The Most/Recent Articles

Showing posts with label සත්‍යා. Show all posts
Showing posts with label සත්‍යා. Show all posts

GMOA අද තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක් වෙලා -- රාජිත




රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද ‘තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක්‘ බවට පත්වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (16) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ගැන සොයාබැලීමට ජනපති කොමිසමක් පත්කරන බවට වූ පුවත සාවද්‍ය බවත් මෙය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් පතුරුවා හරින අසත්‍ය කතාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ දින තමන්ට දුරකතන ඇමතුමක් දුන් ජනපතිතුමා මේ ගැන පැවසූ බවත් අදාළ කොමිසම පිළිබඳ විමසූ අවස්ථාවේදී, ‘මොන කොමිෂන් ද ඩොක්ටර්, අමාත්‍යංශෙකට විරුද්ධව කොහොමද ජනාධිපති කොමිෂම් පත්කරන්නේ‘ යැයි පැවසූ බවත්, ‘කොමිෂන් එකක් පත්කරනවා නම් ජනාධිපතිවරයෙක් පත්කරන්නේ රජයට විරුද්ධව මිසක් අමාත්‍යංශෙකට විරුද්ධව නෙමේ. මං කිසිම දෙයක් කතා කරේ නැහැ. ඒගොල්ලෝ කතා කරා. මං ඕක තමයි කිව්වේ‘ යනුවෙන් පිළිතුරු දුන් බවත් අනාවරණය කළේය.

'ආයතන ප්‍රධානීන් පත්කිරීම ප්‍රමාදවීමේ වගකීම අගමැති කාර්යාලය භාරගත යුතුයි' - ජනපති






නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිතුමා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව ඊයේ (13) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතර පැවති හමුවකදී පැවසුවේය.





මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර, එමෙන්ම අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.










https://www.facebook.com/1960441840868863/videos/vb.1960441840868863/1193728417432439/?type=2&theater




මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පැවසුවේ,





මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන පසුබිමක ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බවයි.










ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදිකරන මුවාවෙන් මහා පරිමාණ ජාවාරමක්






Railway Museum Guarantee Ltd සමාගම කෞතුකාගාරයක් ඉදිකර පවත්වාගෙන යන මුවාවෙන් දුම්රියේ නිලනාමය යොදාගෙන මහජන මුදල් අවභාවිත කරන කූඨ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.





දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී.විතානගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග වෙත ද මේ බව දන්වමින් අද (13) ලිපියක් යොමුකර සිටියේය. මෙහිදී ඔවුන් අවධාරණය කළේ Railway Museum Guarantee Ltd සමාගම අහෝසිකර, ඉදිකරමින් ඇති කෞතුකාගාරය වහාම දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගෙන දෙපාර්තමේන්තුවට ඍජු ආදායමක් ලැබෙන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.






Railway Museum Guarantee Ltd නමින් දුම්රියේ නිලනාමය යොදාගෙන 2007 අංක 07 දරණ සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ මෙම සමාගම ලියාපදිංචි කර ඇත. මෙහි ලියාපදිංචි අංකය 2409 වේ. 1902 අංක 9 දරණ දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය සේවයට අනුබද්ධිතව දුම්රිය සේවය තුළ කවරාකාරයක සමාගමක් වුවද, ලියාපදිංචි කිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ නෛතික ප‍්‍රතිපාදන නැත. මෙවැනි සමාගමක් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු පනතක් හෝ නීතිපති තමාගේ අවසරයක් හෝ නොමැත. මෙය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස හඳුන්වා ඇතත්, ජාවාරම්කාරී ලෙස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන සමාගමක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.









බලධාරීන් නිහඬයි





මෙම සමාගමේ නමින් මේ වනවිට කොළඹ ටෙක්නිකල් හන්දියේ දුම්රිය මූලස්ථානය ආසන්නයේ පිහිටි විශාල දුම්රිය භූමිය නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති අතර, එම භූමියේ ඇති දුම්රිය කාර්යාල කීපයක් ඉවත්කර එම ගොඩනැගිලි ගණනාවක් නීති විරෝධි ලෙස අත්පත් කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙක් කිසිදු සොයා බැලීමක් නොකරන අතර, දුම්රිය නිලධාරීන් කීප දෙනෙක්ද, වෘත්තීය සමිති නායකයින් කීප දෙනෙක්ද මෙම හොර ජාවාරමට සම්බන්ධ වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරි ලෙස සලකා දුම්රිය සේවකයින්ද මෙම ජාවාරම් කටයුතු වලට සම්බන්ධ කරගෙන ඇති බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.





දුම්රිය දෙපාර්තමේන්තුවට දුන් මුදල මහජන බැංකුවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික පරිහරණයට





මහජන බැංකුව, මර්චන්ට් බැංකුව හා පීපල්ස් ලීසිං සමාගම කෞතුකාගාරයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300 ක (කෝටි 30) මුදලක් ප‍්‍රදානයක් ලෙස ලබා දුන්නද, දුම්රිය දෙපාර්තමේන්තුවට එම මුදල ලබා දී නොමැති බවත් එම මුදල මහජන බැංකුවේ හිටපු සභාපතිවරයා විසින් පෞද්ගලික පරිහරණයට යොදවා ගෙන ඇත බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි.





රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වීම සඳහා ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Muse) යනුවෙන් නාමකරණය කර ඇති මෙම ගොඩනැගිල්ල ඉතාමත් වටිනා දුම්රිය දේපළක් බව බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් හා ගොඩනැගිලි යොදාගෙන මහජන බැංකුවේ මුදල් යොදාගෙන (මහජන මුදල්) නාවික හමුදාවේභටයින් යොදාගෙන දේශපාලන බලය පාවිච්චි කරමින් දුම්රිය සතු පෞරාණික සම්පත් යොදාගෙන පෞද්ගලික ධනය සත පහක් හෝ වැය නොකර මෙම කෞතුකාගාරය හරහා දැවැන්ත ජාවාරමක් කිරීමට කටයුතු කරමින් ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

























සබැඳි පුවත්





ජාතික දුම්රිය කෞතුකාගාරය අලුත් ජාවාරමක්ද ?





කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ භාණ්ඩ විනාශ කර දමලා


ශවේන්ද්‍රගේ පත්වීමට ගෝලීය දමිළ සංසදය හා ඇමිනෙස්ටි විරෝධය






මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (ජනවාරි 9) යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමත් සමග මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් සිය විරෝධය දැක්වීමට පටන්ගෙන තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හා ගෝලීය දමිළ සංසදය අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර මෙහිදී ඔවුන් අවධාරණය කරන්නේ සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දක්වන නොසැකිලිමත්බව හා වගවීම මෙම පත්වීමෙන් මනාව පෙන්නුම් කරන බවයි. එළඹෙන මාර්තු මසදී ශ්‍රි ලංකාව ගැන සමාලෝචනය කිරීමට නියමිත 30, 34/1 යෝජනාවේදී මෙම පත්කිරීම අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් දක්වා සිටියි.









අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරන ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසන්නේ, බරපතල චෝදනා තිබෙන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර ඇති යුද සමයේදී මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන අපරාධ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බවත්ය.





ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි









පශ්චාත් යුද සමයක සිදුවිය හැකි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීමට ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.









58 වන සේනාංකාධිපතිවරයා වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා 2009 වසරේදී යුද සමයේදී අවසන් කාලසීමාවේදී ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ බව ඇමිනෙස්ටි මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.









නැවත ඇතිනොවෙන්න යුක්තිය ඉටු කරන්න









මෙහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර සිටින්නේ, වින්දිතයින් හා මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිනොවීමට, යුක්තිය හා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළයුතු බවයි.





ගෝලීය දමිළ සංසදය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එළඹෙන මාර්තු මසදී ජිනීවා හිදී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට පසුබිමක UNHRC 30, 34/1 යෝජනාව සම්බන්ධයෙන් මෙරට දක්වන නොසැලකිමත් බව ද ජාත්‍යන්තරයට පෙන්වා සිටින බවත් මෙම පත්කිරීම එහිදී අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්ය.

















සත්‍යා






''ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගන්න ආණ්ඩුව මන්ත්‍රීවරු මුදලට ගැනීමේ සූදානමක'' - මහින්ද


යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇති බවත් පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක්කේ සිය නායකත්වයෙන් යුතු විපක්ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවත් අද (9) දින නිකුත් කළ නිවේදනයක් මගින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියි.





අදාළ නිවේදනයේදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ,





රටේ ණය බර වැඩිවුණේ කවුරු නිසාද ?









''2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමණ මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුලු ණය ප්‍රමාණය මෙන් 50%කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත. එජාප ආණ්ඩුව ණය ගන්නෙ අපේ ආණ්ඩුව ගත් ණය ගෙවීමට යැයි කීවද, ගත් ණය ගෙවීමට පමණක් ණය ගත්තේ නම්, 2015න් පසු සමස්ථ ණය ප්‍රමාණය වැඩි වීමට නොහැක. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී ලංකාවේ මුලු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු හතර ඇතුළත 50%කින් වැඩි වී තිබේ.









ආර්ථික වර්ධන වේගය පහළට - කාගේ වරදින්ද ? 





2006-2014 අතර අපි රට පාලනය කළ සමයේ මුල් අවුරුදු කිහිපය තුළ රටේ දරුණු යුද්ධයක් පැවතුනි. එයත් සමඟ 2007 ලෝක ආහාර අර්බුදය ඇති විය. 2008-2009 කාලයේ දී 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථීක අවපාතය අපිට අත් විදීමට සිදුවිය. එපමණක්ද නොව 2006 – 2014 කාලයේදී ඉතිහාසයේ පෙර නොවු විරූ ආකාරයට බැරලය ඩොලර් 140 දක්වා එකදිගටම දරුණු ලෙස තෙල් මිලද ඉහල ගියේය. ඒ සියලුම කලබැගෑනි මැදින් වුවත් 2006 – 2014 අතර මුලු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්‍ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 28 කින් පමණි. නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකය රුපියල් 53කින් අවප්‍රමාණය වී ඇත. අපේ කාලේ තිබුණු 7.4% ක සාමාන්‍ය වර්ධන වේගය අද 3% ටත් පහල තැනකට වැටී ඇත. ජනාධිපතිතුමා තත්වය අවබෝධ කරගෙන මහ මැතිවරණයක් පවත්වා නැවත රට අපට භාරදීමට උත්සාහයක් දැරුවද ඒ උත්සාහය සාර්ථක වුයේ නැත. අපි අද සිටින්නේ ඊළඟ සතියේ, ඊළඟ මාසයේ, ආර්ථිකයට කුමක් වේදැයි නොදන්නා තත්වයකය.









19 වන සංශෝධනය





අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුලු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වන සංශෝධනය නිසා, ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පැරදුනත්, විශ්වාස භංග යෝජනාවකින් පැරදුනත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක. පාර්ලිමේන්තුවක් යනු විවිධ මතිමතාන්තර, පුද්ගලික උවමනා එපාකම් සහිත සංවිධාන හා පුද්ගලයන් සමූහයකි. පාර්ලිමේන්තු ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සෙ පරිණාමය වූයේ එවන් පිරිසක් යම්කිසි රාමුවක් තුළ රඳවාගෙන පාලනයක් ගෙන යෑමට හැකි වෙන ආකාරයටය. රටේ පාලනයට බලපෑමක් ඇති වෙන තැනට පාර්ලිමේන්තු ආණ්ඩු පක්‍ෂයක් තුළ මත ගැටුම් ඇති වුවහොත් මැතිවරණයක් කැඳවා ජනතා අභිමතය පරිදි නව පාලනයක් පත් කරගැනීමට ඉඩ හැරීම පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රධානම අංගයක් විය. අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යෑමේ ක්‍රමවේදය දැන් අහුරා තිබෙන නිසා ආණ්ඩු පක්‍ෂයට තමන්ගෙම මන්ත්‍රීවරුන් හා සභාග දේශපාලන පක්‍ෂ යම් රාමුවක් තුළ රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව හීන වී ඇත.









අපේ රටේ 1952, 1959, 1964, 2001 පාර්ලිමේන්තු විසුරුවීම් සිද්ධ වූයේ පාලක පක්‍ෂය තුළ ඇතිවූ ගැටුම් විසඳීමටය. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීමට ඇති අවකාශය ඇහිරීම රටකට කෙතරම් අහිතකර දැයි ඉදිරියේදී කාටත් පෙනෙනු ඇත. 1978 ව්‍යවස්ථාව ගැන මූලාරම්භයේ සිටම තිබුණු ප්‍රධානම විවේචනය වූයේ, ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකින් පත් වි සිටින අතර පාර්ලිමේන්තු බහුතරය තවත් පක්‍ෂයකට ගියහොත්, රටේ පාලනය අවුල් වෙන බවයි. මේ තත්වය මඟහැරීමට 1994 දීත්, 2001 දීත් ඇතිවූ පූර්වාදර්ශය වූයේ, බලයේ සිටින ජනාධිපතිවරයෙක් මහ මැතිවරණයක් කැඳවා, යම් හෙයකින් ඔහුට විරුද්ධ දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනාගතහොත්, ඒ ආසන්න ජනමතයට ගරු කර රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත්වෙන අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාර දී ජනාධිපතිවරයා පසෙකට වී සිටීමයි. අද එවැන්නක් කළ නොහැක.









එජාපයට ජනවරමක් නැහැ





මහ මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීම ජනාධිපතිවරයාට තහනම් වුවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමඟ ආණ්ඩු පිහිටුවමින් රට ඉදිරියට ගෙන යෑමේ සම්පූර්ණ වගකීම 19 වන සංශෝධනය විසින්ම පවරා ඇත්තේ එම ජනාධිපතිවරයාටමය. ආණ්ඩුවේ ප්‍රධානියාත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාත්, වන්නේ ජනාධිපතිවරයාමය. එවන් ආණ්ඩුවක් කරන සෑම දේකටම ජනාධිපතිවරයාටද වගකීමට සිදුවේ. කලින් මෙන් ජනවරම ඇත්තේ කාටදැයි උරගා බැලීමට නොහැකි නිසා ආසන්න ජනවරමට ගරුකොට ජනාධිපතිට පාලනයෙන් අයින් වී සිටීමටද දැන් නොහැක. 2018 පලාත් පාලන ඡන්දයෙන් පසු, එජාපයට ජනවරමක් නොමැති බවත්, ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුලු රටම දනී. එවන් තත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එජාපයට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්තම නොහැක. 19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.









රට බෙදන ව්‍යවස්ථාව





අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත්කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩිමය. අද මධ්‍යයම ආණ්ඩුව සතු සියලුම බලතල ඒ ඒ පලාත් වලට බෙදා දීමට නියමිතය. මේ හැම පලාතකටම වෙනම පොලීසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත්, නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 වෙනි සංශෝධනය කෙටුම්පත් කර මුලු රටම අවුල් ජාලාවක් බවට පත් කළ අයමය.









මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පාර්ශවයම 2017දී පලාත් පාලන හා පලාත් සභා වලට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අලුත් මැතිවරණ ක්‍රමය ගෙන ඒමට උඩ පැනගෙන කටයුතු කරපු අයම දැන් කියන්නේ ඒ ක්‍රමයට නම් ඉදිරියේ මොනම ඡන්දයක්වත් පවත්වන්න එපා කියලාය. මේ පිරිසම හැඳු අලුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටක් හැටියට ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වෙනු ඇත. අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටි. මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.'' යන්නයි.





















සබැඳි පුවත්









අගමැති මාධ්‍ය මර්දනය පටන් ගත්තා






අයි.ටී.එන් හොර ගුහාවක්, සුදර්මන් රදලියගොඩ ගැන කතාකරන්න අපිට වෙනම විවාදයක් ඕන - මංගල






අමාත්‍ය මංගල සමරවීර අද (9) පාර්ලිමේන්තුවේ රාජ්‍ය මාධ්‍ය අර්බුදය ගැන පැහැදිලි කරමින් පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවය දූෂිත තැනක් බවත් මීට විසඳුම විය යුත්තේ එය මහජන සේවා මාධ්‍යක් ලෙස පවත්වාගෙන යාමත් බව පවසා සිටියේය.





මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ‘‘සුදර්මන් රදලියගොඩ ගැන කතාකරන්න අපිට වෙනම විවාදයක් ඕන. මෙතන මගේ යාළුවෝ නැහැ. යාළුවොයි සේවකයොයි කියන්නේ දෙකක්‘‘ යන්නයි.










https://www.facebook.com/VoiceOfJustice2018/videos/294872914707612/





'ඉඩම් ගනුදෙනු පුවත සාවද්‍යයි, වහාම පරීක්ෂණයක් පවත්වන්න' - චන්ද්‍රිකා






‘චන්ද්‍රිකාගේ ඉඩම් ගනුදෙනුවක් CID ය වසර අටක් යට ගහලා‘ යනුවෙන් ඊයේ (8) දින මෙරට ජාතික පුවත්පතක පළකර තිබූ පුවත සාවද්‍ය බවත් මේ පුවත ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී සෙනෙවිරත්නට ලිපියක් යොමුකරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා සිටියි.






අදාළ ලිපියේ ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ‘‘හැත්තෑ තුන් වසරක මාගේ ජීවිතයේ මා විසින් සිදුකළ එකම ඉඩම් ගනුදෙනුව මාගේ දෙමාපියන්ගෙන් ලද ඉඩකඩම් විකිණීම පමණි. එහෙයින් මම ද නොදන්නා මෙවැනි ඉඩම් ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි. මෙම පුවතෙහි සඳහන් කරුණු පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි‘‘ යන්නයි.










හිටපු ජනාධිපතිනිය නිකුත් කළ නිවේදනය




















සත්‍යා


ලසන්ත ඝාතනය කර වසර 10 යි - යුක්තිය ඉටුවුණාද ?



සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේදී අද (8) සැමරුමක් පැවැත්වුණි. මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අදහස් දක්වමින් පැවසුවේ මේ ඝාතනය සම්බන්ධයෙන් මෙරට මහජනතාවගෙන් යුක්තිය ඉටුවී ඇති බවත් ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට දේශපාලන අධිකාරිය මහත් බියක් දක්වන බවයි









ලසන්තට යුක්තිය ඉටුවුණා





‘‘මම හිතන විදියට ලසන්තට යුක්තිය ඉටුවෙලා තියෙනවා මේ රටේ මහජනතාවගෙන්, මේ රටේ ජනමාධ්‍යවේදීන්ගෙන්, අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගෙන්. යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ ආණ්ඩු වලින්. ඉතිං ආණ්ඩු වලින් යුක්තිය ඉෂ්ට වෙයිද නැද්ද කියන එක අපිට කියන්න බැහැ. අපි ආණ්ඩුවක් පත්කරගත්තා, අවුරුදු හතරකට ඉස්සරලා අද වගේ දවසක.





ඇත්ත වශයෙන්ම, ඒ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ලසන්තට විතරක් නෙමෙයි අපේ සහෝදර නිමල රාජන්, සිවරාම්, නඩේසන් වැනි මාධ්‍යවේදීන්ගෙන් නිසිකෙනෙකු සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන්න.





නමුත් මම විශ්වාස කරනවා අපි ලසන්තට යුක්තිය ඉෂ්ට කරලා තියෙන්නේ, මේ රටේ ජනතාව ඉෂ්ට කරලා තියෙන්නේ. ලසන්තගේ නාමය ශ්‍රී ලංකාවේ අමරණීයයි. ඒ වගේම නිමලරාජන්ගේ නම දැක්කම යාපනේ අමරණීයයි.





ආණ්ඩු වලට බැහැ මර්දනය සාධාරණීකරණය කිරීම මගින් ජනමාධ්‍යවේදීන්ගේ මරණ සාධාරණීකරණය කරන්න. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ ගැන යුක්තිය ඉෂ්ට කරන්න. ආණ්ඩුව යුක්තිය ඉෂ්ට නොකරත් මේ රටේ මහජනතාව මං හිතනවා ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරලා තියෙනවා.





සුනන්ද දේශප්‍රිය සැමරුමට එක්වෙමින්




මාධ්‍යවේදීන් ඝාතනයට ලක්කිරීම මෙන්ම පහරදීම් වලට කිසිදු ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට නොකරන්නේ ඇයි දැයි යන්න ගැන පැහැදිලි කළ ඔහු වැඩිදුරටත් දැක්වූවේ,







මේකේ කොණක දේශපාලඥයෙක් ඉන්නවා.





‘‘එකක් තමයි යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට විශාල බලයක් ලැබිලා තියෙනවා. මහජන බලයක් ලැබිලා තියෙනවා. දේශපාලඥයින් විසින් සියලුම දෙනාව රණවිරුවන් කරලා රණවිරුවන්ව ආරක්ෂා කිරීම ගැන මතවාදයක් මීට සම්බන්ධයි. ඔවුන් එක අතකට බයයි යුද හමුදාවන්ට, පොලීසියට විරුද්ධව පියවරක් ගන්න. මොකද මේකේ කොණක දේශපාලඥයෙක් ඉන්නවා.





ජනමාධ්‍යවේදියෙකුගේ ඝාතනය කිසිසේත්ම යුද හමුදාවට, පොලීසියට තනිවම සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. මේක පිටිපස්සේ එදා හිටපු දේශපාලන අධිකාරිය ඉන්නවා. ඉතිං, මේ දේශපාලන අධිකාරිය බයයි මේ සිදුවීම් කවදා හරි එළිදරව් වෙයි කියලා.





අනිත් එක හැමකෙනෙක්ම හැමකෙනෙකුටම සම්බන්ධයි. මේ දේශපාලන පංතිය කොළ, නිල් කියන එකේ වෙනසක් නැහැ ඇත්ත වශයෙන්ම.





ලසන්තගේ ඝාතනයේ අධිකරණමය ක්‍රියාමාර්ගය ගැන ලංකාවේ පුවත්පත් දිගටම වාර්තාකරලා තියෙනවා. ඒවගේම සමාජ මාධ්‍ය ජාලා මේක අතහැරලා නැහැ.‘‘ යන්නයි.






නීතිඥ අතුල එස් රණගල




මේ ගැන කැබිනට් පේපර් එකක් දානවා කිව්වා





ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් නීතිය හමුවට පැමිණවීම ගැන අදහස් දැක්වූ නීතිඥ අතුල එස්. රණගල මහතා අවධාරණය කර සිටියේ ‘‘ඔවුන් මට පුද්ගලිකව කතා කරලා කිව්වා ‘මේ සම්බන්ධයෙන් කැබිනට් පේපර් එකක් දාලා ඉක්මනින්ම මෙය විසදන්න කල්පනා කරනවා’ කියලා. නමුත් එහෙම කාරණාවක් ඉටු වුණේ නෑ...‘‘ යන්නයි.





ලසන්ත වික්‍රමතුංගගේ පවුල වෙනුවෙන් ලසන්තගේ සොයුරු ලාල් වික්‍රමතුංගේ නිවේදනයක් මෙහිදී කියවූ එහි දැක්වුණේ,





"උසාවියට දැනුම්දීලා තියෙනවා හමුදා බුද්ධි අංශ මේ සිදුවීම පිටුපස ඉන්නවා කියලා, මේ සිදුවීම යට ගහන්න 4 දෙනෙක් මරණයට පත්කරලා තියෙනවා අහිංසකයන්. ප්‍රධාන පෙළේ පොලිස් ප්‍රධානීන් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා සාක්ෂි විනාශ කිරීමට" යන්නයි.






මන්දනා ඉසමයිල්




මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල්





"අවුරුදු 10ක් ගිහිල්ලා යුක්තිය ඉටු වෙලා නැහැ, අපිට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියලා වැඩක් නැහැ, අවුරුදු 10ක් අපි ඒවා ඇහුවා, හිටපු රජයට ජනතාව තීරණයක් දුන්නේ යුක්තිය සාධාරණය ඉටු කරන්න, 2015 ඒ පොරොන්දුව දීලා ආපු දේශපාලකයන් ඒ පොරොන්දුව ඉටුකරන්න ඕනේ, නැතිනම් ඔවුන්ට වෙන්නේ ඉතිහාසයේ ඒ වගේ දේශපාලකයන්ට වුනදේ තමයි"













සත්‍යා





සබැඳි පුවත්









ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂ - රන්ජන්