ලසන්ත ඝාතනය කර වසර 10 යි - යුක්තිය ඉටුවුණාද ?



සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේදී අද (8) සැමරුමක් පැවැත්වුණි. මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අදහස් දක්වමින් පැවසුවේ මේ ඝාතනය සම්බන්ධයෙන් මෙරට මහජනතාවගෙන් යුක්තිය ඉටුවී ඇති බවත් ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට දේශපාලන අධිකාරිය මහත් බියක් දක්වන බවයි









ලසන්තට යුක්තිය ඉටුවුණා





‘‘මම හිතන විදියට ලසන්තට යුක්තිය ඉටුවෙලා තියෙනවා මේ රටේ මහජනතාවගෙන්, මේ රටේ ජනමාධ්‍යවේදීන්ගෙන්, අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගෙන්. යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ ආණ්ඩු වලින්. ඉතිං ආණ්ඩු වලින් යුක්තිය ඉෂ්ට වෙයිද නැද්ද කියන එක අපිට කියන්න බැහැ. අපි ආණ්ඩුවක් පත්කරගත්තා, අවුරුදු හතරකට ඉස්සරලා අද වගේ දවසක.





ඇත්ත වශයෙන්ම, ඒ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ලසන්තට විතරක් නෙමෙයි අපේ සහෝදර නිමල රාජන්, සිවරාම්, නඩේසන් වැනි මාධ්‍යවේදීන්ගෙන් නිසිකෙනෙකු සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන්න.





නමුත් මම විශ්වාස කරනවා අපි ලසන්තට යුක්තිය ඉෂ්ට කරලා තියෙන්නේ, මේ රටේ ජනතාව ඉෂ්ට කරලා තියෙන්නේ. ලසන්තගේ නාමය ශ්‍රී ලංකාවේ අමරණීයයි. ඒ වගේම නිමලරාජන්ගේ නම දැක්කම යාපනේ අමරණීයයි.





ආණ්ඩු වලට බැහැ මර්දනය සාධාරණීකරණය කිරීම මගින් ජනමාධ්‍යවේදීන්ගේ මරණ සාධාරණීකරණය කරන්න. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ ගැන යුක්තිය ඉෂ්ට කරන්න. ආණ්ඩුව යුක්තිය ඉෂ්ට නොකරත් මේ රටේ මහජනතාව මං හිතනවා ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරලා තියෙනවා.





සුනන්ද දේශප්‍රිය සැමරුමට එක්වෙමින්




මාධ්‍යවේදීන් ඝාතනයට ලක්කිරීම මෙන්ම පහරදීම් වලට කිසිදු ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට නොකරන්නේ ඇයි දැයි යන්න ගැන පැහැදිලි කළ ඔහු වැඩිදුරටත් දැක්වූවේ,







මේකේ කොණක දේශපාලඥයෙක් ඉන්නවා.





‘‘එකක් තමයි යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට විශාල බලයක් ලැබිලා තියෙනවා. මහජන බලයක් ලැබිලා තියෙනවා. දේශපාලඥයින් විසින් සියලුම දෙනාව රණවිරුවන් කරලා රණවිරුවන්ව ආරක්ෂා කිරීම ගැන මතවාදයක් මීට සම්බන්ධයි. ඔවුන් එක අතකට බයයි යුද හමුදාවන්ට, පොලීසියට විරුද්ධව පියවරක් ගන්න. මොකද මේකේ කොණක දේශපාලඥයෙක් ඉන්නවා.





ජනමාධ්‍යවේදියෙකුගේ ඝාතනය කිසිසේත්ම යුද හමුදාවට, පොලීසියට තනිවම සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. මේක පිටිපස්සේ එදා හිටපු දේශපාලන අධිකාරිය ඉන්නවා. ඉතිං, මේ දේශපාලන අධිකාරිය බයයි මේ සිදුවීම් කවදා හරි එළිදරව් වෙයි කියලා.





අනිත් එක හැමකෙනෙක්ම හැමකෙනෙකුටම සම්බන්ධයි. මේ දේශපාලන පංතිය කොළ, නිල් කියන එකේ වෙනසක් නැහැ ඇත්ත වශයෙන්ම.





ලසන්තගේ ඝාතනයේ අධිකරණමය ක්‍රියාමාර්ගය ගැන ලංකාවේ පුවත්පත් දිගටම වාර්තාකරලා තියෙනවා. ඒවගේම සමාජ මාධ්‍ය ජාලා මේක අතහැරලා නැහැ.‘‘ යන්නයි.






නීතිඥ අතුල එස් රණගල




මේ ගැන කැබිනට් පේපර් එකක් දානවා කිව්වා





ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් නීතිය හමුවට පැමිණවීම ගැන අදහස් දැක්වූ නීතිඥ අතුල එස්. රණගල මහතා අවධාරණය කර සිටියේ ‘‘ඔවුන් මට පුද්ගලිකව කතා කරලා කිව්වා ‘මේ සම්බන්ධයෙන් කැබිනට් පේපර් එකක් දාලා ඉක්මනින්ම මෙය විසදන්න කල්පනා කරනවා’ කියලා. නමුත් එහෙම කාරණාවක් ඉටු වුණේ නෑ...‘‘ යන්නයි.





ලසන්ත වික්‍රමතුංගගේ පවුල වෙනුවෙන් ලසන්තගේ සොයුරු ලාල් වික්‍රමතුංගේ නිවේදනයක් මෙහිදී කියවූ එහි දැක්වුණේ,





"උසාවියට දැනුම්දීලා තියෙනවා හමුදා බුද්ධි අංශ මේ සිදුවීම පිටුපස ඉන්නවා කියලා, මේ සිදුවීම යට ගහන්න 4 දෙනෙක් මරණයට පත්කරලා තියෙනවා අහිංසකයන්. ප්‍රධාන පෙළේ පොලිස් ප්‍රධානීන් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා සාක්ෂි විනාශ කිරීමට" යන්නයි.






මන්දනා ඉසමයිල්




මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල්





"අවුරුදු 10ක් ගිහිල්ලා යුක්තිය ඉටු වෙලා නැහැ, අපිට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියලා වැඩක් නැහැ, අවුරුදු 10ක් අපි ඒවා ඇහුවා, හිටපු රජයට ජනතාව තීරණයක් දුන්නේ යුක්තිය සාධාරණය ඉටු කරන්න, 2015 ඒ පොරොන්දුව දීලා ආපු දේශපාලකයන් ඒ පොරොන්දුව ඉටුකරන්න ඕනේ, නැතිනම් ඔවුන්ට වෙන්නේ ඉතිහාසයේ ඒ වගේ දේශපාලකයන්ට වුනදේ තමයි"













සත්‍යා





සබැඳි පුවත්









ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂ - රන්ජන්