The Most/Recent Articles

Showing posts with label divayina. Show all posts
Showing posts with label divayina. Show all posts

උතුරු පළාත් සභාවේ කොටි නාඩගම්




දෙවියන් වහන්සේ සමගත් යක්‍ෂයා සමගත් හොඳින් කටයුතු කිරීමට නොහැකි තැනැත්තාට යහපත් දේශපාලනඥයෙකු වීමට නොහැකි බව කියවෙන්නේ ලතින් කතාවකය. මේ වන විට උතුරේ මහඇමැති සී. වී. විග්නේෂ්වරන් යක්‍ෂයින් සමගත් දෙවියන් සමගත් එකවර ගනුදෙනු කිරීමට පටන් අරන් තිබේ.

දේශපාලනයට පිවිසීමට පෙර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ සී. වී. විග්නේෂ්වරන් බොහෝ වැදගත් නඩු තීන්දු ලබාදුන්නේය. ඔහුගේ තීරණය අවසන් තීරණය විණි. ඉන් එහාට කවරෙකුත් විග්නේෂ්වරන්ගේ තීරණයට අභියෝග නොකළේය. ඉඳහිට ඔහු දුන් නඩු තීන්දු වෙනුවෙන් ඇපෑලක්‌ ඉදිරිපත් වුවද එම ඇපෑල විභාග වූයේද තවත් උසාවියකදීය. මේ නිසා අධිකරණ ක්‍ෂේත්‍රයේදී විග්නේෂ්වරන්ට කිසිදු ගැටලුවක්‌ උදානොවූ නිසා ඔහුට ප්‍රශ්නයකින් තොරව විශ්‍රාම යැමට හැකියාව ලැබුණි.

නමුත් දේශපාලනයට පැමිණි විග්නේෂ්වරන් විසින් ගනු ලබන තීරණ හා දෙනු ලබන තීරණ පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සූදානම් නැත. මේ තත්ත්වය මත දැන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් සභා මන්ත්‍රීවරුද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද නගර සභාවල මන්ත්‍රීවරුද ප්‍රබල පිල්තුනකට බෙදී සිටිති.

දෙමළ ජාතික සන්ධානයට ප්‍රධාන දේශපාලන පක්‍ෂ පහක්‌ ඇතුළත් වෙයි. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය හා ඊ. පී. ආර්. එල්. එෆa සංවිධානය මෙම පක්‍ෂ පහයි. සී. වී. විග්නේෂ්වරන් අයත් වන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයටය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයත් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණත් හැරුණුවිට ප්ලොට්‌ ටෙලෝ හා ඊ. පී. ආර්. එල්. එෆa. යන සංවිධාන ඉතා ප්‍රසිද්ධියේ අවි ආයුධ දරමින් බොහෝ මිනිසුන් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට මෙන්ම අපරාධවලටද සම්බන්ධ සංවිධාන තුනකි. මාලදිවයිනට ප්‍රහාර එල්ල කිරීමට ගියේද ප්ලොට්‌ සංවිධානයයි. මේ රටේ තෝමස්‌ කුක්‌ බැංකු මංකොල්ලය ඇතුළු බොහෝ කොල්ලකෑම් ගණනාවකටද කප්පම් ගැනීමේ සිද්ධීන් ගණනාවකද මෙකී සංවිධාන තුන වරින් වර හවුල් වී තිබේ.

හොරකම් කොට පුරුදු වූ පුද්ගලයාට කාටත් හොරෙන් ලුණු පොල්කට්‌ටේ හෝ ඇඟිල්ල ඔබා එහි රස බැලීමේ පුරුද්දක්‌ තිබේ. එමෙන්ම ආයුධ පරිහරණය කිරීමේ සංස්‌කෘතියට හා මිනීමරු සංස්‌කෘතියට නෑකම් කී පුද්ගලයන්ගේ පුරුද්ද ද එයම වන්නේය. දේශපාලනයට ඔවුන් පිවිසියද ඔවුන්ගේ ආරේ ගති නැවත ඉස්‌මතු වන්නේ කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලිමාරු නොවන බවට කියන පැරැණි ජනවහර සනාථ කරමිනි.

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්වුණු මන්ත්‍රීවරු සංඛ්‍යාව තිහකි. ඉන් 21 දෙනෙකු පසුගිය 11 වෙනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේදී දිවුරුම් දුන්හ. දිවුරුම් දීමේ උළෙල වර්ජනය කළ මන්ත්‍රීවරු 9 දෙනාගෙන් 5 දෙනෙකු ඊ. පී. ආර්. එල්. එෆa. සංවිධානයේය. ඉතිරි 4 දෙනාගෙන් දෙදෙනෙකු ප්ලොට්‌ සංවිධානයේය. අනෙක්‌ දෙදෙනා ටෙලෝ සංවිධානයේය. එනම් දිවුරුම්දීම වර්ජනය කළ මන්ත්‍රීවරු මෑත ඉතිහාසයේ ආයුධ සන්නද්ධව සිටි කණ්‌ඩායම්වලට ඇතුළත් වූවෝ වෙති.

දිවුරුම්දීම වර්ජනය කළ දා පටන්ම මේ මන්ත්‍රීවරු ජනමාධ්‍ය ඔස්‌සේද තමන්ගේ ආධාර කරුවන් ඉදිරියේද විවිධ ප්‍රකාශ කරමින් මහඇමැති විග්නේෂ්වරන්ව ද දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්වද පතුරු ගැසුවේය. දෙමළ ජාතික සන්ධානය යනු විග්නේෂ්වරන්ගේ හෝ සම්බන්ධගේ බූදලයක්‌ නොවන බව කීහ.

දිවුරුම් නොදුන් මේ මන්ත්‍රීවරු 9 දෙනා මුලතිව් වට්‌ටුවාල් ප්‍රදේශයේ පිහිටි කෝවිලකදී දිවුරුම් දීමට යොදාගෙන තිබුණේ ඔක්‌තෝබර් 14 වෙනිදාය. එහෙත් මන්නාරම අගරදගුරු රායප්පු ජෝෂප් මේ මන්ත්‍රීවරු අමතා ප්‍රකාශ කොට තිබුණේ වෙනම දිවුරුම් දීම නවතා ඉදිරි දිනක දෙමළ ජාතික සන්ධානයේ පිරිස ඉදිරියේම දිවුරුම් දෙන ලෙසය. දෙමළ ජාතික සන්ධානය පිල්වලට කණ්‌ඩායම්වලට බෙදෙනු කැඩෙනු දැකීමට අකමැති අගරදගුරුවරයා මේ පිළිබඳව විග්නේෂ්වරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පිරිස්‌ද දැනුවත් කළහ. එහෙත් ටෙලෝ සංවිධානය නියෝජනය කරන යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් උතුරු පළාත් සභාවට තේරීපත්වූ එම්. කේ. ශිවාජිලිංගම්ගේ මල්ලෙන් ඔහු එතෙක්‌ සඟවාගෙන සිටි කලුබළලා එළියට පැන්නේය.

දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමත් අගරදගුරු තැනගේ ඉල්ලීමත් පසෙකලා ශිවාජිලිංගම් 14 වෙනිදාම දිවුරුම් දුන්නේය. ඔහු දිවුරුම්දීමට තෝරාගෙන තිබුණේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයයි. මුලතිව් මුල්ලිවයික්‌කාල් යනු එල්. ටී. ටී. ඊ. යේ හදවතයි. අවසන් යුදගැටුම් සමයේදී එල්. ටී. ටී. ඊ. නායකයා ආරක්‍ෂාව සඳහා යොදාගෙන තිබුණෙත් ජීවත් වූයේත් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයයි. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා දිවුරුම්දීමට යොදාගෙන තිබුණේද මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ නොව යුද නටබුන්වලින් පිරි ප්‍රදේශයකි. ඔහුගේ මේ තෝරාගැනීම දෙස බලන විට ඔහුගේ මනසේ තවමත් හොල්මන් කරන්නේ කුමන අදහස්‌ද කවර බලවේගයන්ද යන්න ඉතා පැහැදිලිය.

ශිවාජිලිංගම් දිවුරුම් දී පැය කීපයකට පසුව ප්ලොට්‌ සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් හා ජී. ටී. ලිංගනාදන් යන මන්ත්‍රීවරු දෙදෙනාද යාපනයේදී දිවුරුම් දුන්හ. ඔවුන් දෙපළ දිවුරුම් දුන්නේ ප්ලොට්‌ සංවිධානයේ මහලේකම් එස්‌. ආනන්දන් නමැත්තා ඉදිරියේදීය. ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්ලොට්‌ සංවිධානයේ නායකයාය. වවුනියාවේදී ප්ලොට්‌ බලය ඉස්‌මතු වී තිබූ කාල වකවානුවේදී ඔවුහු ආයුධ සන්නද්ධව මුළු වවුනියාවම පාලනය කළහ. එම කාලයේදී වවුනියාව තුළ ඔවුන් නොකළ අපරාධයක්‌ නොමැත. ජී. ටී. ලිංගනාදන් ප්ලොට්‌ සංවිධානයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙකි. වවුනියාව නගර සභාවේ බලය ප්ලොට්‌ සංවිධානයට නතු වූ අවස්‌ථාවේදී වවුනියාව නගර සභාවේ සභාපති වූයේ ජී. ටී. ලිංගනාදන්ය.

දැන් දිවුරුම්දීම සඳහා ඉතිරිව සිටින්නේ ඊ. පී. ආර්. එල්. එෆa. සංවිධානයේ මන්ත්‍රීවරු පස්‌දෙනකු හා ටෙලෝ සංවිධානයේ එක්‌ මන්ත්‍රීවරයෙකු පමණි. ඔවුන් දිවුරුම් දීමේදී කුමන ජංජාලයක්‌ නටන්නේදැයි යන්න තවමත් ප්‍රශ්නයකි.

ඊ. පී. ආර්. එල්. එෆa. සංවිධානයද ආයුධ අතට ගත් සංවිධානයකි. එහි නායක වර්ධරාජා පෙරුමාල් දේශපාලනයට පිවිසීමත් සමගම එම සංවිධානය දෙකඩ විය. වරදන් කණ්‌ඩායම හා සුරේෂ් කණ්‌ඩායම වශයෙන් දෙකට බෙදුණු ඊ. පී. ආර්. එල්. එෆa. සංවිධානයේ දැන් ක්‍රියාත්මක වන්නේ සුරේෂ් කණ්‌ඩායම පමණි. නමුත් වරදරාජා පෙරුමාල් ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී ඔවුන්ගේ සහාය ඇතිව උතුර පළාත් සභාව පිහිටුවා මහ ඇමැති බවට පත්විණි. එහෙත් එදා ඔහු ත්‍රිකුණාමලයේදී ඊළාම් කොඩිය ඔසවා දිවුරුම්දීමට ගත් උත්සාහය අසාර්ථක වීමත් සමගම ඔහු නාමික මහ ඇමැතිවරයෙකු පමණක්‌ බවට පත්විය.

වර්තමානයේදී ඊ. පී. ආර්. එල්. එෆa. සංවිධානයට නායකත්වය දෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානය යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කොට යාපනය දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව සිටියි.

ප්ලොට්‌ සංවිධානය එල්. ටී. ටී. ඊ. යට විරුද්ධව සටන් කළ කාලයේදී එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් එල්. ටී. ටී. ඊ. මරණකරුවන්ගේ ලැයිස්‌තුවේ ඉහළින්ම සිටි අයෙකි. එහෙත් 2002 වර්ෂයේදී එල්. ටී. ටී. ඊ. ය දේශපාලනයට පිවිසීමත් සමගම සිද්ධාර්ථන්ද දෙමළ ජාතික සන්ධානයට එක්‌වීම නිසා ඔහුට එල්. ටී. ටී. ඊ.යෙන් තිබූ මරණ වරෙන්තුව අහෝසි විණි.

සී. වී. විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති ධුරයට පත්වීමත් සමගම මේ ආයුධ සන්නන්ධව මිනීමරන කණ්‌ඩායම් ක්‍රමයෙන් ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයක්‌ ආරම්භ වී තිබේ. විග්නේෂ්වරන් මහතාද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ කරන ලෙස විග්නේෂ්වරන්ට උපදෙස්‌ දුන් බවත් විග්නේෂ්වරන් එසේ කිරීමට එකඟ වූ බවත් මේ දිනවල උතුරු දේශපාලන කරළියේ බෙහෙවින් කතා කරන මාතෘකාවක්‌ බවට පත්වී තිබේ.

ආයුධ සන්නද්ධව සිට ලේ තවරාගත් චරිතවලට දෙමළ ජාතික සන්ධානය එපා කරවීමට විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් ගෙන යන වැඩපිළිවෙළ දැන් බොහෝ දුරට සාර්ථක වී තිබේ. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයත්, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණත් පමණක්‌ ප්‍රබල කරගනිමින් උතුරේ නව දේශපාලන මතවාදයක්‌ ගෙනයැමට විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් උත්සාහ දරන අතරතුරදී ප්ලොට්‌, ටෙලෝ හා ඊ. පී. ආර්. එල්. එෆa. සංවිධාන ඔවුන්ට බලකරන්නේ දෙමළ ජාතික සන්ධානය පක්‍ෂයක්‌ වශයෙන් ලියාපදිංචි කළ යුතු බවය. එහෙත් විග්නේෂ්වරන් හා සම්බන්ධන් ඊට ඇහුම්කන් දෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය පිල් තුනකට බෙදී සිටීමය.


විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් සමග මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මුලින් කුලුපගව කටයුතු කළත් උද්ගත වූ ප්‍රශ්න දෙකක්‌ මත මාවෙයි සේනාධිරාජා මේ දෙදෙනාගෙන් ගැලවී ගොසිනි. ඉන් පළමු වැන්න ඔහුට මහඇමැති අපේක්‍ෂක තනතුර නොලැබීමය. දෙවැන්න මහ ඇමැති වූ සී. වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම කෙරෙහි මාවෙයි සේනාධිරාජා දැක්‌වූ ප්‍රබල විරෝධයයි. මාවෙයි අපේක්‍ෂා කළ තත්ත්වයන් දෙකම ඉෂ්ට නොවූ නිසා ඔහු මේ දෙදෙනා සමග විරසකයකින් පසුවෙයි. එහෙත් මේ විරසකය තවමත් බෙදීමක්‌ දක්‌වා වර්ධනය වී නොමැති නිසා තවමත් ඔවුන් එකම කණ්‌ඩායමක්‌ ලෙස උතුර ප්‍රදේශයේදී පෙනී සිටිති.

උතුරේ දෙමළ ජනතාව රජය කෙරෙහි විශ්වාසය නොතබා තමන්ගේ ජාතිය කෙරෙහි විශ්වාසය තබා දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දුන්හ. දෙමළ ජාතික සන්ධානයද බලාපොරොත්තු නොවූ අන්දමේ අතිවිශාල බලයක්‌ උතුරේ ජනතාව දෙමළ ජාතික සන්ධාන නඩයට ලබාදුන්නේ ඔවුන්ගේ අපේක්‍ෂාවන් හා බලාපොරොත්තු දෙමළ ජාතික සන්ධානය විසින් ඉටු කරනු ඇතැයි යන විශාල බලාපොරොත්තුවත් සමගිනි. එහෙත් දැන් උතුරේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු සුන්ව යමින් පවතී. දෙමළ ජාතික සන්ධානයේ පිරිස්‌ එකිනෙකා කා කොටා ගනිමින් විරසකවෙමින් අලුත් අර්බුද හදාගනිමින් යන ගමන කොතැනකින් කෙළවර වේදැයි දෙමළ ජනතාව බලා සිටිති.

කෙසේ වෙතත් දැන් උතුරේ වැසියන්ට සිදුවී ඇත්තේද මැතිවරණවලදී දකුණේ ජනතාවට සිදුවූ ඉරණමම මිස අලුත් දෙයක්‌ නොවේ. දකුණේ ජනතාව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කොට බලයට පත්වන්නන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙති. අවසානයේදී බලයට පත්වූ දේශපාලනඥයා තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමටත් සැප සම්පත් හඹා යැමටත් කටයුතු කිරීමේදී අසරණ වන්නේ ඡන්ද දායකයාය. උතුරටත්a ඒ කතාව එසේමය.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කාරණයක්‌ තිබේ. දෙමළ දේශපාලනඥයන් හරියට මැලේරියා මදුරුවන් කූඩැල්ලන් වැනි පිරිසකි. මැලේරියා මදුරුවා මිනිසාට දෂ්ට කොට ලේ උරාබොන අතරතුර මිනිසාට මැලේරියා රෝගයද බෝ කරති. කූඩැල්ලා මිනිසාගේ ලේ උරා බොමින් පෝෂණය වුවද ඌ මිනිසාට ලෙඩ නොදමයි. එහෙයින් මැලේරියා මදුරුවන්, කූඩැල්ලන් බඳු වූ මේ දෙමළ දේශපාලනඥයන්ගේ පරෙස්‌සම් වීමට සියලු දෙනා වගබලා ගත යුතුයි. එසේ නොවුවහොත් ඉතා නුදුරේදීම කිසියම් වසංගතයක්‌ වැළඳෙනු ඇත.

දිනසේන රතුගමගේ
දිවයින
 

සල්ලාල යහන් මත මස්‌කෑලි වූ පොෂ් කෑලි සහ මාර පාරවල්


ඇන්ටි සහ අංකල් තරුණියන් විකුණන්නේ මෙහෙමයි

* ලස්‌සනම කෙල්ල විතරයි ගෙදර තියා ගන්නේ...

* මොබයිල් ජීප් එකට බෝතල් දෙකයි රුපියල් පන්සීයයි...


සිහිනිඟ, පුළුලුකුල, නා දළු වන් දෙතොල හා දිගැටි නෙත් සමග වූ රණ හංස ළය මඬල දැක මන්මත් වූ "ගෝවෙන්" ආ පරංගින් අතීතයේ සුරූපී ශ්‍රී ලාංකීය යුවතිය හමුවේ තමන්ගේ ගෑනු පරාද යෑයි කීවේ කටේ කෙළ හලමිනි.

එහෙත් පරංගියා එසේ කීවද එවන් වූ සොඳුරු දියණියක්‌ දුටු විට අප කුඩා කාලයේ ගමේ ගොඩේ පැරැන්නන් කීවේ "අනේ සීදේවී කෙල්ල" කියාය. ඒ හදවතේ උපදවා ගත් සියුම් සෙනෙහසක්‌ද සමගින්ය. 

නමුත් ගම නගරය වී නගරය ගමට යමින් තිබෙන වර්තමානයේ එවන් සීදේවී කෙල්ලක දුටු විට අපේ ඇතැම් කොල්ලන් කියනුයේ කුමක්‌ද? අද කාලේ කොල්ලෝ එවන් යුවතියක දුටු කල "ෂුහ්... පොෂ් කෑල්ල" යෑයි කියන්නාහ. එසේත් නැතහොත් "මාර පාර" කියමින් සීදේවී කෙල්ල දෙස හැරී බලන්නේය.

තව තවත් කියන කතා රැසක්‌ම ඇත. නමුත් ඒවා කියන්නට බැරි තරම් කැත නිසා අප මෙහි ලියන්නේද නැත. ඒවා නොලියුවද කොල්ලන් එසේ පවසා හැරී බලද්දී කිසිවක්‌ නෑසුන බව අඟවා ඉගිලෙන්නට මෙන් ගස්‌සා යන සීදේවී කෙල්ලන්ද සිටින වග නම් සටහන් කළ යුතුය. ඒ සමහර පොෂ් කෙල්ලන්ගේ හැටිය.

කෙසේ වෙතතA "ගෙදර බුදුන් අම්මා" කියන තැන හිඳිමින් ජීවිතය අකුරු කළ ශ්‍රී ලාංකීය සමාජය උඩු යටිකුරු කර අද දවසේ හමා යන අන්තර්ජාල "මොබයිල්" කාම සුළඟට හසුවී ගසාගෙන යමින් සිටින වත්මන් තරුණ පරපුරේ වුන් මෙසේ ලස්‌සන කෙල්ලට "පොෂ් කෑල්ල" යෑයි කීමේ අරුමයක්‌ද අපට නැත.

ඒ සුළඟේ ගසාගෙන ගොස්‌ සොරමුලක්‌ අතරට වැටුණු ගිරවකුට සිදුවූ වින්නැහිය බෞද්ධ සාහිත්‍යය තුළින් අපට කුඩා කාලයේදීම කියා දී තිබෙන නිසාය. අද අපේ තරුණ පරපුරට අත්ව තිබෙන්නේ එකී ගිරවාට අත්වූ ඉරණමට නොදෙවෙනි එකක්‌ බව සමාජය දෙස ඇස්‌ ඇර බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නකි.

එහෙත් රටේ අනාගත පරපුර මෙසේ සුළඟේ ගසාගෙන යන ගිරවුන්ගේ තත්ත්වයට පත් වෙද්දීත් බකන්නිලා සිටින බලධාරින් සමුහයක්‌ මැද අතීතයේ "සීදේවී කෙල්ල" යෑයි කී වත්මන් ශ්‍රී ලාංකීය "පොෂ් කෑල්ල"ට මේ වන විට අත්වී තිබෙන ඉරණම කෙසේ වී තිබේද?

මහත්වරුනි, කියන්නට කනගාටුය. කනගාටුවටත් වඩා විලිලැඡ්ජාය. මේ රටේ කාන්තාව පිළිබඳ බලන්නට අමාත්‍යංශයක්‌ ඇත. කාන්තා කාර්යාංශය නමින් පොලිසියේද කෑල්ලක්‌ ඇත. මීට අමතරව එන්ජීඕ කඩ අටවාගෙන මෙරට කාන්තාවන් ගැන වෙහෙසෙන බව කියමින් සැපට හැදුණු ඇඟේ තෙල දියකර ගන්නට දඟලන අතරේ අටවා ගත් කඩෙන් ලාභ ලබන අම්මණ්‌ඩිලා රොත්තක්‌ද සිටින්නේය.

එහෙත් මේ සැවොම එක්‌වී කාන්තා දිනය වැනි විශේෂිත දිනයකට පමණක්‌ කලඑළි බැස අපේ කාන්තාවන් රජ කරන්නට නන් දොඩවමින් පිස්‌සු කෙළිද්දී අද දවසේ ශ්‍රී ලාංකීය "පොෂ්" කෑලි රැසක්‌ කොළඹ නගරයේ තරු හෝටල්වල යහන්මතට වී සුද්දන්ගේ හා දේශීය ධනකුවේරයන්ගේ මනදොළ සපුරන "මස්‌" කෑලි වී සිටින වග ඔබ දන්නේද?

අපි වගකීමෙන් කියන්නෙමු. ඔබ මේ සටහන දකින අද දවසේත් රාත්‍රිය එළැඹෙද්දී අපේ "පොෂ්" කෙල්ලෝ ගණනාවක්‌ කොළඹ තරු හෝටල් තුළ සුද්දන් ඉදිරියේ "මස්‌" වන්නාහ. එය හෙටත් සිදු වන්නේය. ඒ නීතිය හා සාමය රකින්නෙමියි දිවුරා ශ්‍රී ලංකා පොලිසියට බැඳී "පිංපියන්" සේ රස්‌සාව කරන කොළඹ පොලිසි දෙකතුනක සිටින මුග්ධ නිලධාරින් පිරිසකගේද සහාය ඇතිවය. 

සැබවින්ම මෙහිදී සිදු වන්නේ ජාතියේ දූවරුන් විකුණාගෙන කෑමේ මහා පරිමාණ කුණු ජාවාරමකි. අද දවසේ මෙම ජාවාරමේ පෙරමුණ ගෙන සිටින්නේ එක්‌තරා ඇන්ටි කෙනකු සහ අන්කල් කෙනෙකි. ඇන්ටි සහ අන්කල් ලෙසින් හැඳින්වුවද මේ වන විට මැදිවියට ආසන්නව සිටින මේ නරුම ගැහැණිය හා මිනිසා අනියම් ප්‍රේමවන්තයෝ වෙති.

රාත්‍රිය එළැඹෙත්ම අපේකම වනසන "මස්‌" වෙළ¹ම ඇරඹීම සඳහා ඩබ්.පී. ලෙසින් ඇරඹී අගට --90 යෙදුණු අංකයක්‌ සහිත සිය සුපිරි මෝටර් රථයට නගින මේ ඇන්ටි කොළඹට එන්නේ කලුතර ප්‍රදේශයේ සිටය. අන්කල්ට ඇත්තේ ඇල්ටෝ වර්ගයේ කාරයකි. ඔහු කිරිබත්ගොඩ පිහිටි "මස්‌" විකුණා තනා ගත් සුවිසල් නිවසේ සිට කොළඹ එන්නේය. 

මෙසේ කොළඹට එන ඇන්ටි සහ අන්කල් අවසානයට ජාවාරම සඳහා ස්‌ථානගත වන්නේ කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සීමාවේ පිහිටි පොලිස්‌ බල ප්‍රදේශ කිහිපයක්‌ කේන්ද්‍ර කර ගනිමිනි.

එතැන් පටන් සිදු වන්නේ කුමක්‌ද? මෙකී ඇන්ටිගේත් අන්කල්ගේත් නරුම වෙළෙ¹මේ සුලමුල කෙසේ වේද? මේ සියල්ල සොයා ඉකුත් දිනක මම කොළඹ නගරයේ එක්‌තරා ඉසව්වකට ගියෙමි. එහිදී ඇය මා හමු වූවාය. ඇය, ඇය ලෙසින් විනා අන් අයුරකින් ඔබට හඳුන්වාදීමට මට නොහැකිය. එසේම ගිය ඉසව්ව පිළිබඳ හෝඩුවාවක්‌ දීමටද හැකි නොවන්නේය. 

ඒ ඇය වෙනුවෙන් ඒ ඉසව්ව මෙන්ව ඇය කවුදැයි යන්නද මා සැඟවිය යුතුව තිබෙන බැවිනි. නමුත් ඇය යනු මේ ඇන්ටිත් අන්කලුත් පිළිබඳ හොඳටම දන්නා කලකට පෙර සුද්දන් අතරේ "මස්‌" වූ අපේ කාලයේ "පොෂ්" කෙල්ලක්‌ බව මම ඔබට කියමි. අතීතය එසේ වුවද ඇය දැන් ජීවිතයට අරුතක්‌ එක්‌ කරගෙන සිටින්නියක බවද කිව යුතුය.

ඉතින් මම විමසීමි. ඇය දන්නා සියල්ල නොසඟවා මා සමග කියන්නට වූවාය. ඒ මෙසේය. 

"මහත්තයෝ. මේක හරිම කාලකණ්‌නි වැඩක්‌.. ඔය ඇන්ටියි අන්කලුයි මේ වැඩේ කරගෙන යන්නේ අවුරුදු ගණනාවක ඉඳන්.. මේ දවස්‌වල එයාලා ළඟ ලස්‌සන කෙල්ලෝ දොළොස්‌ දෙනෙක්‌ විතර ඉන්නවා.. ගෙවෙන හැම රෑකම ඒ කෙල්ලෝ දොළොස්‌ දෙනාවම මුන් දෙන්න එකතු වෙලා ඩීල් කරනවා..

"කොහොමද ඒක වෙන්නේ..?" "ඒකට තරු හෝටල්වල "ඩෝර්මන්"ල (සංචාරකයන් සමීපයටම යොදන සේවකයන්)ගේ ඉඳන් කොළඹ ඉන්න සමහර ත්‍රීවීල් කාරයොත් සම්බන්ධයි මහත්තයො.. උන් තමා කස්‌ටමර් හොයා ගන්නේ.. ඊට පස්‌සේ ඇන්ටිට හරි අන්කල්ට හරි කෝල් එකක්‌ දීලා කෙල්ලෙක්‌ ඉල්ලනවා. 

"ඊට පස්‌සේ..?" "ඊට පස්‌සේ ඉතිං මොනාද.. එයාලා කාර් එකක දාලා කෙල්ලෙක්‌ යවනවා හෝටලේට.. ගාණ ඩොලර් සීයයි.. කෙල්ලට හම්බවෙන්නේ රුපියල් දෙදාහයි. µqල් නයිට්‌ කියලා යවන්නේ.. සුද්ද කෙල්ලව පට්‌ට ගහනවා.. පැය දෙකකින් ආපහු එවනවා.. නැත්තන් මර්සියක්‌ (කපටිකමක්‌) දාලා ගෙන්න ගන්නවා.. ආයෙත් තව එකෙක්‌ එක්‌ක යවනවා.. හුඟක්‌ වෙලාවට එක රෑට තුන් දෙනයි. කෙල්ලට හයදාහයි. ඇන්ටිටයි අන්කල්ටයි විසිහතර දාහයි.. දවසට පස්‌දෙනෙක්‌ එක්‌ක යන වෙලාවලුත් තියෙනවා.. ඔන්න ඕකයි ඊට පස්‌සේ වෙන්නේ.. 

"මහත්තයම හිතලා බලන්නකෝ.. එක්‌කෙනෙක්‌ගෙන් විසිහතරදාහක්‌ උනොත් දොළොස්‌ දෙනෙක්‌ගෙන් කීයද කියලා... මේ අතරේ පකිස්‌ථාන් කාරයෙක්‌ට හරි අරාබි කාරයෙක්‌ට හරි අහු වුණොත් කෙල්ල එන්නේ එළිවෙලා පාන් කියා ගන්න බැරිව.. ඒ නිසා ඇන්ටියි අන්කලුයි උන්ට බඩු දෙන්නේ බිස්‌නස්‌ අඩු උනොත් විතරයි.." 

"ඉතින් මේක පොලිසියට අහුවෙන්නේ නැද්ද..? "මහත්තයට පිස්‌සුද මහත්තයා.. එක රෑකට පාරේ දුවන පොලිසියේ මොබයිල් ජීප් එකට බෝතල් දෙකයි රුපියල් පන්සීයයි. ඕන්නම් මොබයිල් ජීප් හතරක්‌ එයි.. ගාණ කීයද? රුපියල් දෙදාහයි බෝතල් අටයි.. 

"පොලිසියක ඕ.අයි.සී. මහත්තයෙක්‌ට මාසෙකට විසිපන්දාහයි.. සමහර වෙලාවට ඕඅයිසීගේ යාලුවෝ දෙතුන් දෙනෙක්‌ කොළඹට සෙට්‌ වුණොත් විස්‌කි පාටියක්‌ එක්‌ක හෝටලේක කාමර දෙකකුයි කෙල්ලෝ දෙන්නෙකුයි දෙනවා.. එතනින් එහාට පොලිසිය මේවා දන්නෙත් නැහැ දැක්‌කෙත් නැහැ තමයි මහත්තයා.."

"ඔයා කියන්නේ පොලිසිය මේක දන්නවා අල්ලන්නේ නැහැ කියලනේ..? ඉතින් පොලිසිය හදිසියෙම කොළඹ තැන් තැන්වල චෙක්‌ පොයින්ට්‌ දානවනේ.. ඒවට අහුවෙන්නෙත් නැද්ද..?"

"මහත්තයා බණ කතා කරනවා.. අන්කලුයි ඇන්ටියි වාහන දෙකේ කොළඹට එන්නේ රෑ හතහමාරට විතර. ඒ වෙනකොට මේ දෙන්න කොළඹ තියෙන පොලිස්‌ චෙක්‌ පොයින්ට්‌වල ඉන්න නිලධාරින්ගේ ෙµdaන් නම්බර්වල ඉඳන් මුළු ජාතකේම දන්නවා. සිටුවේෂන් රිපෝට්‌ එක දෙන්නෙත් පොලිසියෙන්මයි. සමහරවිට පොලිස්‌පතිතුමාවත් ඒ විස්‌තර දන්නේ නැතුව ඇති.. ඉතින් කවුරුහරි ජරාව ගන්නේ නැති අවංක නිලධාරියෙක්‌ චෙක්‌ පොයින්ට්‌ එකක ඉන්නවා කියලා ආරංචි උනොත් මෙයාලා එතනින් කෙල්ලෙක්‌ යවන්නේ හෝටලයෙන් වාහනයක්‌ ගෙන්නගෙන.."

"හැබැයි මෙතනදී එකක්‌ කියන්න ඕනේ.. ඒ කොල්ලුපිටිය පොලිසියේ ඕඅයිසී මංගල දෙහිදෙණිය මහත්තයා ගැන.. එයා විතරයි මේ කරුම වැඩේ ගැන දැනගෙන කොන්ද කෙළින් තියන් අන්කල්ව කුඩුත් එක්‌ක අල්ලලා ඇතුළට දැම්මේ.. මුන් දෙන්නා එකතු වෙලා දැන් ඩීල් කරන කෙල්ලන්ට කුඩුත් පොවනවද කොහෙද මහත්තයෝ..

එක්‌ අඳුරු කාලපරිච්ඡේදයකදී ජීවිතයට එකතු වූ අමිහිරි මතකයන් නිසාමදොa ඇගේ හෙŒ ඇත්තේ වෛරී බව සමග මුසු වූ කිසියම් බිඳුණු ස්‌වරයකි. නමුත් ඒ සියලු හැඟීම් හදවතේ තෙරපාගෙනම ඇය, උදේ සවස බණ කියන මේ පිං බිමේ සිදුවන අන්කල්ගේ සහ ඇන්ටිගේ අපූරු "මස්‌" වෙළෙ¹මේ ඉතිරියද මා ඉදිරියේ වචන කරන්නීය.

මේ ඇන්ටිට අපි "මලී" යෑයි කියමු. අන්කල්ව මොළකාරයා ලෙසින් හැඳින්විය හැකිය. ඇය කියන පරිදි ඇන්ටි හෙවත් මලී මොලකාරයාට එක්‌වී "මස්‌" කිරීම සඳහා අපේ "පොෂ්" කෙල්ලන් සොයා ගන්නා අන්දමද මුළු සමාජයම දැනගත යුත්තකි. 

ඕනෑම තරුණියක හා තරුණයකු ජීවිතයේ තරුණ්‍යය සමග විඳ ගන්නා මිහිරි අත්දැකීමක්‌ ලෙසින් ප්‍රේමය හඳුන්වා දිය හැකිය. අතීතයේ එසේ පෙමින් බැඳුණු අපේ තරුණ තරුණියන් ඉඳ හිට හමුවී පෙම් සුව විඳීමට ගියේ මල් වත්තකට හෝ චිත්‍රපට ශාලාවකටය. 

එහෙත් අද දවසේ අන්තර්ජාල කාම රැල්ලේ පා වෙමින් ප්‍රේමයේ වෙළෙන අපේ බොහෝ තරුණ තරුණියන්ගේ පෙම් සුව විඳීම නතරවී ඇත්තේ කොතැනකද? පෝරු මස්‌තකාරූඪ වී පතිකුලයට ගොස්‌ මධුසමයේදී කළ යුතු සියලු දේ අපේ සමහර උන් දැන් පෙමින් බැඳී හමුවන පළමු දිනයේදීම කොහේ හෝ ගුබ්බෑයමකට රිංගා කරගන්නේය. අර "ඉන්" මේ "ඉන්" විලා, හවුස්‌ ලෙසින් එවන් ගුබ්බෑයම් අද රට පුරා ඕනෑ තරම් තිබෙන්නේය.

මා ඒ බව සටහන් කරන්නේ තරුණ දූ දරුවන් සිටිනා මව්පියන්ගේ දැඩි අවධානය පිණිසය. ඉන්පසු සිදු වන්නේ කුමක්‌ද? සියල්ල වරද්දාගත් කෙල්ල කොල්ලට "අනේ මගේ පණ" යෑයි කියන්නේය. කොල්ලා "පණ එපා" කියා පැන යන්නේය. අන්තිමේ නන්නත්තාර වන්නේ කෙල්ලය. 

"ඔව් මහත්තයෝ.. ඒ විදිහට අනාථ වෙන දුර පළාත්වල කෙල්ලෝ අන්තිමට කරන්නේ රස්‌සාවක්‌ හොයාගෙන කොළඹට එන එක.. ඒ ඇවිල්ලා රස්‌සාව කරන ගමන් උන් ආයෙත් කොල්ලෙක්‌ එක්‌ක යාලු වෙනවා. තරුණ හැඟීම්නේ මහත්තයෝ.. ඒත් එහෙම යාලු වෙන කොල්ලත් කරන්නේ කෙල්ල අරගෙන කාමර ගානේ රිංගන එක.. ටික දවසකින් ඌත් කෙල්ලව දාලා මාරු වෙනවා.. කෙල්ල තව එකෙක්‌ එක්‌ක යාලු වෙනවා.."

"මේ කාමරවලට යන ගමන් බිමන් යන්නේ එන්නේ ත්‍රීවීල්වල.. ඔය විදිහට එක කෙල්ලෙක්‌ කොල්ලෝ දෙතුන් දෙනෙක්‌ එක්‌ක යාලු වෙලා කාමර ගානේ යනකොට ත්‍රීවීල්කාරයෝ දන්නවා කෙල්ලගේ ගන්න දෙයක්‌ නැහැ කියලා.. අන්තිමට ඒ ත්‍රීවීල්කාරයෝ තමයි කොහොමහරි හොඳ ජොබ් එකක්‌ තියෙනවා කියලා කෙල්ලව සෙට්‌ කරගෙන ඇන්ටි ළඟට ගෙනියන්නේ.." (හැම ත්‍රිරෝදකරුවන්ම මීට අයත් නැත)

" ත්‍රීවීල්කාරයට රුපියල් දහදාහයි.. කෙල්ලට කෑම බීම එක්‌ක නවාතැනක්‌.. සතියක්‌ දෙකක්‌ මුකුත්ම නැහැ.. අතින් වියදම් කරලා ඇන්ටි දෙනවා කෙල්ලට µqල් සැපක්‌.. ඩෙනිම් අන්දවනවා.. ස්‌කිනි අන්දවනවා.. සෙන්ට්‌ පවුඩර් ගෙනත් දෙනවා.. උදේට කන්නේ පළතුරු.. රෑට ප්‍රයිඩ් රයිස්‌.. කෙල්ල ඉතින් හොල්මං.. ඇන්ටි මවනවා සුරංගනා 

ලෝකයක්‌.."

"පස්‌සේ ඇන්ටි කෙල්ලට කතා කරනවා. "උඹ බය වෙන්න එපා.. ළමයි හම්බ වෙන්නේ නැහැ.. ඒකට කරන්න වැඩ තියෙනවා.. මාසෙකට හොඳ ගාණක්‌ හම්බ කරන්නත් පුළුවන්.. කවුරුවත් දැන ගන්නෙත් නැහැ.. ගෙදරටත් සලකගෙන ජොලියේ ඉන්න එකයි තියෙන්නේ.." "මේ වෙනකොට කෙල්ලට ඇන්ටි දාලා යන්න බැහැ.. මවල පෙන්නන සුරංගනා ලෝකෙට ඒකි හිරවෙලා ඉවරයි.. අන්තිමට ඉතින් "පොෂ් කෑල්ල" මස්‌ තමයි මහත්තයෝ.." 

"ඇන්ටි මේ ඔක්‌කොම කෙල්ලෝ ගෙදරද තියන් ඉන්නේ..?" "නැහැ.. ලස්‌සනම කෙල්ල විතරයි ගෙදර තියා ගන්නේ.. අනිත් උන්ට ඇන්ටි සෙට්‌ කරනවා කොල්ලෝ.. ඒ හුඟක්‌ උන් එයා දන්න කුඩුකාරයෝ.. ඊට පස්‌සේ බැඳපු ජෝඩු වගේ තැන් තැන්වලින් කුලියට ගෙවල් අරගෙන පදිංචි කරනවා.. එතන ඉඳන් රෑට රෑට කෙල්ලෝ අරගෙන කොළඹ එන්නේ 

ඒ කුඩුකාරයෝ.. උන් රෑට කෙල්ලෝ ටික ගේනවා.. උදේට ඇවිත් අරගෙන යනවා.."

"මේ එකෙක්‌ට ඇන්ටි දෙනවා දවසට රුපියල් දාහක්‌.. කෙල්ල හම්බකරන එකෙනුත් කොමිස්‌ එකක්‌ ගන්නවා.. ඒ දෙකම අරගෙන තවත් කීයක්‌ හරි කෙල්ලගෙන් ඉල්ලගෙන උන් කරන්නේ කුඩු ගහන එක.. මහත්තයා දන්නවද? මේ "මස්‌" ගේම අස්‌සේ අන්කලුයි ඇන්ටියි තවත් ගේමක්‌ දෙනවා.. ඒක තමයි ෙµdරින් කස්‌ටර්මස්‌ලා කොල්ලකන එක.."

"කස්‌ටර්මර්ට හොඳට සල්ලි තියෙනවා කියලා දැනගත්තොත් එයා ළඟට යවන කෙල්ලට ඇන්ටි කියනවා කොහොමහරි සුද්දව හෝටලෙන් එළියට ගන්න කියලා.. කෙල්ල තරු හෝටලේට යන ගණන් හිලව් පෙන්නලා සුද්දව අන්දනවා.. ඊට පස්‌සේ සුද්ද එක්‌ක කෙල්ල එන්නේ මරදානේ ජාතික රෝහල කිට්‌ටුව තියෙන හෝටලේකට.. ලේdකල් කස්‌ටර්මර්ස්‌ලා ගෙනි යන්නෙත් එතැනට.. ඒ එන අතරේ ඇන්ටි කෙලAලට කෝල් කරලා කියනවා සුද්දා නාන කාමරේට අරගෙන ගිහින් පැයක්‌ විතර ඉන්න කියලා.. මේ අතරේ අන්කල් කාමරේට රිංගල සුද්දගේ පර්ස්‌ එකේ තියෙන මුළු සේසතම අරගන්නවා.."

"ඒ හෝටලේ උනුත් මේකට හවුල්.. අන්තිමට ඉතින් සුද්දා හොල්මං.. මොකද කෙල්ලත් හිටියේ ඌ ළඟ නිසා සුද්දට මුකුත් හිතා ගන්න බැහැ.. ඔය විදිහට මුන්ට අහුවෙලා ආපහු තමන්ගේ රටට යා ගන්න සල්ලි නැතුව අනාත වුණ සුද්දොa ඕන තරම් ඉන්නවා.. පහුගිය දවසක කොළඹ වරාය හදන්න ආපු සුද්දෙකුත් ඒ ගැටේට අහු වුණා.."

"ඒ විතරක්‌ නෙමේ මහත්තයෝ.. ඔය අන්කල් අද බැඳලා ඉන්නෙත් කාලෙකට ඉස්‌සර වෙලා මේ ජොබ් එක කරපු කෙල්ලෙක්‌.. ඒ අක්‌කට දැන් ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා.. ඒ දරුවෝ යන්නේ ඉන්ටර් නැෂනල් ඉස්‌කෝලවලට.. ඒත් මහත්තයෝ අන්කල් කොච්චර තිරිසනෙක්‌ද කියනවා නම් මීට සති දෙකකට විතර ඉස්‌සෙල්ලා දවසක කෙල්ලෙක්‌ අඩු වෙලා මූ ඒ අක්‌කවත් ගෙනත් ඩීල් කළා මහත්තයෝ.."

මට ඇගෙන් තවත් කිසිවක්‌ අහන්නට අවැසි නැත. මහත්වරුනි. මේ සියල්ල සිදු වන්නේ අප ඉපදුණු මේ පිං බ්මේය. ඒ හමුවේ රටේ වගකිවයුත්තන්ට කියන්නට දැන් එක්‌ දෙයක්‌ පමණක්‌ අපට ඉතිරිව ඇත.

ඇතැම් පාදඩ සංකල්ප සමග සිදු වෙමින් තිබෙන අවලංකරණය හමුවේ අද දවසේ ජාතියේ දූවරුන්ගේ ඉරණම විසඳෙමින් තිබෙන්නේ මෙසේ නම් නුඹලා සියලු දෙනා එකට එකතු වී සරම් ඇඳගෙන ගොස්‌ ගෝල්ෙෆ්ස්‌ පිට්‌ටනියේ ඔලුවෙන් හිටගත්තොත් සියල්ල සම්පූර්ණ නොවේද? 

සමන් ගමගේ 
 දිවයින

සිබිල් නැන්දලා පරදා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ එකොළොස්‌ හැවිරිදි දූ පැටියා



මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ළමා කෘති අංශයේ හොඳම පිටකවරය සඳහා සම්මාන දිනාගත්තේ දුලන්‍යා කුරේ නමැති තවමත් එකොළොස්‌ වියෑති දියණියයි. ඒ ප්‍රවීණ ලේඛිකාවක්‌ වන සිබිල් වෙත්තසිංහගේ කිරිහාමි, චන්ද්‍රා මාලනී තිලකසේනගේ වටු කිරිල්ලිගේ කතාව යන කෘති අභිබවමිනි. ඉතා කුඩා වයසකදී දරුවෙක්‌ මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම අපේ සාහිත්‍ය වංශ කතාවේ නොමැකෙන සටහනකි. එබැවින් අපි මේ පුංචි ලේඛිකාවගේ ජීවිතයට එබී බැලුවෙමු. මේ සංවාදයට ඇගේ මවද එකතු විය. 

දුලන්‍යාගේ වයස ?

අවුරුදු 11 යි. 

ඉගෙන ගන්නා පාසල...

ආසියානු ජාත්‍යන්තර පාසල.

මීට කලින් පොත් ලියල තියනවද?

නැහැ. මේ පළවෙනි පොත.

මේ පොත ලියන්න (A Free Breeze) හිතුණෙ ඇයි?

පොතක්‌ ලියන්න හිතුවෙ නෑ.

එහෙනම් ? (ඒ පැනයට දුලන්‍යා නිහඬය. ඊට පිළිතුරු බැන්දේ ඇගේ මවය.)

මව - මෙයාට ලිවීමේ හැකියාවක්‌ තිබුණා. ඒක අපි දැනගත්තෙ දුවගෙ පාසලේ ගුරුවරුන්ගෙන්. මේ කවි පොත පොතක්‌ කරන්න අදහසින් ලිවූ කවි පෙළක්‌ නෙවෙයි. කවි ලිවීම මෙයාට පුරුද්දක්‌ වෙලා තිබුණෙ. මෙයා සාමාන්‍යයෙන් අඩුවෙන් කතා කරන ළමයෙක්‌. ඒක නැති කරන්න ගුරුවරු අපිත් එක්‌කත් සාකච්ඡා කරල වැඩිපුර කතාබහ කරන අය අතරට මෙයාව දැම්මා. ඒත් ඒ පරිසරය මෙයාට ගැලපුණේ නෑ. ඒ දරුවො අතර ගැවසෙන කාලයේදී මෙයා කරල තියෙන්නෙ මේ විදියට කවි ලියන එක. ඒ කවි දැක්‌ක ගුරුවරු තමයි දුවට කියන්නෙ දුලන්‍යා ඔයා මේවා එකතු කරල පොතක්‌ කරන්න කියල.

එහෙම බිහිවුණ පොතකට මේ වගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්‌ ලැබෙයි කියල හිතුණෙ නැද්ද?

සම්මානයක්‌ ගැන අහලකවත් බලාපොරොත්තුවක්‌ තිබුණෙ නෑ. දෙමාපියන් වශයෙන් අපි කළේ දුව ලිව්ව කවි තවත් කෙනෙක්‌ට රස විඳින්න පුළුවන් කියල දැනුණ නිසා එය පොතක්‌ වශයෙන් එළිදැක්‌වීම පමණයි.

ළමා කෘති අංශයෙන් හොඳම පොත් පිටකවරය සඳහා සම්මානය හිමි වන්නෙ. 

දුලන්‍යාගෙ චිත්‍ර ඇඳීමේ පුරුද්ද ඇති වෙන්නෙ මොන වගේ වයසකදිද?

ඒක මට මතක නෑ. පොඩි කාලෙ ඉඳන් 

අඳිනවා.

ඒක ඔබේ සාමාන්‍ය පුරුද්දක්‌ද?

නැහැ. මම පුරුද්දක්‌ වශයෙන් කරන්නෙ පොත් කියවන එක.

මව - මෙයා ටිකක්‌ හරි අමුතු ළමයෙක්‌. ඇත්තෙන්ම අඩුවෙන් කතා කරන මෙයා වැඩිපුරම කරන්නෙ පොත් කියවන එක. ඒ පුරුද්ද කොච්චරක්‌ද කිව්වොත් පෝලිමක හිටිගෙන හිටියත්, පාටියකට ගියත් මෙයා පොතක්‌ කියවනවා දැකීම සාමාන්‍ය දෙයක්‌.

දුලන්‍යාට මේ හැකියාව ලැබෙන්න ඇත්තෙ මොනවගේ හේතුවක්‌ නිසාද?

මව - පොත් කියවීමම තමයි. පුංචි කාලෙ ඉඳන් දුලන්‍යා ඉංග්‍රීසි භාෂාවට දක්‍ෂයි. ඉංග්‍රීසි සාහිත්‍යය පොත් විශාල ප්‍රමාණයක්‌ දුලන්‍යා මේ වයසට කියවල තියනවා. 

මේ වෙනකොට පොත් කොච්චරක්‌ විතර කියවල තියනවද?

බ්‍රිටිෂ් කවුන්සිල් එකේ පුස්‌තකාලයෙ තියෙන පොත්වලින් සියයට හැත්තෑවක්‌ විතර මම කියවල තියනවා. 

සාමාන්‍යයෙන් මාසයකට පොත් කීයක්‌ වගේ කියවනවද?

පොත් 20 ක්‌ විතර.

ඉංග්‍රීසි භාෂාවෙන් රචිත පොත් විතරද කියවන්නෙ?

නැහැ. සිංහල ලේඛකයන්ගෙ පොත් කියවල තියනවා.

ඒ අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ලේඛකයා හෝ ලේඛිකාව කවුද?

සිබිල් වෙත්තසිංහගෙ පොත්වලට ගොඩක්‌ කැමැතියි. මහාචාර්ය ඡේ. බී. දිසානායක, මාර්ටින් වික්‍රමසිංහ වගේ ලේඛකයන්ගෙ පොතුත් ආශාවෙන් කියවල තියනවා. 

දුලන්‍යාගේ පුංචි කාලේ හැසිරීම දෙමාපියන් වශයෙන් ඔබ දැක්‌කෙ කොහොමද?

මව - මෙයා කරදරයක්‌ නැති ළමයෙක්‌. අපිට කිසිම විටකදි මෙයාගෙ වැඩ ගැන අමුතුවෙන් හොයා බලන්න අවශ්‍ය නෑ. සාමාන්‍යයෙන් පුළුවන් කාලෙ ඉඳන් දුලන්‍යා එයාගෙ වැඩ කරගන්න පුරුදු වුණා. කොහොමටත් එයා අපි එයාගෙ වැඩ කටයුතු කරල දෙනවට කැමැති නෑ.

අනික අපි දැක්‌ක දෙයක්‌ තමයි පුංචි කාලෙදි මෙයාට ගෙනත් දෙන සෙල්ලම් බඩුවලිනුත් දුලන්‍යා උත්සාහ කළේ මොකක්‌ හරි කතාන්දරයක්‌ ගොතන්න. 

මේ පොතේ පිට කවරයේ චිත්‍රය අඳින්න දුලන්‍යා භාවිත කළ මාධ්‍ය මොකක්‌ද?

අයිපෑඩ් එකේ තියන පෙපර් කියන සෆ්ට්‌වෙයාර් එකෙන් අයිපෑඩ් එකේ තමයි මේ චිත්‍ර ඇන්දේ. මේ පොතේ කවිවලට ඇන්ද හැම සිතුවමක්‌ම ඇන්දෙ එහෙම.

කවි ලිවීම, චිත්‍ර ඇඳීම හැර දුලන්‍යා වෙනත් විෂය බාහිර කටයුතුවලත් නියෑළෙනවද?

දුලන්‍යා නිහඬව සිනා සේ.

මව - පියානෝ ප්ලේ කරන්න මෙයා ගොඩක්‌ කැමැතියි.

දුලන්‍යා මේ වගේ තැනකට ගෙනෙන්න දෙමාපියන් ලෙස ඔබලා මොනවද කළේ?

මව - අපේ රටේ වැරැදි මතයක්‌ තියනවා හැම ළමයෙක්‌ම මේ විදියට ඉන්න ඕන මේ දේවල්වලින් ඉදිරියට යන්න ඕන කියල. බොහෝ දෙමාපියන් කොටුවෙලා ඉන්නෙ. ඒ මතයෙ අපි හිටියෙ නෑ. ළමයා කැමැති දේකට යොමු කරන්නයි අපි හැම විටම උත්සාහ කළේ.

මේ පොතට (A Free Breeze) ලැබුණ සම්මානය ඔබට දිරිගැන්වීමක්‌ වුණාද?

ඇත්තෙන්ම මෙය මාව දිරිගැන්වීමක්‌. සමහර ලේඛකයන් මට කිව්වෙ පුංචි ළමයින්ට රස විඳින්න පුළුවන් පොත් ලියන්න මම තාම පොඩි වැඩියි කියලයි. ඒත් මේ සම්මානයෙන් මගේ ලේඛන කලාවට හොඳ වටිනාකමක්‌ ලැබුණා. මගෙ වයස ගැන අවධානය යොමු නොකර මගේ කුසලතාව ඇගයීමකට ලක්‌කිරීම ගැන ඊට සම්බන්ධ සියලු දෙනාටම මම ස්‌තුති කරන්න කැමැතියි. 

මොනවද දුලන්‍යාගේ අනාගත බලාපොරොත්තු...?

නාසා ආයතනයේ තාරකා විද්‍යාඥවරියක්‌ වෙන්න හරි, පුරා විද්‍යාඥවරියක්‌ වෙන්න හරි, ලේකාවක්‌ වෙන්න හරි. 

සාහිත්‍ය කටයුතුවලට ඔබ කාලය සොයා ගන්නෙ කොහොමද?

උවමනාවක්‌ තියෙනව නම් ඕනම දේකට වෙලාවක්‌ හොයාගන්න පුළුවන්.

සාකච්ඡා කළේ - තිස්‌ස ගුණතිලක
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන

බුදු බණ අහනවනම් අපි මරණයට බයවෙන්න ඕන නෑ!


- පිළිකා රෝහලේ ඉඳන් ලියලා ශිෂ්‍යත්වය පාස්‌ වූ දමිත්

මගෙ දැසට කඳුළු බිඳු නැඟී තිබේ. ඒ ඇයිදැයි මට නොදැනේ. මොණරාගල, වැල්ලවාය ප්‍රදේශයේ ඒ කටුක ශුෂ්ක බිම සිහිවේ. ඒ බිම්කඩේ මහ පොළව සමග හැප්පෙන ප්‍රේමතිලක ගොවි මහතාගේ කරගැට පිරි අත්ල ද මැවී පෙනේ. අශෝකමාලා නම් කාන්තාවක්‌ මේ ප්‍රේමතිලක නම් වන පුද්ගලයා සමග කැත්ත උදැල්ල ගෙන මහ පොළව සමග කරන සටන ද පෙනේ. මහ පොළව සමග මේ දෙදෙනා මෙලෙස ගැටෙන්නේ රටක්‌ රාජ්‍යයක්‌ ඇල්ලීමට නොව ජීවිතය ගැට ගසා ගැනීමටය.


මේ දෙදෙනා හරි දුප්පතුන්ය. මොණරාගල වැල්ලවාය වැනි ප්‍රදේශවල ජීවත්වන කොයි කවුරුත් මහේශාක්‍ය ජීවිත ගත නොකරන අයය.

ප්‍රේමතිලක මහතාත්, අශෝකමාලාත් මහපොළව සමග උරෙනුර ගැටී, ගොවිතැන් බතක්‌ කරන්නේ ජීවිතය ගැට ගසා ගැනීමට වෙනත් ක්‍රමයක්‌ ද නැති නිසාය.

මොවුන් දෙදෙනාට දාව මීට වසර දහතුනකට පමණ පෙර දුවක්‌ උපන්නේ කර්කශක ජීවිතයට අරුතක්‌ එක්‌ කරමිනි. ඇය ඩී. ඒ. ඒ. සරෝජනීය. දැන් ඇය බුදුරුවගල මහා විද්‍යාලයේ අටවන ශේ්‍රණියේ ඉගෙනුම ලබන දක්‍ෂ දරුවෙකි. ඒ දැරිය මීට වසර තුනකට පෙරාතුව පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූයේ ගොවිතැන් කර ජීවිතය යන්තමින් ගැටගසා ගන්නා ප්‍රේමතිලක හේරත්, අශෝකමාලා යන මව්පිය යුවළගේ දැස්‌ කඳුළින් තෙත් කරමිනි.

එපමණක්‌ නොව ඒ මව්පිය යුවළට අහිංසක ලස්‌සන බලාපොරොත්තු පොදියක්‌ ද ඒ දියණියගේ හපන්කමින් ලැබිණි.

අද කතා කරන්නට යන්නේ ඒ හපන් දියණිය පිළිබඳව නොව, ඒ දැරියගේ මල්ලී පිළිබඳවය. ඔහු ද හපනෙකි. පසුගිය අගෝස්‌තු 25 වැනිදා ශිෂ්‍යත්ව විභාගය ලියූ ඒ දරුවා අන් සියලුම ශිෂ්‍යත්ව හපනුන්ට වඩා හපනෙකි. ඒ හපනා දමිත් නුවන් කුමාර දරුවාය. ඌව පළාතේ, මොණරාගල, වැල්ලවාය වැනි පෙදෙසක උපන් මේ දරුවා ද පාසල් ගියේ බුදුරුවගල මහා විද්‍යාලයටය. දරුවා හරි දක්‍ෂයෙකි. උපන් හපනෙකි. පළමු ශේ්‍රණියේ සිටම මේ දරුවා ඉගෙනීම කළේ කැපී පෙනෙන දක්‍ෂතා පෙන්වමිනි. පංතියේ පළමු තැනට පත්වන දරුවන් පස්‌දෙනා අතරේ උන් මේ දරුවා ඇතැම් කරුණු කාරණාවලදී මෙන්ම විෂය බාහිර කරුණුවලදී පුදුමාකාර දක්‍ෂතා පෙන්වන්නට වූයේ ගුරුවරුන්ගේ සිත්වලට සතුට එක්‌ කරමිනි. ඒ දරුවා ලබාදෙන ඇතැම් පිළිතුරු, ගුරුවරුන්ගේ දැස්‌වලට සතුටු කඳුළු එක්‌ කළේ ඒ පිළිතුරු මෙවැනි දරුවකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ අපූර්ව ඒවා වූ නිසාය.

දමිත් නුවන් කුමාර හතර ශේ්‍රණියට සමත් වූයේ 2012 වසරේදීය. ඒ දරුවාගේ පංති භාර ගුරුවරයා වූයේ එච්. එන්. ප්‍රේමවතී ගුරු මෑණියන්ය. ඇය දක්‍ෂ ගුරුවරියකි. රුපියල් ශත නොව ගුරුකම ආත්මය කොටගත් මේ ගුරු මෑණියන්ට මේ දරුවා පිළිබඳ දැනුණේ අපමණ සතුටකි. විශ්වාසයකි. දරුවා දක්‍ෂයෙකි. බුද්ධිමතෙකි. හතර වන ශේ්‍රණියේ මෙන්ම පස්‌ වැනි ශේ්‍රණිය ද භාර වූයේ මේ ගුරුවරියටය. දිනක්‌ මේ දක්‍ෂ දරුවා රෝගීව සිටින අයුරු ගුරුවරිය දුටුවේ පංති කාමරයේදීය.

"ඇයි පුතේ... මොකක්‌ද අසනීපය" ගුරුවරිය දරුවාගෙන් විමසුවේ හිස අතගාමිනි.

"ටිකක්‌ ඔළුව කකියනවා" පුතු කීවේ ඔළුව මේසය මත තබාගනිමිනි.

එදා වේදනා නාශක පෙත්තක්‌ ද දී මේ පිළිබඳව දරුවාගේ දෙමාපියන්ට දැන්වීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු ක්‍රියා කළහ.

මෙම දක්‍ෂ දරුවා ඊට ටික දිනකට පසු අසනීප තත්ත්වය වැඩි වී වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කළේය. පසුව බදුල්ල රෝහලට මාරු කර යෑව්වේ අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට යම් යම් කාරණා අවබෝධ වූ නිසාය. දින එකොළහක්‌ම මේ දරුවා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේ වෛද්‍ය පරීක්‍ෂණ ගණනාවකට මුහුණ දෙමිනි.

ගොවිතැනින් යන්තම් ජීවිතය ගැටගසා ගනිමින් උන් දමිත්ගේ දෙමාපියන්ගේ, අතමිට තිබූ මුදල් සියල්ල මේ දරුවාගේ බෙහෙත් හේත්වලට වැය කළ පසු අහල පහල අයට ණය වන්නට ද ඒ අයට සිදුවූයේ දරුවා සුවවන දින ගණන දිනෙන් දින පසු වූ නිසාය.

සිත එකලස්‌ කරගත නොහැකිය. ගිනි ගහන අව් රශ්මිය ද වගා බිම් ගිනිබත් කර දමමින් තිබිණි. ඒත් දරුවා මේ රෝගී තත්ත්වයෙන් මුදාගත යුතුය. ඒ සඳහා දෙමාපියන් මෙන්ම වැඩිමල් සොයුරිය ද කළ කැප කිරීම පුදුමාකාරය.

අන්තිමේදී මේ දුප්පත්, සාමාන්‍ය දිවි පෙවෙතක්‌ ගෙවූ මව්පිය දෙදෙනාගේ දැස්‌ අග තිබූ අවසන් කඳුළු බිඳු කිහිපය ද බිමට හෙළමින්, දරුවා මහරගම පිළිකා රෝහලට ඇතුළත් කරන ලෙසට වෛද්‍යවරු නිර්දේශ කළහ.

දරුවා මොන තරම් දක්‍ෂ දරුවකු වුවත්, මේ රෝගී තත්ත්වය නිසා දරුවාගේ අධ්‍යාපනයට කණකොකා හඬන්නට පටන්ගෙන තිබිණි. එක අතකින් නැති බැරිකමය. අනෙක්‌ පසින් රෝග පීඩාය. දරුවා මොණරාගල සිට මහරගමට රැගෙන එන්නටත්, ආපසු රැගෙන යන්නටත් බස්‌ ගාස්‌තු ලෙස රුපියල් හත්සියයක්‌ම වැය කිරීමට ඒ පියාට සිදුවී තිබිණි. බසයේ යන විට දරුවාට ද භාග ටිකට්‌ කඩන කොන්දොස්‌තරවරු හමුවේ මේ පියාත්, මවත් අසරණ වූ වාර අපමණය. කාටත් අත නොපා ගොවිතැනින් ජීවිතය ගැටගසා ගැනීමට පුරුදු වූ මොවුනට දරුවාගේ අසනීපය නිසා ඇති වූ අමාරුකම් හමුවේ නම් ඒ දුක දෙවියන්ට කියනවා හැර කියන්නට ද වෙනකකු නොවීය. වේලක්‌ හැර වේලක්‌ කමින් ද, ඇතැම්විට රණවරා කෝප්පයකින්, බෙලිමල් ටිකකින් වේල පිරිමසා ගනිමින් මේ දරුවාට බේත් හේත් කරන්නට මේ මාපියන් පෙළඹුණේ මොන දේටත් වඩා දරු සෙනෙහස අප්‍රමාණව වටිනා නිසාය. ලේ කිරි කළ දරු පැටියා රෝගී වූ විට කෑමට බීමට පිරියක්‌ ද නොඑන බව මව්පියවරු දනිති.

කොහොමින් කොහොමහරි 2013 වසරේදී දරුවා පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට වාඩිවීමට නියමිතව තිබිණි. ඒත් දෛවය පුදුම විදිහට සරදම් කරමින් තිබිණි.

2013 වසරටම දරුවා පාසල් ගියේ දවස්‌ දෙකක්‌ පමණි. "අනේ පව් මේ දරුවා ඉගෙනීමට හරිම දක්‍ෂයි" ගුරුවරු ඔවුනොවුන්ට කියා ගත්හ.

මහරගම පිළිකා රෝහලට මේ දරුවා රැගෙන ගිය පසු දරුවාට පිළිකාවක්‌ වැළඳී ඇතැයි වෛද්‍යවරු කී විට මාපියන්ගේ පමණක්‌ නොව ගුරුවරුන්ගේ ද නෙතග තිබූ කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා ගලා හැලෙන්නට පටන් ගත්තේ ඇතිවූ දුක වාවාගත නොහැකිය.

කෙසේ හෝ මේ දරුවා පිළිකාවට බිය වූයේ නැත.

"ඇයි අම්මේ අඬන්නේ. අපි කවුරුත් මැරෙනවා. අම්මා හැම පෝයටම සිල් ගන්නවා නේද? බුදු බණ අහනව නම් අපි මරණයට බිය වෙන්න ඕනේ නෑ" මේ පොඩි පුතුව සිප ගනිමින් හඬන විට පුතු මවට දිරිය දුන්නේ එවැනි ලොකු හරවත් පිළිතුරුවලිනි.

තලන විට මුවත තියුණු වන පිහි තලයක්‌ සේ මේ පොඩි පුතු පිළිකාව හමුවේ හිතට ධෛර්ය ඇති කරගත්තේ කොයි කවුරුත් පුදුමයට පත් කරමිනි.

පුතු එලෙස හැසිරෙන විට ඒ පොඩි පුතුගේ මව්පියන්ට ද දැනුණේ පුදුම හයියකි. මේ දුක කාටත් පොදුය. අපිට වඩා දුක්‌ විඳින අය තව කොතෙක්‌ද? ටික කලකින් මේ අයට එලෙස සිතුණේ පුතු ශිෂ්‍යත්ව විභාගයට තනියෙන්ම ඉගෙන ගන්නට වූ කලය.

පාසල් යැමට නොහැකි වුවද පුතා පාඩම් පොත අමතක කළේ නැත. පාඩම් පොත පමණක්‌ නොව අනෙකුත් පොත් පත්ද, පත්තර ද මේ පොඩි පුතුගේ මිතුරන් වූයේ ඔය පරිද්දෙනි.

"පුතේ... මගේ පුතේ ඔයාට වරදින්නේ නෑ. අනේ මගේ පුතුව මේ ලෙඩෙන් ගලවලා දෙන්න." මව හැම පෝයකටම සිල්ගෙන ප්‍රාර්ථනා කළේ ඔය ටිකය.

පසුගිය අගෝස්‌තු 25 වැනිදා ඉරිදාවකි. එදින මේ පුතු ශිෂ්‍යත්ව විභාගයට ගියේ ලෙඩ පිටිනි. මවගේ දැසේ කඳුළුය. පියාගේ හදවතේ ගින්නකි. පුතුගේ සිතේ තිබුණේ මව්බස, ගණිතය, සාමාන්‍ය දැනීම ආදී උත්තර ගොඩකි. ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රවල පෙළ ගස්‌වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීමට මේ පොඩිපුතු සිටියේ දැනුමින් සන්නද්ධවය. සිතේ ගින්දර නොතිබුණාම නොවේ. හිත යට තිබූ ඒ ගින්දර මේ පොඩි පුතුගේ සිතට දුන් වධ වේදනා දන්නේ ඒ පුතුත්, ඒ පුතුගේ මව්පිය දෙදෙනාත්, සොයුරාත්, පාසල් ගුරුවරුත් පමණකි.

විභාගය ලියා නිවසට පැමිණි පුතු සිටියේ පෙර පරිදිම සැහැල්ලුවෙනි.

මරණයට බිය නැති මේ පුතු මිස, අපට නම් විභාගයට තබා ජීවත්වීමටවත් නොහිතෙන බව ඇතැමුන්ට සිතෙනු ඇත. නමුත් මේ පුතු අපි කොයිකාටත් ආදර්ශයකි. පූර්වාදර්ශයකි. සිත කැඩී කැබලි වී යන තරමේ දුක්‌ කරදර පැමිණියත්, සිත ලෙඩ කරගත නොහැකි බව මේ පුතු අපට කියා දී ඇත. අධ්‍යාපනයේ ඒ හැටි ගැඹුරක්‌ නොදත් මේ පොඩි පුතුගේ මව්වරුන්ට, පියවරුන්ට, ජීවිතයේ ගැඹුර හොඳ හැටි දැනී තිබිණි. පුතුට ජීවිතයේ ගැඹුර පමණක්‌ නොව අධ්‍යාපනයේ ගැඹුර ද දැනී තිබිණි.

ලෝක ළමා දිනය යෙදී තිබූ පසුගිය බදාදා (02 වැනිදා) බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබිණි.

ඩී. ඒ. ඒ. දමිත් නුවන් කුමාර දරුවාගේ නම ඉදිරිපිට ලකුණු 164 ක්‌ ලකුණු වී තිබිණි. විදුහල්පතිවරයා මුලින්ම කළේ සිත සැහැල්ලු වී, උගුරේ සිරවී තිබූ මහා වේදනාව තුනී වෙන තුරු සුසුමක්‌ හෙළීමය. නොදැනම දැසට කඳුළු නැගින.

මුළු පාසල පමණක්‌ නොව පළාතම මේ දරුවාගේ හපන්කම පිළිබඳ කතා කළේ රෝගී නොවූයේ නම් ලංකාවෙන්ම පළවැනියා වීමට තරම් මේ දරුවා දක්‍ෂයකු බව කියමිනි.

මේ දරුවා පිළිකාවෙන් ගලවා ගන්නට හැකි වෛද්‍යවරු නැතිවා නොවේ. ඒ සඳහා මුදල් අවශ්‍යය. මෙවැනි රෝගයකට ගොදුරුව ලකුණු 164 ක්‌ ලබාගැනීම සුළුපටු දක්‍ෂතාවක්‌ නොවේ. එය අසමසම එකකි.

වැල්ලවාය, නුගයාය මේ දරුවාගේ ලිපිනයය. පිං කැමති ඔබට පමණක්‌ නොව පිං නොපතන ඔබටත් මේ දරුවා මෙතැනින් ගලවා, උගන්වා බේරාගත හැකිය. වැල්ලවාය, බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ද දරුවා පිළිබඳ විමසිය හැකිය. පොඩි පුතේ නුඹ සැබෑ දක්‍ෂයෙකි. අපි නුඹට නිරෝගී සුව පතමු. නුඹට ජයෙන් ජය පතමු. නුඹේ ජයග්‍රහණය අපට දැනෙන්නේ අපේ පුතුගේ ජයග්‍රහණයක්‌ ලෙසිනි. නුඹ මෙවර පහේ ශිෂ්‍යත්වයේ අපේ කතා නායකයා කරගත්තේ නිකම්ම නොවේ. ඒ නුඹේ නොසැලෙන අධිෂ්ඨානශීලී ජයග්‍රහණය නිසාය.

ශිරාන් රණසිංහ
ඡායාරූප සහ පසුබිම් වාර්තා
මොණරාගල - නයන ඉහළගෙදර

 

චොකලට්‌ යෑයි සිතා මී පාසානම් කැට කා


දරුවන් දෙදෙනකු මිය යැම
මම රෙදි සෝදා ඇවිත් කාමරවල බලද්දී
දරුවන් දෙදෙනා ඇඳන් දෙකක වැටී සිටියා
මම කතා කළාට ඔවුන් කතා කළේ නෑ
- මියගිය දරු දෙදෙනාගේ මව කියයි

මාතර චන්ද්‍රදාස කොඩිතුවක්‌කු,
අරුණ පලොල්පිටිය සහ ප්‍රියන්ත හිත්තැටියගේ 

මම රෙදි සෝදා ගෙන ඇවිත් බලන විට මිය ගිය දරුවන් දෙදෙනා කාමර දෙකක ඇඳන්වල නිදාගෙන වගේ වැටී සිටියා. මම දරුවන්ට කතා කළාට ඔවුන් කතා කළේ නැහැ. පසුව මම කෑගැසුවා යයි චොකලට්‌ යෑයි සිතා වැරදීමකින් මීයන් මැරීමට උපයෝගී කර ගන්නා මී පාසානම් කැට වර්ගයක්‌ කෑමෙන් මිය ගිය එකම පවුලේ දරුවන් දෙදෙනකු පිළිබඳ කඹුරුපිටිය ආඳපාන රෝහලේ දී පැවැති මරණ පරීක්‍ෂණයේ දී සාක්‍ෂි දුන් මිය ගිය දරු දෙදෙනාගේ මව වන මාකදුර රන්සෑගොඩ උතුර පදිංචි නන්දිකා හේවාගේ නාලිකා අසන්ති (30) නමැත්තිය පැවසූවාය. මෙසේ මිය ගියේ ඇල්දෙනියගේ අනුහස්‌ (03) හා රන්සෑගොඩ ආදර්ශ විදුහලේ ඉගෙනුම ලැබූ ඇල්දෙනියගේ ඔෂද (06) නමැති දරුවන් දෙදෙනායි.

මියගොස්‌ ඇත්තේ මගේ දරුවන් දෙදෙනායි. මගේ සැමියා රියෑදුරකු ලෙස වැඩ කරනවා. සිද්ධිය වූ ජුලි 07 දින උදේ 11.20 ට පමණ සැමියා කඹුරුපිටියේ පොළට ගියා. එදින නිවසේ දරුවන් දෙදෙනා සිටියා. මම දරුවන් දෙදෙනාට පාඩම් කරන්නට කියලා කිව්වා. දරුවන් පාඩම් කරලා එළියට ගිහින් සෙල්ලම් කළා. දරුවන් පොල්කටු සෙල්ලම කළේ. පසුව මම දරුවන් සෝදලා අවසන් කොට ඔවුන්ට නිවසේ සිටින ලෙසට පවසා ළිඳ ළඟට රෙදි සෝදන්න ගියා.

පසුව මා රෙදි සෝදා ගෙන නිවසට ඇවිත් බලන විට මිය ගිය දරුවන් දෙදෙනා කාමර දෙකක ඇඳන් දෙකක වැටී සිටියා. මම දරුවන්ට කතා කළා ඔවුන් කතා කළේ නැහැ. පසුව මම බය වී කෑගැසුවා. පසුව උඩහ වත්තේ දලු කැඩූ " මාමා" නමින් හඳුන් වන අය ආවා. මම කිව්වා ඉක්‌මනට අජිත් මල්ලීට එන්න කියන්න කියලා. පසුව අජිත් මල්ලී යතුරු පැදියෙන් ආවා. ඔහු අජිත් මල්ලීට කියා තිබෙනව ළමයින් දෙන්නා සිහි නැතිව ඉන්න බවත් ඉක්‌මනට යන ලෙසටත්. පසුව ත්‍රී වීල් රථයක්‌ ද අජිත් මල්ලී ගෙන ආවා. පසුව ත්‍රීවිල් රථයෙන් දරු දෙදෙනා ආඳපාන රෝහලට ගෙන ආවා.

මෙහිදී ඇල්දෙනියගේ රොෂාන් ප්‍රියන්ත ද සාක්‍ෂි දුණි. මීයන්ට දීමට ගෙනවිත් තිබූ මී පාසානම් කැට වහලේ ගසා සඟවා තිබී ඇති බවත් ඒවා වැටී තිබී ඇති අතර මී පාසානම් කැට දරුවන් කන්නට ඇතැයි සැකකරන බවට ද සාක්‍ෂිවලදී හෙළි වී ඇත.

මිය ගිය දරුවන් දෙදෙනාගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය 2013/07/08 දින මාතර රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇති බවට කඹුරුපිටිය හදිසි මරණ පරීක්‍ෂක ජගත් පාඩියන්පෙරුම මහතා පවසා සිටියේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වීමෙන් පසු මරණයට හේතුව ලබා දීමට කටයුතු කරන බවට ද මරණ පරීක්‍ෂකවරයා පවසා සිටියේය.

කඹුරුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. එම්. අබේසේකර මහතාගේ උපදෙස්‌ මත කඹුරුපිටිය පොලිසියේ පො. සැ. 52594 චන්ද්‍රදාස මහතා සාක්‍ෂි මෙහෙය වීය.

මෙම දරුවන් ඉගෙනුම ලැබු රන්සෑගොඩ විදුහලේ විදුහල්පති අමරසේන මහතා - ඇත්තෙන්ම මේ පාසලට ආලෝකයක්‌ එක්‌කරන්න සිටිය ළමයි. නමුත් අද වන විට විද්‍යාලය පවා කලාපයෙන් ශිෂ්‍යත්වයෙන් වැඩිම ප්‍රතිඵල ගත් විද්‍යාලය. ඒ නිසා මේ දරුවෝ අපිට සම්පතක්‌. මේ වියෝව සැබැවින්ම අනාගත සමාජයට උගන්නපු ආදර්ශයක්‌ තිබෙනවා යෑයි ද ඔහු පැවැසීය.

මීට පෙරද මේ දරුවන් දෙදෙනා ළිඳකට වැටී ජීවිතය අනූනවයෙන් බේරී ඇත. එහෙත් මේ ජීවිත දෙක පෙරේදා 7 දා බේරා ගැනීමට නොහැකි විය. දෛවය ඔවුනගේ ජීවිත ඉරණම තීන්දු කළේ අප සැමගේම දෙනෙතට කඳුළක්‌ නංවමිනි.