'කැබිනට් මණ්ඩලය 30 වැඩි වැඩිවෙන්න බැහැ - මහින්දට විපක්ෂ නායකධූරය දෙන්න' - ජී. එල්


අද (17) කොළඹදී පැවති පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධූරය ලබාදිය යුතු  බවට කථානායකතුමාට බලකර සිටින බවත්ය.  





 





එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,  ‘‘ඊයේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා. ඊළග තීරණය වෙන්නේ කැබිනට් මණ්ඩලය පත්කිරීම. ඒක පහසු දෙයක් නෙවෙයි. මොන තීරණ ගත්තත්. එක් කරුණක් ඉතාමත්ම පැහැදිලියි. කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30 ට වැඩිවෙන්න බැහැ. ඒක නිශ්චිතයි. 30 ට වඩා වැඩි වෙනවා නම් මේක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාත්විතව සැලසුම් සහගතව උල්ලංඝනය කිරීමක්.






19 වන සංශෝධනයේ ඉතාමත්ම පැහැදිලිව දක්වනවා කැබිනට් මණ්ඩලයේ උපරිම සංඛ්‍යාව 30 යි. 30 ට වඩා වැඩිවෙන්න බැහැ. රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු ගණන් කළාම සමස්ත සංඛ්‍යාව 70 ට වඩා වැඩිවෙන්න බැහැ.






මේ ප්‍රතිපත්තිය බලනොපාන්නේ එක අවස්ථාවක පමණයි, ජාතික ආණ්ඩුවක් හැදුවොත් ඒ සීමාව බලපාන්නේ නෑ. ජාතික ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන තියෙන පක්ෂය වෙන දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් හෝ ස්වාධීන කණ්ඩායම්, ඒ කියන්නේ දෙකකට වඩා සමසේ එක්කාසු වෙලා ජාතික ආණ්ඩුවක‍් හැදුවොත් පමණයි අර සීමාව බලනොපාන්නේ.'' යන්නයි.