දොස්තර හෙක්ටර් වීරසිංහට අපගේ ආචාරය


අමිල ගුණරත්න

හොරුන් ගේ නිරුවත ජනතාවට හෙළි කරන අප යහපත් මිනිසුන් ගැන ලිවීමද අමතක නොකරමු. මේ සටහන දුර්ලභ මිනිසෙකු ගැනය.


කොළඹ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 11 උදාර සේවයක් කල දොස්තර හෙක්‌ටර් වීරසිංහ නොබෝදා විශ්‍රාම ගත්තේය. රුසියාවේ පැට්‍රිස් ලුමුම්බා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදැරූ ඔහු වෛද්‍යවරයෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙස අවංකව සේවය කල මහත්මයෙකි. බෙහෙත් වලින්, වෛද්‍ය උපකරණ වලින් කොමිස් ගසාකන සෞඛ්‍ය අමාත්‍යංශයේ කාක්කන් අතර හංසයන්ද අතරින් පතර සිටින බවට මෙතුමා රටට ක්‍රියාවෙන් පෙන්වා දුන්නේය. සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් 2009 වසරේ විශිෂ්ටතම පුරවැසියා සම්මානයෙන් ද 2007 වසරේ විශිෂ්ටතම වෛද්‍ය පරිපාලකයා සඳහා පිදෙන සෞඛ්‍ය ස්‌වර්ණ සම්මානයෙන් ද පිදුම් ලැබූ එතුමා . ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නුවර කොන්සාල් ජනරාල්වරයා ලෙස පත් වීමට නියමිතය.

දොස්තර හෙක්ටර් වීරසිංහ මහතාණෙනි ඔබට ශ්‍රී ලංකා ගාර්ඩියන්හි ආචාරය !
Tell a Friend