‘‘ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග ඉන්නවා‘‘ - අගමැති රනිල් NDTV ට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV රූපවාහිනී නාලිකාව සමග අද (1) දිනයේදී මීට පැය කීපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.


එහිදී NDTV මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසූවේ, ‘‘අගමැතිධූරය පුරප්පාඩු නොවූ අවස්ථාවකදී දෙවැනි පුද්ගලයෙකු  ‍අගමැතිවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග මේ ගැන සාකච්ඡා කළා. මීට එරෙහිව  ජනමතය ඒකරාශී වී තිබෙනවා‘‘ යන්නයි. 


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත්කිරීම අද, ඊයේ සිදුවූවක් නොවන බව පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ,  ‘‘පසුගිය සති කීපය පුරාවටම මහින්ද රාජපක්ෂ හා ජනපතිවරයා අතර පක්ෂ දෙක ඒකරාශී වී ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙකු පත්කර ගැනීම ගැන කතාබහ ඇතිවුණා. මේක ඒ ඩීල් එකේ කොටසක් විය යුතුයි. මොකද, මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න බැහැ. ඉතිං මේක ඔවුන්ගේ ගනුදෙනුව විසඳෙන අන්දම විය යුතුයි‘‘‘


‘‘ගනුදෙනුව අහවර වුණා කියන්නේ රාජපක්ෂ මහත්තයා අගමැති වුණා‘‘ යනුවෙන් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසන්නේ, ‘‘ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනපතිතුමා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වේවි‘‘ යන්නයි.


ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග සිටින බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළ අතර මේ සිදුවීම පිටුපස ඉන්දීය රෝ සංවිධානයේ මැදිහත්වීම පවතීද ?  යන්න, වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට රනිල් වික්‍රමසිංහ ගත් උත්සහයත් සමග මෙවැන්නක් සිදුවීද ? යන්න, මුදලට විකිණෙන මන්ත්‍රී ධූර ගැන ද අගමැතිතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.