ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත් මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කරලා





දර්ශිනී විමලසුරිය 

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ  සහ​ අනෝමා වැලිවිට ගේ පුතා  වන  එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට  තැත් කොට තිබේ.උසස් පෙළ විභාගය නිම වී නිවස බලා බස් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර මහරගම ගුරු විද්‍යාලය අසලදී එම සිසුවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබෙන අතර බස් රථයේ සිටි මගීන් විසින් ඇය බේරාගෙන ඇත. මේ පැහැර ගැනීම  සිදු කිරීමට තැත් කල  කොලඹ ඩී.එස් සේනානායක විදුහලේ සිසුන් වන එන්.ඒ. වැලිවිට(18), එම්.ඩබ්. දේදුනුගේ(19), කේ ගනේවත්ත(18), එස් දේවානන්ද(18), ජී.එන් අබේවර්ධන(19) යන පිරිස  මහරගම පොලිසිය  විසින්  අත් අඩංගුවට ගෙන  පොලිස් ඇප මත නිදහස් කොට තිබේ.