The Most/Recent Articles

Showing posts with label කතානායක. Show all posts
Showing posts with label කතානායක. Show all posts

'කැබිනට් මණ්ඩලය 30 වැඩි වැඩිවෙන්න බැහැ - මහින්දට විපක්ෂ නායකධූරය දෙන්න' - ජී. එල්


අද (17) කොළඹදී පැවති පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධූරය ලබාදිය යුතු  බවට කථානායකතුමාට බලකර සිටින බවත්ය.  





 





එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,  ‘‘ඊයේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා. ඊළග තීරණය වෙන්නේ කැබිනට් මණ්ඩලය පත්කිරීම. ඒක පහසු දෙයක් නෙවෙයි. මොන තීරණ ගත්තත්. එක් කරුණක් ඉතාමත්ම පැහැදිලියි. කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30 ට වැඩිවෙන්න බැහැ. ඒක නිශ්චිතයි. 30 ට වඩා වැඩි වෙනවා නම් මේක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාත්විතව සැලසුම් සහගතව උල්ලංඝනය කිරීමක්.






19 වන සංශෝධනයේ ඉතාමත්ම පැහැදිලිව දක්වනවා කැබිනට් මණ්ඩලයේ උපරිම සංඛ්‍යාව 30 යි. 30 ට වඩා වැඩිවෙන්න බැහැ. රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු ගණන් කළාම සමස්ත සංඛ්‍යාව 70 ට වඩා වැඩිවෙන්න බැහැ.






මේ ප්‍රතිපත්තිය බලනොපාන්නේ එක අවස්ථාවක පමණයි, ජාතික ආණ්ඩුවක් හැදුවොත් ඒ සීමාව බලපාන්නේ නෑ. ජාතික ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන තියෙන පක්ෂය වෙන දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් හෝ ස්වාධීන කණ්ඩායම්, ඒ කියන්නේ දෙකකට වඩා සමසේ එක්කාසු වෙලා ජාතික ආණ්ඩුවක‍් හැදුවොත් පමණයි අර සීමාව බලනොපාන්නේ.'' යන්නයි. 














තේරීම් කාරක සභාවේ නම් ලැයිස්තුව අනුමතයි - පක්ෂව ඡන්ද 121 ක්

අද (23) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමට අදාල ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද කිසිවක් ලැබී නැත. පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමගම කතානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථා විරෝධී කතානායකවරයෙක් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඡන්ද විමසීමට පෙර පැවසූ අතර කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයට යටත්ව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන අයෙකු බවට ද චෝදනා කළේය. 


තේරීම් කාරක සභාව සඳහා සුළුතර ආණ්ඩු පැවති අවස්ථාවන්හිදී පවා ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජනයක් ලබාදුන් බව දිනේෂ් ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිළිගන්නා ලෙසයි මෙහිදී සභානායකවරයා පවසා සිටියේ.


ගමැතිවරයා සහ සභා නායකවරයා පිළිගන්නේ නැත්නම්, කතානායකවරයාද තමන් පිළිනොගන්නා බවත්, එසේනම් පාර්ලිමේන්තුව අතහැර යනබව අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී පැවසු අතර නික්මී ගිය පිරිස විසින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටියි.


තේරීම් කාරක සභාව වෙත නියෝජිතයින් පත්කිරීම සඳහා ඡන්දයක් විමසන ලෙස අනුර කුමාර දිසානායක යෝජනා කළා. කතානායකවරයා ඒ සඳහා ඡන්දයක් විමසීමට තීරණය කරනු ලැබු අතර ඡන්දය යෝජනා කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු සභා ගැබෙහි දක්නට නොලැබුණි.


දිනේෂ් ගුණවර්ධන, එස්. බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, ලක්ෂ්මන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, මාවෙයි සේනාධිරාජා, විජිත හේරත් එලෙස තෝරාගත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සාමාජිකයින් වනවා.


 



 

 

 

''ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි'' - කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

අද (15) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර  ඇත. 


නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව මෙම ලිපිය මගින් කථානායකතුමා දැනුම් දෙයි.


ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්තිනාමය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන අතර පවතින අර්බුදය හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇති බව ද දක්වා ඇත.


පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඊයේ කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයින්ගේ උපදෙස් ඇතිව පිළිතුරු ලිපියක් එවීමට අපේක්ෂා කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා සිය ලිපිය මගින් දැනුම් දෙයි.


 







 

 

 

 

සබැඳි පුවත් 

 

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට - කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ 

 

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට - කථානායක නිවේදනය කරයි

අද (14) පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව තුළ අද සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දක්වා ඇත.


කථානායකතුමා මෙමගින් වැඩිදුරටත් දන්වා සිටින්නේ, ‘‘අද දින භාරදෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාාවේ තීරණය ද, ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද , ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත දන්වා යැවීමට කථානායකතුමන් පියවර ගෙන ඇත‘ යන්නයි.  


 

[caption id="attachment_21962" align="aligncenter" width="237"] නිවේදනය [/caption]

පාර්ලිමේන්තුව හෙට ට කල්දැමේ

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර හෙට (15) උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ අත්සනින් යුතුව කථානායකතුමා වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා පිළිගත් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ද විශේෂත්වයකි.

 

අද පාර්ලිමේන්තුවේදී දුටු අපූරු දසුන්..

කෙටි කලකින් පසුව හමුවී 

[caption id="attachment_21947" align="alignnone" width="300"] නිමල් සිරිපාල ද සිල්වා හා මලික් සමරවික්‍රම [/caption]

වසන්ත සේනානායක යළිත් යූ.එන්.පී යට  ? 

[caption id="attachment_21948" align="alignnone" width="300"] වසන්ත සේනානායක[/caption]

ෆවුසි යළි ඒවිද ? 



ආගිය කතා 



සෙල්ෆි විත්



නොසන්සුන්ව 



 

‘‘මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු අප්‍රසන්න සංසිද්ධියක්‘‘ - කතානායකතුමාගෙන් විශේෂ නිවේදනයක්

පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අද (5) දිනයේදී නිවේදනයක් නිකුත් කළ කතානායක, කරු ජයසූරිය මහතා මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බව පවසන අතර අප රට පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී ඇති බව පවසයි.  මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරන එතුමන් පවසන්නේ,


එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් එතුමා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බවයි. 


පහතින් දැක්වෙන්නේ එහි එම නිවේදනයයි.


''අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රීතුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.


එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.


මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.


එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.


ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.


අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.


රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.


පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.


පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.


අවසානවශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවියයුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.


කරු ජයසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව''




 

 

 

‘‘ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග ඉන්නවා‘‘ - අගමැති රනිල් NDTV ට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV රූපවාහිනී නාලිකාව සමග අද (1) දිනයේදී මීට පැය කීපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.


එහිදී NDTV මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසූවේ, ‘‘අගමැතිධූරය පුරප්පාඩු නොවූ අවස්ථාවකදී දෙවැනි පුද්ගලයෙකු  ‍අගමැතිවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග මේ ගැන සාකච්ඡා කළා. මීට එරෙහිව  ජනමතය ඒකරාශී වී තිබෙනවා‘‘ යන්නයි. 


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත්කිරීම අද, ඊයේ සිදුවූවක් නොවන බව පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ,  ‘‘පසුගිය සති කීපය පුරාවටම මහින්ද රාජපක්ෂ හා ජනපතිවරයා අතර පක්ෂ දෙක ඒකරාශී වී ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙකු පත්කර ගැනීම ගැන කතාබහ ඇතිවුණා. මේක ඒ ඩීල් එකේ කොටසක් විය යුතුයි. මොකද, මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න බැහැ. ඉතිං මේක ඔවුන්ගේ ගනුදෙනුව විසඳෙන අන්දම විය යුතුයි‘‘‘


‘‘ගනුදෙනුව අහවර වුණා කියන්නේ රාජපක්ෂ මහත්තයා අගමැති වුණා‘‘ යනුවෙන් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසන්නේ, ‘‘ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනපතිතුමා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වේවි‘‘ යන්නයි.


ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග සිටින බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළ අතර මේ සිදුවීම පිටුපස ඉන්දීය රෝ සංවිධානයේ මැදිහත්වීම පවතීද ?  යන්න, වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට රනිල් වික්‍රමසිංහ ගත් උත්සහයත් සමග මෙවැන්නක් සිදුවීද ? යන්න, මුදලට විකිණෙන මන්ත්‍රී ධූර ගැන ද අගමැතිතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.