ආශ්චර්ය කරා යන ගමනේ මහමග යුද්දය.


සෝමාවතිය - මාතර පෞද්ගලික බසයක් වැලිගම තල්අරඹේදී ටිපර් රියක ගැටී බස් මගීන් 32 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කැර ඇතැයි පොලිසිය කියයි. බස් රියටද අලාභහානි කැර ඇත. වාහන ගමනා ගමනය අවහිර වී උණුසුම් හා උද්වේගකාරී තත්ත්වයක් ද හටගෙන ඇත.

මිට වසර දෙකහමාරකට පෙර පුද්ගලයින් බහුලව මියගියෙත් තුවාල ලැබුවේත් යුද්දයෙනි. දැන් පුද්ගලයින් පිඩාවට පත් වන්නේ මාර්ග අනතුරු වලිනි. දුර ප්‍රදේශයකට යන බසයක නැග්ගොත් බොහෝවිට එක්කෝ අනතුරකි. නැතිනම් සෙසු බසයක් සමග තරගයට ගොස් බැන ගැනීමකි. නැතිනම් ගහ ගැනීමකි.

රථ වාහන පොලිසිය සෑම තැනකම ඇත. දඩ කොලය සමග අත්වැල් බැදගත් ජරාවට ඔවුන් වඩාත් ප්‍රසිද්දය.

මහමග නිතිය නොමැතිකම් රටේ සෙසු කටයුතු වලදී නිතිය නොමැතිකම යන්න මනාව කුළුගන්වයි. මහමග ජිවිතයට ඇති අයිතිය අහිමි වන රටක ආශ්චර්යෙන් ඇති වැඩේ කිමද?

හර්ෂි සි. පෙරේරා