වැදගත් වන්නේ රට වැසීම නොව, එන්නත්කරණයට මිනිසුන් දිරි ගැන්වීමයි

නායකයෙකුට අවශ්‍ය වන්නේ ඔහුගේ දර්ශනය යථාර්ථයක් කර ගැනීම සඳහා අවංකව කටයුතු කරන පිරිසකි. නමුත් මේ රටේ අවාසනාවට සෑම  විටම නායකයින් වටා එකතු වන්නේ  තම පුද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යොමු වී පිරිසක් පමණි. එය නොහැකි වූ තැන, නායකත්වය බරපතල විවේචන වලට හසු වේ. 


ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන බුද්ධිහීන විවේචන වලට එරෙහිව නිවරැදි ප්‍රතිචාර දැක්වීම ඔහුගේ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සහ ඔහු යටතේ තම අරමුණු ඉටුකර ගන්නා බොහෝ දෙනෙකු අසමත් වී සිටිති. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත් කුඩා දේශපාලන පක්ෂ වලටද ඔහුගේ දේශපාලන දර්ශනය ගැන නිවැරදි අවබෝධයක් නැත. ජනාධිපතිවයා විසින් සිදුකරන බොහෝ යහපත් කටයුතු රටේ ජනතාවට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට නිවැරදිව සන්නිවේදනය කිරීමේ ක්‍රමෝපායක්ද නැත. මේ නිසා බොහෝ දෙනෙකුට වැරදි චිත්ත රූපයක්  ලබා දීමට විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ බලපෑම් කණ්ඩායම් වලට හැකිවී තිබේ.  



ඇත්ත වශයෙන්ම නායකයෙකුට අවශ්‍යය වන්නේ හිස් කයිවාරු ගසමින් පෞද්ගලික සිතැඟියාවන්  සපුරා ගන්නා හොරු සිරිසක් නොවේ. එසේම තම අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ පසු නායකයාට එරෙහිව දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණය කරන පිරිස්ද නොවේ.  නායකයෙකුට අවශ්‍ය වන්නේ ඔහුගේ දර්ශනය යථාර්ථයක් කර ගැනීම සඳහා අවංකව කටයුතු කරන පිරිසකි. නමුත් මේ රටේ අවාසනාවට සෑම  විටම නායකයින් වටා එකතු වන්නේ  තම පුද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යොමු වී පිරිසක් පමණි. එය නොහැකි වූ තැන, නායකත්වය බරපතල විවේචන වලට හසු වේ. 

මේ වන විට විවිධ දේශපාලන පක්ෂ  සහ විවිධ සමාජ බලපෑම් කණ්ඩායම් මෙන්ම බෞද්ධ පන්සලේ ප්‍රධාන පාර්ශවයන්ද ,රට වසා දමන ලෙස බලාපෑම් කරමින් සිටිති. මෙම ඉල්ලීම හුදු දේශපාලන අභිලාෂයන් සපුරා ගැනීම සඳහා මිස රටේ සාමන්‍යය ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා නොවේ. එසේම ගෙවී ගිය සති කිහිපය තුළදී  වෘත්තීය සමිති සහ විවිධ දේශපාලන කණඩායම් රටපුරා උද්ඝෝෂණ සංවිධානය කරමින් වසර 25 ක් පමණ පැරණි වූ ගැටලුවකට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියෝය.  මෙම වෘත්තීය සමිති සහ ඔවුන් මෙහෙයවන්නන් රටේ සමස්ත රාජ්‍යය අධ්‍යාපනික ක්‍රමවේදයම ප්‍රාණ ඇපයට ගත්හ. මෙවැනි වසංගත කාලය මෙම වචාලයින්ට නොවරදවා වැටුප් ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැන කෘතගුණ සැලකීම වෙනුවට ඔවුහු සිදුකළේ ඉන් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කිරීමය. රටේ රාජ්‍යය අධ්‍යාපනය කෙළසනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක කටයුතු ගැන කතා කිරීම වැදගත් නැත. මන්ද, ඔවුන්ට අවශ්‍යය සමාජවාදයක් නැත. ඔවුන් පෝෂණය කරන එකම වාදය, අවස්ථාවාදය පමණි. 

අනෙක් පසින්,  මෙවැනි මොහොතක තමන්ගේ වත්කම් වැඩිකර ගැනීමට හැකි පිරිස් ඇන්ටිජෙන් සහ පී.සී.ආර්.පරීක්ෂණ, නිරෝධායන පහසුකම ලබා දීම, කොවිඩ් රෝගය හේතුවෙන් මියැදෙන පිරිස් කළමනාකරණය දක්වා වූ සමස්ථ ක්‍රියාවලීය අවභාවිතා කරනු ලැබීය. තම සහෝදරපුරවැසියන්ගේ කඳුළු දැක සතුටු විය හැක්කේ නරුමයින්ට පමණි. මේ වෘත්තීය සමිති වල ඇත්තෝ, ඔවුන්ගේ දේශපාලන සගයින් සහඅවස්ථාවාදී කළු කඩකාරීන්  යනු මිනිසුන්ගේ දුක් කම්කටොලු අවභාවිතා කරන නරුමයින්ය. 

මේ මොහොත වැදගත් වන්නේ රට වැසීම නොවේ. මේ මොහොත වැදගත් වන්නේ හැකි උපරිමයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමයි.  එසේම ත්‍රාසය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මිනිසුන්ගේ මානසික මට්ටම උසස්ව තබා ගැනීමට අවශ්‍යය සහයෝගය ලබාදීමයි.  ඒ ගැන බොහෝ දෙනෙකු කතා නොකරන්නේ මන්ද? බෞද්ධ පන්සලේ භික්ෂුන්ට වැදගත් වන්නේ  පටු දේශපාලනය නොව රටේ ජනතාවගේ  මානසික ශක්තිය වැඩිකිරීමට දිරිදීමය. 

මේ මොහොතේ වැදගත් වන්නේ සෑම අයෙකුම විනයානුකූලව තම වගකීම ඉටුකිරීමය. මේ ජාතියේ පරිහානියට හේතු වී ඇත්තේ විනයක් නැතිකමය. එය, වීදි වල සවිකර ඇති රථවාහන ආලෝක පද්ධතිය ඉදිරියේ මිනිසුන්ගේ හැසිරීම අත්විඳීමෙන් දැකගත හැකිය. බොහෝ මිනිසුන් කෙතරම්කෙ ආත්මාර්ථකාමීන්ද යන්න එහිදී දැකගත හැකිය. 

තනි තනි පුගලයාගෙන් රටට සිදුවිය යුතු වගකීම නිසි පරිදි සිදුවන්නේ නම් රට වැසිය යුතු නැත. එසේම සමස්ත ජනතාව භීතියට පත්විය යුතුද නැත. මේ බව ජනාධිපතිවරයා මුල සිටම අවධාරණය කළත් කිසිවකු ශතයකට මායිම් කළේ නැත.   සමස්ත රටෙන් කරන ආයාචනය නම් ජනතාවට එන්නත් ලබා දීම සඳහා සහයෝගය වන ලෙසයි. සමස්ත රටම එන්නත්කරණය කිරීමට හැකි ඉකමනින් හැකිනම්, අපට මේ අභියෝගයෙන් ජයගත හැකිය. වසා දැමීම විසඳුමක් නොවේ.