ලංකාවේ සිදුවන වාහන අනතුරු සමග බැඳී තිබෙන සංස්කෘතික දරිද්‍රතාවය



අමිල ගුණරත්න

ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස්කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි අනතුරු බවයි.  වාහන එළවීමට තාක්‍ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්‍ෂනය සමග බැඳුනු විනය ඉවසීම, හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ.   මේ සංස්කෘතික දරිද්‍රතාවය නිසා  වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති.  පහත දක්වා තිබෙන වාහන අනතුරු සම්බන්ද වර්ථා දෙක ලංකාවේ සිදුවන වාහන අනතුරු සමග බැඳී තිබෙන සංස්කෘතික දරිද්‍රතාවය හොඳින් පෙන්වයි. 

පියා පැදවූ ට්‍රැක්‌ටරයට යට වී සය හැවිරිදි පුතා මරුට  


(මොනරාගල - නයන ඉහළගෙදර, බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය )

 මොනරාගල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මාරාව මාර්ගයේ කැබිලිත්ත දේවාලයට යමින් සිටියදී තම පියා පැදවූ ට්‍රැක්‌ටරයෙන් වැටී ඊට යටවීමෙන් වයස අවු. 6 ක දරුවෙක්‌ මියගොස්‌ ඇත.  මෙසේ මියගොස්‌ ඇත්තේ මාරාව හුලන්දාව වම මොනරාගල ලිපිනයේ පදිංචි බී. එම්. තේමිය අකලංක නමැති දරුවෙකි.  අනතුරින් මියගිය දරුවා දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වේ.  තේමිය දරුවා කැබිලිත්ත දේවාලයට යැමට පිටත්වී ඇත්තේ දරුවෙක්‌ ලැබෙන්න සිටින තම මවට ගල්සියඹලා රැගෙන එන බව පවසමිනි.  රිය පැදවූ පියා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය දරුවාගේ දේහය මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.  මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.  සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්‌ෂණ මොනරාගල මූලස්‌ථාන පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ විසින් සිදු කරති.   (   මේ මාස දෙක   තුල​ මේ අකාරයට සිදුවූ දෙවන අනතුරයි. ඒ සෑම අවස්ථාවකදීම ලමයින් ගෙන ගොස් තිබුනේ ඉතා අනතුරුදායක ලෙසිනි. ලමයා මඩ අවරනය උඩ තබා  ට්‍රැක්‌ටරය පදවා තිබුනි. )

වසා දැමූ දුම්රිය ගේට්‌ටුව බලෙන් විවෘත කරගෙන ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට 

 වැලිගම - රන්ජන් ජයවර්ධන  දුම්රිය ධාවනය සඳහා වසා දමා තිබූ ගේට්‌ටුව බලහත්කාරයෙන් විවෘතකරගෙන අනාරක්‍ෂිත දුම්රිය ගේට්‌ටුව හරහා ගමන් ගත් යතුරුපැදිකරුවකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. එම ගේට්‌ටු මුරකරු පොලිසියට කරනලද පැමිණිල්ලේ එම සැකකරුගේ ක්‍රියාව තම රැකියාව කරගෙන යැමට අපහසු තත්ත්වයකට පත්කොට ඇතැයිද සඳහන් වෙයි. වැලිගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක භද්‍රජී ද කාලිංග මහතාගේ උපදෙස්‌ මත පො.සැ. ඒ. පී. ගාමිණී (59240) විසින් අත්අඩංගුවට ගත් එක්‌දරු පියකු වන 26 හැවිරිදි සැකකරු මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.