මුද්දක් නිසා බැට් පිත්තකින් පහරකැ සිසුවා දින දෙකක් රෝහලේ.


හර්ෂි සි. පෙරේරා

ඉක්කගොඩ ආරච්චිලාගේ පුෂ්ප නදීෂාන් 15 හැවිරිදි හෝමාගම ජනාදිපති විදුහලේ 10 වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. ඊ ඒ ගුණතිලක මහතා ඔහුගේ පියාය. ඔහු තම පුතාට වදහිංසා පැමිණවීම පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, ළමා ආරක්ෂක අදිකාරියට, ළමා හා අපයෝජන නිවාරණ කාර්යන්සයට ලිකිතව පැමිණිලි කළේය.

මුද්ද සොරා ගත්තයි කියා නදිශාන්ව එහි අයිතිකරුවන් වන ශ්‍රියානි අජිත් සහ නලින් ඔහුව තම නිවසේ සගවා තබා ගෙන පහර දෙන ලදී. ඔහුව පාදුක්ක පොලිසියට ගෙන යාමෙන් අනතුරුව එහි නිලදාරියකු මුද්ද ගැන අසමින් අත් දෙක උස්සන්නට කියා පැය බාගයක පමණ කාලයක් ඔහුගේ පිටට බැට් පිත්තකින් පහරදී ඇත. ඔහුව පොලිස් කුඩුවටද දමා තිබේ.

2011.12.27 උසාවි දමා ඇප මත නිදහස් කර ඇත. එම වියාජ නඩුවේ අංකය 484/11 C වේ.

නිදහස්වීමෙන් පසුව නදීෂ දින දෙකක් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිද ඔහුව පරීක්ෂා කර තිබේ.