විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට - කථානායක නිවේදනය කරයි

අද (14) පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව තුළ අද සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දක්වා ඇත.


කථානායකතුමා මෙමගින් වැඩිදුරටත් දන්වා සිටින්නේ, ‘‘අද දින භාරදෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාාවේ තීරණය ද, ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද , ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත දන්වා යැවීමට කථානායකතුමන් පියවර ගෙන ඇත‘ යන්නයි.  


 

[caption id="attachment_21962" align="aligncenter" width="237"] නිවේදනය [/caption]