The Most/Recent Articles

Showing posts with label Darshani Wimalasooriya. Show all posts
Showing posts with label Darshani Wimalasooriya. Show all posts

හොර මනෝ උපදේශකයෝ රට පුරා



දර්ශනී විමලසූරිය


වියාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැති හොර මනෝ  උපදේශකයෝ විශාල ප්‍රමානයක් රට පුරා විහිදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  වෛද්‍යවරයෙකු පෙන්වා දෙයි.  මෙම වෛද්‍යවරයා පවසන අන්දමට සමහරක් පුද්ගලයන් විසින් ඉන්දියාවේ පෙට්ටි කඩ වැනි කිසිම අධ්‍යාපන ගුනාත්මක භාවයක් නොමැති ආයතන වලින් මනෝ විද්‍යා උපාධි මිලට ගෙන සායනික මනෝ විද්‍යාඥ  වැනි නාම යටතේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම  මෙන්ම සමහර විශ්ව විද්‍යාල නොමග යවා විශ්ව විද්‍යාල කථිකාචාර්ය​ තනතුරු ද ලබාගෙන ඇත​. 

වැඩිදුරටත් කරුනු දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  මෙම වෛද්‍යවරයා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවය කරන මනෝ විද්‍යාඥයන් ගේ ප්‍රමානය පස් දෙනෙකුට නොවැඩි බව පවසයි. එසේම​ ලංකාවේ විශ්ව විද්‍යාල වල  මනෝ විද්‍යා අංශයන්හි සේවය කරන මහාචාර්ය /  කථිකාචාර්ය​ තනතුරු දරන පුද්ගලයෝ මනෝ විද්‍යාව නොව දර්ශනය වැනි උපාධි හැදෑරූවන් බව පෙන්වා දෙයි. 

 කිසිදු පුහුනුවක් අධ්‍යාපනයක්  නොමැති හොර මනෝ  උපදේශකයෝ විශාල ප්‍රමාණයක්  මානසික රෝගීන්ට ප්‍රතිකාර  කිරීම මානසික සෞඛ්‍ය  කෙරෙහි බලපා ඇති විශාල තර්ජනයකි.    ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය  සංගමයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්  මෙන්ම   වර්තමාන සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහද මෙම තත්වය  වැලක්වීම  සඳහා කිසිදු පියවරක් නොගැනීම ඔවුන් ගේ දුර්වලත්ව නායකත්වය   විදහා දක්වන්නක් බව දැනට විශ්‍රාම ගොස් සිටින විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු පවසයි. 

  වංචනික වෛද්‍යවරුන් 40,000 ක් පමණ රටපුරා නගරවල වෛද්‍ය සායන පවත්වමින් වෛද්‍ය වෘත්තියේ යෙදෙන බව සෞඛය අමාත්‍යංශය වාර්තා කරන අතර දළ වශයෙන් මොවුන් ගෙන් 8000 පමණ මානසික රෝගින්ට ප්‍රථිකාර කරති. අප විසින් සිදු කරන ලද විමර්ශනයකදී වියාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැතිව කොලඹ ප්‍රදේශයේ මහා පරිමානයෙන් මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන  පුද්ගලයන් කිහිප දෙනෙකු සොයා ගැනුනු අතර එම පුද්ගලයන් ගේ නම් ගම් මෙසේය​. 

1) ඩී .එස් රණවක - කොල්ලුපිටිය ප්‍රදෙශයේ ප්‍රථිකාර මධ්‍යස්ථනය පවත්වාගෙන යයි. මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් කිසිදු උපාධියක් නොමැතිමුත්   වංචනිකව FICP සහ MICP උපාධි  තමන් ගේ නමට අගින් යොදාගෙන තිබේ. පුන්‍යායථනයක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය නම් ආයතනයක් ලියාපදිංචි කොට නොමිලේ MICP උපාධි පොලිස් නිලධාරීන්ට සහ දේශපාලකයන්ට දීමෙන්  නීතියෙන් රිංගා ගොස් ඇත​.  මේ දක්වා ඔහුගේ ආයතනයෙන් 600 දෙනෙකුට පමණ මුදල් වලට සහතික නිකුත් කර ඇති අතර, ඔවුහු මනෝ චිකිත්සක උපදේශකවරු වශයෙන් නීති විරෝධීව  මනෝ ව්‍යධී රෝගීන්ට ප්‍රතිකාර කරති.

2) එච්. ආර්. එස් කීර්තිසිංහ -ආචාර්ය එච්. ආර්. එස් කීර්තිසිංහ නමින් පෙනී සිටියි. නමුත් 
ආචාර්ය උපාධි සහ මනෝ විද්‍යා උපාධි වියාජ ලෙස සකස් කරන ලද ඒවාය​.ව්‍යාජ ලෙස එංගලන්තයේ , ඇමරිකාවේ, බෙල්ජියමේ හා ඉන්දියාවේ අධ්‍යාපන ආයතන වල සහතික සකසා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ලබා දීමෙන් කාලයක් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ දේශන පැවත්වීය​. ඔහුගේ සහතික වියාජ බව හෙලි වීම නිසා ඉන් ඉවත් කරනු තිබේ. වත්තල ප්‍රදේශයේ  Institute of Psychology & Counselling Sri Lanka නම් ආයතනයක් පවත්වගෙන යමින් මානසික රෝගීන්ට ප්‍රථිකාර කිරිම සිදු කරයි.  

3)  උදාර දේවමුනි - රත්මලාන  ප්‍රදේශයේ ප්‍රථිකාර කරයි. අප විසින් කල විමසීමකදී   තමා  කොලඹ වෛද්‍ය පීඨයේ උපාධිධාරී වෛද්‍යවරයෙකු බවත් මාදම්පේ රෝහලේ සේවය කරන බවත් පැවසීය​.  බොස්ටන් රේඩියෝ සේවයේ චිත්‍රාල් ද මැල් පවා නොමග යවමින් වෛද්‍ය  වරයෙකු ලෙස පෙනී සිටිමින් Beyond Boston හි වැඩ සටහනක් ද පවත්වා තිබේ. (එම වැඩසටහන  සඳහා යොමුව   http://www.youtube.com/watch?v=fLzbJP5vDzQ
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධරී ඉන්දික එල්ලාවල මහතාගේ උපකරයෙන් මේ තොරතුරු   අප විසින් සොයා බැලූ අතර උදාර දේවමුනි නැමැත්තාට කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති බව හෙළිවිය. වෛද්‍ය උපාධියක් හෝ ලොකයේ පිලිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් නොමැත​.

4)  ක්‍රිශාරා පරණවිතාන - සායනික මනෝ විද්‍යාඥවරියක් ලෙස පෙනී සිටින තැනැත්තියෙකි. වත්තල හේමාස් පුද්ගලික රෝහලේ රෝගින්ට ප්‍රථිකාර කරයි. උපාධි සුදුසුකම් සැක සහිතය. අප විසින් ඇයගේ සුදුසුකම් විමසන ලදමුත් සතුටුදායක පිලිතුරක් නොලැබිනි.   

ඉහත දක්වන ලද්දේ අප විසින් විමර්ශනයට බඳුන් කරන ලද පුද්ගලයන් ගෙන් ඉතා සුලු කොටසකි. මෙවැනි වංචනිකයන් විශාල පිරිසක් නීති විරෝධීව මානසික රෝගීන් ගේ ජීවිත සමග සෙල්ලම් කරති. එසේම මොවුන් වැඩි දෙනා මානසික රෝගීන් අපයෝජනයද කල බවට විස්තර අප සතුව තිබේ. අවාසනාවකට මෙන්  මෙවැනි සදාචාර සහ නීති විරොධී  ක්‍රියා වලට එරෙහිව බලධාරීන් මේ දක්වා කිසිදු පියවර ගෙන නැත​.

හොර මනෝ  උපදේශකයන් ගෙන් ප්‍රවේසම් වීම සඳහා ජනතාවට පහත පියවර ගන්නා ලෙසට මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු උපදෙස් දෙයි. 

1) මනෝ උපදේශකයෙකු වෙත යන විට ඔහුගේ සුදුසුකම් විමසා සිටීම​ . සේවාදායකයාට තම සුදුසුකම් කීමට ඔහු බැඳී සිටියි. එම තොරතුරු ඔහුගේ අත් අකුරින් හෝ සීල් එකක් මගින් ඉල්ලා සිටිය හැකිය​. එම සුදුසුකම් රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙකුගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් පරික්ශා කර ගත හැක​. 

2) වියාජ වෛද්‍යවරුන් සහ මනෝ උපදේශයන් ගැන තොරතුරු  තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දුරකථනයෙන් හෝ ලිපියක් මගින් දැනුම් දිය හැක. ​  එසේම  රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ  සංගමයට යොමු කල හැක​. දුරකථනය 0112580886, 0714999555

 සුදුසුකම් නොමැතිව මානසික රෝගීන්ට ප්‍රථිකාර කිරීම  උසාවියකින් දඩ හා සිර දඩුවම් ලැබිය හැකි වරදකි. ඔබට හෝ ඔබගේ ඥාතියෙකුට වියාජ මනෝ උපදේශකයෙකු හෝ වියාජ වෛද්‍යවරයෙකු ප්‍රථිකාර කොට තිබුනේ නම් නීතිවේදියෙකු මගින් නඩු නොපැවරීමට නම් 
වන්දි ලෙස රුපියල්   ලක්‍ෂ 10- 50 අතර මුදලක් ඉල්ලා  එන්තර වාසියක් යවන්න​.  අප දන්නා පුද්ගලයන් එසේ වියාජ මනෝ උපදේශකයන්ට  සහ  වියාජ වෛද්‍යවරයන්ට එන්තර වාසි යවා  නීතිවේදීන් මගින් ලක්‍ෂ 3 - 8 දක්වා මුදල් වන්දි ලබාගෙන තිබේ. මොවුන් නඩු යාමට බිය වන නිසා  මුදල් වන්දි ගෙවා සමථයකට පත් වීමට ක්‍රියා කරති. බලධාරීන් විසින් මේ ගැටලු විසඳා නොදෙන නිසා ජනතාවට මේ ක්‍රම වලින් හෝ කපටීන් ගෙන් බේරීමට සිදුවී තිබේ. 


ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත් මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කරලා





දර්ශිනී විමලසුරිය 

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ  සහ​ අනෝමා වැලිවිට ගේ පුතා  වන  එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට  තැත් කොට තිබේ.උසස් පෙළ විභාගය නිම වී නිවස බලා බස් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර මහරගම ගුරු විද්‍යාලය අසලදී එම සිසුවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබෙන අතර බස් රථයේ සිටි මගීන් විසින් ඇය බේරාගෙන ඇත. මේ පැහැර ගැනීම  සිදු කිරීමට තැත් කල  කොලඹ ඩී.එස් සේනානායක විදුහලේ සිසුන් වන එන්.ඒ. වැලිවිට(18), එම්.ඩබ්. දේදුනුගේ(19), කේ ගනේවත්ත(18), එස් දේවානන්ද(18), ජී.එන් අබේවර්ධන(19) යන පිරිස  මහරගම පොලිසිය  විසින්  අත් අඩංගුවට ගෙන  පොලිස් ඇප මත නිදහස් කොට තිබේ.  

මානසික වියාකූලතාවට පත් සෙබලා ජේතවන ස්ථූපයේ මුදුනට නගී


 දර්ශිනි විමලසුරිය   

  මානසික වියකූලතාවයට පත් වූ යුද හමුදා කෝප්‍රල් වරයෙකු වූ ඩබ්ලිව් එම් වීරසිංහ පසුගිය 17 වැනිදා අඩි  408 උසැති ජේතවන ස්ථූපයේ මුදුනට නැග තිබේ. රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේතවන ස්ථූපයට ගොඩ වූ බව ඔහු විසින් පසුව ප්‍රකාශ කොට ඇත.  මොහුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු  මෙම හමුදා සාමාජිකයා  ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කරන ලදී. එසේම මහේත්රාත්වරිය විසින්  යුද හමුදා  කෝප්‍රල්වරයා මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.   

යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් වසා  දැමීමෙන් පසුව මෙවැනි මානසික වියාකුලතාවයන්ට පත් වූ සොල්දාදුවන් විසින් විවිධ සමාජ විරෝධී  ක්‍රියා  සිදු කොට ඇත. අප විසින් මේ සම්බන්දයෙන් විමසීමට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල මහතාට දුරකතනයෙන් කිහිප විටක්ම ඇමතු නමුත් ඔහු වෙනුවට දුරකතනයට පිළිතුරු දුන් වෙනත් නිලධාරියෙක් බ්‍රිගේඩියර් කමල් සුමනපාල මහතාට වැඩ කටයුතු අධික නිසා දුරකතනයට ඒමට නොහැකි බව  පැවසිය. රණවිරු සෙවනේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ තවත් නිලධාරියෙක් ප්‍රකාශ කලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාලගේ අන්තනෝමතික තීරණයක් මත මනෝ වෛද්‍ය නිල් ප්‍රනාන්දු මහතා විසින්   යුද හමුදා රෝහලේ  ආරම්භ කල යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය වසා දැමීම සමස්ත යුද හමුදාවටම කල ද්‍රෝහී කමක් බවත් මේ නිසා යුද ආතතියට පත් වූ බොහෝ සොල්දාදුවන් අසරණව  සිටිනවී  බවත්ය. සමහරෙකු මේ වන විට දිවි නසාගෙනද තිබේ.  

      

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ඝාතනය කිරීමට නියෝග දුන්නන් තවමත් නිරුපද්‍රිතව



දර්ශනී විමලසුරිය

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1978–1988 අතර කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කල විශිෂ්ඨ බුද්ධිමතෙකි. එතුමා ඝාතනය කිරීම සඳහා නියෝග දුන් කිහිප දෙනෙකු අද ශාස්ත්‍රඥයන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින බව මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඥාතීන් පෙන්වා දෙති. 

 1988 - 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග එක්ව ක්‍රියා කල මොවුන් ඝාතන කටයුතු වලදී ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කොට තිබෙන බවට දැන් හෙළිවෙමින් පවතී. මොවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බුද්ධි මණ්ඩලය ලෙස ක්‍රියා කොට ඇති අතර ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇත. මේ ඝාතක උපදේශක පිරිස අතර වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු සිටිති. මින් එක් පුද්ගලයෙන් සුප්‍රකට වෛද්‍යවරයෙකු වන අතර ඔහුව භීෂණ සමයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතත් තමාගේ පාසල් මිත්‍රයෙකු වූ හමුදා නිලධාරියෙකුගේ ආධාරයෙන් අත්අඩංගුවෙන් මිදී දේශපාලන රැකවරණ පතා එංගලන්තයට පලා ගොස් තිබේ. භීෂණ සමය අවසන් වීමෙන් පසු මොහු ලංකාවට පැමිණ සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය වියාපෘති සඳහා උපදේශකයෙකු ලෙසටද කටයුතු කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

 එසේම ආණ්ඩුව ජවිපෙ සමග පරිවාසය පැවති සමයේ මොවුන් දේශපාලන බලය උපයෝගී කොට ගෙන විශ්ව විද්‍යාල වල අධ්‍යන මණ්ඩල වලටද ඇතුළු වී තිබේ. බුද්ධිතුන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින මේ කුරිරු පුද්ගලයන් විසින් 1988 - 1989 වකවානුවේ ජවිපෙ කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා සැබෑ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් රටට අහිමි විය. එසේම ජවිපෙ දෙකඩ වීමත් සමගම මොවුන් විමල් වීරවංස අමාත්‍යවරයාට සහය ලබා දී ඇති අතර එමගින් විශාල වරප්‍රසාද ගෙන තිබේ.

 ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කල මේ පුද්ගලයන් වර්තමානයේ වගකිවයුතු තනතුරු දරමින් සිටින අතර මොවුන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබුනද මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරගේ ඥාතීන්ට යුක්තිය ඉටු වන බවක් පෙනෙන්නට නැත. ඝාතනය කරන ලද කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පුතකු වන පුතා වන ගම්පහ පළාත් සභා මන්ත්‍රී ශාලිත විජේසුන්දර මහතා පැවසුවේ තම පියා මරා දැමුවේ උගත් පරපුරක් හැදීමේ මෙහෙයක යෙදී සිටියදී බවය. 

තම පියා ගැන ශාලිත විජේසුන්දර මහතා පවසන්නේ මෙසේය. " මගේ පියා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මිනිස්කම උතුරා ගිය පුද්ගලයෙක්. එතුමා හැමෝටම පුළුවන් තරමින් උදව් කළා. ඒ නිසා මගේ පියා ඉතාම කුරිරු ලෙස ඝාතනය කිරීම ජේවීපිය වෙනුවෙන් පෙනී හිටි අයත් හෙළා දැක්කා. අපේ තාත්ත දේශපාලනයට ගෑවිලාවත් හිටියේ නැහැ. අපේ තාත්තා මේ විදියට මරා දැමීම අපට අදහාගන්න බැරිවුණා. තාත්තා නැති අඩුපාඩුව අපේ ගෙදර කවදාවත් මකන්න බැරිවුණා. තාත්තා නැතිවුණාම පවුලක් අනාථ වෙනවා. මොනව තිබුණත් මොන සම්පත් තිබුණත් ඒ අඩුපාඩුව මකන්න කවදාවත් බැහැ. අපේ තාත්තා මේ රට පිළිගත්ත බුද්ධිමතෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් විදියට මේ රටේ උගත් පරපුරක් හදන්න කැපවුණ පුද්ගලයෙක්. එතුමා කළ මෙහෙය අදටත් කොළඹ විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙනවා. අපට ගොඩනැඟිලි, ආයතන ඇති කරන්න පුළුවනි. නමුත් පුද්ගලයෙක් නැවත ඇති කරන්න බැහැ. මෙහෙම මරා දාන්න තරම් අපේ තාත්ත කරපු වැරැද්ද මොකක්ද? අපේ පියා මනුෂ්‍යයන්ට ආදරය කළ මනුෂ්‍යයන් පෙරළා ආදරය කළ පුද්ගලයෙක්. මානුෂික ගතිගුණ උතුරා ගිය පුද්ගලයෙක්. තමන්ගේ පවුලට විතරක් නෙවෙයි රටටම යුතුකම් ඉටුකළ පුද්ගලයෙක්. අපි අදහන බෞද්ධ ධර්මය අනුවත් මනුෂ්‍ය ඝාතනය මිනිහකුට කරන්න පුළුවන් ලොකු පාපයක්. ඊට එහා පාපයක් නැහැ.

 මොන වැරැද්ද කළත් කිසිම කෙනකුගේ ජීවිතය ගන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. අපේ රටේ ව්‍යවස්ථාව අනුවත් ඒ අයිතිය එහෙමයි. ලෝකෙත් එහෙමයි. මනුෂ්‍ය ජීවිතය ඉතාම උතුම් එකක් විදියටයි බෞද්ධ ධර්මය අනුවත් අපි පිළිගන්නේ. ගවයෙකුගේ වුණත් ජීවිතය විනාශ කිරීම අපි විශාල පාපයක් ලෙස සලකන නිසාම අපි මරණයට කැපවූ ගවයන් නිදහස් කරනවා. ඝාතන කරන අයට ස්වභාවධර්මයෙන් වත් ගැලවෙන්න ඉඩක් නැහැ. ඒක මේ ජීවිතයේම පඩිසන් දෙනවා. පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු වන කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදු කර තිබෙන ප්‍රකාශයක් අනුව භීෂණ සමයේ ඝාතන පිළිබඳව වගකීම ඔවුන් විසින් බාරගෙන තිබේ. මේ අනුව ජවිපෙ අණින් ඝාතනයට ලක්වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර උප කුලපති තුමා ඇතුළු දහස් සංඛ්‍යාත පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කල යුතුය."

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරට නුසුදුස්සෙක් පත් වීම ගැටලුවක්

දර්ශනී විමලසුරිය

ඉහල සුදුසුකම්ලාභී විශේෂඥ කායික වෛද්‍යවරුන් නොතකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කායික වෛද්‍ය මහාචාර්ය තනතුරට වෛද්‍ය සිසිර සිරිබද්දන පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බව රජරට විශ්ව විද්‍යාලය මහාචාර්යවරු පිරිසක් පෙන්වා දෙති. කාලයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්දව වැඩ කල වෛද්‍ය සිසිර සිරිබද්දන ජවිපෙ බෙදීමෙන් පසු විමල් වීරවංසට සහය පල කරන ලදී. මේ නිසා කෘතගුණ සැලකීමක් ලෙසට රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා වෛද්‍ය සිසිර සිරිබද්දනට විමල් වීරවංස අමාත්‍යවරයා උපකාර කරන ලද බවට බව එම මහාචාර්යවරු වැඩිදුරටත් පෙන්වා දෙති. මෙවැනි වගකිවයුතු ශාස්ත්‍රඥ තනතුරක් සඳහා අත්දැකීම් සහ ඉගැන්වීමේ කුසලතා සහිත විද්වතෙක් පත් කල යුතුව තිබුනද දේශපාලන පන්දම් මත මෙවැනි නුසුදුස්සන් විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රඥ තනතුරු වලට පත් වීම මගින් විශ්ව විද්‍යාලවල අධ්‍යන මට්ටම පහල බසින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් අප සමග පැවසිය. 

 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේනිගතකිරීම් අනුව රජරට විශ්ව විද්‍යාලයේ තත්වය බොහෝ සෙයින් පිරිහී තිබෙන අතර රජරට විශ්ව විද්‍යාලය 6,228 තැනට පත් වී තිබේ. මේ සඳහා මුලික හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් රහිත පුද්ගලයන් දේශපාලන බලය යොදා පත්කිරීමය. 1988 - 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග ඝාතන කටයුතු වලදී උපදේශකයන් ලෙස ක්‍රියා කල වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු තවමත් කිසිම චෝදනා නොලබා නිරුපද්‍රිතව සිටින බවත් ඔවුන් ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇති බවද හෙළි වී තිබේ.මොවුන් විසින් 1988 - 1989 වකවානුවේ ජවිපෙ කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් රටට අහිමි විය. ජවිපෙ දෙකඩ වීමත් සමගම මොවුන් විමල් වීරවංස අමාත්‍යවරයාට සහය ලබා දී ඇති අතර ඒ සඳහා විශාල වරප්‍රසාද ගෙන තිබේ. ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කල මේ පුද්ගලයන් වර්තමානයේ වගකිවයුතු තනතුරු දරමින් සිටිති. 

රෝහලේ ලිංගික අතවර චෝදනා ලැබූ දොස්තරට උසස්වීමක්


දර්ශිනි විමලසුරිය

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග සායනයේදී තරුණියකට සාපරාධි ලෙස ලිංගික බලපෑම් කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ කුමාර වනිගතුංග නමැති වෛද්‍යවරයා සම්බන්දයෙන් නිසි පරිදි චෝදනා විභාග නොකොට අදාළ පරීක්ෂණ යට ගසමින් එම වෛද්‍යවරයා අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විමතිය පළ කරති. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග අංශයේ සේවය කල වෛද්‍ය කුමාර වනිගතුංග මුහුණේ කුරුලෑ මතුවීම නිසා එම සායනයට ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට බලහත්කාරයෙන් ලිංගික බලපෑම් කිරීම සහ අයුතු ලෙස ශරීරය ස්පර්ශ කිරීම සම්බන්දයෙන් එම රෝගී තරුණිය සහ ඇයගේ දෙමාපියන් විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ රෝහලේ චර්ම රෝග අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද ගුණවර්ධන මහතාට ලිඛිතව පැමිණිලි කොට තිබෙන අතර මේ සම්බන්දයෙන් කිසිම පරීක්ෂණයක් නොපවත්වා එම චෝදනා යට ගසා තිබේ. වෛද්‍ය කුමාර වනිගතුංග විසින් මෙම තරුණියට සිදු සාපරාධි ලිංගික බලපෑම ගැන ඇයගේ පියා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයටද පැමිණිලි කලද සිදු කොට ඇත්තේ අදාල වෛද්‍යවරයා චර්ම රෝග අංශයේ සිට තලංගම රෝහලට මාරු කිරීම පමණි. මේ දක්වා එම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා විභාග කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නැත.

 දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විසින් පෙන්වා දෙන පරිදි වෛද්‍ය කුමාර වනිගතුංග විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ බලවත් නිලධාරියෙකුගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ගේ සහයෙන් මෙම අතවරය පිලිබඳ පරීක්ෂණ යට ගසා තිබේ. මෙම අතවරය ගැන තරුණියගේ දෙමාපියන් විසින් රෝහල් පොලිසියට පැමිණිලි කල අවස්ථාවේදී රෝහල් පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කොට රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා හමු වන ලෙස නියෝග කර තිබේ. රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා හමුවී පැමිණිලි කල අවස්ථාවේදී අදාල පැමිණිල්ල තැපැල් මගින් එවන ලෙසටත් චුදිත වෛද්‍ය කුමාර වනිගතුංගට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බවටත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පොරොන්දු වුවත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වූ බව වින්දිත තරුණියගේ දෙමාපියන් පවසති. මෙවැනි චෝදනා වලට ලක් වූ වෛද්‍යවරයෙක් අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන අප විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට දුරකතනයෙන් කිහිප විටක්ම ඇමතුවද සෞඛ්‍ය අමාත්‍යවරයා රැස්වීමක බව කියමින් දුරකථනය විසන්ධි කරන ලදී. 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලින් ගුණාත්මක පුහුණුවක් නොලැබේ


දර්ශිනි විමලසුරිය

 ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලින් බිහි කරන වෛද්‍යවරුන් අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව ඉතාම පහල මට්ටමක සිටින බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවිය අනුබද්ධිත වෛද්‍ය විද්වතුන් පිරිසක් විසින් කල ඇගයීමකදී හෙළි වී තිබේ. මේ තත්වය කණගාටුදායක නමුත් සත්‍ය බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විශේෂඥාවරු කීපදෙනෙකු විසින්ද පෙන්වා දී ඇත. මනෝවෛද්‍ය ඩී වී ජේ හරිශ්චන්ද්‍ර මහතා විසින් පවසන පරිදි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පුහුණුකිරීමේ ක්‍රියාවලිය තුල බරපතල අඩුපාඩු තිබේ. මේ තත්වය මෑතකදී, අස්ථි බිදීමක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ අචලා ප‍්‍රියදර්ශනී නැමති නීති ශිෂ්‍යාවගේ වම් අත වෛද්‍ය සහ හෙද නොසැලකිල්ල නිසා කපා ඉවත්කිරීමට සිදුවීම තුලින්ද පෙනී යන බව එතුමා පෙන්වා දෙයි., අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ දී ඇත්තේ උගත් වෘත්තිකයෙකුට නොගැලපෙන ඉතා සරල ප්‍රකාශයකි. ඔහු මෙසේ පවසා තිබේ : "නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති., 

 ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යනයට අනුව ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන වෛද්‍යවරු තුල ආචාර ධර්ම (Professional Ethics) , ආකල්ප (Attitudes) සහ රෝගියා සම්බන්දයෙන් වගකිමත්වය (Accountability) ඉතාම පහල බව හෙළි වී තිබේ. . එසේම ලංකාවේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනික ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහත වැටී තිබෙන අතර අප්‍රිකාවේ නයිජීරියාව , උගන්ඩාව , බුරුන්ඩි වැනි, රටවල වෛද්‍ය පීඨ පවා ලංකාවේ වෛද්‍ය පීඨ වලටත් වඩා දර්ශක වලින් ඉදිරියෙන් සිටියි.  -->

ළමා ලිංගික අපයෝජකයන්ගේ ලැයිස්තුවට මුද්දරගම කුකුල් චාලිගේ නමත් ලියාගන්න



දර්ශනී විමලසුරිය

මෙරට ළමා ලිංගික අපයෝජකයන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය තීරණය කර තිබේ.බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක්කර, වරදකරුවන් වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. ඒ අනුව ඉදිරියේ දී එවැනි පුද්ගලයන් විවිධ රැකියාවලට බඳවා ගැනීම් ආදියේ දී එම තොරතුරු ප‍්‍රයෝජනයට ගත හැකි බවත් එවැනි පුද්ගලයන්ගේ තොරතුරු රැස්කර ලැයිස්තුගත කරන ආකාරය පිළිබඳව මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් සිටින බවද අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. මේ ලැයිස්තුවට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියකගේ ළැම ප්‍රදේශය අත ගෑ මුද්දරගම කුකුල් චාලි නොහොත් ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.Cජයසිංහ)ගේ නමද එකතු කල යුතු බව ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මියට අප දන්වා සිටිමු. මෙම පුද්ගලයා මිට වසර කීපයකට පෙර ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල භූමියේදී වැඩිවියට පත් වූ සිසුවියකගේ පියයුරු මිරිකීම නිසා එම විදුහලේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කොට තිබේ. නමුත් දේශපාලන හයිය මත මෙම පුද්ගලයට කිසිදු චෝනාවක් ගොනු වුයේ නැත. ජේ ඩී සී ජයසිංහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන ) ලෙස කටයුතු කරයි.
-->