ආඥාදායකු නොවේ නම් "එක්නලිගොඩට" මොකද වුනේ?



හර්ෂි සි. පෙරේරා 

"ජනාදිපතිතුමා තමා ආඥාදයකු නොවන බවත් රටේ ජනයාට බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇති බවත් කියයි. " මෙය ඉතා හොද ප්‍රකාශයකි. නමුත් අපට ගැටළු ඇත. කොතරම් ජනමාද්‍ය වේදීන් ගණනක් ලංකාව හැර ගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණය ලබා තිබේද? ලසන්ත වික්‍රමතුංග ගාතනය කලේ කවුද ? ප්‍රගීත් එක්නලිගොඩට මොකද වුනේ? කටුනායක නිදහස් වෙළද කලාපය, හලාවත දිවර ප්‍රශ්නය සහ වැලිවේරිය වතුර ප්‍රශ්නයේදී නිරායුද ජනයාට වෙඩි තැබීමට අණ දුන්නේ කවුද? පොලිසිය සහ හමුදාවේ මහජන සේවකයින්ට ඉහළ අණක් නොමැතිව එවැන්නක් කල හැකිද? බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට සහ නිදහසට මේ සියල්ල අයත් වේ.