The Most/Recent Articles

Showing posts with label Weeklyc. Show all posts
Showing posts with label Weeklyc. Show all posts

මුද්දක් නිසා බැට් පිත්තකින් පහරකැ සිසුවා දින දෙකක් රෝහලේ.


හර්ෂි සි. පෙරේරා

ඉක්කගොඩ ආරච්චිලාගේ පුෂ්ප නදීෂාන් 15 හැවිරිදි හෝමාගම ජනාදිපති විදුහලේ 10 වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. ඊ ඒ ගුණතිලක මහතා ඔහුගේ පියාය. ඔහු තම පුතාට වදහිංසා පැමිණවීම පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, ළමා ආරක්ෂක අදිකාරියට, ළමා හා අපයෝජන නිවාරණ කාර්යන්සයට ලිකිතව පැමිණිලි කළේය.

මුද්ද සොරා ගත්තයි කියා නදිශාන්ව එහි අයිතිකරුවන් වන ශ්‍රියානි අජිත් සහ නලින් ඔහුව තම නිවසේ සගවා තබා ගෙන පහර දෙන ලදී. ඔහුව පාදුක්ක පොලිසියට ගෙන යාමෙන් අනතුරුව එහි නිලදාරියකු මුද්ද ගැන අසමින් අත් දෙක උස්සන්නට කියා පැය බාගයක පමණ කාලයක් ඔහුගේ පිටට බැට් පිත්තකින් පහරදී ඇත. ඔහුව පොලිස් කුඩුවටද දමා තිබේ.

2011.12.27 උසාවි දමා ඇප මත නිදහස් කර ඇත. එම වියාජ නඩුවේ අංකය 484/11 C වේ.

නිදහස්වීමෙන් පසුව නදීෂ දින දෙකක් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිද ඔහුව පරීක්ෂා කර තිබේ.


කොලබ දුෂණ මර්දන ඒකකය, දෙසොහොයුරන්ට වද දෙයි.


හර්ෂි සි. පෙරේරා
සිද්දිය වන්නේ 2011.12.14 දින දහවල් 1.30 ට පමණය. මෙසේ දුෂණ මර්දන ඒකකය විසින් පහර දෙන්නේ චමින්ද රත්න කුමාර පිරිස් සහ දුමින්ද ප්‍රිය කුමාර පිරිස් යන දෙසොහොයුරන්ටය. ඔවුන් පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පහරදීමෙන් පසුව චමින්දව ගෙදර ඒවා ඇත. නමුත් ඔහුගේ මල්ලි වන දුමින්දව වියාජ චෝදනා නගා අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2011.12.20 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.

 මේ පහරදීම සිදුවූ අවස්ථාවේ ඔවුන්ට අයත් ත්‍රිරෝද රථයටද අලාබ හානිසිදුවී තිබේ.


හිමිදිරි විප්ලවය හෙවත් ලාංකික අරාභී වසන්තයේ මූලයන්

| නිලන්ත ඉලංගමුව

රාජ්‍ය පාලනයේ යාන්ත්‍රනය වූයේ ප්‍රචණ්ඩත්වය සහ භිෂණයයි. භීෂණය ඵලදායක වීමටනම් එය අත්තනෝමතික සහ ක්‍රෑර විය යුතුය. එය විශාල වශයෙන් ජීවිත හානි නොකරන නමුත් සෑම පුද්ගලයෙකු වෙතම පහසුවෙන් ලඟාවීමට හැකි විය යුතුය. මෙම මූලධර්මය ඉතා හොඳින් අවබෝධවන කාරණයක්. සම්ප්‍රදායික වශයෙන් රිලවෙක් බය කිරීම සඳහා කුකුලෙක් මැරිය යුතුයි කියන්නේ මෙයටයි.--- මාඕගේ ශ්‍රේෂ්ඨ දුර්භික්ෂය - ෆ්‍රෑන්ක් ඩිකොටර් ( පිටුව 292 )

දේශපාලන මැදිහත් වීම අවම වූ වීම නිසාම අතිශය සාර්ථක වූ උද්ඝෝෂණයක් ලෙස මේ වන විටත් ක්‍රියාත්මක වන එළවලු ගොවීන් සහ වෙළඳුන් රජයට එරෙහි ගෙන යන ක්‍රියාමාර්ගය හැඳින්විය හැකිය. එය මෑත කාලීනව ලංකාවේ දැකගත හැකි වූ වඩාත් සාර්ථකම උද්ඝෝෂණය වන අතර ඉදිරි සති කිහිපය තුළදී පුළුල් ජනතා ව්රෝධයක් මේ හේතුව මත ඇති වීමේ පරිසරය නිර්මාණය වී තිබේ. ආණ්ඩුව යොමු වී ඇත්තේ නුසුදුසු තැන මර්ධනය කිරීමටය. මේ නිසා ආණ්ඩුව එකම විසඳුම් සෙවීමේ මාර්ගය ලෙස තවදුරටත් නිතී විරෝධී මර්ධනය වෙතට තල්ලු විය හැකි අතර ඒ සඳහා තමන් විස්වාසය තබා ඇති එකම ඒකකය වන මිලිටරිය යොදා ගනු ඇත. ආණ්ඩුවට තම කටයුතු කරගැනීම සඳහා වන එකම විකල්පය වී ඇත්තේ මිලිටරියයි.

බලය නැමති පද්ධතිය තුළ සාධාරණත්වය සහ යුක්තිය අපේක්ෂා කිරීම දවල් හීනයක් බවට පත් වූයේ 70 දශකයෙන් පසු ලංකාවේ පාලක ආණ්ඩු තුළ සහ ඊට එරෙහි බල කඳවුර තුළ ඇති වූ විබෙධනය හේතුවෙනි. ඒ වන විට ආසියාවේ මෙන්ම බටහිර රටවල ආර්ථික මෙන්ම දේශපාන මොඩලයක් ලෙස ශ්‍රී ලංකාව මෙන්ම පිලිපීනය කෙරෙහි අවධානය යොමු වූ නමුත් පසු කාලීන එය ඛේදනීය ලෙස වෙනස් විය. මේ වන විට අදාළ රටවල් දෙකම විනාශයට ගිය රටවල් වල ආසියානු නිදර්ශකයන්ය. දුෂණයේ සහ අයුක්තියේ පාරාදීසයන්ය. දේශපාලන ප්‍රතිසංස්කරණ නීතියෙන් ගලවා දැමීම සහ නිතීය මත බලය අතිපිහිත කිරීමට උත්සහ කිරීම එම විනාශයේ මුලික හරයාත්මක කාරණාවලින් එක ප්‍රධාන කාරණයක් ලෙස පෙනේ. එය තවදුරත් විනාශ කරනු ලැබුවේ විධායක ජනාධිපති ධුරය නමින් නීතියට ඉහලින් සිටින සේ අයෙකු පිහිටුවා සියලුම නීති වලින් එම ධුරය ඉවත් කිරීමෙනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වන විට භුක්තිවිඳිමින් සිටින්නේ එයයි.

එළවලු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා අනුගමනය කළ යුතු වත් පිළිවෙත් ආණ්ඩුව හිටි අඩියේ ක්‍රියාත්මක කිරීම සඳහා නීති පැනවීම සහ එය කඩ කරන අයවලුන් නිතීය ඉදිරියට පැමිණවීම භයානක වන්නා සේම ඛේදනීයද වේ. මෙය සැබවින්ම රිලවෙක් භය කිරීම සඳහා කුකුලෙක් මැරීමට උත්සහ කිරීම හා බඳුය. මේ වනවිට ලංකාවේ නිතීය වූ කලී ගැටලුවකි. එය ක්‍රියාත්මක වීමේ සහ එය බලය ගැන නිරීක්ෂණය කරන විෂයක් වනු වෙනුවට බලයේ අනුගාමික බලවේගයක් වීම හේතුවෙන් යුක්තියට ඇති ඉඩ වලක්වා තිබේ. කාලාන්තරයක් තිස්සේ සිදු කරනු ලබන ජන ඝාතන සිදු කරමින් ඒවා වළලා දමා වර්තමානය ඉතිහාසය කිරීම හෙවත් කළු පෙන්වා සුදු යැයි පිළිගැනීමට බල කිරීමේ සිට නිතී විද්‍යාලයේ විභාග වංචා කරමින් නීතිඥයෙකුවීම සහ එම වංචාවන් හෙළිකරන සහ යුක්තිය ප්‍රශ්න කරන අයට මරණීය තර්ජන එල්ල කිරීම දක්වා වූ ක්‍රියාදාමය තුළ ඇත්තේ මෙකී සංඛේතීය බැඳීමයි. එළවලු සහ පලතුරු ප්‍රවාහනය සඳහා කූඩ හදුන්වා දීම වූ කලී කන්න නැති මිනිසුන්ට කන්නට යමක් දීම පසෙකලා බටහිර පන්නයට කෝට් ඇඳීමට අණ කිරීමට යන්ත දැරීම සහ සමාන වන ආකාරයේ ඛේදනීය හාස්‍ය උත්පාදන තත්වයකි.

පසුගිය කාල වකවානුව පුරාම ආණ්ඩුව විසින් සිදු කරනු ලැබුවේ මෙවැනි මවා පෙන්වීම් මිස ජනතාවගේ සැබෑ ගැටලූ හඳුනා ගෙන කටයුතු කිරීම නොවේ. චීනයෙන් හෝ වෙනත් රටකින් ලබා ගන්නා ණය සහ ඔවුන්ගේ මිනිස් ශ්‍රමය යොදා සිදු කරන ඉදිකිරීමක් තමන්ගේ නමෙන් නම් කරගෙන තමන් එය ඉදි කළේය යන දේශපාලන මුලාව විසින් සිදු කරමින් සිටින රැවටීම මෙහිදී සාමාන්‍ය ජනතාව විසින්ම වඩාත් ප්‍රබෝදහජනක ලෙස ප්‍රශ්න කිරීම අතිශය දැකුම් කළු වේ. ලංකාවේ පක්ෂ දේශපාලානය නමැති බලය හසුරුවන්නගේ රූකඩ නාටකයෙන් ඔබ්බට ගිය මෙවැනි ජනතාවගේ ක්‍රියාදාමයන් සිදු වීම වැදගත් වන්නේ අත්තනොමතිය මර්ධනයෙන් තොර වූ සාර්ථක දේශපාලන ප්‍රතිසංස්කරණයක් උදෙසාය. මෙය ජනතාවගේ හිමිදිරි විපල්වය ( Twilight Revolution ) ලෙස නම් කළ හැකිය.

ඊජිප්තුවෙන් ආරම්භ වූ මෑතකාලීන අරාභී වසන්තය මේ වනවිට රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති බව කවුරුත් දන්නා කාරණයකි. අදාළ ජනතා නැගිටීම් වලින් රටවල් වල පැවති පාලනයන් වෙනස් කළ ආකාරය සහ ඒවා මඟින් නව ආණ්ඩු පත්කර ගැනීම වසර පුරාම දිස් වූ අතර එමඟින් ඇති කොට ඇති අභියෝගද විශාල වේ. අරාභී වසන්තය හෙවත් , ජනතාවගේ උද්ගෝෂණයක් ඔස්සේ නිතීය හෑල්ලුවට ලක් කරමින් එය අයුතු ලෙස තමන්ගේ පෞද්ගලික පැවැත්ම උදෙසා භාවිතා කළ පාලක ආණ්ඩු ඉවත් කිරීම නව ඉතිහාසයක් නිර්මාණය කළේය. එය විවධ ආකාරයෙන් බටහිර රටවලටද ව්‍යාප්ත වූ අතර මේ වන විට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක ක්‍රියාත්මක වන වෝල් ස්ට්‍රීට් විරෝධතාවය තුළින් එම රටවල පවතින බලය ප්‍රශ්ණ කරමින් සිටින ආකාරයද හදුනා ගත හැකිය. මුළු ලෝකය පුරාම නිදහස උදෙසා නිර්මාණය වන ජනතා අරගල සංවිධානය වන ආකාරය මින් හදුනා ගත හැකිය. මෙය ලංකාව තුළ ඇති වීමේ ඉඩකඩ අතිශය දුලභ බව පසුගිය කාලය පුරාම නිරීක්ෂණය කිරීමට හැකි වූ පොදු කාරණයක් වූයේ වෙන කිසිවක් නිසා නොව මෝඩ දේශපාලන ඕපා දූප වලින් ඔබ්බට ගොස් රටේ සැබෑ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට ආමන්ත්‍රණය කිරීමේ ප්‍රභල පක්ෂයක් හෝ සිවිල් කණඩායමක් නොමැති වීම හේතුවෙනි.

දේශපාලනික වශයෙන් ලංකාව වැටි ඇත්තේ අගාධයකය. එය විසින් රටේ නායකයා ජනතාවගේ මුදල් සමඟ සිදු කරන රමණීය හරභ ආවරණය කොට ඇත. එකී ආවරණය සාදාරනීකරණය කර ගැනීම සඳහා බලය විසින්ම කොටි සංවිධානය අතුගා දැමීම නමැති යල් පැන ගිය භූමිකාව තව තවත් විකුණමින් සිටියි. එනම් 2009 දක්වා ලංකාවේ විපක්ෂ දේශපාලනය හැසිර වූ කොටි සංවිධානය පද්ධතියෙන් ඉවත් වීම හේතුවෙන් රටේ දේශපාලන පක්ෂවලට කොටි සංවිධානය මෙන් ප්‍රභල විරෝධයක් එල්ල කිරීමට ඇති නොහැකියාව නිසා ආණ්ඩුවේ නිහඬ මර්ධනය වැළක්විය නොහැකි එකම වැඩපිළිවෙල බවට පත් කොට තිබේ. මුහුණ දිය යුතු යථාර්තය බවට පත් කොට තිබේ. මුළු ලෝකයම බලා සිටින විට ගුටි කෙළ ගන්නෙත් ඉන් දින කිහිපයකට පසු සැවොම එකතු වී ක්‍රිකට් ගසන්නෙත් රටේ සිදුවෙමින් පවතින ඛේදනීය තත්වය නිවැරදි ලෙස අවබෝධ කරගෙනද යන්නම විහිළුවකි. රට එකම මුල්ලෙරියාවක් බව ලෝකයට ඉඟි කරමින් ඇත්තේ සාමාන්‍ය ජනතාව තව තවත් පීඩාවට ලක් කරමිනි. පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් පුදගලින් 14 දෙනෙකු අතුරුදන් වී ඉන් සිව් දෙනෙකු පමණක් නැවත තම නිවෙස් කරා පැමිණීමේ ඇත්ත වන්නේ මෙයයි. මෙය සෝවියට් රුසියාවේ ස්ටාලින්ගේ පාලනය යටතේ සිදු වූ නායක වන්දනය සහ නිහඬ ඝාතනය හා සාමන තත්වයක් නිර්මාණය වීමකි. මෙය වහාම වෙනස් කිරීමට නොහැකි වුවහොත් පක්ෂවල නායකයින් වෙනස් වූ පලියට රටට හිරු පායන්නේ නැත. එවැනි දේශාපලන සින්දු කරලියට ගෙන ඒමම අවිඥාකමකි. එළවලු ගොවීන්ගේ සහ වෙළඳුන්ගේ විරෝධයේ ඇති ආකර්ෂණය වන්නේ එය මෙකී මුලාව ප්‍රශ්ණ කිරීමයි. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීමයි.
( 2011 - 12 - 15 )



සියදිවි නසා ගැනීම

සටහන
ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

සියදිවි නසා ගැනීමේ සංසිද්දිය මේ වන විට ලංකාවේ වර්ධනීය තත්වයක් පෙන්නුම් කරන බව සමාජීය වශයෙන් හෙළි දරව් වී තිබේ . එයද බොහෝ අවස්ථා වල ක්ෂණික තීරණ මත කඩිනම් විසදුම් කර එලම්බවිමේ ප්රවනාතාවයකින් යුක්ත වේ . සියදිවි නසා ගැනීම සදහා වයස් භේදය නොවැදගත් වන අතර වයස අවුරුදු 15 සිට සිදුවන ක්රියාවක් බව සමාජ සමීක්ෂණ වලින් වැඩිමනක් හෙළිව ඇත .

 
පුද්ගලයකු සියදිවි නසා ගන්නේ ඇයි ? යම් කෙනෙකුට සිදුවන සමාජීය හුදකලාභාවය , ඔහු මරණිය තත්වයක් කරා ගෙන යාමේ මානසික ප්රවේගයක් ඇති බව බොහෝ විට හදුනා ගෙන ඇත . මෙහි ඇති න්යායත්මකභාවය එමිල් ඩර්කයිම් විසින් , සියදිවි නසා ගැනීමේ සංසිද්දිය න්යායකට ගොනු කරමින් , එයට ගොදුරු වන්නන්ගේ ජිවිත විවරණය කර ඇත . එයට දායක වෙමින් ,මනෝ චිකිත්සකයින් විසින් , පුරවා සංසිද්දීන් ගවේෂණය කොට සියදිවි නසා ගැනීම වලක්වා ලීමට මනෝ විද්යාත්මක ක්රම වේදයන් ඉදිරිපත් කරමින් , මෙම තත්වය අවම කිරීම සදහා උත්සහ ගෙන ඇත .

එහෙත් සියලු සාධක අභිබවමින් තවමත් සියදිවිනසා ගැනීම , ලංකාව තුල වර්ධනය වන ආකාරය සංක්යා ලේඛන සාක්ෂි දරයි . එයට හේතු කාරකයන් හා වෙනස් වූ සමාජ තත්වයන් කුමක්ද යන්න සොයා බැලිය යුතුය .
.
අප දන්නා තරමින් සියදිවි නසා ගැනීම සිදුවුයේ මේ ආකාරයටයි .

1. ආර්ථික පරිහානිය හා සමුර්ධියකදී
2. ප්රේම සබදතා බිද වැටීමකදී
3. මානසික රෝගී තත්වයන් තුලදී
4. වයස්ගථ භාවයකදි
5. තවත් අය වෙනුවෙන්
(ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් )
6. සමාජීය හුදකලභාවයකදී
7. ක්ෂණික කොපයකදී

මේ ආකාරයට ලංකාව තුල සියදිවි නසා ගැනීම හදුනා ගත හැකි උවද ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් පමණක් මේ වන විට සංක්යා ලේඛනයන්ගෙන් ඉවත් වී ඇත .

ලංකාවේ දුෂ්කර ප්රදේශ වල අද වන විට ස්වභාවික විපත් හේතු කොට ගෙන , එති වන ආර්ථික අවපීඩනය හේතු කොට ගෙන සියදිවි නසා ගන්න ආකාරය තවමත් දැක ගත හැක .

ප්රේම සම්බන්දත බිද වැටීම පාසල් වියේ පටන් මැදි වයස් මට්ටම වන තෙක් ඇති වන තත්වය දර ගත නොහැකිව , සියදිවි නසා ගැනීම සිදු වේ . මෙම කරුණ සමාජයට වඩාත් අහිතකර ලෙස බලප ඇති බව , වර්තමාන කරුණු අද්යනයේදී පෙනී යන්නේ තමා විසින් සියදිවි හානි කර ගැනීමට පෙර , තව කීප දෙනෙකුගේම ජිවිත හානි කර අපරාධ රාශියකට මුල පුරමින් , සිදු කරන ලද ක්රියාවන්ය . මෙම තත්වය අද වන විට සමාජයට අහිතකර ලෙස බලපාන බව පෙනී යයි .

මානසික රෝගී තත්වයන්හිදීද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී එම පුද්ගලයා එම ක්රියාවේ වගකීම නොදරන අතර මියයන තෙක් අරමුණක් හෝ වෙනත් ක්රියාවක් මෙම සන්සිද්දියට අදාල නොකරමින් , සියදිවි හානි කර ගනී . මෙවැනි පුද්ගලයින් හදුනා ගෙන ඔවුන් බලා ගැනීම සමාජීය වගකීමයි .

වයස්ගත භාවයද හේතු කොට ගෙනද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී පුද්ගලයා සමාජීය හුදකලභාවයට පත් වන අතර එය හේතු කොට ගෙන ඇති වන කලකිරීම තුලින්ද , ඔවුන්ට වැළදෙන අසනීප සුව නොවීමේ වේදනාව දරා ගත නොහැකිවද වයස්ගත වුවන් සියදිවි නසා ගැනීමට හේතු වී ඇත . මෙම පුද්ගලයින් බලා ගැනීමද සමාජීය වගකීම වේ .

මෙයට අමතරව ක්ෂණික කෝපයද මෙයට හේතු කාරක වේ . පුද්ගලයින් තුල හට ගන්න මානසික අර්බුදයන් විසදා ගැනීමට යාමේදී පාර්ශවයන් දෙකකදී ඇති වූ ගැටුම් හේතුවෙන් පාලනය කර ගත නොහැකි ආවේගයන් මත යම් අපරාධයක් සිදු කරමින් , සියදිවි නසා ගැනීම මේ තුලින් සිදු වේ . මෙය බොහෝ විට ත්රිවිධ හමුදා තුල ඇති වන පරිසර තත්වය හේතු කොටගෙන සිදුව ඇත .

ඉහත කරුණු සියල්ල හේතු කොට ගෙන ලංකාව තුල සියදිවි නසා ගැනීමේ සංසිද්දිය මේ වන විට වර්ධනීය තත්වයකට පත්ව ඇති බව සමාජ සමීක්ෂණ මගින් හෙළි දරව් වන අතර ලංකාවේ මේ මොහොත වන විටත් කොතනකදී හෝ සියදිවි නසා ගැනීමක් සිදුව ඇත . ඒ බව සංක්යත්මකව දිනපතා රාත්රී පුවත් විකාශනයේදී අපට ශ්රවනය කල හැක .රටක දියුණුව බැලීමේදී සමාජීය බිද වැටීම් වැඩි වන විට ගණනය කල හැකි තත්ත්ව සාධකයක් ලෙසද හදුනා ගත හැක .




ඩග්ලස්ගේ නං දෙඩිවිලි.



සියලු දෙමල දේශපාලන නායකයින් දෙමල ප්‍රජාවේ ගැටළු විසදීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සහය පල කල යුතුය යයි පවසන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙමල ජාතික සන්දානයේ ස්රිජු බාවය සහ අවංක බාවය ප්‍රශ්න කර සිටි.

මේ දෙඩිවිලි හරහා අපේ මතකයට නැගෙන්නේ සුදු වැන් රථය. අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරා දැමීම සහ වදහින්සාවය.

ආණ්ඩුව පළමුව කලයුත්තේ දෙමල ජනයාගේ විශ්වාසය දිනා ගැනීමයි. මෑතකදී පැවති උතුරු නැගෙනහිර පළාත් පාලන මැතිවරණයේදී මේ ශුද්දවූ ත්‍රිත්වය අයින් කරන්නේ නැද්ද යනුවෙන් කටවුට් ප්‍රශ්න කල යාපන සරසවියේ ප්‍රකට බුද්දීමතකුට රට හැර යාමට සිදුවිය. මෙවන් පසුබිමක රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ස්රිජුබාවය සහ අවන්කබාවය ගැන දෙමල දේශපාලන පක්ෂ වලට ඇති හැගීම සහ දැනීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.

දෙමල ජනයා දිනා ගැනීමට නම් උතුරු නැගෙනහිර පළාත් සබා පිහිටුවා ඒ වට අවශ්‍ය බලතල දිය යුතුය. ඉන්පසුව ඩග්ලස්ලාගේ නං දෙඩිවිලි වලට තේරුමක් ලැබෙනු ඇත.

හර්ෂි සි පෙරේරා


නීතියේ පාලනය;- කළුතර උතුර පොලිසිය සාමාන්‍ය ජනයා පිඩාවට පත් කරයි.


බමුනුඅරච්චිගේ ජයවර්දන වස්කඩුවේ පදිංචි 50 හැවිරිදි විවාහකයෙකි. ඔහු පවුද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වේ. ඔහුගේ බිරිද කරුණාමුනි සිරිමාවතී සිල්වාය.

2011.11.29 දින ඔවුන්ට කළුතර උතුර පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ සිරිමාවතිට එරෙහිව අගේ සොහොයුරිය දැමු පැමිණිල්ල විබාග කිරීමටය. එදින පැමිණිලිකාරිය පොලිසියට නොපැමිණි බැවින් ඔවුන් ගෙදර පැමිණ තිබේ.

2011.11.30 කළුතර උතුර පොලිසියේ අපරාද අංශයේ ස්ථානාදිපති සහ පොලිස් නිලාදරිනියක් ඔවුන්ගේ නිවසට පැමිණ සිරිමාවතිව පොලිසියට ගෙන යාමට උත්සහ කල මුත් ඇය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. මේ අවස්ථාවේ ජයවර්දන නිවසේ සිට නොමැත.

පොලිසිය දැනුම් දුන් ආකාරයට එදින සවස සිරිමාවතී සිය පුතා සමග පොලිසියට ගොස් ඇත. ඒ අවස්ථාවට පැමිණිලිකාරිය පොලිසියට පැමිණ නොසිටි අතර පැමිණ සිටියේ අගේ බැණා වන එඩ්වඩ් දර්මසිරි සහ තවත් අසල්වැසි කාන්තාවකි.

පොලිසිය අදාල පැමිණිල්ල විබාග කර ඇත්තේ සිරිමාවතිට ගණිකාව යනුවෙන් අපහාස කරමින් සහ තර්ජනය කරමිනි. පොලිස් ලොක්කා ඇයට පිස්සි යනුවෙන් ආමන්ත්‍රණය කර තිබේ. තවද මින්මත්තට ඇයට විරුද්දව පැමිණිලි ලැබුනහොත් උසාවි දමා ඇග බදින බවටද තර්ජනය කර ඇත. ඇගෙන් ප්‍රකාශයට අත්සන් ගෙන ඇත්තේ කියවා තේරුම් කර නොදී බලහත්කාරයෙනි.

ජයවර්දන ප්‍රකාශ කරන ආකාරයට පොලිසිය එඩ්වඩ් දර්මසිරිට ගැතිව කටයුතු කරයි.

හර්ෂි සි. පෙරේරා








මහාචාර්ය සරත් විජේසුරිය , ලේඛිකා චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සහ ආරියවංශ රණවීර කවියා

| ඩී . සුගත් රාජපක්ෂ

සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප‍්‍රකට ලේඛිකා චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය ගැන සරත් විජේසූරිය ලියූ සටහන පිලිබඳ සටහනකි.

සරත් විජේසූරිය
චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව සරත් විජේසුරිය විසින් ලියන ලද සටහන කියවන විට අපට හැගෙන්නේ තම ප්‍රතිවාදීන්ට පහර දීම පිණිස කුමක් හෝ නිමිත්තක් සොයමින් සිටින සරත් වීජේසුරියට චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි හොඳ මාතෘකාවක් වී ඇති බවයි. මේ මාතෘකාව ඔස්සේ ඔහු ආරියවංශ රණවීර කවියාට පහර දීමට අනගි අවස්ථාවක් උදා කරගෙන ඇත.

එම ලිපියේ සරත් විජේසුරිය මෙසේ සඳහන් කරයි.

චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ මරණය, මම අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර මහතාට දැනුම් දුනිමි. ඊට මුල් වූයේ රණවීර මහතා දරන තනතුරම නොවේ. ඉතා අප‍්‍රකට, අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්‍ෂ්මී ගැන ඔහුට යම් අවබෝධයක් ඇතැයි සිතීම එක හේතුවකි. සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් වීමට පෙර ලංකා ලේඛක සංවිධානයේ සමලේකම් වූ ආරියවංශ රණවීර මහතාට චින්තා ලක්‍ෂ්මී අමතක වන්නට නොහැකිය. ලේඛක සංගමයේ ආරම්භයේ සිටම ඇය කාරක සභාව නියෝජනය කළාය. දුර බැහැර සිට පැමිණ ඈ හැම කටයුත්තකටම සහභාගී වූවාය. ඒ කෙසේ වෙතත්, ලේඛකයකු - පරිවර්තකයකු ලෙසින් රණවීර මහතා තුළ කිසියම් අවබෝධයක් මේ ලේඛිකාව පිළිබඳව ඇතැයි මම අවංකවම කල්පනා කළෙමි. එහෙත් රණවීර මහතාට කතා කළ මොහොතේ මට එක දෙයක් පැහැදිලි විය. එය නම් ඔහු අවම වශයෙන් ශෝකය පළ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් නොයවන බවයි. සංස්කෘතික අමාත්‍යංශය මේ වැදගත් ලේඛිකාවට කළ හැකි ඉහළම අවමානය සිදු කළ බව සංවේගයෙන් වුව කිව යුතුය. මීට එකම හේතුව චින්තා ලක්‍ෂ්මී, ගැමි කාන්තාවක ලෙස ජීවත් වීමය. ඇගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීමය.

(සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය)

සරත් විජේසුරියගේ හේතු දැක්වීමද ඉතා සරලය. චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීම නිසා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර ශෝකය ප්‍රකාශ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් යැවීමට උනන්දු නොවූ බවයි.

සරත් විජේසුරිය යනු අන්‍යන් විනිශ්චය කිරීමට ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටින අයෙකි. ඔහු සාහිත්‍ය ලෝකයේ නමක් ඇති කර ගැත්තේ සාහිත්‍යමය වටිනාකමකින් යුත් නිර්මාණ බිහි කිරීමෙන් නොව ඕපාදුප සහ කුණු රසය මිශ්‍ර වූ මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරය ලිවීමෙනි. අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළුණේය. මගේ නඩුව ඉවරයි යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ මනසක් ඇති පුද්ගලයෙකුට පමණක් ලිවිය හැකි පොතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවා අධි පිපුරුම් බලය ඇති ආර්.ඩී.එක්ස් භාවිතා කරන අතර මගේ නඩුව ඉවරයි කෘතියේ ලේඛකයා භාවිතා කරන්නේ විනාශකාරී වචන සමුහයකි.

සරත් විජේසුරියට තම ප්‍රතිවාදීන්ට පහර දීමට අවශ්‍ය වූ විට කුණු ලිංගික ඕපාදුප ශාස්ත්‍රීය භාෂාවකිනි ඉදිරිපත් කිරීමට සමත් කමක් තිබේ. ඔහුගේ මගේ නඩුව ඉවරයි කෘතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හේමපාල ජයවර්ධන මහාචාර්ය කුසුමා කරුණාරත්නට ඇමරිකාවට එන්නට ආරාධනා කරන්නේ ඇය සමග ලිංගිකව එකතු වීමටය. සරත් විජේසුරිය මේ බව දැනගන්නේ අනුන්ගේ ලිපි හොරෙන් කඩා කියවීමෙනි. මහාචාර්ය හේමපාල ජයවර්ධනට කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක සමග අඹුසැමි සබඳතාවයට සමාන සබඳතාවයක් ඇත. (මගේ නඩුව ඉවරයි - සරත් විජේසුරිය) සරත් විජේසුරියගේ නඩුව ගැන වාර්තා කරන පුවත්පත් වාර්තාකාරිය පුවත්පත් කතුවරයා සමග නිදාගනි. "එයා කැමති ටිකක් මැදි වයසේ අයට" (මගේ නඩුව ඉවරයි - සරත් විජේසුරිය). ජේ බී දිසානායක ලිංගික අවශතාවය ගැන කියන්නේ -රෙන්ඩ බර හැදුනම ඕනේ කක්කුස්සියක් (මගේ නඩුව ඉවරයි - සරත් විජේසුරිය) මේ ආදී වශයෙන් මහාචාර්ය සරත් විජේසුරිය අනුන්ගේ ලිංගික ජීවිත ගැන විනිශ්චයන් දෙන්නේ එක්කෝ ඔහු ලිංගික බෙලහිනයෙකු හෝ ඔහු තුල තදබල ලිංගික අසහනයක් තිබෙන නිසා විය යුතුය. ඔහු මිය ගිය චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය දඩමීමා කරගෙන ඇයටද අපහාස වන පරිදි තමන්ගේ තවත් ප්‍රතිවාදියෙකුට ලිංගික මඩක් ගසයි.

එයට හැඳින්වීමක් ලියා දෙන්නට එක් ප‍්‍රවීණ ලේඛකයෙක් රුපියල් පන්දාහක (5000/-) අල්ලසක් ඉල්ලා සිටියේය. පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය. වයෝවෘද්ධ වියත් ලේඛකයකු මේ අත් පිටපත ප‍්‍රකාශයට පත් කරන්නට භාර ගෙන එය අස්ථාන ගත කළේය. මේ ආදී වශයෙන් අපේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ සිවිල් බලය හිමි උදවිය මේ තැනැත්තියට දොරගුළු වැසූ, නින්දිත හිරිහැර කළ කාලය වසර දහයකි. (සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය)

කරුණාකර අවධානය යොමු කරන්න "පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය " යන වැකිය වෙත. මෙය සැබෑවක්ද නැතහොත් එය මහාචාර්ය සරත් විජේසුරියගේ අතේ රෝලක්ද නොදනිමි. එවැනි දෙයක් අතිශයින්ම පුද්ගලික කරුණකි. එවැනි දෙයක් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සරත් වීජේසුරියට හෙළි කලේද ? නැතොත් ඔහුගේ අවශ්‍යතාවය මත මෙවැනි කථාවක් නිර්මාණය කලේද ? නමුත් මෙවැනි අන්දමේ කරුණක් ලිවිම මගින් ඔහු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ ලේඛිකා චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියට දරුණු ලෙසින් අපහාස කොට තිබේ. එය බොරුවක් නම් එවැනි දෙයක් ලිවිය හැක්කේ තදබල ලිංගික අසහනයක් ඇති පුද්ගලයෙකුට පමණි.

ඒක භාෂික සරසවි ඇදුරන් තුල පවතින කුහක බව හීනමානය යන දුර්ගුණයන්ට අමතරව සරත් විජේසුරිය තුල තවත් දුර්ගුණයක් ඇත. එය මම පමණයි සුදනා අන්‍යන් හොරු සහ කුහකයෝ යන තමා ගැන තිබෙන අධි තක්සේරුවයි. මෙවැනි ගති පැවතුම් ඇති මිනිසුන් දෙබිඩ්ඩන් සහ හක්කේ බුදුරැස් / බොක්කේ දඩමස් වර්ගයේ මිනිසුන් බව අප අත්දැකීමෙන් දනිමු. ඔහු 1994 චන්ද්‍රිකා බලයට පත් කිරීමේ ව්‍යාපෘතියේ බැලයෙකු ලෙස වැඩ කළේය. වික්ටර් අයිවන්ගේ චෞර රැජින කෘතියේ අනාගත අභිවෘධිය පතා චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලුණු සරසවි ඇදුරන් සිටින චායාරූපයේ සරත් විජේසුරියගේ මුහුනත් තහඩුව හොඳාකාරව දැකිය හැක. නමුත් දැන් ඔහු එම අපකීර්තිමත් අතීතය ගැන කතාකරන්නේ නැත. ඒ වෙනුවට රජයේ රෙගුලාසි වලට යටත් වී සේවය කරන ආරියවංශ රණවීර කවියාගේ ස්වාධීන භාවය ගැන කතා කරයි එය අමුම අමු කුහකකමකි.

ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ මගෝඩිකම් ගැන සදහන් කෙරෙන අමිල ගුණරත්න විසින් ලියන ලද ලිපියක් මෑතකදී මට කියවන්නට ලැබිණි. එම ලිපියේ ඔහු සරත් විජේසුරිය ගැන සඳහන් කරන්නේ මානව සාරාර්ථ ගැන කතා කරමින් ලේඛකයන්ට පොලු තියමින් ඔවුන්ගේ ඉහ මොළ හුරාකන සහ ලේඛකයන්ට හොරෙන් ඔවුන්ගේ පොත් දෙවන තුන්වන වර මුද්‍රණය කොට කර්තෘ භාග නොගෙවා අධික ලාභ ලබන කූට මුදලාලි කෙනෙකු ලෙසටය. ඒ හැර පසුගිය සතියේ මට ගොඩගේ ප්‍රකාශක ආයතනයේ සේවය කල අයෙකු මුණ ගැසුණි. සරත් විජේසුරිය ගැන නම් සඳහන් කල වහාම ඔහු කිවේ කොන්ද දෙකට තුනට නවාගෙන ගොඩගේ මුදලාලි ලඟට ඇවිත් බැගැපත්වෙලා තමන්ගේ මුල් පොත් දෙක තුන ගහගෙන නමක් හදාගත්තට පස්සේ ගොඩගේ මුදලාලිට අපහස කරලා පත්තරේ ලිපි ලියපු ගුණමකුවා වශයෙනි. ඔහු ජේ බී දිසානායකට අපහාස කොට පොත් ලිව්වේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට ජේ. බී ගෙන් බලාපොරොත්තු වූ පරිදි අනුග්‍රහයක් නොලැබූ නිසාය. ඒ ගැන තායිලන්තයේ සිටි ජේ බී දිසානායක කියා ඇත්තේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට තරම් සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම මුහුකුරා නොතිබූ නිසා ඔහුව ශිෂ්‍යත්වයකට නම් නොකළ බවයි. සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම වෙනුවෙන් ජේ බී දිසානායකට බලවත් වන්දියක් ගෙවීමට සිදු විය. මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරයේ ජේ බී දිසානායකගේ ලිංගික ජිවිතයේ අඳුරු තැන වලට පවා ටෝච් ගසමින් සරත් විජේසුරිය පිටු පිරවූයේ සදාචාර වටිනාකම් ගැනවත් නොතකමිනි.

චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව මහත් කැක්කුමෙන් කතා කරන සරත් විජේසුරිය ගෙන් යමක් ඇසීමට අවසර. විජේසුරිය මහතාණෙනි ඔබ තනියම සිටින විට නිවසේ කන්නාඩිය ඉදිරියට ගොස් එයින් පෙනෙන ඔබගේ ප්‍රතිබිම්බයේ දෙනෙත් දෙස බලා පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

1) විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද විශාල වශයෙන් විකිණී ගිය චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය , අරණකට පෙම් බැඳ, යන කෘතීන් සඳහා ඔබ කොපමණ මුදලක් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියට කර්තෘ භාගය වශයෙන් ගෙව්වේද ?

2) මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය , අරණකට පෙම් බැඳ, යන කෘතීන් ඔබ දෙවන වර මුද්‍රණය කරන විට චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය දැනුවත් කලද ? ඒ සඳහා නියමිත මුදල් ඇයට දුන්නේද ?

3) ඇගේ මරණින් පසු මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය , අරණකට පෙම් බැඳ, යන කෘතීන් කොපමණ සංක්‍යාවක් ඔබ සමයවර්ධන , සරසවි මුද්‍රණ යන්ත්‍ර වල (හොරාට) මුද්‍රණය කලේද ?

4) එම පොත් විකිණීමෙන් ලද අදායමෙන් යම් ප්‍රතිශතයක් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියගේ සරම කමිසය හඳින ගැමියෙකු බඳු සැමියාට දුන්නේද ?

මෙම ප්‍රශ්න වලට පිළිතුරු අපට අවශ්‍ය නැත. එය ඔබගේ ප්‍රතිබිම්බයේ දෙනෙත් වලට පවසන්න. එවිට ඔබට හර්ද සාක්ෂියක් තිබේ නම් ඔබට දැනුණු හැඟීම පමණක් අපට කියන්න.

අවසාන වශයෙන් ඔබට යමක් කීමට තිබේ. ඔබගේ කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක ගැන සමලිංගික කුණු කතා පවා ලිවූ ඔබට ආරියවංශ රණවීර කවියාගේ ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කවි පොතේ එන කාර්යාල කාර්ය සහායක ගේ මරණය පිලිබඳ කවිය කියවන ලෙස ඉල්ලමි. මෙන්න එම කවිය.


කාර්යාල කාර්ය සහායක ගේ මරණය - [ආරියවංශ රණවීර]

රිය එක නින්නාද කළ
නැටුම්
කෙළි කවට සිනා
මළගෙට හරියටම හැතැප්මයක් මෙහාදී
නතර කොට
පැළැන්දහ
ඔවුහු
සෝක මූණු

රියෙන් බැස
නියඟය දපා ගෙන හිඳින
වෙල් එළිය හරහා වැටුණු
නිරන්තර පා මැඩුමෙන්
සුදු වුණු නියර දි ගේ ගොස්
හිඳී බී ගත් මළ දොළින් පැන
පිවිසුණහ මළ ගෙට

ගිලිණු නෙත් කෙවෙනි තුළ
කසිප්පුවෙන් ඉදිමුණු නෙතින්
හතර පස් දෙනෙකු තැන තැන
දොඩන වාචාල බස් කපා ගෙන
ඉඳ හිට
පොළොව දෙදරවා විත්
සිරුරු විනිවිද යන
කම්පා නාදයකි
ගෙතුළ ගැහැණියක ගේ

කන්තෝරුවේ
නෝනලා මහත්තැන් හැඳි
සුදුම සුදු ඇඳුම් දෙස
මුව අයා බලා
මුළු මුළු වන
කිළිටි දරු පැටව්
හය හත් දෙනෙකි

සංක් ෂේප කොට
මේ සියල්ල
ගුලි වී සිටී
ලෑලි පෙට්ටි යේ
පිදුරු වහලය දික් කර
හදිසි යේ බෑ
යාලත්ත යට
කෙසඟ
මළ සිරුර

හැරී යන විට
නිහඬ රිය තුළ
සෝපත් සැබෑ මූණු
නොවෙනස්වම තිබිණි
හැතැප්මයකට වඩා
බොහෝ දුර


ආශ්චර්ය කරා යන ගමනේ මහමග යුද්දය.


සෝමාවතිය - මාතර පෞද්ගලික බසයක් වැලිගම තල්අරඹේදී ටිපර් රියක ගැටී බස් මගීන් 32 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කැර ඇතැයි පොලිසිය කියයි. බස් රියටද අලාභහානි කැර ඇත. වාහන ගමනා ගමනය අවහිර වී උණුසුම් හා උද්වේගකාරී තත්ත්වයක් ද හටගෙන ඇත.

මිට වසර දෙකහමාරකට පෙර පුද්ගලයින් බහුලව මියගියෙත් තුවාල ලැබුවේත් යුද්දයෙනි. දැන් පුද්ගලයින් පිඩාවට පත් වන්නේ මාර්ග අනතුරු වලිනි. දුර ප්‍රදේශයකට යන බසයක නැග්ගොත් බොහෝවිට එක්කෝ අනතුරකි. නැතිනම් සෙසු බසයක් සමග තරගයට ගොස් බැන ගැනීමකි. නැතිනම් ගහ ගැනීමකි.

රථ වාහන පොලිසිය සෑම තැනකම ඇත. දඩ කොලය සමග අත්වැල් බැදගත් ජරාවට ඔවුන් වඩාත් ප්‍රසිද්දය.

මහමග නිතිය නොමැතිකම් රටේ සෙසු කටයුතු වලදී නිතිය නොමැතිකම යන්න මනාව කුළුගන්වයි. මහමග ජිවිතයට ඇති අයිතිය අහිමි වන රටක ආශ්චර්යෙන් ඇති වැඩේ කිමද?

හර්ෂි සි. පෙරේරා