්නවානේ මේක ඕනෑම සැකකරුවෙකු මරා දැමීමට හා මරණ පරීක්ෂණයකින් තොරව සිරුර වළලා දැමිය හැකි බලතල තියන ගැසට් පත්‍රය. අපිට බලය තිබ්බත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි කථා කරමු. ඉන් පසුව ඔහු මඳක් මෙල්ල උනා.

 අපි විෙජ්වීරව දිවා කාලයේ රැගෙන ගියා, ප්‍රශ්න කිරීමට කිංස් පැවිලියන් වෙතට. ඔහු බියසුළු චරිතයක්. නමුත් කථාවේ අති දක්ෂයි. සිංහල භාෂාවෙන් කථා කොට පුද්ගලයන් නම්මා ගැනීමේ දක්ෂ අයෙක් මට ජීවිතයට දැකලා නැහැ. ඔහුගේ කථා වලින් ඇතැම් විට අපේ නිලධාරින් පවා වශී උනා.

 ප්‍රශ්න කිරීමේදී ඔහු බිය පෙන්නුවා. දාඩිය දැම්මා. ඔහුව ප්‍රශ්න කරන අතර තුර යාබද කාමරයේ නිලධාරින් අනෙකුත් සැකකරුවන්ට පහර දුන්නා. ඔවුන් කෑ ගහන ශබ්දයට විෙජ්වීර දැක්වූයේ බියපත් වු ප්‍රතිචාර. ඔහු තමාගේ උපැස් යුවල ගැලෙව්වා. ඉන් පසුව ඔහු තම ව්‍යාපාරයේ අභ්‍යන්තරය තමන්ගේ සගයන් ගැන තොරතුරු ලබා දුන්නා. අපි ඔහුගේ කට උත්තරය පටිගත කලා. ඇතැම් අවස්ථාවලදී ඔහු අනෙකුත් කැරලි කරුවන් ගැන කළ හෙලිදරව් පටිගත වනවාට ඔහු කැමති උනේ නැහැ. එවැනි අවස්ථා වල පටිගත කරන යන්ත්‍රය නවත්තන්න යැයි ඉල්ලීම් කලා. ඒ අනුව වරින් වර අප යන්ත්‍රය නවත්තලා ඔහුගේ කරුණු වලට සවන් දුන්නා.

 දවස් 14-15 විතර මේ ආකාරයට විෙජ්වීරව දිවා කාලයේ යාපනය කොටුවේ පිහිටි බංගලාවට ගෙන්වා ගෙන විස්තර ලබා ගත්තා. රෑට ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනවා. දිනක් හදිසියේ මට බඩේ කැක්කුමක් ආවා. මාව වහාම යාපනය රෝහලට ගෙන ගියා එහිදි ඇපන්ඩිසයිටිස් ශල්‍යකර්මයට මාව භාජනය කෙරුනා. මාව රෝහලේ දින කිහිපයක් රඳවාගෙන පසුව ගුවන් මගින් කොළඹ ගෙනාවා. එහිදි මට ආරංචි උනා විෙජ්වීර මම ඔහුට රිවෝල්වරය පෙන්වා මරා දමන බවට තර්ජනය කිරීමක් පිළිබඳව බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළ බව. මම තර්ජනය කිරිමක් කලේ නැහැ. ආයුධය හා ගැසට් පත්‍රය පෙන්වා බලතල අනුව නොව සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවයි කීවේ. මේ පිළිබඳව යාපනය පොලිස් අධිකාරී එස්. පී. සුන්දරලිංගම් මහතා පරීක්ෂණයක් කළා. මෙම පරීක්ෂණය එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා දක්වා ගියා.

 ලොකු අතුල අත් අඩංගුවට පත් වූයේ ප්‍රහාරයේ දී. එදා සිටි ඉහල නායකයන් සටන මඟහරිද්දී ප්‍රහාරයේ සිටයේ ලොකු අතුල විතරයි. ඔහු චේගුවේරා නිල ඇදුම පිටින් සී.අයි.ඩී. එකේ හතරවන තට්ටුවට ගෙනාවා. ඔහුගේ කකුලක් පවා තුවාල වෙලා තිබුනා. ඉහල නායකයන් සටන කර අරිද්දී   සටනේ සිටි ලොකු අතුල කෙරෙහි පොලිස් හා හමුදා නිලධාරීන් කෙරෙහි යම් ගරුත්වයක් තිබුනා. ඉයන් වික්‍රමනායක මහතා වහාම පියවර ගත්තා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට.

 ප්‍රතිකාර වලින් පසු යළිත් මට ලොකු අතුල මුන ගැසුනා හතරවන තට්ටුවේදී. ඔහු අපෙන් ඉලAලුවා සර් මට මගේ කෙල්ල සොයලා දෙන්න. කියලා. ඔහුගේ පෙම්වතිය ධම්මිකාත් ප්‍රහාරයේ හිටියා. ඇයත් සිටියේ අත්අඩංගුවේ. අප ධම්මිකාට ලොකු අතුලව මුන ගස්සවලා දුන්නා. ඒ අව්සථාව ඉතා හැඟීම්බර මොහොතක්. ඇය දැන් ඔහුගේ බිරිඳ.

 වසන්ත කනකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසු අප ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු අපට යාපනයේ ප්‍රහාරයට ගිය පිරිස ගැන කිව්වා. මේ වන විට යාපනේ පොලිසියට හා බන්ධනාගාරයට පහර දුන් පිරිස රඳවලා හිටියේ හැමන්හිල්  බන්ධනාගාරයේ. ඔවුන් පොලිසියට දී තිබුනේ ව්‍යාජ නම් ගම්. මේ නිසා අපිට ඉදිරි පරීක්ෂණ කටයුතු කර ගෙන යාම අතිශයින්ම දුෂ්කර වුනා. අපි විසදුමක් සොයා ගත්තා.

 අපි වසන්ත කනකරත්නට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවලා හැමන්හිල්   ගෙන ගියා. වසන්ත ඇතුළු රහස් පොලිස් නියෝජිතයන් හැමන්හිල්  බන්ධනාගාරයේ තාප්පය උඩ හිටියදී පහල ඩන්ජන් වලින් සැකකරුවන් වරින් වර ගෙන්වමින් ඔවුන්ගේ නම ඇසුවා. සැකකරුවන් කියන්නේ ව්‍යාජ නම්. උදාහරනයක් හැටියට භද්දිය ආවා. කිව්වේ ජයපාල වැනි නමක්. වසන්ත කනගරත්න අපිට කෙඳිරුවා ඔහුගෙ නියම නම එවිට අප ඔහුව උඩට ගෙන්වා ගෙන යළි ප්‍රශ්න කරනවා. එහිදි නියම නම ඔහු පිලිගන්නවා. මේ අයුරින් සියළුම සැකකරුවන්ගේ වත ගොත අපිට ලැබුනා. ඔවුන්ට වසන්තව හඳුනා ගන්න බැරි උනා. වසන්ත පොලිස් නිල ඇඳුම ඇඳ පොලිස් කැප් එක දමා තවත් පොලිස් නිලධාරීන් අතර තමයි සිටියේ. ඒ නිසා ඔහුව දැක්කත් හඳුනා ගන්නට ඉතා අපහසුයි. කිසිම අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සිටි වසන්ත කනකරත්න හඳුනා ගත්තේ නැහැ.
 විරාජ් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම අපට සත්‍ය පැවසුවේ නැහැ. ඔහු සේවය කලේ කැකිරාව පැත්තේ විරාජ් හොඳ පවුල් පසුබිමකින් පැමිණි උගත්, ඉංග්‍රිසි භාෂාව කතා කළ හැකි තරුණයෙක්.   ඔහුව අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු චේගුවේරා පෙන්නපන් කියලා ඔහුට පහර දී තිබුනා. ඒ කාලේ ඇතැම් කොස්තාපල්වරු චේගුවේරා කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියෙත් නැහැ.

 විරාජ් අප ලඟට ගෙන්වා ගැනීමෙන් පසු ඔහුට අපි හොඳට සත්කාර කළා. හිරිහැර කලේ නැහැ. විරාජ් බුද්ධිමත්. ඒ වගේම ලිස්සා යන පිළිතුරු දුන්නේ. අපිට අනෙක් අයගේ සාක්ෂි වලින් දැන ගන්නට ලැබුනා විරාජ් වනාතමුල්ලේ ඔස්මන්ගේ නිවසේදී බෝම්බ සාදන අයුරු ගැන දේශනයක් කල බව. මම මේ කරුණු ඇසුවේ වටින් ගොඩින්. මුලින්ම ඇසුවා විරාජ්ගෙන් ඔයා වනාතමුල්ලට ගිහිල්ලා තියනවාද? ඔහු කිව්වා ඔව් ඕවල් එකේ මැච් බලන්න ගිහිල්ලා තියනවා. ඉන් පසුව මට ඔස්මන්ඩ් ගැන ඇහුවා. එවිට විරාජ් කියා සිටියා ඔස්මන් ගැන නොදන්නා බව. අප විසින් ප්‍රශ්න කරන ලද සැකකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කලා.

එදා විරාජ් ඔස්මන්ඩ්ගේ ගෙදර බෝම්බ නිෂ්පාදනය ගැන දේශනය කරපු අයුරු. එවිට විරාජ් එය පිළිගත්තා. ඔහු විස්තර පැවසූවා. යළිත් කට උත්තර දීම නවත්වා අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක හමුවිය යුතු බවට බල කලා. නමුත් මම ඔහුට පෙන්වා දුන්නා එවැනි ඉල්ලීමකට ඉඩ නොදිය හැකි බව. එවිට ඔහු ප්‍රකාශ කළා ලන්ඩනයේ තමා හා ගිනි පුපුර සංවිධානය අතර තිබූ සම්බන්ධතා. කුමාර් රූපසිංහ හා සුනේත්‍රා සමග ඔහුට තිබු මිත්‍රකම යනාදිය. මැණික් ගෙන යාම ගැනත් ඔහු කිව්වා. විරාජ් පැවසූ පරිදි සුනෙත්‍රාට  බන්ඩාරනායක මැතිණිය හා විෙජ්වීර අතර හමුවක් සංවිධානය කිරීමට අවශ්‍ය කෙරුනා කැරැල්ලට පෙර. නමුත් එම හමුව ආරක්ෂක අංශ වල උපදෙස් මත පැවැත්වූයේ නැහැ. එහි යම් සත්‍යතාවක් තියෙන්න ඇති. විරාජ් සුනේත්‍රා පිළිබඳ කළ ප්‍රකාශය ඔහුගේ කට උත්තරයට අඩංගු කලේ නැහැ. එය ඉහලින් පැමිණි නියෝගයක්. ඇතැම් විට සුනේත්‍රාවද මෙයට පැටලිම මගින් යම් කේවල් කිරීමක් විරාජ් බලාපොරොත්තු වන්නට ඇතැයි මට සිතෙනවා.

 විරාජ් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එස්. නඩේසන්. ඔහු ඉයන් වික්‍රමනායක සාක්ෂි කූඩුවට නංවා බොහෝ සෙයින් ප්‍රශ්න කලා. ඉයන් අ.යු.වි. කොමිසමේ දී  වාර 100 පමන සාක්ෂි දුන්නා. සෑම අවස්ථාවකම ඔහු ඇඳ සිටියේ එකිනෙකට වෙනස් ටයි කෝට්. ඔහු විශාල ටයි පටියක් පැලදුවා. අප අතර විහිළුවක් තිබුනා මුලින්ම පේන්නේ ටයි එක ඉන් පසුව දකින්නේ ඉයන් ලෙසට.

 ඉයන් ඔහුගේ යටත් නිලධාරින්ට ආවරණය දෙමින් ඉදිරිපත් වී සාක්ෂි දුන්නා. වර්තමානයේ උසස් නිලධාරින්ට එවැනි කොන්දක් තිබේද පවා මට සැකයි. ඔවුන් බොහෝ විට පහල නිලධාරින්ගේ ඛෙල්ල ඉදිරිපත් කොට තමා ගැලවෙනවා. නමුත් ඉයන් එසේ කලේ නැහැ. කැරැල්ල මර්ධනයේදී ඉයන් විසින් කළ කාර්ය භාරය තවමත් ඇගයීමකට ලක් වෙලා නැහැ.

 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ආරම්භ වූ විිට ඇතැම් විත්තිකරුවන් අත්අඩංගුවේ සිටියේ නැහැ. නමුත් ඔවුන් නොමැතිව නඩු විභාගය ආරම්භ උනා. මට ඔත්තුවක් ලැබුනා ඩබ්ලිව්. ටි. කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස්කරු සිටින තැන පිළිබඳව.

 ඉන්කම්ටැක්ස් කරු රත්නපුර දිස්ත්‍රික්කයේ තිරුවාණ කැටිය ප්‍රදේශයේ නවාතැනක සිටියේ වෙනත් නමකින්. අපි ඔහු සිටි නවාතැනට ගොස් ඇසුවා කොහොමද කරු කියලා. ඔහු වික්ෂිප්ත උනා. මම කිව්වා දැන් ලොකු අතුල ඇතුළු ඔබගේ මිතුරන් සෑම දෙනා පාහේ අපි ලඟ ඉන්නවා අපිත් එක්ක යං යනාදි වශයෙන්. කරු නිහ~වම අපි සමඟ ආවා.

 ඒ වගේම යාපනයේ බාස්කරන්, ලිනස් ජයතිලක පියතුමා වැනි පුද්ගලයන් පිළිබඳවත් අපි පරීක්ෂණ පැවැත්වූවා. බාස්කරන් ගුරුවරයෙක්. ඔහු එස්.ඩී. බන්ඩාරනායක ගේ මිතුරෙක්. විෙජ්වීර එස්. ඩී. බන්ඩාරනායක හරහා යාපනයේ තරුණයන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ වෑයමක නිතර වූවා. ඒත් එය සාර්ථක වූයේ නැහැ.

 ලීනස් ජයතිලක දිළිඳු ධීවර පවුලක දරුවෙක්. ලීනස් ු පූජකවරයෙක් බවට පත් වුන නමුත් ඔහු යම් ආකාරයක රැඩිකල් චරිතයක්. ඔහු කැරලිකරුවන්ට යම් හිතවත්කමක් පෑවා.

 71 කැරැල්ල පිලිබඳ විමර්ශනය කණ්ඩායම් වැඩක්. අපි ඉතා සහයෝගයෙන් කැපවී වැඩ කළා. බොහෝ දින වල අපි රැය ගත කලේ කාර්යාලයේ. විමර්ශන කටයුතු වලදි මා සමඟ ඉතා සහයෝගයෙන් යුද හමුදාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ක්‍රියා කළා. ඔහු එවකට කපිතාන්වරයෙක්.

 අපි කැරලිකරුවන් සමඟ පෞද්ගලික ආරොAවක් තිබුනේ නැහැ. අපි කලේ අපේ රැකියාව. අපිට නියමිතව තිබුනා රට ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් වැලැක්වීම අපගේ පරම යුතුකමක්. අපි රජය, ජනතාව ආරක්ෂා කලා.

 මම විශ්‍රාම ගියේ 1996 දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසට. 1988 කැරැලAල අවස්ථාවේ දී අපට විශේෂ වැඩ කොටසක් ලැබුනේ නැහැ. එහෙත් වරක් ඉතා උසස් පොලිස් නිලධාරියෙක් මට බැන්නා ඔහේලා 1971 දී මුං (විෙජ්වීර ඇතුළු නායකයන්) මරා දැමුවෙ නැති එකේ ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ කියලා. මම ඒ කතාවට එකඟ උනේ නැහැ. අපිට බලය තිබුනා කැරැල්ලේ නායකයන් මරා දමන්න. අපි ක්‍රියා කලේ හිතට එකඟවම. වැදගත් තොරතුරු ලබා ගැනීමේදී පහර දීමට බලය පාවිච්චි කරන්න සිදු වෙනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ්, එෆ්.බී.අයි. ආයතනය පවා කරනවා. නමුත් තිරිසන් ක්‍රමයට මිනිසුන්ට වද දීම මා අනුමත කලේ නැහැ.

 විෙජ්වීර නිදහස් වුනු පසු ටවුන් හෝල් එකේ පැවති මුල්ම රැස්වීමේදී මට හා සර්නි විෙජ්සූරියට දොස් පැවරුවා. නමුත් 1988 කැරැල්ලේදී ඔහුට ගනුදෙනු කිරීමට සිදු වූයේ අප වැනි නිලධාරින් සමඟ නොවේ. ඔවුන් අප කලාක් මෙන් විෙජ්වීරට සැලකුවේ නැහැ. ඔහුව මරා දමන්ට පසුබට වූයේ නැහැ. එය විෙජ්වීර තේරුම් ගත්තද යන්න මට සැකයි.

රෝහණ විජේවීර ඝාතකයෙක්ද ?

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

රෝහණ විජේවීර පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා නැත

ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුණේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුණු අයුරු පෙනී යයි.


මිනිසුන් ඝාතනය කිරීමේ දේශපාලනයක් කරා රෝහණ විජේවීර ගමන් කලේ මන්ද කියා මනෝ විද්‍යාත්මකව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. මේ සඳහා ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ඔහු විසින් අත්විඳි ක්‍ෂිතිමය තත්වයන් බලපෑ බවට උපකල්පනය කල හැකිය.

ආර්ථික ගැටළු, කුල පීඩනය හා සමාජ විෂමතා වලින් පීඩා විඳිමන්


ළමා කාලයේ සිට විජේවීර ආර්ථික ගැටළු, කුල පීඩනය වැනි සමාජ විෂමතා නිසා පීඩා වින්ඳේය. ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙකු විය. උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුණි. මේ නිසා ඔහු තුළ Body dysmorphic disorder තත්ත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. මෙකී කරුණු විජේවීරව නිර්දය චරිතයක් බවට පරිවර්තනය කළේය.

1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැරයන් ගේ මෙහෙයවීම මත දෙණියායේ වත්තක ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසක් විසින් ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත් කරනු ලැබීය. මෙම දුක්ඛදායක සිද්ධිය වන විට විජේවීර වයස හතරක දරුවෙකි. මේ සිදුවීමෙන් පසු විජේවීර ගේ ජීවිතය අභාවවාචක ලෙස වෙනස් විය. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ගේ ජීවිතය තවත් පීඩාකාරී විය. මේ ක්‍ෂිතිමය සිදුවීම් ළමා විජේවීරගේ මනසට තදින්ම බලපෑවේය.

මව කෙරෙහි වූ අවිඥාණික වෛරය


විජේවීර තම පියා කෙරෙහි මානසිකව බැඳී සිටි අතර ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විශ්වාස කලේය. ඔහුට තම මව සමග බොහෝ අවිඥාණික ගැටුම් තිබූ අතර තමන් ගේ මව මිතුරන් ඉදිරියේ පවා සැතිරියක් ලෙස නම් කරමින් අවඥාවට භාජනය කලේය. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය.

රෝහණ විජේවීර


අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතා උපකාර කළේය. විජේවීර ඇතුළු සිසුන් පැට්‍රිස් ලුමුම්බා සරසවියේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම වූ අතර ඔහු 1960 වසරේ මොස්කව් බලා පිටත් විය.

හැටේ දශකයේ දකුණු පළාතේ නොදියුණු පසුගාමී ග්‍රාමයක ජීවත් වූ විජේවීර මොස්කව් නගරය දැකීමෙන් විමතියට පත් වූවා නිසැකය. සමහරක් විට ඔහුට මොස්කව් නගරය ලාස් වේගාස් නගරය මෙන් වූවාක් වෙන්නට ඇත. සංවර්ධිත සමාජයක් ජීවත් වූ මොස්කව් නගරයේ තිබූ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ පවා ඔහු දුටුවේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ලෙසටය. මේ නිසා ඔහු චීන කොමියුනිස්ට් ක්‍රමය අගය කලේය. තවද ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ගේ අයථා ක්‍රියාවන් දුටු ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කලේය.

අධ්‍යාපනය දුෂ්කර ව්‍යායාමයක් වූ කල

අපොස සාමාන්‍ය පෙළ මට්ටමට තිබූ පාසල් අධ්‍යාපනයද ඉංග්‍රීසි භාෂාව පිලිබඳව තිබූ ඌණ දැණුම නිසාද සමහර සායනික විෂයන් ඉගෙනීම ඔහුට දුෂ්කර විය. ඔහු සමග සෝවියට් දේශයට ගිය අනෙකුත් නාගරික සිසු සිසුවියන් රුසියන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සායනික විෂයන් හදාරා විභාග වලින් සමත් වූහ. (විජේවීර සමග වෛද්‍ය අධ්‍යාපනයේ යෙදුණු එක් ද්‍රවිඩ තරුණියක් සෝවියට් වෛද්‍ය උපාධියෙන් පසුව එංගලන්තය බලා ගොස් පසුව එහි වෛද්‍යවරියක සේ සේවය කළාය) එහෙත් විජේවීරට ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය සමත් වීමට නොහැකි විය.

ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය අසමත් වීමත් තම ගෙදර දොරේ පැවති සමාජ ආර්ථික ගැටළු නිසාත් පියාගේ අසනීප තත්වයත් නිසා විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විඳින්නට ඇත. ඔහු මේ කාලයේදී ඔහු තුල Adjustment Disorder (සමායෝගී ආබාධය) නම් ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ තිබූ බවට සැක කළ හැකිය. මේ නිසා විවේක ගනු පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යවන ලදි. ඔහු මෙම වෛද්‍ය සුඛාගාරයේ සිටියදී ශ්‍රී ලාංකික සිසුන් ඔහුව බැලීමට ගියෝය.


සෝමපාල කරුණාසේන සමග කෝපයෙන්

සෝමපාල කරුණාසේන, විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු විජේවීර බැලීමට ගිය විට විජේවීර සිටියේ කෝපයෙනි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කළ විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය.

මෙම අසනීප තත්ත්ව නිසා විජේවීර 1964 වසරේදී ලංකාවට ආවේය. ලංකාවේදී ඔහු චීන පිලේ ෂන්මුගදාසන් සමග ගනුදෙනු කළ නිසාත් තමා ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කල නිසාත් කේ.පී සිල්වා ගේ මෙහෙයවීම නිසා කොළඹ රුසියානු තානාපති කාර්‍යාලය යලි මොස්කව් යාමට ඔහුට වීසා නොදුන්නේය. මේ නිසා ඔහු පැරණි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සමග වෛර බැඳගත් අතර " පටන් ගන්නේ තොපෙනී" යන වැකිය භාවිතා කිරීම ඇරඹීය.

ජවිප අරඹමින් - ආයුධ සන්නද්ධ විප්ලවය ගැන අපේක්ෂාවෙන්

1965 මැයි මස 14 වන අක්මීමන දී ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී. ආයුධ සන්නධ විප්ලවය ඔහුගේ අපේක්‍ෂාව විය. 1965 සිට 1971 දක්වා පක්‍ෂයට බැඳුණු සාමාජිකයන්ට අවි ආයුද එකතු කරන ලෙසටත් බෝම්බ සාදන ලෙසටත් විජේවීර නියෝග කළේය. 1971 ආසන්නයේදී ඔහු සෑම පොලිස් කොට්ඨාශයකම සිටින කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයන් ඇතුළු සතුරන් ලෙස හඳුන්වනු ලැබූ පිරිස් ( මොවුන්ව ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලදි) පිලිබඳ ලයිස්තුවක් සකස් කරන ලෙසටත් විප්ලවයේදී මොවුන්ව ඝාතනය කරන ලෙසටත් උපදෙස් දුන්නේය.


ප්‍රේමපාල හේවාබටගේ

1971 කැරැල්ල ආසන්නයේදී විජේවීර අනුගාමිකයෙකු වූ ප්‍රේමපාල හේවාබටගේ හට විජේවීර විසින් සකස් කරන ලද නම් එකසිය විස්සකින් පමණ යුතු ඝාතන ලැයිස්තුවක් හමු විය. ප්‍රේමපාල විසින් එම ලැයිස්තුව විනාශ කරන ලද අතර ඒ පිලිබඳව විජේවීර ඔහුට දොස් පැවරීය. මෙම ඝාතන සිදු කරන විට ශිෂ්‍ය අංශයට වළවල් කපා තබන ලෙස විජේවීර කල් තබා නියෝග දී තිබූ බව ප්‍රේමපාල පසුව දැනගත්තේය. නමුත් 1971 කැරැල්ල වූ අවස්ථාවේදී ඔහුගේ බොහෝ අනුගාමිකයෝ ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලද පිරිස් ඝාතනය කිරීම ප්‍රතික්ෂේප කළෝය. මේ හැර ධම්මිකා ද සිල්වා වැනි සාමාජිකාවන් මෙම ඝාතන කෙරෙහි විරෝධය විජේවීර වෙත කෙලින්ම දැක්වූහ. මේ නිසා 1971 කැරැල්ල අවස්ථාවේදී විජේවීර ගේ නියෝග මත ප්‍රති විප්ලවවාදීන් ලෙස ඝාතනය කරන ලද්දේ සුළු ප්‍රමාණයකි.

71 කැරැල්ල සාර්ථක වූවා නම් වාමාංශික දේශපාලකයින් ඝාතනයට සැලැස්මක්

යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන් ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය. මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම් විජේවීර විසින් ලොකු අතුල , සනත් බොරළුකැටිය, මහින්ද විජේසේකර, සරත් විජේසිංහ, කඩවත මිල්ටන් යනාදී තමන් ගේම දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ සම්භාවිතාවක් තිබුණි. 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව සහ කඩවත මිල්ටන්ව ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.

1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුළ තිබූ පැරනොයිඩ අදහස් , අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය.

ද්‍රෝහීන් ඝාතනයට උපදෙස් දෙමින්

ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය. මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර ධර්මසේකර, කෙලී සේනානායක, ප්‍රේමපාල, නිමල් මහරගේ, රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල, සෝමසිරි කුමානායක, ගාමිණී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන්ගෙන් ප්‍රශ්න කළ උපාලි සෙනෙවිරත්න, ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද ඔහුගේ ඝාතන ලයිස්තුවේ මුලින්ම සිටි පුද්ගලයෝ වෙති. විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි. නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි.


මහාචාර්ය මයිකල් ලින්ඩෙන්

මහාචාර්ය මයිකල් ලින්ඩෙන්ගේ විග්‍රහය

මිනිසෙකු ඝාතනය කිරීම සඳහා විජේවීර භාවිතා කල වචනය වූයේ "ඉවත් කරන්න" යන්නයි. මෙසේ විජේවීර විසින් ඉවත් කිරීමට නියෝග දුන් විට ඔහුගේ බැතිමත් අනුගාමිකයන් ඉතා ම්ලේච්ඡ ලෙස අදාල පුද්ගලයන්ව මරා දමන ලදී. කුරිරු ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම විජේවීර අනුමත කලා පමණක් නොව ඔහු ඝාතන කෙරෙහි ආශක්ත ද විය. මේ සඳහා විජේවීර තුළ Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය, අපිළිසරණ හැඟීම්, පළි ගැනීමේ ආශාව, සහකම්පනීය හැඟීම් අඩු බව, දුක්මුසු මනෝ භාවයන්, තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.


ශ්‍රී ලාංකික දේශපාලනය ගැන කතා කිරීමේදී රෝහණ විජේවීර විසින් ඔහුගේ අනුදැනුම ඇතිව සිදු කරන ලද ඝාතන පිළිබඳව පමණක් කතා කිරීම තේරුමක් නොමැත. විජේවීර ගේ නියෝග මත කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන කතා කරන විට අනෙකුත් දේශපාලකයන් විසින් මනුෂ්‍ය ඝාතන නොකලේද යන්න නිතැතින්ම පැණ නැගෙයි. අනෙකුත් දේශපාලකයෝද මිනි ඝාතන කළහ. එම නිසා අපට විජේවීරට පමණක් ඝාතන පිලිබඳව ඇඟිල්ල දික් කළ නොහැක

සබැඳි පුවත්

රෝහණ විජේවීර ගැන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්