රාහුල් ගාන්ධිට පකිස්ථානයේ ඔත්තු සේවය සමඟ ඇති සම්බන්ධ කුමක්ද ?

කොන්ග්‍රස් පක්ෂයේ මහා සමුළුව සඳහා තම මෑණියන් වන සෝනියා ගාන්ධි සමඟ සහභාගී වූ රාහුල් ගාන්ධි
ඉන්දියාවේ ජනතා පක්ෂයේ සභාපති සුබ්‍රමනියුම් ස්වාමි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කොන්ග්‍රස් පක්ෂයේ තරුණ සංගමයේ සභාපති වන රාහුල් ගාන්ධි මහතා හට පකිස්ථානයේ ඔත්තු සේවය වන අයි. එස්. අයි හෙවත් අභ්‍යන්තර චරපුරුෂ සේවාව සමඟ සම්බන්ධතා ඇති බවයි. ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා ඒ ගැන වහාම මෙරට බුද්ධි අංශ විසින් පරීක්ෂණයක් කළ යුතු යයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රාහුල් ගාන්ධිට ඇති අදාළ සම්බන්ධය යට ගැසීම සඳහා විකිලීක්ස් වෙබ් අඩවිය ඔහු විසින් කළ හින්දු ත්‍රස්තවාදය ගැන මාධ්‍ය අවධානයක් යොමු කොට ඇති බවයි.

Tell a Friend