ඩග්ලස්ගේ නං දෙඩිවිලි.



සියලු දෙමල දේශපාලන නායකයින් දෙමල ප්‍රජාවේ ගැටළු විසදීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සහය පල කල යුතුය යයි පවසන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙමල ජාතික සන්දානයේ ස්රිජු බාවය සහ අවංක බාවය ප්‍රශ්න කර සිටි.

මේ දෙඩිවිලි හරහා අපේ මතකයට නැගෙන්නේ සුදු වැන් රථය. අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරා දැමීම සහ වදහින්සාවය.

ආණ්ඩුව පළමුව කලයුත්තේ දෙමල ජනයාගේ විශ්වාසය දිනා ගැනීමයි. මෑතකදී පැවති උතුරු නැගෙනහිර පළාත් පාලන මැතිවරණයේදී මේ ශුද්දවූ ත්‍රිත්වය අයින් කරන්නේ නැද්ද යනුවෙන් කටවුට් ප්‍රශ්න කල යාපන සරසවියේ ප්‍රකට බුද්දීමතකුට රට හැර යාමට සිදුවිය. මෙවන් පසුබිමක රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ස්රිජුබාවය සහ අවන්කබාවය ගැන දෙමල දේශපාලන පක්ෂ වලට ඇති හැගීම සහ දැනීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.

දෙමල ජනයා දිනා ගැනීමට නම් උතුරු නැගෙනහිර පළාත් සබා පිහිටුවා ඒ වට අවශ්‍ය බලතල දිය යුතුය. ඉන්පසුව ඩග්ලස්ලාගේ නං දෙඩිවිලි වලට තේරුමක් ලැබෙනු ඇත.

හර්ෂි සි පෙරේරා