රටක් රටක් පාසා කම්කරු ව්‍යාපාරය මත ආධිපත්‍යය දරමින් එය පාවාදුන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ ගතහොත් එවා බිඳී විසිරී ගියේ 1938 දී ට්‍රොට්ස්කි පෙරදුටු පරිදි, “මානව වර්ගයා මත ට පාත්වෙමින් පවත්නා යෝධ සිද්ධීහු යල්පැනගිය මේ සංවිධානයන් ගේ ගඩොලක් මත ගඩොලක් ඉතුරු කරනු නැත,” යන ඔහුගේ අනාවැකිය සනාථ කරමිනි.
බිල් වෑන් ඕකන්
අවුරුදු 79කට පෙර මෙම දිනයේ දී, ව්ල්ඩිමිර් ඉලියිච් ලෙනින් සමග රුසියානු විප්ලවයේ සම නායකයා වූද රතු හමුදාවේ ආඥාපති වූ ද, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයා වූද ලියොන් ට්‍රොට්ස්කි, ස්ටැලින් වාදී ඝාතකයෙකු විසින් පෙර දින සිදු කරන ලද බරපතල තුවාල වලින් මරනයට පත් විය.
මෙම සියවසේ මහා අපරාධය, සෝවියට් ස්ටලින්වාදී නිලධරයේ රහස් පොලිසිය වන ජීපීයූව ජාත්‍යන්තර මෙහෙයුමක් මගින් සිදු කරන ලද්දකි. එය වනාහී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලට සහ මෙක්සිකෝවේ පිහිටි ට්‍රොට්ස්කිගේ නිවාසය ඇතුලට ඒජන්තයන් රිංගවා, ජීපීයූවේ ඝාතක රෙමන්ඞ් මර්කාඩර් ගේ ලේවැකි අපරාධය පහසු කිරීමට කරන ලද කුමන්ත්‍රනයක් විය.
ජර්මනියේ නාසි පාලනතන්ත්‍රයට දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට අත නිදහස් කරදුන් අන්‍යොන්‍ය අනාක්‍රමන ගිවිසුමක් ස්ටැලින්, හිට්ලර් සමග අත්සන් කිරීමෙන් හරියටම අවුරුද්දක් පිරෙන දිනයේ සිදුකරන ලද ට්‍රොට්ස්කි ඝාතනය ස්ටැලින්වාදී සහ ෆැසිස්ට්වාදී ප්‍රතිගාමිත්වයේ කූටප්‍රාප්තිය නියෝජනය කලේය.
1929 දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කරන ලද ට්‍රොට්ස්කි, මුහුන දී සිටියේ “වීසාවක් නොමැති ග්‍රහලෝකය” යයි ඔහු විසින් නම් කරන ලද ත්ත්වයකට ය. අන්තිමේදී ඔහුට සරනාගත වරම් දුන් එක ම රට මෙක්සිකෝව යි.
ඒ වන විටත් ජීපීයූ මිනීමරුවන් විසින් ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් ද, ඔහුගේ දේශපාලන ලේකම් අර්වින් වුල්ෆ් ද හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් ද අතුලු ට්‍රොට්ස්කි ගේ සමීපතම සහකරුවන් බොහෝ දෙනෙකු මරා දමා තිබුනි.
සෝවියට් සංගමය තුලම ස්ටැලින්වාදි නිලධරය 1938-39 මොස්කව් හොරනඩු අටවා, සකල දේශපාලන විපක්ෂය ම සමූලඝාතනය කොට තිබුනි. ප්‍රධාන ඉලක්ක ය ට්‍රොට්ස්කිගේ ආධරකරුවන් වූ අතර, රුසියාවේ ද ජාත්‍යන්තරව ද ලක්ෂ ගනනක් සමාජවාදීහු මරාදමනු ලැබූහ. රුසියාවේ ද ජාත්‍යන්තරව ද විප්ලවවාදී සංස්කෘතියේ අත්‍යන්ත වර්ධනයක නිර්මානය වූ මොවුන් මරාදැමීම දේශපාලන ජන සංහාරයක් වි ය. 1937 දී ට්‍රොට්ස්කි ලියා තැබූ පරිදි එතැන් පටන් ස්ටැලින්වාදය සැබෑ මාක්ස්වාදයෙන් වෙන් කරන “මුලු මහත් ලේ ගංගාවක්” පැන නැගුනි.
එහෙත්, ස්ටැලින් යුක්ති සහගතවම බියව සිටියේ යුද්ධය පුපුරායාමත්, එහි ප්‍රතිවිපාකලෙස සෝවියට් සංගමය තුල සහ ජාත්‍යන්තරව පැනගින අර්බුදයත් සමග කම්කරු පන්තියේ නව නැගිටීමක් ට්‍රොට්ස්කි ඉස්මතු කොට නිලධරයට විප්ලවවාදී අභියෝගයක් බවට පත් කරනු ඇතිය යන්නටයි.
1937 දී වික්ටර් සර්ජ් ලියාතැබූ ප්රිදි: “පාලන තන්ත්‍රයේ ව්‍යූහය විනාශකර දමන්නා වූ උමතු වාරන වලට වෛරය හා බිය හැර වෙන අන්කිසි අර්ථයක් නැත. .... විකල්ප බලගනය, පුර්ව ආරක්ෂක පියවරක් හැටියට වෙඩිතබා දමා ඇත. වයස්ගත පුද්ගලයා ජීවත්ව සිටින තුරු ජයග්‍රාහී නිලධරයට ආරක්ෂාවක් නැත.”
ස්ටැලින්වාදී ඝාතකයා අයිස් කඩන පොරොවක් ඔහුගේ හිස්කබල තුලට කාවද්දමින් මහා විප්ලවවාදියාගේ දිවි තොර කිරීමට සමත් වූ නමුත් එනයින් ස්ටැලින්ගේ අරමුන වූ, ට්‍රොට්ස්කිගේ අදහස් ද එම අදහස් වටා නිර්මානය කරනලද ව්‍යාපාරයද විනාශ කිරීම ඉෂ්ට කරගතහැකි වූයේ නැත. ඔහුගේ මෙහෙයුම තුච්ඡ අසාර්ථකත්වයක් විය.
1938දී ට්‍රොට්ස්කි විසින් ආරම්භකරන ලද හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්ද ඔහු යොදාගත් ඝාතකයාද පමනක් නොව, ඉන් අඩ සියවසකට පසුව තමන්ව ම ද සෝවියට් සංගමය ම ද අහෝසි කරගත් සම්පූර්න ස්ටලින්වාදී නිලධරය ම ද ඉක්මවා ජීවමානව පවතියි.
ස්ටැලින්වාදී තන්ත්‍රය පෙරලා දමීමට කම්කරු පන්තිය විසින් දේශපාලන විප්ලවයක් නොකලහොත්, සෝවියට් නිලධරය සෝවියට් සංගමය විනාශ කොට ධනේශ්වර පර්යාය යලිත් පිහිටුවනු ඇතැයි ට්‍රොට්ස්කි අනතුරු හැඟවීය. ධනේශ්වර විශ්ලේෂකයින් ස්ටැලින්වාදී නිලධරය ලෝක දේශපාලනයේ ස්ථිර ප්‍රපංචයක් යයි නිගමනය කරගත් අතර ව්‍යාජ වාමාංශිකයන් සහ සංශෝධනවාදීහු ගොර්බචෙව් සහ යෙල්ට්සින් “දේශපාලන විප්ලවයක” ආරම්භකයන් යයි උත්කර්ෂයට නැංවූහ. ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය නිවැරදි බව තහවුරු වූ අතර මෙම තත්වය පෙරදැක එයට දේශපාලනිකව සූදානම් වු එකම ව්‍යාපාරය නම් හතරවන ජාත්‍යන්තරයයි.
රටක් රටක් පාසා කම්කරු ව්‍යාපාරය මත ආධිපත්‍යය දරමින් එය පාවාදුන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ ගතහොත් එවා බිඳී විසිරී ගියේ 1938 දී ට්‍රොට්ස්කි පෙරදුටු පරිදි, “මානව වර්ගයා මත ට පාත්වෙමින් පවත්නා යෝධ සිද්ධීහු යල්පැනගිය මේ සංවිධානයන් ගේ ගඩොලක් මත ගඩොලක් ඉතුරු කරනු නැත,” යන ඔහුගේ අනාවැකිය සනාථ කරමිනි.
ස්ටැලින්වාදයට එරෙහි නිර්දය අරගලය තුල දී, ට්‍රොට්ස්කි 21 වන සියවසේ විප්ලවවාදී මූලෝපායේ වර්ධනය සඳහා සංස්ථානයන් සමාජවාදය උදෙසා අරගලයේ ක්‍රියාමාර්ගික හා දේශපාලන පදනම් ද සහිතව තහවුරු කලේ ය. වර්තමාන ලෝක තත්වයට ද කම්කරු පන්තිය හා එහි විප්ලවවාදී පෙරටු බලඇනිය මුහුන දී සිටුනා කර්තව්‍යයන්ට මෙතරම් අදාල වන වෙන අන් කිසිවෙක් මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල ඇත්තේ නැත.
සෝවියට් සංගමයේ සහ තුන්වන ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානිය ට එරෙහිව ට්‍රොට්ස්කි විසින් කරන ලද අරගලය පදනම් කරන ලද්දේ විශ්වව්‍යාප්ත ගෝලීය අවලෝකනයකින්ද සමාජවාදී විප්ලවය ජාත්‍යන්තර සන්තතියක් ලෙස වටහා ගැනීම ද මත ය.
අනාගත පරම්පරාවන් විසින්, ස්ටැලින් සිදු කල ඝෝර අපරාධ දැකගනු ඇත්තේද පිලිකුල් කෙරෙනූ ඇත්තේ ද සෝවියට් නිලධරය ජාත්‍යන්තර සමාජවාදී පර්යාලෝකය හැරපියා “තනි රටක සමාජවාදය“ වැලඳගැනීම ආරක්ෂනය උදෙසා කරන ලද ඒවා හැටියට ය. සෝවියට් සංගමය ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වීම පිලිබඳ මෙම ස්වරාජ්‍යවාදි සංකල්පය පිලිබිඹූ කලේ සෝවියට් නිලධරය සිය වරප්‍රසාද, රාජ්‍ය බලය සිය අතේ තියා ගැනීමත් සමග අනන්‍ය කර ගැනීමත් සමග ය.
මෙම පරාගාමි න්‍යාය ලෝක විප්ලවය තත්වාරක්ෂක නිලධාරි තන්ත්‍රයක අවශ්‍යතාවලට විප්ලවය යටත් කිරීම සඳහා යුක්ති සම්පාදනයක් විය.
ට්‍රොට්ස්කි ජාත්‍යන්තර කම්කරු පන්තිය ට මෙම පිලිවෙතින් අත්කර දෙනු ලබන ප්‍රතිවිපාක පෙර දුටුවේ ය; කම්කරු පන්තිය විනශකාරී පරාජයන් මාලාවක ට භාජනය විය; එය මුදුන්පත් වූයේ ජර්මනියේ හිට්ලර් බලයට පත්වීමත් සමග ය.
1923 දී වාම විපාර්ශවය ගොඩනැගූ තැන් පටන්, ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙනු ලැබූ ව්‍යාපාරය 1917 ඔක්තොබර් විප්ලවය මෙහෙයවුනු නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වී පවතී.
සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස රුසියාව තුල පැවැති පසුගාමී ආර්ථික තත්වයන් හෝ පන්ති බලවේගයන් ගේ සම්බන්ධතාව නොගත් මෙම න්‍යාය, ඒ වෙනුවට පදනම් වී ගත්තේ රුසියානු විප්ලවය එහි ලෝක ඓතිහාසික සන්දර්භය තුල ග්‍රහනය කර ගැනීම මත ය. ඔහු තහවුරු කලේ ලෝක අර්ථිකයක් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියක් වර්ධනයවී ඇති තතු තුල රුසියාව වැනි ආර්ථික වර්ධනය කෙරේ කල්ගත ව එලඹූනු රටවල් වලදී, සාමාන්‍යයෙන් නම් ධනේශ්වර විප්ලවයට පැවරී පවත්නා ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන්, ඉෂ්ට කල හැක්කේ කම්කරු පන්තිය විසින්ම පමනක් ය යන්නයි.
රුසියානු කම්කරු පන්තියට බලය අතට ගැනීමට පමනක් නොව සමාජවාදී ස්වභාවයක පියවර ගැනීමටද සිද්ධවනු ඇත. එහෙත් මේ විප්ලවයට රුසියාවේ පසුගාමිත්වය විසින් පටවා තිබෙන සීමාවන්ගෙන් එලියට මාවතක් පාදාගත හැකිවන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ රාමුව තුල ම පමනි.
ට්‍රොට්ස්කි ස්ටැලින්වාදයට එරෙහිව කල අරගලය ලෝක සමාජවාදි විප්ලවයේ මූලෝපාය මත වර්ධනය කරන ලද ආතර, එය 1938 දී හහතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීම තුලින් දේශපාලන ප්‍රකාශනයක් අත්පත් කර ගන්නා ලදි. ඔහු දශකයකට පෙර කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් ක්‍රියාමාර්ගය පිලිබඳ විවේචනයේ දී මෙම මූලෝපායාත්මක සංකල්පය පැහැදිලි කරමින් මෙසේ ලියා තැබුවේ ය.
”අධිරාජ්‍යවාදී යුගය වන අපගේ යුගයේදී, එනම්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයටත් පවතින ලෝක ආර්ථිකයක හා ලෝක දේශපාලනයක යුගයේදී, එකදු කොමියුනිස්ට් පක්ෂයකටවත් තමන්ගේ රටෙහි වර්ධනයෙහි කොන්දේසි හා ප්‍රවනතාවලින් පටන්ගෙන තමන්ගේ ක්‍රියාමාර්ගය ස්ථාපිත කරගත නොහැකිය. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ දේශසීමා තුල රාජ්‍ය බලය දරා සිටින (ස්ටැලින්වාදී) පක්ෂය සම්බන්ධයෙන්ද මෙය පූර්න වශයෙන් වලංගු ය. 1914 අගෝස්තු 4දා ජාතික ක්‍රියාමාර්ගයන්ට සර්වකාලීන ලෙසම මල බෙරය හැඬවුනේ ය.....අතීතයේදීට වඩා, බෙහෙවින් විශාල පරිමානයෙන් වර්තමාන යුගයේදී කම්කරු පන්තියෙහි ජාතික දිශාවනතිය ගලා ආ යුත්තේ හා ගලා ආ හැක්කේ ලෝක දිශාවනතියකින් පමන.ි ඊට ප්‍රතිවිරුද්ධ ලෙස නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය හා විවිධාකාරයේ ජාතික සමාජවාදීන් අතර පවතින පාදක හා ප්‍රමුඛ වෙනස්කම රැඳී පවතින්නේ මෙම කාරනාවෙහි ය.” [The 3rd International after Lenin, ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය, පි. 3 ]
විප්ලවවාදී මූලෝපායක් වර්ධනය කරගත හැක්කේ ලෝක ආර්ථිකය සහ ලෝක දේශපාලනය පිලිබඳ විශ්ලේෂනයක් මගින්ම පමනක්ය යන ට්‍රොට්ස්කිගේ අධාරනය, පෙර නුවූවිරූ නිෂ්පාදනයේ ගෝලීය ඒකාග්‍රකරනය ධනේශ්වර ජාතික රාජ්‍ය පර්යාය සමග එන්න එන්නම උග්‍රවන ඝට්ටනයක නිරතවූ තතු තුල, හා කම්කරු පන්තියේ අරගලයන් ජාත්‍යන්තර මූලෝපායක් සහ සංවිධානයක් මගින්ම පමනක්ම සාර්ථක කරගත හැකිවන තත්වයන් තුල ඔහුව මුලුමනින්ම නූතන දේශපාලන පුද්ගලයෙකු බවට පත් කරයි.
ට්‍රොට්ස්කිට ඔහුගේ ජීවිත කාලය තුල පැවති ආර්ථික, සමාජික සහ දේශපාලන ප්‍රතිඝතිතාවන්ගෙන් පිරී පවතින්නාවූ ද. පන්ති අර්ගලයේ ගෝලීය පුනර්ජීවනයකට මුහුනදී සිටින්නාවූද අප ජීවත්වන වර්තමන ලෝකය වටහා ගැනීමට කිසිදු දුෂ්කර තාවයක් පවතිනු නැත. ලෝකයේ වැඩ කරන මහා ජනකාය වමට හැරෙමින් පවත්නා තතු තුල පාලක ප්‍රභූවෝ දකුනට හැරෙමින් ෆැසිස්ට් හා අන්ත-දක්ෂිනාංශික බලවේග වල නැගීමට ආධාරකරමින් සිටිති. ට්‍රොට්ස්කි ඝාතනයට පෙරාතු වර්ෂ වලදී මෙන් ම දැනුදු එක්සත් ජනපදය මූලික, ලෝකයේ ප්‍රමුඛ බලවත්තු ගෝලීය යුද්ධයකට අර අඳිමින් සිය මිලිටරි බලය ගොඩ නගා ගනිමින් සිටිති.
හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීමේදී ලියොන් ට්‍රොට්ස්කිගේ සාරභුත ඉදිරි දර්ශනය වූ, වර්තමානය වනාහි ධනවාදයේ මර ලතෝනියේ යුගය බවත් එහි දී කම්කරු පන්තියට මුහුන දීමට සිදුවන්නාවු උච්චතම ප්‍රශ්නය වන්නේ විප්ලවවාද නායකත්වය ගොඩනගා ගැනීමය යන්න දැනුදු බලධාරිය; හදිසිය.
මෙම ඉදිරි දර්ශනය සහ 20වන ශතවර්ෂයේ ප්‍රථම භාගය තුල උග්‍ර කලහ සහගත සිද්ධීන් මැද්දැවේ දී ට්‍රොට්ස්කි විසින් දියත් කරන ලද අරගලයේ අඛන්ඩතාවය අද දින හතරවන ජත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදි වෙබ් අඩවිය සහ භූගෝලය හරහා සමාජවාදී සමානතා පක්ෂ විසින් කරගෙන යනු ලබන අරගලයන් තුල දේහගතව පවතී.
ෆැසිස්ට්වාදය ඇතුලු අන්ත දකුනේ පටන් ලිබරලුන් සහ ව්‍යාජ වමේ ධනේශ්වර දේශපාලනයේ සකල වර්නාවලිය ම දුවවන ජාතිකවාදය සහ වර්ගික හා ජනවාර්ගික භේද වලට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර සිටන්නේ පන්ති පදනමකින් යුක්ත වූ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායය යි.
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කොට අවුරුදු සැත්තෑ නවයකට පසුව, ඔහු සිය ජීවිතය කැප කල ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමර්ගය අරක්ෂා කොට වර්ධනය කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයමින් සිටින අරගලය ජාත්‍යන්තරව පන්ති අරගලයේ වර්ධනය සමග අන්තර් ඡෙදනය වෙමින් පවතී.
අප මෙම සංවත්සරයේ දී, ඉතා දුෂ්කර තත්වයන් තුල ට්‍රොට්ස්කි ගෙනගිය බලගතු අරගලයට ගෞරවය පුදනවා පමනක් නොවේ. අප ඔහු පිලිබඳ ස්මරනයට ගෞරව කරන්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැගීම උදෙසා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගලයන්ට අපගේ පක්ෂයේ මැදිහත් වීම මගින්, ට්‍රොට්ස්කි සැලසුම් කල සමාජවාදි විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැගීමට අප ගෙනයන අරගලය මගිනි.
Post a Comment