The Most/Recent Articles

Showing posts with label Health. Show all posts
Showing posts with label Health. Show all posts

උස යන්නේ නැති දරුවාට හොඳම කෑම මොනවාද ? - එන්න Medicare ප්‍රදර්ශනයට



අපේ මව්වරු දරුවන්ගේ පෝෂණය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙනවා. මේ නිසාම සමහර වෙලාවට පාලනයකින් තොරව දරුවන්ට කෑමබීම දෙන්න පවා මව්වරු කටයුතු කරනවා. නමුත්, මේකෙන් සිද්ධවෙන්නේ දරුවෝ අනවශ්‍ය විදියට ලෙඩරෝග වලට ගොදුරුවීමයි.

‘පොඩි දරුවෙක් මහත්වුණාම අනිවාර්යයෙන්ම දියවැඩියාව හැදෙනවා. තමන්ගේ ආහාර අනුව තමයි උස යෑම තීරණය වෙන්නේ. සමහරු අහනවා එළවළු පළතුරු කොහොමද කන්නේ, බෙහෙත් කාලා නේද ? කියලා. Medicare ප්‍රදර්ශනයේදී Eat Well Festival එකේදී මේ ගැන තමයි වැඩිපුරම අවධානය යොමුකරන්නේ. නිවසේ උයන පිහන අය පවා මේකට එක්ක එන්න පුළුවන්. උයන පිහන අළුත් ක්‍රම මෙහිදී දැකබලාගන්න පුළුවන්‘

පෝෂණ විශේෂඥ, වෛද්‍ය රේණුකා ජයතිස්ස Medicare ප්‍රදර්ශනයේ Eat Well Festival එකේදී ඔබට ලබාදෙන්න සූදානම් දැනුම ගැන පැහැදිලි කරදෙන්නේ මේ විදියටයි. 

වැඩිදුර විස්තර දැනගන්න එළඹෙන මාර්තු 0607 හා 08 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දිනපතා උදෑසන 10 සිට රාත්‍රී 7 වන තෙක් පැවැත්වෙන Medicare 2020 - ජාතික සුවසේවා ප්‍රදර්ශනයට එක්වෙන්න.






ජන ජීවිත වනසන ග්ලයිෆොසෙට් තහනම් වන්නේ කවදාද ?

ආණ්ඩුව කළේ මොනවද ?

වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකඟව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග‍්‍ර විෂ සහිත ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී. නමුත් එය තහනම් කර වසර 3 ක් ඉක්ම යාමට ප‍්‍රථමයෙන් මෙම වල්නාශකයේ හිිමිකාරීත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත රජයේ නිලධාරින් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරිණ. මෙම තහනම ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තේ හා රබර් වගාව සඳහා මාස 36 ක කාලයකට ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව ය. එහි දී ඔවුන්ගේ උත්සාහය වූයේ වැවිලි සමාගම්වල වුවමනාවන් ඉටු කිරීම සඳහා වතුකරයේ ජනතාව උකසට තැබීමට ය. යහපාලනය රට තුළ ස්ථාපිත කිරීමට ජනතාව සමග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නොව බහුජාතික සමාගම්වල වුවමනාවන් මත ඔවුන්ගේ ලාභාපේක්‍ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව මේ මගින් මනා ව තහවුරු වේ.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ සමස්ත ක‍්‍රියාවලියේ දී මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්නේ ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා (Croplife SriLanka) ආයතනය යි. ලංකාවට කෘෂි රසායනික ගෙන්වන සමාගම් එක් ව ගොඩනගා ගන්නා ලද මෙම සංවිධානයේ වත්මන් සභාපතිවරයා සීග්‍රෝ සිංගප්පූරු සමාගමේ (Zegro Singapore (pvt)Ltd) රෝහිත නානායක්කාර ය. ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා ආයතනය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ ක‍්‍රියාවලිය පිටුපස සිටින ප‍්‍රධාන හස්තය බවට තහවුරු වී ඇති අතර මෙම ආයතනය තම සමාජික සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ජනතාව උකසට තබමින් තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා රජයට විශාල බලපෑමක් සිදු කරයි.

ජනතාව රවටමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම

වත්මන් රජය බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස හැටකින් අලූත් රටක් හදන පංච විධ ක‍්‍රියාවලියෙහි’’ හානි කර කෘෂි රසායනික පිළිබඳ ව විශේෂයෙන් අවධාරණය කර තිබිණ. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව සඳහන් විය. මීට අමතර ව මිනිසාට හා පරිසරයට හානි කර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාවට නංවන බවත් එහි සඳහන් කර තිබුණි.

එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, වකුගඩු රෝගයට හේතු වන බවට හෙළිදරව් වූ කෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහා ම තහනම් කරන බව සඳහන් විය.

‘‘මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක්’’ ඔබ්බට ? 

කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන බැවින් ග්ලයිෆොසෙට් ඇතුළු හානි කර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පදනම් කර ගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි මස 27 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතිය පාදක කර ගෙන 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත් වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තියට අනුව බලපත‍්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් 2015 ඔක්තෝබර් මස 23 වන දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක‍්‍රීය ග්ලයිෆොසෙට් රසායනිකය අඩංගු සියලූ ම පළිබෝධනාශක සඳහා ලබා දී තිබු බලපත‍්‍ර අවලංගු කරන ලදී. ඊට ප‍්‍රථමයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) උප වගන්තිය සහ 14 වන වගන්තිය මෙන් ම 20 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2015 ජුනි මස 11 වන දින අංක 1918/22 දරන ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.

මේ ආකාරයෙන් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත‍්‍ර අහෝසි කිරීමට ප‍්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වන වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර් වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරන ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත‍්‍රික්ක හතර තුළ හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුළ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබුණි.

ගැසට් නිවේදනයට කැබිනට් අනුමැතිය නැහැ

පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීම තහනම් කරන සියලූ ගැසට් නිවේදනවල ප‍්‍රධාන වශයෙන් ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරන බව ය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වන දින අංක 2079/37 දරන ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ බලපත‍්‍ර තහනම් කිරීම අවලංගු කර ඇති අතර මෙදින ම ප‍්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මගින් දිස්ත‍්‍රික්ක හතරක හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ තහනම ද ඉවත් කරන ලදී. මෙහි දී ද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ය. මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමට ප‍්‍රථමයෙන් කිසිඳු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම් වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබඳව තැකීමට අමතක වී ඇත.



ජනතා හිතසුව පිණිස උග‍්‍ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි

මෙම ගැසට් නිවේදන වල සඳහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග‍්‍ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසෙට් වල්නාශක අඩංගු බෝතල්වල ‘‘පළිබෝධනාශක අනතුරු සහිතයි ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න’’ ලෙස සඳහන් වේ. එසේ තිබිය දී හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසෙට් විෂ රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල්නාශකයක් බවත් ය. මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් හා කොමිස් වෙනුවෙන් මේ ආකාරයේ වැරදි මතයන් සමාජ ගත කර සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තහනම් වල්නාශක භාවිතා කිරීමේ අවස්ථාව නැවත ලබා ගන්නා ලදී.

මොන්සැන්ටෝ සමාගමේ බලපෑම් එදා සිට අද දක්වා

1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36 ක් මෙරට තුළ භාවිතය නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදු කර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග‍්‍ර විෂ වල්නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහන් කළ හැකි ය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසට තබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප‍්‍රසාද හා වරදාන වලට ඇති ගිජු බව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ. මේ නිසා රටේ ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වුව ද, පිළිකා හා දරු උපත් ආබාධ ඇති වුව ද, පරිසරය හා ජෛව පද්ධතීන් බිඳ වැටුණ ද නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට ගැටලූවක් නැත. ඔවුන්ට ගැටලූ මතුවන්නේ මොන්සැන්ටෝ සමාගමේ ලාභය අඩු වීම හා වැවිලි සමාගම්වල ලාභය අඩු වීම පිළිබඳව ය. එය භාවිතයෙන් ජනතාවට සිදුවන කිසි`දු අහිතකර ප‍්‍රතිවිපාකයක ගැටලූවක් මේ කිසිවකුට නැත.

නමුත් ඔවුන් ජනතා වරමින් බලයට පත් වූ බවත් ජනතාව සමඟ සම්මුතිගත වූ බවත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන බවත්, ජනතාව වෙනුවෙන් යහපත් තීන්දු තීරණ ගැනීමට පමණක් බලය පවරා ඇති බවත් අමතක කරති. බලයට පත් වූ විට හා නිල බලයන් හිමි වූ විට නිලධාරින් හා අමාත්‍යවරුන් සිතන්නේ තමන් සේවය කරන්නේ සමාගම්වල ලාභය වෙනුවෙන් බව ය. මේ නිසා ඔවුන් ට දැනෙන්නේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් මත සිදු නොවු ක‍්‍රියාවලියක් ලෙස ය. මේ නිසා ම ජනතාවගේ හිතසුව පිණිස ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බවට ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට ඔවුන්ට අපුලක් නොමැත. ආචාරධර්ම හෝ ජනතා සම්මුතීන් හෝ නීතිය හෝ උල්ලංඝනය කිරීමට ඔවුන්ට ගැටලූවක් මේ නිසා නැත.

මොන්සැන්ටෝ සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද?

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඩී. ඉලේපෙරුම, ආචාර්ය කමල් ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර් ඇතුළු කණ්ඩායම සිටිති. ඔවුන්ට ග්ලයිෆොසෙට් භාවිතය නිසා ලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසෙට් භාවිතයේ හානි කර ප‍්‍රතිවිපාක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල ප‍්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතා ම බොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති. මොන්සැන්ටෝ සමාගමේ ඍජු හා වක‍්‍ර මෙහෙයවීම යටතේ සිදු කළ බොහෝ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත කරන මොවුන් ඉන් සිදු වන හානිය පිළිබඳ ව අපක්‍ෂපාතී විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත නොකරති. ඒ අනුව ග්ලයිෆොසෙට් එතරම් විෂ කෘෂි රසායනයක් නොවන බවත් ග්ලයිෆොසෙට් හානි කර බව පර්යේෂණ මගින් තහවුරු කර නොමැති බවත් සඳහන් කරමින් ග්ලයිෆොසෙට් පිළිබඳ ව සමාජය තුළ යහපත් ආකල්පයක් ඇති කිරීමට උත්සහ ගනිති. නමුත් ඔවුන් මේ සියල්ල කරන්නේ මොන්සැන්ටෝ සමාගමේ ඍජු මෙහෙය වීම යටතේ බව බොහෝ දෙනෙක් නොදනිති.

ග්ලයිෆොසෙට්වල අයිතිය

දෙවන පරම්පරාවේ වල්නාශකයක් වන ගල්යිෆොසෙට් පළල් පත‍්‍ර ශාක හා තෘණ කුලයේ ශාක යන සියලූ වල්පැළෑටි නසන වල්නාශකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මේ මඟින් ශාකයේ ප්‍රෝටීන නිෂ්පාදනය අඩාල කර වල් පැලෑටි මරා දැමීම සිදු කරයි. මෙම සංයෝගය පළමු වරට සංස්ලේෂණය කරනු ලැබුවේ 1950 වසරේ දී ස්විස් ජාතික රසායනික විද්‍යාඥයකු වන හෙන්රි මාර්ටින් (Henry Martin) විසිනි. නමුත් මේ පිළිබඳ ප‍්‍රකාශයට පත් නොවුන ද 1970 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගමේ රසායනික විද්‍යාඥයකු වන ජොන් ඊ. ෆ්රාන්ස් (John E. Franz) විසින් නැවත මෙම සංයෝගය සංස්ලේෂණය කරන ලදී. මෙම සංයෝගය වල්නාශකයක් ලෙස භාවිතයට ගත හැකි බව ද සොයාගන්නා ලදී. ඒ සඳහා පේටන්ට් අයිතිය ද මෙම සමාගම හිමි කර ගත් අතර 1974 වසරේ දී රවුන්ඞ්අප් (Roundup) වෙළෙඳ නාමයෙන් වල්නාශකයක් ලෙස වෙළෙඳපොළට යොමු කෙරුණි.

2000 වසරේ දී මෙම ග්ලයිෆොසෙට් සංයෝගය සංස්ලේෂණය හා වල්නාශකයක් ලෙස භාවිත කිරීමේ හැකියාවට ලබා ගත් වාණිජ පේටන්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීම සිදු විය. ලෝකයේ 5 වන විශාලතම කෘෂි රසායනික නිෂ්පාදනය පමණක් නොව ලෝකයේ විශාලතම කෘෂි බීජ නිෂ්පාදන අයිතිය ද හිමි මොන්සැන්ටෝ සමාගම විසින් අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක නිෂ්පාදනයේ දී විවිධ බාහිර සංඝටක එක් කර එහි ප‍්‍රබලතාවය වැඩි කරමින් සිටී. ඊට හේතුව ඔවුන්ට මේ වල්නාශකය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය මඟින් හිමි ව තිබූ ඒකාධිකාරය 2000 වසරේ දී පේටන්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීමත් සමගම අහිමි වීම ය. වෙළෙඳපොළ ඉල්ලූම ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට හා අනෙක් සමාගම් සමඟ තරග කරමින් ඔවුන්ගේ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශකවල ඉල්ලූම පවත්වාගෙන යාම සඳහා විවිධ අමතර ආධාරක සංයෝග හා බැර ලෝහ වර්ග එක් කරමින් වල්නාශකවල ප‍්‍රබලතාව වැඩි කරමින් සිටී. මේ නිසා අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතා කිරීමේ දී පසට, ජලයට එක් වන රසායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය අධික වෙමින් පවතී.



ග්ලයිෆොසෙට්වල ක‍්‍රියාකාරීත්වය පසට බලපාන අයුරු

ග්ලයිෆොසෙට් රසායනය නිපදවා ඇත්තේ උසස් ශාකවල සහ ක්‍ෂුද්‍ර ජීවීන් තුළ පමණක් හමුවන 5-ඊනොල්පයිරුවිල්සිකිමේට්-3-පොස්පේට් (5-enolphyruvylshikimate-3-phosphate-EPSP) එන්සයිමය නිෂ්පාදනය නිශේධනය කිරීමට ය. මෙම EPSP එන්සයිමය තයිරොසීන්, ට්‍රිප්ටොපෑන් හා පීනයිල්ඇලනීන් වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. EPSP එන්සයිමය පිළිබඳ ව තවදුරටත් සලකා බැලූවහොත් එය ශාක හොමෝනයක් වන ඔක්සීන නිපදවීමට, ෆෝලික් අම්ලය හා ලිග්නීන් නිපදවීමට ද අවශ්‍ය වේ.

ග්ලයිපොසෙට් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ශාකයකට යෙදිය යුත්තේ ශාක පත‍්‍ර මතට පමණක් වන අතර, පොළොවට යෙදීමෙන් ශාකයට සිදු වන හානිය අවම ය. මෙහි දී සංස්ථානික වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් ශාක පත‍්‍ර මතින් ශාකයට ඇතුළු වන අතර ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරා ම පරිවහනය වී මුල් දක්වා ද ගමන් කරයි. බහුල වශයෙන් ශීඝ‍්‍රයෙන් විභාජනය වන පටකවල, නොමේරු ශාක පත‍්‍රවල සහ පොළොව යට තිබෙන ශාක පටකවල ග්ලයිපොසෙට් තැන්පත් වෙයි.

ග්ලයිෆොසෙට් අංශු පොළොවට වැටුනහොත් ඒවා ඉතා ඉක්මනින් පස් අංශු අතර ට බැඳෙයි. ඉන් පසු පස් අංශු අක‍්‍රිය අංශු බවට පත් වන අතර ඉතා ඉහළ කාබනික ද්‍රව්‍ය පවතින පසක ඉතා හොඳින් ග්ලයිෆොසෙට් අවශෝෂණය වෙයි. එසේ ම ගල්යිෆොසෙට් පස තුළ සාපේක්‍ෂව සංක‍්‍රමණය වන්නේ අල්ප වශයෙනි. එනම් පස මතට පතිත වු ග්ලයිෆොසෙට් එම ස්ථානයේ ම වියෝජනය නොවී පැවතීමට හැකියාවක් ඇත. එසේ ම ග්ලයිෆොසෙට් සහ පසෙහි අකාබනික පොස්පේට් අයන පාංශු උපස්තර සඳහා තරග වදින අතර පසේ පවතින අකාබනික පොස්පේට් අයන ප‍්‍රමාණය කොපමණ මට්ටමකින් ග්ලයිෆොසෙට් පාංශු උපස්තරවලට බැඳගනු ඇති ද යන්න තීරණය කරනු ලබයි. මෙමගින් සිදුවන්නේ අකාබනික පොස්පේට් අයන අඩු මට්ටමක් පවතින විටක දී ග්ලයිෆොසෙට් යෙදු විට තවදුරටත් පොස්පරස් පෝෂකය ඌණ පසක් බවට පත් වීම යි. නමුත් ග්ලයිෆොසෙට් පස මත ක‍්‍රියාකාරී ව පවතින කාලයට වඩා වැඩි කාලයක් මතුපිට ජල ප‍්‍රභව මත පවතින අතර මේ නිසා ජලජ ක්‍ෂුද්‍ර ජීවීන්ට, මත්ස්‍යයින්ට, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන්, මිරිදිය බෙල්ලන් හා ජලජ අපෘෂ්ඨවංශීන්ට බලපෑම් එල්ල වේ.

ග්ලයිෆොසෙට් හේතුවෙන් සතුන්ට ඇතිවන බලපෑම්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මිරිදිය කකුළුවන්ට සිදු වන හානි පිළිබඳ ව අධ්‍යයන කර තිබේ. මෙම රසායනිකයට නිරාවරණ වූ කකුළු පැටවුන් මිය යාම හා රූපාන්තරණයට ගත වන කාලය අඩු වන බව සොයාගෙන ඇත. ගෙම්බන්ගේ වර්ධනයේ මුලික අදියර යාමනය කරනු ලබන හෝමෝන යාන්ත‍්‍රණය වෙනස් කිරීම සහ උපතින් විකෘති සහිත සතුන් බිහි වීමටත්, ඉස්ගෙඩියන්ගේ කරමලෙහි රූපකායේ වෙනස්කම් ඇති කිරීමටත් රූපාන්තරණයේ වෙනස්කම් සිදු කිරීමටත් ග්ලයිෆොසෙට් රසායනිකය බලපාන බව සොයාගෙන ඇත. මිරිදිය මත්ස්‍ය විශේෂවල අක්මාවට හානි සිදු කිරීම ග්ලයිෆොසෙට් රසායනික මගින් සිදු වෙන බව සොයාගෙන ඇති අතර එම සතුන්ගේ විෂහරණ පටක නැවත ගොඩනැගීමේ හැකියාව ද මෙම රසායනික හේතුවෙන් අවම කරන බව සොයා ගෙන තිබේ. මෙම රසායනිකයට ගොදුරු වන මත්ස්‍යයින්ගේ ඇසිටයිල්කෝලීන් නම් එන්සයිමයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීම හේතුවෙන් ප‍්‍රජනන චර්යාවලට බලපෑම් ඇති කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වන ගොළුබෙල්ලන්ගේ විකෘතිතාවන් ඇති වන බව ද පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

මීට අමතර ව ජලජ පරිසරවල ග්ලයිෆොසෙට් බහුල ව සාන්ද්‍රගත වීම හේතුවෙන් ජලජ ශාකවල පැවැත්මට ඉතා හානි කර බලපෑම් ඇති වන බව සොයා ගෙන ඇති අතර බොහෝ ජලජ ශාක විශේෂ වඳවීමට මෙන් ම එම ජලජ ශාක ආශ‍්‍රිත ව බෝ වීම සිදු වන ජීවි විශේෂවල පැවැත්මට මේ නිසා බලපෑම් එල්ල වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

ග්ලයිෆොසෙට් රසායනය මගින් පස තුළ ජීවත් වන නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවල පැවැත්මට ඉතා අහිතකර බලපෑම් සිදු කරන අතර සමස්තයක් ලෙස පාංශු ක්‍ෂුද්‍ර ජීවීන්ට ග්ලයිෆොසෙට් අහිතකර ය. පස තුළ ජීවත්වන විවිධාකාර වු ක්‍ෂුද්‍රජීවී ප‍්‍රජාවන් විනාශ වී යාම නිසා පසේ පෝෂක සමතුළිතතාව බිඳ වැටී නිසරු, වඳ පසක් බවට ග්ලයිෆොසෙට් භාවිතා කළ බෝග සහිත පස පරිවර්තනය වෙයි.

ග්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශක සෑම වර්ගයක ම ඒක වාර්ෂික හා බහුවාර්ෂික, පළල් පත‍්‍ර තෘණ හා පන් වර්ග විනාශ කරනු ලබයි. නමුත් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශකවලට එරෙහිව ප‍්‍රතිරෝධීතාවක් ගොඩනගාගත් වල්පැළෑටි බිහි වී ඇත. ශ‍්‍රී ලංකාව තුළ දී බිහි වු ප‍්‍රතිරෝධී වල් පැළෑටි වලට උදාහරණ ලෙස ගැටකොළ, වල් රබර් සහ ඩෙරිස් නම් වැල් වර්ගයක් හඳුනා ගෙන ඇත. මෙය කාලයත් සමග නිර්මාණය වූ පරිසරයට අහිතකර වු තත්වයකි. මෙවැනි වල් පැළෑටි විශේෂයන් සුපිරි වල් පැළෑටි (Super weeds) ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි ප‍්‍රතිරෝධකතාවයන් සහිත සුපිරි වල් පැළෑටි ප‍්‍රභේදයක් මුලින් ම වාර්තා වුයේ 1996 දී  ඕස්ට්‍රේලියාවේ දී ය. එය නමින් රිජිඞ් රයි නම් තෘණ විශේෂයයි. මීට අමතර ව ගෝලීය වශයෙන් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනයට ප‍්‍රතිරෝධී වල් පැළෑටි විශාල ප‍්‍රමාණයක් විවිධ රටවල් වලින් වාර්තා වී ඇත.

තම ලාභ අපේක්‍ෂාව මුලික අරමුණ කරගත් මොන්සැන්ටෝ සමාගමේ තවත් විනාශකාරී නිර්මාණයක් ලෙස ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී බෝග හඳුන්වාදිය හැකිි ය. එම බෝග හඳුන්වන්නේ ‘‘රවුන්ඞ්අප් රෙඩි ක්‍රොප්ස්’’ (Roundup Ready Crops) නමිනි. එහි දී ජාන ඉංජිනේරු තාක්‍ෂණය යොදාගනිමින් ග්ලයිෆොසෙට් වලට සුදානම් වු ජානයක් ශාක සෛලයට ඇතුළු කරනු ලබයි. ඉන් පසු එම ජානය මගින් වෙනස් වු බෝගය ග්ලයිෆොසෙට් වල්නාශකයට ප‍්‍රතිචාර නොදක්වයි. එවිට කිසිදු බාධාවකින් තොරව වගා ක්ෂේත්‍රයට ග්ලයිෆොසෙට් යෙදිය හැකි අතර එමගින් අදාළ බෝගය හැරුණු විට අනෙක් සියලූ ම පැළ මර්දනය වේ. මේ මගින් බීජ ඒකාධිකාරය ද සමාගම් සතු කර ගැනීම පහසු වේ.

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල වන බලපෑම

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ආකාර කිහිපයකින් සිදු වේ. එක් බලපෑමක් වන්නේ ග්ලයිිෆොසෙට් සංයෝගයෙන් සිදු කරන බලපෑම ය. අනෙක ග්ලයිෆොසෙට් භාවිතා කර වල්නාශක නිෂ්පාදනයේ දී එක් කරන ආධාරක රසායනික නැතහොත් අමතර සංඝටක මගින් ඇති කරන බලපෑමයි. මේ දෙක ම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ග්ලයිෆොසෙට් ශරීරගත වීම ආකාර කිහිපයකින් සිදු වේ. ජලය මගින්, ආහාර මගින්, ශරීරයේ තැවරීමෙන් හා ආග‍්‍රානයෙන් ග්ලයිෆොසෙට් ශරීර ගත වේ. මේ කුමන ආකාරයෙන් ශරීරයට ග්ලයිෆොසෙට් එක් වුව ද ඇති කරන බලපෑම ඉතා ම දරුණු ය.

අපගේ ශරීරයේ ඇති ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය නැතහොත් එන්සයිමයට පොස්පේට් අණුවක් එක් වූ විට ග්ලයිසීන් පොස්පේට් නැතහොත් ග්ලයිෆොසෙට් සැකසේ. ඒ අනුව ශරීරයට ග්ලයිෆොසෙට් එක් වූ විට ශරීරයේ දී ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලයිෆොසෙට් ආදේශ වී ඉතා හානි කර බලපෑම් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයට ඇති කරයි. මතක ශක්තිය අඩු වීම හා වකුගඩු ආබාධ ඇති කිරීමට මේ තත්වයන් බලපානු ලැබේ. ග්ලයිෆොසෙට් හා දියවැඩියා රෝගය අතර සම්බන්ධයක් පවතින්නේ අග්න්‍යාශයේ ලැන්ගහෑන් ද්විපිකා සෛල මගින් නිකුත් වන එන්සයිමවල ක‍්‍රියාකාරීත්වය වෙනස් කිරීම හේතුවෙනි. මේ නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස් වී දියවැඩියා රෝගී තත්වයන් ඇති කිරීමට ග්ලයිෆොසෙට් දායක වේ.

ග්ලයිෆොසෙට් ආහාර මාර්ගයට එක් වූ විට අන්ත‍්‍රයේ (බඩවැල්වල) සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන අතර මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් වේ. මේ නිසා ආමපිත්ත රෝගයෙන් පෙළෙන අයට ඉතා ම දරුණු අහිතකර බලපෑම් ඇති වේ.

 

ග්ලයිෆොසෙට් මිනිස් සිරුරට අහිතකර බවට තහවුරු කළ පර්යේෂණ

ඇල්කොහොල් නොවන අක්මා රෝගය නැතහොත් අක්මාව දියවීමේ රෝගය (Lung alcoholic liver deceases) ඇති වීමට ග්ලයිෆොසෙට් ඍජුව ම බලපායි. මේ බව මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

ජර්මනියේ Federal Institute for Risk Assesment ආයතනය මගින් ග්ලයිෆොසෙට් රසායනික පිළිබඳ ව කරන ලද අධ්‍යයන මගින් අනාවරණය වී ඇත්තේ පිළිකා ඇති වීමට මෙම රසායනිකය ඍජු ව දායක වන බව ය. ඒ අතුරින් වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන non-hodkin lymphoma නම් පිළිකා තත්වය ඇති වන අතර ගෙල ප‍්‍රදේශයේ වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන පිළිකා බහුල ව ගල්යිෆොසෙට් ශරීරගත වීම නිසා සිදු වේ.

යුරෝපා රසායනික ආයතනය (European chemical agency) විසින් සිදු කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ ඇස් ආබාධ ඇති කිරීමට ප‍්‍රබල බලපෑමක් ග්ලයිෆොසෙට් මගින් සිදු කරන බව ය.

2015 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා රෝග පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණායතනය (International Agency for research on cancer) විසින් ග්ලයිෆොසෙට් මිනිසාට පිළිකා ඇති කිරීමට හේතුවන රසායනික සංයෝගයක් ලෙසට නම් කරන ලදී. නමුත් මොන්සැන්ටෝ සමාගමෙන් ප‍්‍රතිලාභ ලබන විද්‍යාඥයින්ගේ දැඩි බලපෑම මත එම තත්වය වෙනස් කිරීමට පවා පසුගිය කාලයේ බලපෑම් එල්ල කෙරිණ.

[caption id="attachment_20541" align="alignnone" width="300"] ග්ලයිෆොසෙට් නිසා සමේ විවර ඇතිවීමේ හා අධික වියළිවීමේ රෝගයෙන් පෙළෙන ආර්ජන්ටිනාවේ දරුවෙක්[/caption]

ඇමෙරිකාවේ හා යුරෝපයේ සිදු කරන ලද අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ මව් කිරිවලට ද ග්ලයිෆොසෙට් රසායනිකය එක් වී ඇති බව ය.

එපමණක් නොව ග්ලයිෆොසෙට් ඉතා අවම මාත‍්‍රාවකින් භාවිත කළ ද මිනිසාගේ සමෙහි සෛල මරාදැමීමට සමත් වන බව සොයා ගෙන ඇත. සමේ සෛල තුළ පිහිටි මයිටකොන්ඩ්‍රියාවල බිත්තිය ඔක්සිකරණයෙන් බිඳ දැමීමට ග්ලයිෆොසෙට් රසායනිකය උත්පේ‍්‍රරණය කරන බවත් පළුදු වූ සමේ සෛල පිළිකාජනක තත්වයට පත් කිරීමට ග්ලයිෆොසෙට්වලට හැකියාව ඇති බවත් හඳුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය නිර්දේශිත මාත‍්‍රාවෙන් 450 ගුණයක් තරම් තනුක සාන්ද්‍රණයකට මිනිත්තු 20 ක් නිරාවරණය වුවහොත් මිනිස් මුඛයේ සෛලවල වර්ණදේහ හානියට ලක් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව මෙම රසායනික ආඝ‍්‍රාණය කිරීමෙන් මුඛය තුළ හා ස්වසන පටකවල සෛල තුළ පිහිටන වර්ණදේහ හානියට ලක් කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

අධ්‍යයන කිහිපයකින් අනාවරණය වී ඇත්තේ පාකින්සන් රෝගයට ග්ලයිෆොසෙට් රසායනිකය ඍජු සම්බන්ධයක් ඇති බව ය. ග්ලයිෆොසෙට් රසායනිකයෙන් ඩිපැමිනජික් නම් ස්නායුවල බිඳවැටීම සිදු කර පාකින්සන් රෝගයට හේතුසාධක ගොඩනැංවෙන බව අනාවරණය වී තිබේ.

බර්ලින්වල ග්ලයිෆොසෙට් සමග ඍජු සම්බන්ධතාවක් නොමැති ජනතාව යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ එම ජනතාවගේ මුත‍්‍රාවල ග්ලයිෆොසෙට් රසායනිකය වාර්තා වූ බව ය. ඊට හේතුව ලෙස එම පර්යේෂණයෙන් නිිගමනය කර ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනික තැවැරුණු ආහාර කෑමට ගැනීමෙන් ග්ලයිෆොසෙට් රසායනිකය ශරීරගත වී ඇති බව ය.

හිතාමතා ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ශරීරගත කර ගැනීම හේතුවෙන් වාර්තා වූ සිද්ධීන්ට අනුව ශ‍්‍රී ලංකාවේ 887 දෙනෙකුගෙන් 21 දෙනෙක් මරණයට පත් වී ඇත. ආජන්ටියානු වෛද්‍යවරු වාර්තා කරන ආකාරයට ග්ලයිෆොසෙට් වල්නාශකය ට කෙටිකාලීන ව නිරාවරණය වීම නිසා ස්වසනාබාධ, පාචනය, වමනය සහ සම මත කුෂ්ඨ ඇති වීම මෙන් ම දිගුකාලීන ව පිළිකා, වඳභාවය, ගැබ් ගැනීම් සම්බන්ධ ප‍්‍රශ්න, උපත් ගැටලූ සහ ස්වශන රෝග ඇති වන බව ද හ`දුනාගෙන ඇත.

ආජන්ටිනාවේ චැකෝ ප‍්‍රදේශයේ රජය ප‍්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර ඇත්තේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පිළිකා වැළදීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර මෙම ප‍්‍රදේශයේ  අනපේක්ෂිත ළමා පිළිකාවල තෙගුණයක පමණ ඉහළ යාමක් වාර්තා වී ඇති බව ය. මෙලෙස වර්ධනය වී ඇති පිළිකා ලෙස ලිවුකේමියා, ලිම්ෆෝමා සහ මස්තිෂ්ක ඉදිමුම හඳුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජාන වෙනස් කරන ලද බෝග වගාව පමණක් නොව අධික ලෙස ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම ද සිදු වන බව සඳහන් කර ඇත. මේ පිළිබ`ද ව රසායනාගාර අධ්‍යයන වලින් පැහැදිලි වී ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනිකය මෙම පිළිකා ඇති වීම සමඟ සෘජු සම්බන්ධතා පවතින බව ය. ආජන්ටිනාවේ චාකෝ ප‍්‍රදේශයේ 2000 සිට 2009 කාල පරාසවල දී උපත් ඌනතාවන් ආසන්න වශයෙන් 4 ගුණයකින් ඉහළ යාමට හේතු ලෙස ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි හා වී වගාවට ඉතා විශාල වශයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය යෙදීම හේතු වී ඇති බව ද සොයාගෙන ඇත.

පැරගුවේ රටෙහි දිගුකාලීන ව ග්ලයිෆොසෙට් භාවිතා කරන ප‍්‍රදේශවල ජනතාවගේ මොළයෙහි විකෘති ඇති වීම, හිස්කබල කුඩා වීම හා හිස් කබලේ විකෘති ඇති වීම සිදු වී තිබෙන බව අනාවරණය වී තිබේ.  මේ තත්ත්වයට හේතු ලෙස ගර්භණී සමයේ දී ස්නායු නාල වැසීමට අපොහොසත් වීම බව හ`දුනාගෙන ඇත. මෙම විකෘතිතාවන් ග්ලයිෆොසෙට් ශරීරගත වීමෙන් සිදු වී ඇති අතර ජාන වෙනස් කළ සෝයා බෝංචි වගාවන්ට ග්ලයිෆොසෙට් බහුල ව භාවිත කිරීම ඊට හේතුව බව හඳුනාගෙන තිබේ.

ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වූ පිිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම 35% කින් අඩු කරන බවත් වෘෂණ කෝෂවල නිර්නාල ග‍්‍රන්ති බිඳ වැටීම මගින් ජීවි ශුක‍්‍රාණු සෛලවල විකෘති වර්ණ දේහ මට්ටම ඉහළ යාමත් සිදු වී ඇති බව සොයාගෙන ඇත.

පසට තදින් අවශෝෂණය වන ග්ලයිෆොසෙට් රසායනිකය බැර ලෝහ සමග සම්බන්ධ වීමේ වැඩි හැකියාවක් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

මොන්සැන්ටෝ සමාගම ග්ලයිෆොසෙට් පිළිබඳව ව්‍යාජ වෙළෙද දැන්වීම් පළ කිරීමේ ප‍්‍රතිඵල

ඇමෙරිකාවේ කෘෂිකාර්මික බිම්වල පමණක් නොව ගෙවතුවල බහුල ව භාවිත කරන වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට ගෙන ඇත්තේ මොන්සැන්ටෝ සමාගම එරට මාධ්‍යවල පළ කළ වෙළෙඳ දැන්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ය. 2007 වසර වනවිට ඇමෙරිකාවේ බහුල ව ම භාවිත කරන වල්නාශකය ලෙස ග්ලයිෆොසෙට් පත් විය. මේ නිසා ඇමෙරිකාවේ මෙම රසායනිකට ගොදුරු වූ ගොවීන් බොහෝමයක් පිළිකා ඇතුළු ව රෝග බොහෝමයක් හේතුවෙන් මිය ගොස් තිබේ. එසේ මිය ගිය අයගේ ඥාතීන් විසින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු පවරා ඇත්තේ ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පළ කර ගොවි ජනතාව මුලා කර ඔවුන් ව රෝගාබාධ වලට ගොදුරු කර මරණයට පත් කිරීමට මෙම සමාගම වගකිව යුතු බවට අධිකරණය තීන්දු කළ යුතු බව ය. 1996 වසරේ දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් මහාධිකරණයේ විනිසුරුවන් විසින් මොන්සැන්ටෝ සමාගම වැරදි ලෙස ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සැකසීම පිළිබඳ ව දඩ ගැසීම සිදු කර ඇත. මීට අමතර ව බ‍්‍රසීලයේ ද මෙලෙස වැරදි වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කර ජනතාව මුලා කර ග්ලයිෆොසෙට් භාවිතයට හුරු කිරීමට එරෙහිව අධිකරණය මොන්සැන්ටෝ සමාගමට දඩ නියම කර තිබේ. අද වන විට ඇමෙරිකාවේ අධිකරණවල මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ජනතාව විසින් ගොනු කළ නඩු 1000 කට වැඩි ප‍්‍රමාණයක් විභාග වෙමින් පවතී.

2001 වසරේ දී නිත්‍යනුකූල නොවන ලෙස කොලොම්බියානු හා ඉක්වදෝර දේශසීමාවේ කොකෝවා වගා බිම් වලට ගුවනින් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම නැවැත්වීමට කොලොම්බියානු අධිකරණය තහනම් නියෝගයන් නිකුත් කර ඇත. එසේ ම ඊශ‍්‍රායලයේ නිගුව් නම් ප‍්‍රදේශයේ ගොවියන්ගේ බෝග සඳහා ග්ලයිෆොසෙට් භාවිතය 2002 වසරේ දී අධිකරණ නියෝගයක් මගින් තහනම් කර ඇත. ඉන් පසුව 2010 වසරේ දී අරාබි මානව හිමිකම් කණ්ඩායමක් සහ ඊශ‍්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දී ඇත්තේ සත්ව පාලනයේ දී තෘණ භූමි නඩත්තු කිරීම සඳහා යොදන ග්ලයිෆොසෙට් රසායනිකය හේතුවෙන් මිනිස් මරණ, ගබ්සාවීම් හා රෝගි තත්වයට පත් වීම් වර්ධනය වී ඇති බව ය. 2010 වසරේ දී ආජන්ටිනාවේ ප‍්‍රාදේශීය අධිකරණය ෆැන්ටාෆී පළාත තුළ ජනගහනය අධික ප‍්‍රදේශවල ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම තහනම් කර ඇත. 2012 වසරේ දී කායික වෛද්‍යවරුන් 160 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් සෞඛ්‍ය සේවකයන් හා පර්යේෂකයන් පිරිසක් ආජන්ටිනාවේ ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධනාශක වගා බිම් වලට ගුවනින් හෙළීම තහනම් කිරීම සඳහා ඉල්ලීම් කර ඇත. මෙහි දී ඔවුන් ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී ජාන විකරණය කරන ලද සෝයා බෝංචි නිසා පිළිකා ඇති වීම ඉහළ යාම සහ අනෙකුත් රෝගී තත්වයන් පිළිබඳ ව ද සාක්ෂි ඉදිරිපත් කර ඇත.

2012 මැයි මාසයේ දී යුරෝපයේ Pestiside Action Network ආයතනය සහ ග‍්‍රීන්පීස් සංවිධානය විසින් යුරෝපා එකමුතුවෙන් සාමාන්‍ය අධිකරණයේ කොමිසමක් මගින් ග්ලයිෆොසෙට් නැවත ඇගයීම අවුරුදු 3 කින් පමා කිරීමට ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙහි දී ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයන් වලින් අනාවරණය වූ පිළිකාකාරක ගුණය, ජන්මානු සෛලවල වර්ණදේහ වලට සිදු කරන හානිය හා උපත් අවම වීම වැනි සෞඛ්‍ය බලපෑම් ගැන සාක්ෂි නොසළකා හැරීම පිළිබඳ ව ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇත.

ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර ඇති රටවල්

මේ වනවිට ලොවපුරා රටවල් ගණනාවක් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කිරීමට හා සීමා කිිරීමට පියවර ගෙන ඇත. යුරෝපා රටක් වන මෝල්ටා ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර තිබේ. මැදපෙරදිග රටවල් වන සවුදි අරාබිය, කුවෙට්, එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, බහරේන් හා  ඕමාන් යන රටවල් හයෙහි ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිතය තහනම් කර තිබේ. ප‍්‍රංශය ඉදිරි වසර තුන තුළ දී ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයට අයත් රටවල් 28 ම ග්ලයිෆොසෙට් භාවිතය ඉදිරි වසර 5 තුළ තහනම් කිරීමටත් ගෙවතුවල භාවිතය තහනම් කිරීමට කඩිනමින් පියවර ගැනීමටත් තීරණය කර තිබේ.

ජර්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වසරේ අප්‍රේල් මාසයේ දී ග්ලයිෆොසෙට් භාවිතය අඩු කිරීම සඳහා වන නියෝග මාලාවක් සකස් කර අවසන් කර තිබේ. බෙල්ජියම, ආජන්ටිනාව, බර්මුඩා, කොලොම්බියාව, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එල්සැල්වදෝරය වැනි රටවල් ග්ලයිෆොසෙට් භාවිතය සීමා කිරීමට, ගෙවතුවල භාවිතය තහනම් කිරීමට, තෝරාගත් නගරවල හා පොදු ස්ථානවල භාවිතය තහනම් කිරීමට සහ වාණිජ වගාවන් සඳහා පමණක් භාවිත කිරීමට නීති පනවා ඇත.

ග්ලයිෆොසෙට් තහනම නැවත පැනවිය යුතුයි

මේ සියලූ තත්වයන් පාදක කරගෙන ග්ලයිෆොසෙට් තහනම නැවත ගෙන ආ යුතු ය. මේ වනවිට දේශීය සුළු පරිමාණ ගොවි ජනතාව මොන්සැන්ටෝ ඇතුළු බහුජාතික සමාගම්වල වෙළෙඳ මාෆියාවට හසු වී කෘෂි රසායනිකවල දැඩි ගොදුරක් බවට පත් ව සිටී. ඒ හේතුවෙන් අවශ්‍යතාව මත පමණක් නොව පුරුද්දට කෘෂි රසායනික භාවිතා කරන සමාජයක් තත්වයට අද වන විට කෘෂිකර්මාන්තයේ නිරත ජනතාව පත් කර ඇත. මේ නිසා දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහල ලංකාවේ ස්ථාපිත කිරීමටත්, පිළිකා රෝහල වසරින් වසර පුළුල් කිරීමටත් සිදු ව තිබේ. එපමණක් නොව අද වනවිට අපනයන කෘෂි වෙළෙඳපොළ සීමා වීමට ද අප රටේ සිදු කෙරෙන අධික කෘෂි රසායනික භාවිතය හේතු වී තිබේ. විශේෂයෙන් තේ වගාව සඳහා යොදන අධික කෘෂි රසායනික හේතුවෙන් සමහර රටවල තේ වෙළෙඳපොළ අප රටට අහිමි වීමේ ආසන්න අවස්ථාවක පවතී.

අප රටේ ගොවියා අධික ලෙස කෘෂි රසායනික භාවිතයට ගොදුරු කළ බහුජාතික කෘෂි රසායනික සමාගම් අද වන විට වැඩි දියුණු කළ හා ජාන තාක්‍ෂණයෙන් නිපද වූ බීජ වර්ග අප රට තුළ ස්ථාපිත කරමින් සිටී. මේ නිසා සාම්ප‍්‍රදායික ගොවිතැනේ පැවති ඊළඟ කන්නය සඳහා බීජ ඉතිරි කර ගැනීම වැනි පුරුදු ද නතර වී තිබේ. මේ නිසා අද වන විට සුළු පරිමාණ ගොවි ජනතාවට වගා කිරීම සඳහා අමතර යෙදවුම් විශාල ප‍්‍රමාණයක් වගා බිම් වලට යෙදවීමටත් මේ නිසා ම ප‍්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමටත් නොහැකි වී ඇත.

එපමණක් නොව කෘෂි රසායනික සමාගම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවන තත්වයට පරිවර්තනය වී ඇත. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශයේ සේවකයින් කෘෂි රසායනික සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ කෘෂි රසායනික ප‍්‍රචලිත කිරීමේ කාර්යයේ යෙදී සිටී. මෙය සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවකි. නමුත් අද වනවිට අප රට තුළ මෙය සාමාන්‍යකරණය වී ඇත.

මේ නිසා අප අවධාරණය කරන්නේ ග්ලයිෆොසෙට් ඇතුළු ව සියලූ කෘෂි රසායනික අප රට තුළ භාවිතය තහනම් කර මෙරට කෘෂිකර්මාන්තය පාරිසරික ගොවිතැනක් බවට පරිවර්තනය කර සුළු පරිමාණ ගොවි ජනයා ශක්තිමත් කර රටේ ආහාර සුරක්‍ෂිතාව, ආහාර ස්වෛරීභාවය ඇති කර සෞඛ්‍යසම්පන්න පරපුරක් බිහි කිරීමට පියවර ගන්නා ලෙස ය.

 

සටහන -  සජීව චාමිකර 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ කොන්ත්‍රාත්කරුගෙන් කොමිස් ඉල්ලලා

| සමන්ත කෝනාර

හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහල් කොන්ත්‍රාත්කරුගෙන් අයථා ලෙස කොමිස් මුදල් ඉල්ලා එම මුදල් නොදීම නිසා අසාධාරණ ලෙස තමන්ගේ කොන්ත්‍රාත්තුවද අවලංගු කොට ඇති බවට බවට රෝහල් කොන්ත්‍රාත්කරු පවසයි. මේ නිසා හලාවත දිස්ත්‍රික් රෝහලේ වසර 6කට වැඩිකාලයක් සේවය කළ සනීපාරක්ෂක කම්කරුවන් ගේ සේවය අහෝසි වී තිබේ. මේ අසාධාරණයට විරුද්ධව සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ. රෝහල් සේවකයන් පවසන පරිදි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ විසින් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඔවුන්ව සේවයෙන් ඉවත් කර ඇත. රෝහල් අධ්‍යක්ෂිකා දිනූෂා ජයසිංහ මහත්මිය තමන්ගෙන් කොමිස් මුදලක් ඉල්ලූ නමුත් තමන් එයට විරුද්ධවූ නිසා සේවකයන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් ‍ඔවුන්ව මුලාවේ දමා තම කොන්ත්‍රාත්තුවද අවලංගු කොට විල්බට් ඇන්තනී නම් රෝහල් වැඩ රාජකාරි කිසිවක් නොදන්නා හලාවත ප්‍රදේශයේ ගායකයෙකුට රෝහල් කොන්ත්‍රාත්තුව දී ඇති බව පැරණි කොන්ත්‍රාත්කරු පවසයි. රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහට එරෙහිව පවතී උද්ඝෝෂණයේදී ඇතිවූ උණුසුම් තත්වයක් නිසා හලාවත පොලිසිය විසින් රෝහල් සේවකයන් 22නෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහට මීට පෙරද මුදල් අක්‍රමිකතා සම්බන්දයෙන් චෝදනා තිබුණු අතර ඒ සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටද රෝහල් කාර්යමණ්ඩලය විසින් පැමිණිලි කොට තිබුණි. හලාවත මහ රෝහලේ හිටපු හෙද නිලධාරියෙකු වන ආරියදාස මහතා පවසන අන්දමට වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලට කෑම සපයන කොන්ත්‍රාත්කරුවන් ගෙන් අයථා ලෙස මුදල් ගෙන රෝගීන්ට අඩු ගුණාත්මකභාවයකින් යුතු ආහාර දීම , සම්බන්දයෙන්ද චෝදනා ලබා තිබුනත් සෞඛ්‍ය අමාත්යංශය ඒ සම්බන්දයෙන් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා චෝදනා යට ගසන ලදී. මේ නිසා රෝහලේ එලදයිතාව බොහෝ සෙයින් බිඳ ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.


හලාවත මහ රෝහලේ වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝගීන්ගේ බත්පතෙනුත් ගහලා

| සමන්ත කෝනාර

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ ආහාර සපයන කොන්ත්‍රාත්කරුවන්ට රිසිසේ ගසා කෑමට පරිසරයක් නිර්මාණය කර දී ඇති බව හලාවත මහ රෝහලේ කාර්යමණ්ඩලය සහ රෝගීහු පවසති. සෑම රෝහලකම ආයතන භාර නිලධාරියා රෝහලේ මුළුතැන්ගෙය දිනපතා පරික්ෂා කොට රෝගීන්ට සපයන ආහාර වල ගුණාත්මකභාවය පවත්වා ගැනීම කල යුතු නමුත් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ මුළුතැන්ගෙය සහ ආහාර පරික්ෂා නොකරන බවත් රෝහලට කෑම සපයන කොන්ත්‍රාත්කරුවන්ට වංචා කිරීම සඳහා ඉඩ සලසා දී ඇති බවත් වාර්තා වේ. මේ නිසා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇයට යහමින් වාසි ලැබෙන බව සේවකයෝ පවසති. මෙම තත්වය ගැන අදහස් දක්වන හලාවත මහ රෝහලේ හිටපු හෙද නිලධාරියෙකු වන ආරියදාස මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි අක්‍රමිකතා නිසා රෝහලේ එලදයිතාව බිඳ වැටෙන බවයි. රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ විසින් කරන මෙම අක්‍රමිකතාව සම්බන්දයෙන් රෝගීන් සහ කාර්යමණ්ඩලය විසින් සෞක්‍ය අමාත්‍යංශයට පැමිණිලි කොට ඇති නමුත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. හලාවත මහ රෝහලේ සාවද්‍ය ආහාර සැපයීම සම්බන්දයෙන් ප්‍රාදේශීය වර්තාකාරියක් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහගෙන් දුරකතනයෙන් විමසන ලද අවස්ථාවේදී වෛද්‍ය දිනුෂා විසින් ප්‍රාදේශීය වර්තාකාරියට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.




රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් ඉන්දීය සමාගමකට

අපගේ පාරම්පරික උරුමයක් හා විශිෂ්ට දැනුම් පද්ධතියක් සහිත දේශීය වෛද්‍ය විද්‍යාවේ කේන්ද්‍රස්ථානයක් වන්නේ බොරැල්ල රාජගිරියේ පිහිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයයි. දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීම හා ජනතාවගේ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා 1967 දී ආරම්භ කළ මෙහි දැනට ආයුර්වේද හා යුනානි වෛද්‍ය පාඨමාලා පැවැත්වේ. වෛද්‍ය සිසුන් 700 ක් හා ආචාර්ය මණ්ඩලය 60 ක් පමණ ඉතා කුඩා සීමිත ඉඩ කඩක් තුළ අපමණ දුෂ්කරතා මැද අධ්‍යයන කටයුතුවල නිරත වෙති. එක් කණ්ඩායමකට සිසුන් 150 ක් පමණ බ`දවාගන්නා අතර පවතින දේශන ශාලා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ආයතනයේ ප්‍රධාන ශාලාව හා විභාග ශාලාව ද දේශන කටයුතු ස`දහා යොදාගැනේ. නේවාසිකාගාර ද ඉතා කුඩා බිම් කඩක ඉදිකර ඇති බැවින් මූලික අවම පහසුකම් හෝ සිසු සිසුවියන්ට ලබාදී නොමැත.

තත්වය මෙසේ තිබියදී දේශීය වෛද්‍ය විද්‍යාව ආසියාවේ ප්‍රමුඛස්ථානය බවට පත් කරන බවට මහින්ද චින්තනයෙන් ද, මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද දස අතේ දිවුරා බලයට පැමිණි මහින්ද රාජපක‍ෂ ආණ්ඩුව දේශීය වෛද්‍ය විද්‍යාලය සංවර්ධනය කරනු වෙනුවට එයට අයත් ඉඩම් කොටසක් ද ඉන්දීය සමාගමකට විකිණීමට කටයුතු කරමින් සිටී. ඉන්දියාවේ මුම්බායි පදනම් කරගත් සීමා සහිත ඇට්ලන්ටිස් සංවර්ධන පුද්ගලික සමාගමට ඩොලර් මිලියන 13 ක වටිනා කමින් යුත් අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට දේශීය වෛද්‍ය විද්‍යාල භූමියේ පර්චස් 10.08 ක් විකිණීම ස`දහා වන කැබිනට් මණ්ඩල සංදේශයක් 2011 ජුලි 07 දින උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11/1468/521/031 අංකය සහිතව 2011 සැපතැම්බර් 07 දින සාකච්ඡාවට බ`දුන් කර මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා මූලිකත්වය ගත් කැබිනට් මණ්ඩලයේදී, පර්චස් 10.08 ක එම බිම් කැබැල්ල ඇට්ලන්ටිස් සමාගමට ලබාදීමට එක`ගතාවය ලබාදී ඇත. දේශීය වෛද්‍ය විද්‍යාලය පු`ඵල් කිරීම ස`දහා ඉඩකඩ ලබාගැනීමට එහි ආචාර්ය මණ්ඩලයත්, ශිෂ්‍ය සංගමයත් වසර ගණනාවක් පුරා කරන ලද ඉල්ලීම පසෙක තබා දේශීය වෛද්‍ය විද්‍යාලයේ බිම් කොටසක් ඉන්දීය සමාගමකට ලබාදීමට කටයුතු යොදා ඇත.

දැයේ දූ දරුවන්ට අධ්‍යාපන අවස්ථා පු`ඵල් කර ගැනීම ස`දහා කිසිදු ආකාරයේ සහයෝගයක් නොදක්වන ආණ්ඩුව මෙසේ ධනවතුන් ස`දහා සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමට ඉන්දීය සමාගමකට විශ්වවිද්‍යාලයෙන් ඉඩම් කොටසක් විකිණීම කිසිසේත් අනුමත කළ නොහැකි කටයුත්තකි. ඒ පිළිබ`ද ආණ්ඩුවට විරෝධය පල කරන සමාජවාදී ශිෂ්‍ය සංගමය වහාම ඉඩම් විකිණීම නතර කර එම භූමිය දේශීය වෛද්‍ය විද්‍යායතනයට පවරා දෙන ලෙස බලකර සිටිමු.

නලින්ද ජයතිස්ස

ආඝාතයට මුල පුරන මානසික අවපීඩනය

කිෂානි වැලිවිටිගොඩ

මානසික අවපීඩනය ඉතා ඉක්මන් ආඝාතයට සහ හදිසි මරණ ඇති වීමට හේතු වන බව නවතම වාර්තා පෙන්වා දෙයි. මානසික අවපීඩනය මගින් මානසික තත්වය දුබල කරන අතර ශරීර ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් වෙනස් කර හදවත් රෝග ඇතුළු ප්‍රශ්න රැසකට හේතු වේ. බොස්ටන් හි පිහිටි හාවර්ඩ් සනීපාරක්ෂක පාසලෙහි පර්යේෂකයින්ට අනුව ලොව පුරා බිලියනයක් පමණ මානසික අවපිඩනයෙන් පෙලෙන බවත් ඔවුන්ට මාරාන්තික ආඝාතය වැළඳීමේ අවධානම වැඩි බවයි.

පුද්ගලයින් ලක්ෂ 3 කට අධික පිරිසක් යොදාගෙන මීට පෙර කරනු ලැබූ අධ්‍යන වාර 28 ක් විශ්ලේෂණයට බදුන් කර ඇති ආදාළ පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇති කරුණු වලින් හෙළි වුයේ මානසික අවපීඩනය නිසා ආඝතයක ඕනෑම අවධියක් වැළඳීමේ ප්‍රවනතාවය 45% ක් බවය . නමුත් නවතම පර්යේෂණ වාර්තාවේ ප්‍රතිපල වලට අනුකුලව වෙනත් මානසික තත්වයන්ගෙන් නොපෙළෙන එහෙත් මානසික අවපීඩනය නිසා ඇතිවන ආඝාත තත්වය හේතුවෙන් මිය යාමේ ප්‍රවනතාවය 55% ක් පමණ වන බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ග්‍රීසියේ ඇතන්ස් නුවර පවත් වූ ගෝලීය මානසික සෞඛ්‍ය සමුළුවේදී නිකුත් කළ වාර්තාවෙන් නිළ වශයෙන් අනාවැකි පල කරනු ලැබුයේ මීළඟ වසර 20 ක කාලය තුළ ලෝකයට මුහුණ දීමට සිදු වන ප්‍රබලම ප්‍රශ්නය වනුයේ මානසික ආතතිමය ලක්ෂණය බවයි. එය වසංගතයක් බවට පත්වීමට හැකි බව ප්‍රකාශ කරන ආදාල සංවිධානය වැඩි දුරටත් වාර්තා කරනුයේ ලොව පුරා වෙසෙන මිලියන 450 ක් මානසික ව්‍යාධියෙන් පෙලෙන බවයි . ඉන් බොහොමයක් දෙනා ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.

Tell a Friend

ඇපල්, පෙයාර්ස් මගින් ආඝාතය ඇති වීමේ අවධානම අඩු කරයි.

කිෂානි වැලිවිටිගොඩ

දෛනිකව සුදු මාංශ සහිත ඇපල්, පෙයාර්ස් වැනි පලතුරු සහ එළවලු පාරිභෝජනය කිරීම මගින් ආඝාතය වර්ධනය වීමේ අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු වන බව වාර්තා වේ.

වසර 10 ක් තුලදී අවුරුදු 20 ත් 65 ත් අතර නිරෝගී වැඩිහිටි පුද්ගලයින් 20,069 ක් යොදාගෙන සිදු කල අධ්‍යන කටයුතු වලින් ඕලන්ද ගවේශකයින් විසින් දිනපතා විවධ වර්ණ වලින් යුත් පලතුරු සහ එළවලු පාරිභෝජනය කිරීම මගින් ආඝාතය වර්ධනය වීමේ ප්‍රවනතාව පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කර තිබේ. එම ගවේෂණ වලින් ලැබුණු ප්‍රතිපල වලින් හෙළිදරව් වී ඇත්තේ දිනපතා සුදු මාංශ සහිත පලතුරු සහ එළවලු පාරිභෝජනයට ගැනීමෙන් ආඝාතය වැළඳීමේ අවධානම 52 % අවම කරන බවයි.

ඇපල්, පෙයාර්ස් සහ කෙසෙල් වැනි පලතුරුද පිපින්න්‍ය, මල් ගෝවා සහ බිම්මල් වැනි එළවලු වලින් දිනකට ග්‍රෑම් 25 ක් ලබා ගැනීම මගින් 9% කින් ආඝාතය වැළඳීමේ අවධානම අඩු කරන බව වැගේනින්ග් විශ්ව විද්‍යාලයේ විද්වතුන් ප්‍රකාශ කර ඇත.
Tell a Friend

විදේශ වෛද්‍ය උපාධිධාරීන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

සුපුන් පෙරේරා

හර්ෂා රූපරත්න විසින් රාවය පුවත් පතට ලියන ලද වෛද්‍ය සභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ (2011 ජුනි 26 රාවය ) ලිපිය කියවීමෙන් පසුව එම ලිපියේ අන්තර්ගතය ගැන අදහස් වෛද්‍යවරුන් රැසකගෙන් විමසුවෙමි. ඔවුන්ගේ අදහස් විශාල පරාසයකට අයත් වූ හෙයින් ඔවුන්ගේ අදහස් ද මගේ විමර්ශනයන්ද කැටි කොට මෙම ගැටලුව ගැන වැඩි දුරටත් ලිවීමට මට සිදු විය. මෙම ලිපියේ සඳහන් ඇතැම් කරුණු අනාවරණය කරන ලද්දේ වෛද්‍යවරුන් විසිනි. ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවට දුන් පොරොන්දුව නිසා එම මතභේදාත්මක කරුණු මිස ඒවා ලැබුණු මුලයන් ගැන ලිවීමට නිදහස නැත. නමුත් ඕනෑම අයෙකුට මෙම ලිපියේ අඩංගු කරුණු පිබඳව සොයා බැලීමට නිදහස තිබේ.

හර්ෂා රූපරත්න විසින් හෙළි කරන පරිදි ශ්‍රී ලංකාව අනෙක් රටවල් හා සසඳද්දී ප්‍රබල වෛද්‍ය හිඟයකට මුහුණ පා සිටින රටකි. මෙරට මිනිසුන් 1820කට වෛද්‍යවරුන් සිටින්නේ එක් අයෙකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලින් උපාධිය හදාරා වාර්ෂිකව පිටවන 950ක පමණ වෛද්‍යවරුන් සංඛ්‍යාව ලංකාවේ සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවේ. තවද මෙම දේශීය උපාධිධාරින්ගෙන් 10%කට වැඩි පිරිසක් වාර්ෂිකව සිය අධ්‍යයනයන් හමාර කොට විදේශ ගතවේ. එම නිසා ලංකාවේ බොහෝ රෝහල් වෛද්‍යවරු නැති නිසා වැසි යාමේ තර්ජනයට මුහුණ දී තිබේ. වාර්ෂිකව 125ක් වැනි ප්‍රමාණයක් පිටරට වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබා ලංකාවට පැමිණෙති. ඔවුන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් කල වසරක් පාසා දේශීය වෛද්‍ය පාසල්වලින් ද පිටවන උපාධිධාරීන් කණ්ඩායමේ හා පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාවේ එකතුවෙන් 12%කි.හර්ෂා රූපරත්න පෙන්වා දෙන ආකාරයට මෙවන් තත්ත්වයක් පවතිද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෙනත් රටවලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන වෛද්‍යවරුන්ට දක්වන අසාධාරණ සැලකිල්ල දෙස බලද්දී පෙනීයන්නේ මෙරට අසරණ රෝගීන් හිතාමතාම අපහසුතාවට පත්කිරීමේ ක්‍රමවේදයක් වක්‍රව වෛද්‍ය සභාව අතින් සිදුවන බවයි.

වැඩිදුරත් කරුණු දක්වන හර්ෂා රූපරත්න

..........පිටරට වෛද්‍ය උපාධිධාරීන් ලංකාවට පැමිණි පසු ඔවුන් සම්බන්ධ වගකීම් සියල්ලක්ම පාහේ දරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. විදේශ රටවල්වලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුදෙනාම වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයට මුහුණ දී ඉන් සමත් විය යුතුය. එම විභාගය ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන විභාගය ලෙස හඳුන්වයි. විදෙස් වෛද්‍ය උපාධිධාරීන් මැසිවිලි නගන්නේ මේ විභාගය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ක්‍රියාකරන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවයි. ඔවුන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට හා විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට පවත්වනු ලබන එකම විභාගයකදී ඔවුන් දෙපිරිස සමත්වීම සඳහා ලබාගත යුතු ලකුණු ප්‍රමාණය එක් එක් පිරිසට වෙනස් බවයි. එනම් දේශීය උපාධිධාරීන් එම විභාගයෙන් 30%ක් ලබාගත යුතු වන විට විදෙස් උපාධිධාරීන් 50%ක් ලබාගත යුතු බවයි. මෙය අසාධාරණ සීමාවක් බව හා ලබාදෙන ප්‍රශ්න පත්‍රය වෛද්‍ය උපදේශකවරයකුටවත් පිළිතුරු ලිවීමට නොහැකි ආකාරයේ ඉතා අමාරු ප්‍රශ්න පත්‍රයක් බවයි. ඉන් 50%ක් ලබාගැනීම සිහිනයක් බවත්, එම නිසා දිගින් දිගටම එම විභාගය අසමත් වන බවත් ඔවුහු පවසති.

වෛද්‍ය සභාවේ දූෂිත භාවය පිළිබඳව ලිඛිත සාක්ෂි තිබේ. එම සාක්ෂි වලින් පෙනී යන පරිදි
1. විභාගයට මුහුණ නුදුන් උපාධිධාරීන් විභාගයෙන් සමත්යැයි වෛද්‍ය සභාව විසින් ලියුම් යවා තිබේ.
2. එකම විභාග අංකය කිහිප දෙනකුට ලබා දුන් අවස්ථා ඇත.
3. අපේක්ෂකයන්ට ලබාදී ඇත්තේ ප්‍රශ්න පත්‍රවල ඡායා පිටපත්ය.
4. ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී වාචික පරීක්ෂණ සමත්යැයි නිවැරදිවීම් සිදුව ඇත. (වාචික පරීක්ෂණ සඳහා නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නොකෙරේ.)
5. විභාගය සමත්යැයි සඳහන් ලියුමක් අපේක්ෂකයන් අතට පත් වුවද වෛද්‍ය සභාවට ගොස් බලද්දී විභාගය අසමත් ලෙස සටහන්ව ඇත.
6. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වී සිටි උසස් පෙළ ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් රජය විසින් පිරිනමන ලද විදේශ පරීක්ෂණයකට ගොස් අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණි පසුවද ඔවුන්ට ලියාපදිංචි කිරීම පවා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළ අවස්ථා ඇත.

(වෛද්‍ය සභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ හර්ෂා රූපරත්න 2011 ජුනි 26 රාවය )

හර්ෂා රූපරත්නගේ පෙන්වාදීම් වලට හැර අප විසින් කරන ලද විමර්ශන වලදී පහත කරුණු අනාවරණය විය.

පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් වැඩි ආයාසයකින් තොරව මෙම ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන ACT 16 විභාගය සමත් වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එවැනි වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් වෙනම විශේෂ විභාගද පවත්වා ඔවුන්ව එතර කරවා තිබේ. මෙවැනි වරප්‍රසාදිත දරුවන් දැන් බොහෝ රෝහල් වල සේවය කරති. උදාහරනයක් ලෙස ශල්‍ය වෛද්‍ය රීශාක් බදුර්දීන් ගේ පුතා ඉගෙන ගත්තේ පකිස්ථානයේ වෛද්‍ය පාසලකය. අනෙකුත් සිසුන් විභාගය දෙතුන් වර කඹුරද්දී ඔහුගේ දරුවා එක පෑන් පාරින් සමත් කොට තිබේ. දේශපාලඥයන්ගේ දරුවන්ටද මෙම වරප්‍රසාදය හිමි විය. අමාත්‍ය ජී. එල් පිරිස්ගේ දියණිය අතිශයින්ම වාසනාවන්ත වුවාය. ඇය විදේශ අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණ මසක් යාමට පෙර ඇයව කඩිනමින් සමත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන තිබේ.

විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනියම් ලෙසින් කියයි. මෙයද පිළිගත නොහැකි කරුණකි. ලෝක ශ්‍රේණි පටිපාටිගත කිරීම් අනුව ලංකාවේ වෛද්‍ය විද්‍යාල යුරෝපයේ , ඉන්දියාවේ , නේපාලයේ පමණක් නොව අප්‍රිකාවේ බොහෝ විශ්ව විද්‍යාල වලට වඩා පහතින් සිටිති. කොළඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් අන්තිමයා ය. . දේශීය විශ්ව විද්‍යාලවලට තේරෙන සිසුන් සියල්ලම දක්ෂ සිසුන් ලෙස වර්ගීකරණය කිරීමද නිරවද්‍ය නොවේ.

දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට විශාල ප්‍රතිශතයක් සිසුහු දේශීය විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබති. දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට පුත්තලම හම්බන්තොට , මොනරාගල වැනි දිස්ත්‍රික් වලින් දේශීය වෛද්‍ය විද්‍යාල වලට ගිය සිසුන් නිසා වැඩි ලකුණු ප්‍රමාණයක් උසස් පෙලට ලබාගෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා දේශීය වෛද්‍ය විද්‍යාල වලට යාමට නොහැකිවන කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික් වල සිසුන් වෙනත් විකල්ප අධ්‍යාපන ධාරාවන්ට යොමු වෙති. සමහරෙකු විදේශ රටවල විශ්ව විද්‍යාල වලට යති. දැනුම සහ පුහුණුව රඳා ඇත්තේ වැඩිපුරම පුද්ගලයා මත මිස විශ්ව විද්‍යාලය මත පමණක්ම නොවේ. විදේශ වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනගෙන ඉතා දක්ෂ ලෙස සේවය කරන වෛද්‍යවරු සෞඛ්‍ සේවයේ සිටිති. කොළඹ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 11 ක කීර්තිමත් සේවයක් කල දොස්තර හෙක්‌ටර් වීරසිංහ ද රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරයෙකි.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දොස්තර ලලිත් පෙරේරා ලංකා වෙබ් අඩවියට ලියු ලිපියකින් විදේශ වෛද්‍ය උපාධිධාරීන් ගැන ඇති දුර්මත සහ ඔවුන්ට සෞඛ්‍ සේවයේදී කරන ලද හතුරුකම් ගැන පෙන්වා දෙයි. ඔහු පවසන අන්දමට ප්‍රියානි සොයිසා / අර්සකුලරත්න නඩුව , ප්‍රභාත් මානවසිංහ නඩුව, ග්‍රැන්විල් රොද්‍රිගු ගේ නොසැලකිලිමත් මරණය, ආදී විශාල නඩු ප්‍රමාණයක් වැටී ඇත්තේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට නොව දේශීය උපාධිධාරීන්ට බවයි. එසේම අප විසින් කල විමර්ශනයකදී වෛද්‍ය වෘත්තිකයන් විසින් සිදු කරන කාම අපරාධ වලට වැඩි වශයෙන් අසුවී ඇත්තේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ය. ( උදාහරණ ලෙස පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්‌ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්න ලදී , මීගමුව රෝහලේ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී එසේම මෙම අපකීර්තිමත් ලැයිස්තුවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගැබිනියක් දුෂණය කල වෛද්‍යවරයාද අඩංගු විය යුතුය. ) මෙම ප්‍රබල තර්ක හමුවේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව හිතලුවක් බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරුවත වසා ගැනීමට යොදා ගන්නා ගොබෙල්ස් ක්‍රමයේ ප්‍රචාරයක් බවත් පෙනී යයි.

වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඉතා දක්ෂ ලෙස රෝගීන්ට සෙත සලසන දේශීය වෛද්‍ය උපාධිධාරීන් රාශියක් ලංකාවේ රෝහල් වල සිටිති. එසේම එවැනි අන්දමට දක්ෂතාවය පෙන්වන විදේශ වෛද්‍ය උපාධිධාරීන්ද සිටිති. අවශ්‍ය වනුයේ මෙම කණ්ඩායම් දෙක අතර ගැටුමක් නොව මෙම කණ්ඩායම් දෙකේ අත්දැකීම් යොදාගෙන ලංකාවේ රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමය. කියුබාවේ ඉගෙනගත් වෛද්‍යවරු ලංකාවේ රාජ්‍ය රෝහල් වල සිටිති . කියුබාව සෞඛ්‍ සේවයේදී ඇමරිකාවද පරදවා තිබේ. ඩෙංගු රෝගය සාර්ථකව මැඩ පැවැත්වූ කියුබාවේ අත්දැකීම් මෙම වෛද්‍යවරු මගින් ලබා ගැනීමට ලංකාවේ සෞඛ්‍ සේවය තවම සිතලාවත් නැත. අනාගතයේද එවැනි චින්තනයක් ඔවුනට පහළවේද කියා සැකය. මෙසේ විදේශගතවී ඉගෙනුම ලැබූ සෑම වෛද්‍ය උපාධිධාරීයෙකුටම ලංකාවට අලුතින් යමක් දීමට හැකිය. ප්‍රශ්නය වන්නේ එය ලබා දීමට ඔවුනට ඉඩක් තිබේද යන්නයි.

විදේශ වෛද්‍ය උපාධිධාරීන් ට ලංකාවේ දී කරන කැනහිලිකම් නිසා බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් රටවලට යති. ඔස්ට්‍රලියාවේ , ඇමරිකාවේ, කැනඩාවේ සහ බ්‍රිතානයේ රෝහල් වල සහ විශ්ව විද්‍යාලවල විදේශ වෛද්‍ය උපාධිධාරී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු සේවය කරති. මෙය එක්තරා අන්දමකට බුද්ධි ගලනයකි.


විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට සෞඛ්‍ සේවයට කරන ලද සේවය ඉමහත් බව නම හෙළි කිරීමට අකමැති නමුත් සාධාරණය දැකීමට සහ තවත් වෘත්තිකයෙකුගේ සේවය අගය කිරීමට කුහකබවක් නොමැති පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු අප සමග පැවසිය. ඔහු පවසන පරිදි මෙතන ඇත්තේ පන්ති ගැටුමක් මිස දැනුම සහ පුහුණුව පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ පිලිබඳ තවදුරටත් අදහස් දක්වන උක්ත මහාචාර්යවරයා පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට සහ ප්‍රබල දේශපාලඥයන්ගේ දරුවන්ට මෙම ACT16 විභාගය ගැටලුවක් නොවන බවත් මෙම දරුවන් ලංකාවට පැමිණ මාස 3-6 අතර කාලයක් ඇතුලත ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සමත් කරවා ඇති බව කියයි. තවද මෙම වරප්‍රසාදිත දරුවන්ට ප්‍රශ්නපත්‍රය කලින්ම අතටද ලැබෙන බවත් වාචික විභාග වලදී ඔවුන්ගෙන් ප්‍රශ්න විමසන්නේ මමී සහ ඩැඩිගේ සමකාලීනයන් නිසා ඔවුනට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු කියයි.

පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් ලංකාවට පැමිණි දිනයත් ඔවුන් ACT16 සමත් වී සීමාවාසික පුහුණුව පටන්ගත් දිනයත් අතර කාල පරාසය මැනීමෙන් තමා පවසන දේ පිලිබඳ යථාර්තය වටහා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දුප්පත් පහල මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන් පමණක් දිගින් දිගටම අසමත් කරවයි . ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු කොතරම් හොර ගුහාවක්ද යත් තමා දැන් බොහෝ කාලයක සිට වෛද්‍ය සභාවේ රැස්වීම්වලට පවා නොයන මෙම මෙම මහාචාර්යවරයා පවසයි.

වරප්‍රසාදිත සහ අනියම් සහන ලැබූ පන්තියට අයත් නොවූ ස්ව ශක්තියෙන් තමා දැනුම කුසලතා පෙන්වූ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා සෞඛ්‍ සේවයට කරන සේවය අති විශිෂ්ට බව පවසන මෙම පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයා අවාසනාවකට මෙන් කුහක බවේ ඇලී ගැලී සිටින නිලධාරිවාදය කරපින්නාගත් දුෂිත බහුතරයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විධායක මණ්ඩලයට එය දැකීමට හෝ පිළිගැනීමට සදාචාරයක් පවා නොමැති බව පෙන්වා දෙන ලදී.

ලංකාවේ උතුරු නැගෙනහිර යුද්දය දරුණුවට ගිය සමයේ අනුරාධපුර , පොලොන්නරුව වැනි රෝහල් වලද යුද හමුදා රෝහල්වලද විදේශ වෛද්‍ය උපාධිධාරීන් දිවා රෑ නොබලා සේවය කළහ. ඔවුන්ගේ මිල කල නොහැකි කැපවීමෙන් කල සේවය මෙතරම් ඉක්මනට අමතක කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකි වුනේ වැඩවසම් මානසිකත්වයකින් සහ මාෆියා චේතනා ඇති අතලොස්සක් වූ නරුමයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අරක් ගෙන සිටින බැවිනි. ඔවුන් රටට කිසිවක් දී නැත. තම මාෆියා කණ්ඩායමේ ළමුන් විභාගයෙන් එතර කිරීමත් ඉඩකඩම් විකුණා දරුවන් පිටරට යවා ඉගැන්වූ දුප්පත් දෙමාපියන්ගේ ළමුන් බොරු හේතු පෙන්වා පුන පුනා අසමත් කීරීමත් හැර මෙරට සෞඛ්‍ය සේවයට ඔවුන්ගෙන් කිසිවක් ඉටු වී නොමැත. මෙහි ඇති අනෙක් දරුණු විහිළුව වන්නේ 50,000 වූ හොර දොස්තරලාට නිරුපද්‍රිතව රෝගීන් බැලීමට ඉඩ සලසා දී තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට පමණක් පොලු දැමීමයි.

කිසිදු වෛද්‍ය උපාධියක් නොමැතිව එලියන්ත වයිට්ලා ප්‍රෙඩ්නිසලෝන් කල්ක අඹරා අපගේ ජාතික ක්‍රීඩකයන්ට දී ඔවුන්ට තරඟ තහනම් වලට පාර කපා දෙති. ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ලාද මෙවැනි මෙවැනි ගොඩ වෙදුන්ට උඩගෙඩි දෙති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එලියන්ත වයිට් ගැන මුනිවත රකිති.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අර්බුදයට පත්ව ඇති මොහොතක, වෛද්‍යවරු නොමැතිව ග්‍රාමීය රෝහල් වැසී යන අවස්ථාවක වැඩවසම් මානසිකත්වයකින් සහ කුමන්ත්‍රණ හා මාෆියා චේතනා ඇති අතලොස්සක් වූ නරුමයන් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ සමග සෙල්ලම් කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන සෞඛ්‍ය  ඇමතිවරයා මිට වඩා ගැඹුරින් සිතිය යුතුය.

Tell a Friend

දොස්තර හෙක්ටර් වීරසිංහට අපගේ ආචාරය


අමිල ගුණරත්න

හොරුන් ගේ නිරුවත ජනතාවට හෙළි කරන අප යහපත් මිනිසුන් ගැන ලිවීමද අමතක නොකරමු. මේ සටහන දුර්ලභ මිනිසෙකු ගැනය.


කොළඹ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 11 උදාර සේවයක් කල දොස්තර හෙක්‌ටර් වීරසිංහ නොබෝදා විශ්‍රාම ගත්තේය. රුසියාවේ පැට්‍රිස් ලුමුම්බා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදැරූ ඔහු වෛද්‍යවරයෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙස අවංකව සේවය කල මහත්මයෙකි. බෙහෙත් වලින්, වෛද්‍ය උපකරණ වලින් කොමිස් ගසාකන සෞඛ්‍ය අමාත්‍යංශයේ කාක්කන් අතර හංසයන්ද අතරින් පතර සිටින බවට මෙතුමා රටට ක්‍රියාවෙන් පෙන්වා දුන්නේය. සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් 2009 වසරේ විශිෂ්ටතම පුරවැසියා සම්මානයෙන් ද 2007 වසරේ විශිෂ්ටතම වෛද්‍ය පරිපාලකයා සඳහා පිදෙන සෞඛ්‍ය ස්‌වර්ණ සම්මානයෙන් ද පිදුම් ලැබූ එතුමා . ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නුවර කොන්සාල් ජනරාල්වරයා ලෙස පත් වීමට නියමිතය.

දොස්තර හෙක්ටර් වීරසිංහ මහතාණෙනි ඔබට ශ්‍රී ලංකා ගාර්ඩියන්හි ආචාරය !
Tell a Friend

ඇමෙරිකාවේ මිලියන 60 කට සෞඛ්‍ය නෑ

එකසත් ජනපදයේ මිලියන 60 කට අසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය රක්ෂණය අහිමි වීම නිසා ඔවුහු බරපතල තත්වයකට මුහුණ දී සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. රෝග නිවාරණ සහ පාලනය කිරීම සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය තෝමස් ෆ්රෙයිදන්ට අනුව එය පසුගිය වසර වලට වඩා ක්‍රමික වැඩි වීමක් බව වාර්තා වේ. එසේම හෙතම තවදුරටත් ප්‍රකාශ කළේ වැඩිහිටියන් මෙන්ම ළමුන්ද මෙම බරපතල තත්වයට මුහුන දී සිටින බවයි. Tell a Friend