පවිත්‍රා ජාත්‍යන්තරයට යයි


රුසියානු RT නාලිකාව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ඇමති මාරුව ගැන සඳහන් කරමින් පවසන්නේ, නුදුරේදීම ඇය පියාඹන බස් හා අන්තර්මාන දොරටු ගැන කතාකරනු ඇති බවයි.

මේ එහි පළකර තිබූ විස්තරයෙන් උපුටා ගත්තකි.

‘‘ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව විවෘත මනසක් තබාගැනීමට උත්සහ දැරීම සමහරවිට තේරුම්ගත හැකිය.

කෙසේවුවත්, වැඩි වැඩියෙන් විටමින් ගැනීම හා දේශීය කට්ටඩියන් ගැන විශ්වාසය තැබීම අතර වෙනසක් තිබේ. රටේ සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරන්නේ නම් මෙය විශේෂයෙන්ම සත්‍ය වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනී කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් ලෙස ‘මැජික් අරිෂ්ඨය‘ ප්‍රසිද්ධියේ අනුමත කිරීමෙන් හා ආශිර්වාද ලැබූ ජලය ගඟකට වක් කිරීමෙන් ජාතිය ආරක්ෂා කළ බව කීම නිසා ඇගේ තනතුර අහිමි කරගැනීම තුළ මේ බව සනාථ කර ඇත..‘‘