නීතියේ පාලනය;- කළුතර උතුර පොලිසිය සාමාන්‍ය ජනයා පිඩාවට පත් කරයි.


බමුනුඅරච්චිගේ ජයවර්දන වස්කඩුවේ පදිංචි 50 හැවිරිදි විවාහකයෙකි. ඔහු පවුද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වේ. ඔහුගේ බිරිද කරුණාමුනි සිරිමාවතී සිල්වාය.

2011.11.29 දින ඔවුන්ට කළුතර උතුර පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ සිරිමාවතිට එරෙහිව අගේ සොහොයුරිය දැමු පැමිණිල්ල විබාග කිරීමටය. එදින පැමිණිලිකාරිය පොලිසියට නොපැමිණි බැවින් ඔවුන් ගෙදර පැමිණ තිබේ.

2011.11.30 කළුතර උතුර පොලිසියේ අපරාද අංශයේ ස්ථානාදිපති සහ පොලිස් නිලාදරිනියක් ඔවුන්ගේ නිවසට පැමිණ සිරිමාවතිව පොලිසියට ගෙන යාමට උත්සහ කල මුත් ඇය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. මේ අවස්ථාවේ ජයවර්දන නිවසේ සිට නොමැත.

පොලිසිය දැනුම් දුන් ආකාරයට එදින සවස සිරිමාවතී සිය පුතා සමග පොලිසියට ගොස් ඇත. ඒ අවස්ථාවට පැමිණිලිකාරිය පොලිසියට පැමිණ නොසිටි අතර පැමිණ සිටියේ අගේ බැණා වන එඩ්වඩ් දර්මසිරි සහ තවත් අසල්වැසි කාන්තාවකි.

පොලිසිය අදාල පැමිණිල්ල විබාග කර ඇත්තේ සිරිමාවතිට ගණිකාව යනුවෙන් අපහාස කරමින් සහ තර්ජනය කරමිනි. පොලිස් ලොක්කා ඇයට පිස්සි යනුවෙන් ආමන්ත්‍රණය කර තිබේ. තවද මින්මත්තට ඇයට විරුද්දව පැමිණිලි ලැබුනහොත් උසාවි දමා ඇග බදින බවටද තර්ජනය කර ඇත. ඇගෙන් ප්‍රකාශයට අත්සන් ගෙන ඇත්තේ කියවා තේරුම් කර නොදී බලහත්කාරයෙනි.

ජයවර්දන ප්‍රකාශ කරන ආකාරයට පොලිසිය එඩ්වඩ් දර්මසිරිට ගැතිව කටයුතු කරයි.

හර්ෂි සි. පෙරේරා