කිෂානි වැලිවිටිගොඩ
මානසික අවපීඩනය ඉතා ඉක්මන් ආඝාතයට සහ හදිසි මරණ ඇති වීමට හේතු වන බව නවතම වාර්තා පෙන්වා දෙයි. මානසික අවපීඩනය මගින් මානසික තත්වය දුබල කරන අතර ශරීර ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් වෙනස් කර හදවත් රෝග ඇතුළු ප්‍රශ්න රැසකට හේතු වේ. බොස්ටන් හි පිහිටි හාවර්ඩ් සනීපාරක්ෂක පාසලෙහි පර්යේෂකයින්ට අනුව ලොව පුරා බිලියනයක් පමණ මානසික අවපිඩනයෙන් පෙලෙන බවත් ඔවුන්ට මාරාන්තික ආඝාතය වැළඳීමේ අවධානම වැඩි බවයි.
පුද්ගලයින් ලක්ෂ 3 කට අධික පිරිසක් යොදාගෙන මීට පෙර කරනු ලැබූ අධ්‍යන වාර 28 ක් විශ්ලේෂණයට බදුන් කර ඇති ආදාළ පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇති කරුණු වලින් හෙළි වුයේ මානසික අවපීඩනය නිසා ආඝතයක ඕනෑම අවධියක් වැළඳීමේ ප්‍රවනතාවය 45% ක් බවය . නමුත් නවතම පර්යේෂණ වාර්තාවේ ප්‍රතිපල වලට අනුකුලව වෙනත් මානසික තත්වයන්ගෙන් නොපෙළෙන එහෙත් මානසික අවපීඩනය නිසා ඇතිවන ආඝාත තත්වය හේතුවෙන් මිය යාමේ ප්‍රවනතාවය 55% ක් පමණ වන බවයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ග්‍රීසියේ ඇතන්ස් නුවර පවත් වූ ගෝලීය මානසික සෞඛ්‍ය සමුළුවේදී නිකුත් කළ වාර්තාවෙන් නිළ වශයෙන් අනාවැකි පල කරනු ලැබුයේ මීළඟ වසර 20 ක කාලය තුළ ලෝකයට මුහුණ දීමට සිදු වන ප්‍රබලම ප්‍රශ්නය වනුයේ මානසික ආතතිමය ලක්ෂණය බවයි. එය වසංගතයක් බවට පත්වීමට හැකි බව ප්‍රකාශ කරන ආදාල සංවිධානය වැඩි දුරටත් වාර්තා කරනුයේ ලොව පුරා වෙසෙන මිලියන 450 ක් මානසික ව්‍යාධියෙන් පෙලෙන බවයි . ඉන් බොහොමයක් දෙනා ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.
Post a Comment