''ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි'' - කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

අද (15) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර  ඇත. 


නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව මෙම ලිපිය මගින් කථානායකතුමා දැනුම් දෙයි.


ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්තිනාමය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන අතර පවතින අර්බුදය හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇති බව ද දක්වා ඇත.


පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඊයේ කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයින්ගේ උපදෙස් ඇතිව පිළිතුරු ලිපියක් එවීමට අපේක්ෂා කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා සිය ලිපිය මගින් දැනුම් දෙයි.


 







 

 

 

 

සබැඳි පුවත් 

 

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට - කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ