'ඉඩම් ගනුදෙනු පුවත සාවද්‍යයි, වහාම පරීක්ෂණයක් පවත්වන්න' - චන්ද්‍රිකා






‘චන්ද්‍රිකාගේ ඉඩම් ගනුදෙනුවක් CID ය වසර අටක් යට ගහලා‘ යනුවෙන් ඊයේ (8) දින මෙරට ජාතික පුවත්පතක පළකර තිබූ පුවත සාවද්‍ය බවත් මේ පුවත ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී සෙනෙවිරත්නට ලිපියක් යොමුකරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා සිටියි.






අදාළ ලිපියේ ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ‘‘හැත්තෑ තුන් වසරක මාගේ ජීවිතයේ මා විසින් සිදුකළ එකම ඉඩම් ගනුදෙනුව මාගේ දෙමාපියන්ගෙන් ලද ඉඩකඩම් විකිණීම පමණි. එහෙයින් මම ද නොදන්නා මෙවැනි ඉඩම් ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි. මෙම පුවතෙහි සඳහන් කරුණු පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි‘‘ යන්නයි.










හිටපු ජනාධිපතිනිය නිකුත් කළ නිවේදනය




















සත්‍යා