ශවේන්ද්‍රගේ පත්වීමට ගෝලීය දමිළ සංසදය හා ඇමිනෙස්ටි විරෝධය






මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (ජනවාරි 9) යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමත් සමග මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් සිය විරෝධය දැක්වීමට පටන්ගෙන තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හා ගෝලීය දමිළ සංසදය අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර මෙහිදී ඔවුන් අවධාරණය කරන්නේ සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දක්වන නොසැකිලිමත්බව හා වගවීම මෙම පත්වීමෙන් මනාව පෙන්නුම් කරන බවයි. එළඹෙන මාර්තු මසදී ශ්‍රි ලංකාව ගැන සමාලෝචනය කිරීමට නියමිත 30, 34/1 යෝජනාවේදී මෙම පත්කිරීම අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් දක්වා සිටියි.









අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරන ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසන්නේ, බරපතල චෝදනා තිබෙන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර ඇති යුද සමයේදී මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන අපරාධ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බවත්ය.





ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි









පශ්චාත් යුද සමයක සිදුවිය හැකි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීමට ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.









58 වන සේනාංකාධිපතිවරයා වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා 2009 වසරේදී යුද සමයේදී අවසන් කාලසීමාවේදී ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ බව ඇමිනෙස්ටි මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.









නැවත ඇතිනොවෙන්න යුක්තිය ඉටු කරන්න









මෙහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර සිටින්නේ, වින්දිතයින් හා මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිනොවීමට, යුක්තිය හා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළයුතු බවයි.





ගෝලීය දමිළ සංසදය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එළඹෙන මාර්තු මසදී ජිනීවා හිදී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට පසුබිමක UNHRC 30, 34/1 යෝජනාව සම්බන්ධයෙන් මෙරට දක්වන නොසැලකිමත් බව ද ජාත්‍යන්තරයට පෙන්වා සිටින බවත් මෙම පත්කිරීම එහිදී අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්ය.

















සත්‍යා