පාසල් ගොඩනැගිල්ලේ දිරා ගිය උළුවස්ස සහ දොර පලුව බොරු නඩුවක් වේ



හර්ෂි සි. පෙරේරා 

2012.10.23 දින සවස 3 ට 3.30 ට වදුරබ පොලිසිය අත්අඩංගුවට ගත් කරුනාදසව සහ ඔහුගේ පුතාව පොලිසියට ගෙනෙන අතර තුර ඒ කිට්ටුව දිරා ගිය පාසල් ගොඩනැගිල්ලකට ගොස් උළුවස්සක් සහ දොර පලුවක්ද ජීප් රථයකට දා ගැනීමට පොලිසිය පසුබට නොවිණි. පසුව ඔහුව උසාවි දැමුවිට වියාජ චෝදනාව වුයේ උලුහවූ සොරකම් කිරීමකි. ඔහුව දින 14 කට රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. දින 07 කට පසුව ඔහුට ඇප ලැබිණි. කරුනාදාසව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා මත නඩු පැවරු වදුරබ පොලිසියේ අපරාද අංශයේ දෙවනියට පොලිස් කොස්තාපල් නන්දිපාල ඇතුළු නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහුට නැවත එම නිලදාරින්ගෙන් හිරිහැර සිදුවීමට ඉඩ ඇති බැවින් ආරක්ෂාව සපයන ලෙසත් ඉල්ලා හෙතෙම 2012.11.29 දින මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට සහ ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. වලිකන්දගේ කරුණාදාස 79 හැවිරිදි විවාහක අට දරු පියෙකි. ශාන්ති නිවස, කිරිමටියවල, නාත්තෙවෙල, වදුරබ පදිංචිව සිටි. -->